Monday, July 16, 2012

තේරීම් කමිටුවේ අපූරු තේරිල්ල....




කිරිකට් මාමලා නම් හරි අපූරුය
ගැහුවත් නොගැහුවත් ඌ නම් ඇතුලේය
තෝරන උන්ට දැන් නම් අමු කැවිලාය
මේක අපට තේරෙන්නැති රහසක්ය

දන්නා කාලෙකදි දස්කම් දැක්කෙ නැතී
පැරශුට් වලින් හැමදම ඇතුලට පනිතී
අතපත ගගා බිංදුවටම දැවී යතී
ඒ මක් උනත් හැමදම ඇතුලේ රැඳෙතී

ඒ කණ්ඩායමට සිටියා එක්වීලා
බිංදුවටම යනවා මුලදිම දැවිලා
එලෙසට උනත් ලංකාවට ඇවිදිල්ලා
ජාතික කණ්ඩායමේ තැනකුත් හිමිවීලා

එස්.එල්.පී.එලුත් මොහුහට ජයවන්නේ
උතුරට එක්වෙලා තරගෙට සැරසෙන්නේ
වැඩපෙන්නුවොත් නිසිතැන යලි හිමිවන්නේ
ටීම් එකට මොහු නැතිවම බැරිවෙන්නේ

Wednesday, June 20, 2012

අම්මව ගස් බැඳපු උක්කුණා.....




"ජී. ජී. ගුණසේන" මරණාධාර සමිතියෙ සභාපතිතුමා කාටදෝ සල්ලි ගෙවන්න අඬගහනවා. අම්මත් එක්ක සමිතියට ගියපු මම සභාපති මාමා නම් කතා කරනකොට සල්ලි ගෙවන්න යන මිනිස්සු දිහා අම්මගෙ ලඟට වෙලා බලන් හිටියා. ඒ වෙනකොට මම ඉස්කෝලෙ පොඩි පන්ති වල හිටියා කියලා මට යන්තම් මතකයි.
සභාපති මාමා ආයෙත් අර නම කතාකලා. එතකොට කෙලවරේ බංකුවකට වෙලා හිටපු උක්කුණා නැගිටලා ආවා.
උක්කුණාව මම දැකල තිබුනෙම අලි කාරයෙක් විදිහට. කැහැපොට ගහගත්ත සරමට වඩා ටිකක් දිග වෙන්න කොට කලිසමක් ඇඳ ගත්ත උක්කුණා හෙන්ඩුවකුත් අරන් අලියො එක්ක යනවා මම අනන්තවත් දැකලා තියෙනවා.
ඒ වගේම හැන්දෑ වෙනකොට කන සාක්කුවෙ වැටෙන්න බීලා පාර දිගේ උඩහට කුනු හරුප කිය කියා යනවත් මතකයි.

බේබදුකමට කවදත් මුල් තැන ගත්ත
කසිප්පු බාගයකි හවසට අර ගත්ත
අසරණ මවගෙ සැනසුම උදුරා ගත්ත
මේ වගෙ පුතෙක් කුමටද ලොව හට ගත්ත

අම්මා සිටී හැමදාමත් කඳුලු බිබී
නිවසට එන්නෙ පුතු මත්පැන් ගොඩක් බිබී
වනසා දමයි නිවසේ ඇති සියලු බැමී
අසරණ වුනා මව, හමුවේ ඔහුගෙ බැමී

ගුටි බැට දෙනව හැමදාමත් අම්මාට
වයසක නිසා උහුලන්නට බෑ ඈට
වැටහිර ගසක ඈ බැඳලා තිබු දාට
කොහොමද ඉවසන්නෙ ඈ මේ දුක් ගැහැට


උක්කුණාගෙ අම්මට ඌ බීලා ඇවිත් හැමදාම රණ්ඩු කලා. ගේ ඉස්සරහ තිබුණු ලොකු වැටහිර ගහේ අම්මව දවසක්ම ගැට ගහලා තිබුනලු. පාන්දර ඒක දැකපු මිනිස්සු ඈව ලෙහලා ඇගේ ලොකු දුවගෙ ගෙදරට බාරදුන්නලු.
ටික කාලයක් වහන්වෙලා හිටපු උක්කුණා ආයෙමත් ගමට ආවෙ ගෑණියෙකුත් කැන්දගෙනමයි. ඒත් ඉස්සර පුරුදු නම් වෙනස් වෙලා තිබුනෙ නෑ. මිනිස්සුන්ගෙන් ගුටිකාලා අතපය කඩාගත්තත් ආයෙමත් වලියක් දාගන්න උක්කුණා අමතක කලේ නෑ.

