Monday, March 7, 2011

ගඟේ වීරයෝ 1 - (මට වතුරෙන් අපලයි )


දේශප්‍රිය කියන්නෙ අපේ චූටි නැන්දගෙ පුතා. මෑන් දැන් ඉන්නෙ හත වසරෙ. දරශනයි දේශප්‍රියයි දෙන්නම එක වයසෙ.දර්ශන දේශප්‍රියට වඩා දවස් කීපෙකින් වැඩිමල්. ඇඟපතින් දර්ශන ලොකු උනාට වැඩ වලින් නම් දේශප්‍රිය ලොකුයි.
දවසක් මායි ශෂිතයි දේශප්‍රියයි ගඟට නාන්න ගියා. අර පොල්කට්ටගෙ ගෙවල් ලඟ ගඟට තමයි ගියේ.
යන ගමන් දෙන්නා පොර ටෝක් දිදී යනවා. ශෂිත කියනවා පොරට විනාඩි දෙකක් වතුර යට ගිලිලා ඉන්න පුලුවන්ලු. දේශප්‍රියත් සෙකන්ඩ් වෙන්නෙ නෑ. පොර කියනවා පොරට අනිවාර්යයෙන්ම ඊට වඩා වැඩිවෙලාවක් ගිලිලා ඉන්න පුලුවන්ලු.
ඔයින් මෙයින් ගඟ ලඟට ආවා කියමුකො.දැන් තමයි වීරයො දෙන්නගෙ වැඩේ තියෙන්නෙ.
ශෂිත ගලක් අල්ලගෙන යන්තම් වතුරෙ එබිලා ඉන්නවා. දේශප්‍රියත් වතුරෙ එබිලා ඉන්නවා. ඒ උනාට පොරගෙ මූණ විතරයි වතුර යට තියෙන්නෙ. ශෂිත නම් ගඟේ ටිකක් වතුර තියෙන තැනක හිටියේ. ඒකට දේශප්‍රිය ගඟ අයිනෙ රෙදි හෝදන තැනක කුණු වතුර ගොඩක මූණ ඔබාගෙන හිටියෙ. විනාඩියක්වත් ගියෙ නෑ මෙන්න ශෂිත වතුරෙන් උඩට ආවා.
ඇවිත් අරූට හිනා වෙනවා.ශෂිත අහනවා "මොකෝ බං උඹ ඔය ජරා වතුර ගොඩක මූණ ඔබාගෙන ඉන්නෙ?" කියලා.
එතකොට දේශප්‍රිය කියනවා" මගෙ සුල්ලි දෙකක් තියෙනවා යකෝ. මට වතුරෙන් අපලයි.උඹට නම් මොකෝ. ගඟ මැදට ගිහින් මාව ගිලුනොත් එහෙම කිරිපුතා අයියටවත් මාව බේරගන්න බෑ." කියලා.

ශෂිතත් අතාරින්නෙ නෑ. පොර දේශප්‍රියට හඩ්ඩා කියලා කෑගහන්න පටන්ගත්තා. දේශප්‍රියටත් මල පැනලා. පොරත් කෑගහනවා. එතකොට එතනට ගඟ ලඟ ගෙදරක මාමා කෙනෙක් නාන්න ආවා. ඒක හින්දා යාන්තම් දෙන්නගෙ කටවල් වැහුනා.

3 comments:

  1. හරි හරි දැන් ඒ දෙන්න වතුරෙ මූණ විතරක් වත් ඔබා ගත්තා කියමුකෝ. ඒත් කිරි පුතා වතුරට බැස්සෙවත් නැත්තෙ ඒ තරමටම වතුර ඇලජික්ද?

    ReplyDelete
  2. @පිණිබිඳු...
    මේ පලවෙනි කොටසනෙ. මම වතුරට බැස්සද නැද්ද කියලා ඊලඟ කොටසෙන් බලන්නකෝ.

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.