උක්කුණාගෙ කරදර වලින් නිදහස් උණු අම්මා සතුටින් ජීවත් උනා. ඉඳල හිටලා පුතාව බලලා යන්න ආවත්  ආයෙ ඒ ගෙදර නවතින්න ඒ අම්මට උවමනා උනේ නෑ.

ඔහොම කාලයක් ගත උණා. දවසක් මරණාධාර සමිතියට ගිහින් එන මිනිස්සුන්ට උක්කුනා මැරිලා කියල ආරංචියක් ආවා. මිනිස්සු උගෙ ගෙදරට ගියේ හදිස්සියෙම උක්කුනාට මක් උනාද කියල බලාගන්ට ඕනෙ හින්දමයි.
ඒ යනකොට අම්මව ගැට ගහල තිබුනු වැටහිර ගහේම එල්ලෙන උක්කුණාගෙ මිනිය මිනිස්සුන්ට දකින්න ලැබුනා.

( අපේ ගමේ වෙච්ච සිද්දියක් )
ගත හැකි ආදර්ශය: දෙමව්පියන්ට කරන වද හිංසා මෙලොවදීම පටිසන් දිය හැක. තමන් හදා වඩා ගත් දෙමව්පියන්ට හැකි උපරිමයෙන් සලකන්න.

Sunday, June 10, 2012

අයි.පී.එල්. ගියපු අපේ කට්ටිය




අයි. පී. එල්. ඉවර වෙලා ගොඩක් දවස්. මැච් එකක් තියෙන්නෙත් ඉඳලා හිටලා. සමහර මැච් පරදිනවා. එතකොට හිතටත් දුකයි. ආයෙත් මේ වගේ මැච් එක දිගටම තියෙනවනම් හිත හදාගෙන බලන්නවත් පුලුවන්.
අයි.පී.එල්. ගියපු අපේ කට්ටිය ගැන කලින් ලියල තිබ්බ එකක් මේ. ලිපිය පල කරන්න නම් පොඩ්ඩක් පරක්කුයි වගේ.

චෙන්නායි සුපර් කින්ග්ස්

රන්දිව් සමගින් කුලයයි ආවේ
ඉඳහිට මැච්වල සෙල්ලම් කෙරුවේ
අන්තිමේදි බං කවුරුද දිනුවේ
කවුරු නොදින්නත් දෝනිලු දිනුවේ

ඩෙකෑන් චාජර්ස්

අන්න බලන් ඩෙකෑනයට ගිය තාලේ
අන්තිමයට උඩින් යන්තම් ආ තාලේ
නායකකම ගෙන සංගා සිටි වේලේ
බෝලර්ලාගෙ හිගයෙන් පැරදුනි රාලේ

දිල්ලි ඩෙයාඩෙවිල්ස්

කවදත් කොතැනත් සටනක් දෙන්නේ
කණ්ඩායම වෙනුවෙනි කැපවන්නේ
මහේල විතරයි දිල්ලියෙ ඉන්නේ
උපරිම සහයයි සැමදා දෙන්නේ


මුම්බායි ඉන්දියන්ස්

කණ්ඩායම ජයටැඹ වෙත ගෙනියන්න
මාලිංගගෙ ශක්තිය ඕනෑ ඔන්න
ඔහුගේ සවිය තව වැඩි කරලා ගන්න
තිසරත් එකතුවීලා ඉන්නව මෙන්න

පූනේ වොරියර්ස්

අවසානය වෙනතුරු සටනක් දෙනවා
පිත්තෙන් පන්දුවෙන් දස්කම් දක්වනවා
මැතිව්ස් නාමෙ පූනෙ තුල රැව්දෙනවා
හැකි උපරිමෙන් සහයෝගය දක්වනවා

රාජස්තාන් රෝයල්ස්

එක තරගයක්වත් ගැහුවේ නැතුවාට
ඔහුගේ නම තියේ හැමදාමත් යසට
ලංකා පිලෙන් බැබලෙන තරුවක් ලෙසට
චන්දිමාල් නාමය වටිනව අපට

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්

ලංකා පිලේ කවදත් මුලතැන ගත්ත
දිල්ශාන්ට ලැබෙනව එහි හිනි පෙත්ත
දඟ පන්දුවෙන් මුලු ලෝකය ජය ගත්ත
මුරලි සිටී පන්දුව සුරතට ගත්ත

Wednesday, June 6, 2012

සුදු නංගි සහ මනෝපාර




ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. ආදරේ හින්දා එක එක දේවල් වෙන්න පුලුවන්. ඔය මනෝ පාරවල් ගහන වෙලාවට හෙම එහෙම වෙන්න පුලුවන්.

ආදරෙ මගේ ඇයි මේ විහිලුවට අරන්
සුදු නංගියේ ඔබ යනවිට අහක බලන්
කඳුලක් නැගේ දෑසට නොදැනීම ඉතින්
ඇයි රත්තරන් ඔබ දැන් මේ තරම් ගනන්

සුදු රැලි ගවුම ඇන්දම ඔබ තවත් හැඩයි
ඔය ඇස් දෙකත් ඉඳුනිල් කැට දෙකක් වගෙයි
දුටු හැම විටම මට ආදරෙ ගොඩක් හිතෙයි
මගෙන් වහන්වී ගියොතින් හිතට දුකයි

සුදු නංගියේ මගෙ ආදරෙ වැඩි හින්දා
අල්ලපු ගෙදර වහලේ උලු ටික බින්දා
ඔබ වෙනුවෙන් නිතරම ගුටි කන හින්දා
මොනවා කියාවිද මන්දා පොඩි නැන්දා

ඊයේ හවස ඔබ යනවිට මහ පාරේ
හිතුනා යන්න ඔබ පස්සෙන් ඒ පාරේ
ඔය රුව දකින්නට පිං මදි සංසාරේ
කවදද යන්නෙ අපි දෙන්නා මල් පාරේ

නැන්දගෙ වහලෙ උලු හද හද ඉන්නකොට
නුඹ සිහි උනා මගෙ පූරුවෙ කරුමෙකට
මනෝ ලෝකයේ සක්මන් කරනකොට
උලුත් කඩන් වැටුනා වහලෙන් බිමට

Monday, May 28, 2012

මැදියම් රැයේ ආ අමුත්තා (කුසුමාවතී - 2 )




පලමු කොටසට.......

එක අතකට කැත්ත අරගත්තු කුසුමාවතී ගැහෙන හදවතින් යුතුව දොර ඇරියා. ඇගෙ හිත තරමක් චංචල වෙලා තිබුනෙ.
දොර බාගෙට ඇරපු කුසුමා යාන්තම් ඔලුව එලියට දාලා වටපිට බැලුවෙ රෑ ජාමෙ දොරට තට්ටු කරන්නෙ මොකාද කියලා බලාගන්න ඕනෙ හින්දමයි.ඇය දැකපු දෙයින් තරමක තිගැස්මකට පත්වුනා.
"මේ රෑ ගෑණියෙක් මොකද අපේ මිදුලෙ කරන්නෙ. එතකොට මුන්දැද දොරට තට්ටු කරේ" කුසුමට එහෙම හිතුනා.
"කවුද........" මේ පාර කුසුමා ටිකක් සද්දෙට ඇහුවෙ හිතේ කොනක තිබුනු බය ඉස්මතුවෙලා ආපු නිසාමයි.
මිදුලෙ කෙලවරක තිබුන අඹ ගහ යට  මොනවදෝ හාර හාර හිටපු ගෑණි කුසුමා දිහා හැරිලා බැලුවා. ඒ හරියට කරුවල වැටිල තිබුන හින්දා ඒ ගෑණිගෙ මූණ කුසුමට පැහැදිලිව පෙනුනෙ නෑ.
මූණ පැහැදිලිව නොපෙනුනත් අඹ ගහ යට හිටපු උන්දැගෙ ඡායාව ටිකක් මැගිලින්ගෙ වගේ කියල කුසුමට හිතුනා.
මැගිලින්ගෙ ගෙවල් තිබුනෙ කුසුමාවතීගෙ ගෙවල්වලට ටිකක් දුරින්. උන්දැගෙ වයස අවුරුදු පනහක් විතර ඇති.
 තැනින් තැන පැහිච්ච කොණ්ඩයක් තිබුණ මැගිලින්ගෙ ඉස්සරහට ආපු දත් ඇන්ද ඈට තරමක විරූපි පෙනුමක් ගෙනාවා. මැගිලින් කුසුමත් එක්ක දෙතුන් වතාවකට වඩා කතා කරලා තිබුනෙ නෑ.
ගමේ මිනිස්සු නම් කියන්නෙ මැගිලින් අමුතු ගෑණියෙක්ලු. නිතරම බුලත් විටක් කටේ දාගෙන හිටපු මැගිලින් කතාකරන වචන පවා තරමක් අපැහැදිලියි කියලා කුසුමට හිතුනා.
මනෝ ලෝකයේ හිටපු කුසුමා එක පාරටම ගැස්සිලා වටපිට බැලුවා. ඒත් ඒ වෙනකොට අඹ ගහ යට හිටපු ගෑණි එතනින් අතුරුදහන් වෙලා.
කුසුමගෙ හිතට තරමක බයක් දැනුනා. ඒත් හිතට දහිරිය ගත්තු කුසුමා ආපහු ගේ ඇතුලට ඇවිත් දඩාස් ගාලා දොර වහගත්තා.
ඒ සද්දෙට කුසුමගෙ අම්මටත් ඇහැරුනා.
"මොකද කෙල්ලෙ මේ මහ රෑ සීරි යකා දැකලා වගේ...." අම්මා එහෙම අහද්දි කුසුමා ඇගේ මූණට නැගිලා තිබුනු දාඩිය පිහිදාගත්තා.
"මුකුත් නෑ අම්මෙ....." කුසුමා එහෙම කිව්වට ඇගේ හිත පොඩ්ඩක් චංචල වෙලයි තිබුනෙ.
" එහෙම නම් කමක් නෑ. කොයිකටත් තුනුරුවන් සිහි කරල නිදාගනිං....." අම්මා එහෙම කිව්වා.
......................................................
පහුවදා එලිවෙන ජාමෙ කුසුමා ඇහැරුනේ කුකුල්ලු අඬලන සද්දෙට. අම්මා තාම නිදි.
මූණ කට හෝදගත්තු කුසුමා කේතලේ ලිපේ තියනකොට අම්මත් ඇහැරලා කුස්සිය ගාවට ආවා.
"කෙල්ලෙ ඊයෙ රෑ මොකද උනේ. මට ඇත්ත කියපං...." අම්මා එහෙම අහද්දි කුසුමා අම්මට ඇත්තම කිව්වා.
" කොයිකටත් අපි යමංකො බලන්ඩ. ඔය ලාම්පු කුප්පිය ගනිංකො...." අම්මා ඉස්සර උනා.
අම්මගෙ පිටිපස්සෙන් කුසුමා අඹ ගහ ලඟට ඇදුනෙ දෙගිඩියාවෙන්. ඊයෙ රෑ දැකපු මූණ ඈට මැවිලා පෙනුනා.
ඊයෙ දැකපු මූණ පැහැදිලි නැති උනත් ඒ මැගිලින්මයි කියලා කුසුමට හිතුනා.
"අපොයි දෙයියනේ........" අම්මගෙ විලාපෙට කුසුමා පියවි සිහියට ආවා.
"ඇයි අම්මා....." කුසුමා එහෙම අහද්දි අම්මා ඈ දිහා ඔරවලා බැලුවා.
"මේ බලාපං......." අම්මා අඹගහ යට තිබුණු යමක් කුසුමට පෙන්නුවා.
ඒ දිහා බලපු ඇගේ ඇසුත් ලොකු උනා.

 ...............මතු සම්බන්ධයි.........

Friday, May 25, 2012

මිනීවාහිනිය




මලකුණු වල රස බුදිමින් සැනසෙන්න
මහතුනි නුඹලාට හැකිවෙද විමසන්න
අනුනගෙ දුකත් සැපයක් ලෙස අරගන්න
මිනීවාහිනිය බැහැ නොවැ නරඹන්න

කඳුලත් සැපක් විදියට අදහා ගත්ත
දුක විකුණලා මඩි තව තද කරගත්ත
සිනහව නගා එය පෙන්වා නම ගත්ත
මහතුනි කිමද ඔබලාගෙන් ගත යුත්ත

පෙන්වන්නට මලකුණු විතරද ඇත්තේ
වෙන වෙන පුවත් ඇයි නරඹන්නට නැත්තේ
රඟපාලා ඒවා පෙන්වති පැත්තේ
එලියට පෙනේ මහතුනි ඔබලගෙ තත්තේ

අසරණ මිනිසුන්ගෙ දුක ඔබලට සතුටක්ද
සියදිවි නසා ගන්නා එක සැපයක්ද
අනතුරු බහුල වනවිට සිත් සැනසේද
ජීවිතයක අගය ඔබ හට වැටහේද

මවකගෙ ඇසින් වැටෙනා උණු කඳුලකට
පවුලේ අයගෙ සිත්වල තිබෙනා දුකට
සතුටින් ඉපිලෙමින් කරනා ලෙස මිලට
මිනීවාහිනිය වැජඹෙනවා යසට

(පින්තූරය ගත්තෙ ගොසිප්9 එකෙන්)

Monday, May 21, 2012

කසිප්පු ප්‍රමෝෂන්




නෝනාවරුනි මහත්වරුනි, මම අද ගෙනල්ල තියෙනවා බොහොම වටිනා දේශීය නිෂ්පාදනයක්. ඇමරිකාවෙ බඩු වගේ මේවා කවුරුවත් වර්ජනය කරන්නෙ නෑ. මේවට ගහන්න තරම් නිශ්පාදනයක් තාම බිහිවෙලා නෑ මහත්තයෝ. ඔය මහත්තයා මේකෙ රස හොඳට අඳුනනවා කියල මට මූණ දිහා බැලුවම කියන්න පුලුවන්. මහත්තයෝ මේ සාම්පලයක් විතරයි. මේ ගැන මට මෙන්න මෙහෙම අදහස් දක්වන්න පුලුවන්.

කියුවත් එක එක කතා
බිව්වත් රසටම ඉතා
සිරිදාසගෙ සුදූ තමයි
ගමේ උන්නු හිතවතා

අවමගුලට මුල්තැන
මංගල්ලෙදි අඩුතැන
ගමේ උන්ට කොයික වෙතත්
සුදූට ලැබෙනව තැන

ඉස්සර කාලක් හැටයි
ඉක්මන් කොහොමත් කොටයි
ගමේ ගොඩේ සමහර උන්
බොන්නේ අකුලක් යටයි

පොලෝසියෙන් එනවලූ
එතකොට හැංගෙනවලූ
සිරිදාසගෙ ගෝඩ හැලිය
යහමින් බබලනවලූ

ගමේ ගොඩේ දේ වලින්
හදනව මේවා සොඳින්
බීවෝතින් ඉන් චුට්ටක්
දෙව්ලොව පේනව ලඟින්

සවි සක්තිය ලැබෙනවා
හැඩි දැඩි බොඩි ලැබෙනවා
සුදූගෙ පිහිටෙන් සැමදෙන
සතුටින් කල්ගෙවනවා

හැමදාමත් මේ ලෙස
දිවගට රස දෙන යස
අගනා ඔසුවකි මෙය නම්
මකනවා සියලුම දොස

(මෙය කියවා බලා කසිප්පු බීමට තරම් ඔබ අඥාන නොවන බව දනිමි.)

Saturday, May 19, 2012

බොසා සහ බ්ලොග් එක





බොසාලගෙන් වෙන කරදර නම් නිමක් නෑ. බොසාලත් එක එක වර්ග ඉන්නවනෙ. බඩ තඩි බොසාලා තමයි වැඩිපුර ඉන්නෙ. ඔය බහුතරයක් බොසාලා පාට් දාන්නෙ අහිංසක සේවකයන්ට.
ඔය සේවකයො අතරෙ අයිස් පප්පලත් නැතුවම නෙවෙයි. ඉතිං ඔය කොම්පීතර් වැඩ කරන සේවකයො ඉඳල හිටලා මූණු පොතට ගිහින් එහෙමත් නැත්නම් බොලොග් එකක් කියවලා බොසාට අහුවුනොත් ඉතිං සොරිම තමයි. ඔයවගේ අවස්ථාවලදි එක එක සේවකයන්ට දැනෙන සිතිවිලිවල එකතුවක් තමයි මේ.
 (සේවකයො කියල කිව්වට ඉතිං මේ මට හිතෙන ඒවා තමා)

ඉඳහිට වගේ හැරිලා වටපිට බලලා
බොසා අසුනෙ නැති බව තහවුරු කරලා
ගූගල් දෙයියන්ට පොඩ්ඩක් ඉඟි කරලා
එන්ටද ගොසින් මාගේ බ්ලොග් එක බලලා

කොමෙන්ට් එකක්වත් අද වැටිලා නැද්ද
මේල් එකට එන හින්දා නැහැ සද්ද
රිප්ලයි කරන කල ඇතිවේවිද යුද්ද
බොසා නැති දාට අපහට හොඳ හොද්ද

රිප්ලයි කරන්නට වෙන්නෙම පමාවෙලා
බ්ලොගේ හිතවතුන් යාවිද තරහවෙලා
අනේ මහතුනේ පොඩ්ඩක් සමාවෙලා
පවසමි මගේ දුක මෙලෙසට වැඳ වැටිලා

මූණු පොතට ගියොතින් මම අහුවෙනවා
වැඩ මහ ගොඩක් මා වටකර කැරකෙනවා
දැන්නම් බොසෝ මට පොඩ්ඩක් තදවෙනවා
හිතේ දුකට එතකොට කවි ලියවෙනවා

හිතේ සතුට උතුරන දවසුත් එනවා
එදා බොසා ඔපීසියෙන් පිටවෙනවා
ෆීල්ඩ් එකේ මුලු දවසම ගතවෙනවා
ඔපීසියේ අපි සතුටෙන් හිනැහෙනවා

මූණු පොතද සමගින් බ්ලොග් එකට වැදී
කියවමි ලියමි කෙතරම් ලියවුනත් මදී
සතුටින් සිහින සාගරයක සුවය විඳී
අල්ලපු මේසෙ පොර දැන් හොඳටෝම නිදී

Sunday, May 13, 2012

කාටත් හොරෙන් යන්නම ගිය සොඳුරු හිතවතා....




අපේ හිත් වලට සතුටක් ගෙනාපු ඒ සොඳුරු මනුස්සයා වෙනුවෙන් මේ විදියට කවි පන්තියක් ලියන්නවෙයි කියල මම හීනෙකින්වත් හිතුවෙ නෑ. ජීවිතය අනිත්‍යයි කියන දේ අපට ආයෙත් මතක් කරලා ආයෙ නොයෙන්නම ගියපු ඔබා මාමට මේ කවි පන්තිය උපහාරයක්ම වේවා.......!

අපගේ දෑස් කඳුලෙන් පුරවලා තියා
ඔබා මාම අද සමුගෙන යන්න ගියා
සුන්දර මිනිසෙකුව සතුටින් සිටිය එයා
වෙනුවෙන් ලියමි දුක්බර සෝ සුසුම් තියා

සැලකුවෙ අපට ඔහුගෙම දරුවන් ලෙසට
සතුටක් එක්කලා අපගේ සිත් වලට
නිතරම කමෙන්ට් දැම්මත් මගෙ බ්ලොග් එකට
යලි නොවැටේවි කවදාවත් ඒ ලෙසට

මතකයි කල කතා සයිබර් සැනකෙලියේ
පැතුවේ හමුවන්න නැවතත් අපි ජොලියේ
අද දින පටන් නෑසෙයි ඒ හඬ සරියේ
මතකය අපේ නොමැකෙයි මතු මතුද තියේ

වැඩිහිටියෙකු ලෙසින් ඔවදන් දුන් නුඹට
මිතුරෙකු ලෙසින් හිතවත්වූ ඔබෙ නමට
සදහට අපෙන් නුඹ වෙන්වී යන දුකට
රෑරා වැටෙයි දෑසින් උණු කඳුලු කැට

සමුගෙන ගියත් ඔබ අපගෙන් වෙලා දුරු
මතකය තියේ ජීවත්වී සිටින තුරු
"ඔබ්සර්වර්" නාමය මතු රැකෙනයුරු
ඔබෙ නම තියේ සිංහල බ්ලොග් තිබෙනතුරු

ජීවිතයේ අනියත බව පෙන්වාලා
සමුගෙන ගියත් බ්ලොග් ලෝකය හඬවාලා
"ඔබා මාම" මතු නිවනින් සැනසීලා
පතනෙමු ඔබට අප සැමදෙන එක්වීලා

ආයෙ කවදාවත් බ්ලොග් එක පැත්තෙ එන්නෙ නැති බව දන්නවා ඔබා මාමෙ....!


ඔබා මාමත් එක්ක ඡායාරූපයක ඉන්න ලැබීමත් මට ලොකු වාසනාවක්.

Friday, May 11, 2012

වැඩිම වියදමක් දරා ගල් පෙන්නන සුපර් සික්ස්.....




මේව කියවලා කවුරුවත් මගෙත් එක්ක අමනාපවෙනවා හෙම නෙවෙයි ඕං. උඹලට පෙන්නන්න හොඳයිනං අපි ඒක වර්ණනා කොරපුවාම මක් වෙනවද. මං මේ කීවෙ කාන්තා පාර්ශවේට.

කලු ගල් සුදු ගල්ද එක එක ගල් පෙන්නා
සිනමා රසවතුන්හට උපරිම ෆන් දෙන්නා
බොලිවුඩ් සිහිනයෙන් මුසපත්වී ඉන්නා
අපේ අයට බොලිවුඩ් දැන් පෙන්වන්නා

සිංදු වලට විෂුවල් නියමෙට ඇතිය
බොලිවුඩ් තරමටම තියෙනව එහි ගතිය
අන්දල ගත්තොතින් සිටිනා රූමතිය
පෙන්විය හැකිය අපහට හොලිවුඩ් ගතිය

වියතක් දිගට ඇති සායක් ඉනෙහි සිට
ඇඳගෙන සිටියි බොලිවුඩ් නිලියක ලෙසට
රෑබර ගතිය තරමක් වැඩිකර ගන්ට
ගවුමක් ඇන්දුවා ඒකත් තව කොටට

කොටට ඇඳන් ඔය විදිහට සිටින විට
වාඩිවෙන්න නොහැකිය සිතු සිතු ලෙසට
අඩ නිරුවත නුඹෙ ලොවටම පෙනෙන කොට
මොකටද ඇඹරෙන්නෙ නංගියෙ ඔය ලෙසට

ඇඳගෙන මෙලෙස වයිවාරණ ඇඳුම් කැඩුම්
පානව ලොවට මේ විදියට අනග රැඟුම්
ආවත් මෙලෙස නුඹලාහට රැවුම් ගෙරුම්
පෙන්නාපන් අක්කෙ තව කැවුම් කැවුම්

රාගය කාම තණ්හා ඉස්මතු වේය
මිනිසුන් කෙරෙන් ලැජ්ජා බය දුරු වේය
දූෂණ රටේ තවදුරටත් වැඩි වේය
කොසොල් රජුගෙ සිහිනය ඇත්තක් වේය

Wednesday, May 9, 2012

පුක කියන්නෙ ඇත්තටම කුණුහරුපයක්ද?




මේක අපි ඉස්කෝලෙ යනකාලෙ කතාවෙච්ච වැදගත් කරුණක්. අපේ කතන්දර ශූරීන් පුක කියන්නෙ කුනුහරුපයක් නෙවෙයි කියල පෙන්නලා දුන්නනෙ.
ඒත් මීට අවුරුදු කීපෙකට කලින් අපි ඒ වගක් දැනගෙන හිටියත් ප්‍රසිද්ධ ස්ථාන වල පුක කියන වචනෙ නොකියන්න අපි පරිස්සම් වුනා. විශේෂයෙන්ම ගෑණු දැරිවියො ඉන්න තැන්වල. ඒ අයට නම් මේක මහා ලොකු කුණුහරුපයක් උනා.
හැබැයි ඉතිං ගමේදි නම් ගොඩක් මිනිස්සු පුක කියන වචනෙ කටේ දිවේ ගෑවෙන්නෙ නැතුව කියනවා.ඒක හින්දම ගමේදි කිසිම ගාණක් නැතුව පුක කියන වචනය ප්‍රකාශ කිරීමේ පූර්ණ නිදහස අපට තිබ්බා. නමුත් උසස් පෙල කරන්න පන්ති යන කාලෙ පුක කියන වචනය ඉස්කෝලෙට හා සීමිත ස්ථාන කීපයකට විතරක් සීමා කරන්න අපට සිද්ධ උනා.
නමුත් අපේ නිදහස අපට පාවිච්චි කරන්න දවසක් උදා වුනා.
එදා තවත් එක ඉරිදා දවසක්. අපි වෙනදා වගේම රසායන විද්‍යාව පන්තියේ වාඩිවෙලා හිටියා. පුරුදු විදියටම උගන්වන ගමන් සර් උදාහරන පැහැදිලි කරල දෙන ගමන් කතාවක් පටන්ගත්තා.
"මේ පන්තියෙ ඉන්නෙ කුනුහරුපයක්වත් දන්නෙ නැති කොල්ලොනෙ......" සර් එහෙම කියද්දි අපිත් කටවල් ඇරගෙන සර් දිහා බලාගෙන හිටියෙ තීරණාත්මක ක්‍රිකට් මැච් එකක අන්තිම ඕවරේ යන වෙලාවට ටීවි එක දිහා බලාගෙන ඉන්නවා වගේ.
"ගිය සතියෙ මේ පන්තියෙ පිරිමි ලමයෙක්ගෙ තාත්තෙක් මට කෝල් කලා. කෝල් කරල කියනවා, මම පන්තියෙ කුණුහරුප කියනවලු" සර් එහෙම කියද්දි මමයි මට එහා පැත්තෙන් හිටපු උදානයයි මූණෙන් මූණ බලා ගත්තා.
"යකෝ මෙච්චර කාලෙකට සර් පන්තියෙ කුණුහරුපයක් කියනවා අපට ඇහිල නෑනෙ." මම හෙමිහිට උදානයට කීවා.
"අඩේ අපි නොදන්න කුණුහරුපත් තියෙනවද දන්නෙ නෑ. " මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු සවුදා එහෙම කීවා.
උදානයා මුකුත් නොකියා උගෙ කින්ඩි හිනාව දැම්මා.
"මම ඇහුවා මොනවද මම කියපු කුණුහරුප කියලා" සර් එහෙම කියනකොට සවුදා තවත් අවධානයෙන් සර් ඉන්න පැත්ත බලන්න පටන් ගත්තා.
"මම පන්තියෙදි පුක කියලා කියනවලු, තව පඩේ කියලත් කියනවලු" ඒ වචන ටික ඇහෙනකොට අපේ මූණුත් මැලවුනා.
"නොදකින් යකෝ මේවද මේ කුණුහරුප.... මේවට කුණුහරුප කිව්වොත් අර එකම අකුරකින් පටන් ගන්න වචන සෙට් එකට කියන්න වචනයක් නැතිවෙයි" උදානයා කෙඳිරුවා.
"ඇයි එච්චරද තියෙන්නෙ....... " කියපු සවුදා කුණුහරුප වැලක් කියාගෙන ගියා.
අපි තුන්දෙනා අතර සිද්දවෙන මේ සයකන්මන්ත්‍රණය  ඉස්සරහ පේලියට නෑහෙන ගානට ගෙනියන්න අපි සමත් වුනා. මොකද ඒ වෙනකොට අපි හිටියෙ පන්තියේ අන්තිම පේලිවල.
ලමයි දෙතුන් දාහක් ඉන්න පන්තියක අන්තිම පේලියක ඉන්න එවුන් ටිකක් යන්තමට කෙඳිරුවාට සර්ට නෑහෙන විත්තිය අපි හොඳින්ම දැනං හිටියා.
"පුක කියන වචනෙ හරිම අසභ්‍යයි. ඒක හින්දා ඒවගේ වචන පන්තියෙ පාවිච්චි කරන්න එපා. එහෙම කියලා ඒ මහත්තයා කිව්වා" සර් එහෙම කියනකොට සවුදා කිව්වෙ වෙන කතාවක්.
"එහෙම නෙවේ බං, ඒ මනුස්සයා කියන්න ඇත්තෙ පාපිල්ල අයින් කරලා පන්තියෙ පාවිච්චි කරන්න එපා කියලා" සවුදා කියද්දි අපි නෑහුණ ගානට හිටියා.
එතකොටම සර් ආයෙම කතාව පටන් ගත්තා.
" මම ඇහුවා ඉතිං, ඇයි මහත්තයට එහෙම එකක් නැද්ද කියලා. එතකොටම උන්නැහෙ ෆෝන් එක තිබ්බා" එහෙම කියපු සර් ආයෙම පාඩම පටන් ගත්තා.
අවසානයේ අපේ  නිගමනය උනේ පුක කියන්නෙ හොඳ සිංහල වචනයක් හා ස්ථානෝචිතව පාවිච්චි කලයුතු වචනයක්. කොයිකටත් කට පරිස්සම් කරගන්න එක හොඳයි.

අවසාන උපදෙස : කිනම් භාෂාවක වුවද තැනට සුදුසු වචන භාවිතයෙන් අයහපතක් වීම වලකා ගත හැකිය.

Monday, May 7, 2012

ගමේ මන්ත්‍රීගෙන් ගේම ඉල්ලන විජේ මාමා....






වෙසක් දවසෙ පන්සල් යන ගමන් හඳුන්කූරු පෙට්ටියක් ගන්න විජේ මාමගෙ කඩේට ගොඩ වැදුනා. දැන්නම් උන්නැහේ අලුත් ඇන්ටනාවක් ගෙනල්ලද කොහෙද අයි.ටී.එන්. එක ගැන කිසි කතාවක් නෑ. ඒත් අලුත් කතාවක් ඇදිල ආවෙ නොහිතූ විදිහට. මේක අපේ ගමේ සාමාන්‍යයෙන් කතා කරන්න බය මාතෘකාවක්. මේකට විරුද්ධව කතා කරන්න ඉන්නෙ විජේ මාමා ඇතුලු කීප දෙනෙක් විතරයි. මම කිසි බයක් නැතුව මේක බ්ලොග් එකේ දාන්නෙ අදාල පුද්ගලයො මේක කියවන්න තියෙන හැකියාව බොහොම අල්ප හින්දා.
විජේ මාමා කියපු කතාව මම කවියෙන් කියන්නම්.



එක ගමකට එක වැඩක්
තව ගමකට තව වැඩක්
මේක හරිම හොඳ වැඩක්
මෙහෙත් වෙනව හරි වැඩක්

උදෑසනින් පිබිදුනා
ගම්මුන් එක් රැස් උනා
පාර පුරා හැඩවුනා
විසල් තොරන් ඉදිවුනා

මිලියනයක් දෙනවලූ
ලොකු ලොක්කන් එනවලූ
ගම කල එලි වෙනවලූ
පාරක් ඉදි වෙනවලූ

ලොකු ලොක්කන් පැමිණියා
ඇම් පී ලත් පැමිණියා
ඒ දෙසටම කට අයා
අපි සේරම එහෙ ගියා

ලොකු මුල්ගලකුත් තියා
කතාවකුත් කල නියා
අප සැම ඉපිලී ගියා
ඇම් පී යන්නට ගියා

මිලියනයක් දුන්නට
දුක සැප අපෙ බැලුවට
අපෙ ඇම් පී මහතට
පුදනව අපි මල් මිට

අපි දන්නව ඉතිරිය
හැමදාමත් වෙන දෙය
පගා බලෙන් ගොඩ ගිය
පවුලකි එය නමගිය

ඇම් පී හට දරදිය
ඇදලම වැහැරී ගිය
සිරි අයියගෙ නම ගිය
කිසිවෙකුටත් නැහැ බිය

පාරවලුත් හදනවා
වමට පාර ගහනවා
ගමට සල්ලි ලැබෙනවා
ඔහුගෙ ගෙදර හැදෙනවා

ලොකු මල්ලිට කුට්ටියයි
පොඩි මල්ලිට කුට්ටියයි
වටේ පිටේ කට්ටියයි
ගමට දෙන්නෙ හට්ටියයි

ගමට ලැබෙන සොච්චමෙන්
පාරක් අටවයි සෙමෙන්
ගම්මුන් වෙත බැඳි පෙමෙන්
ඔහු වැජඹෙයි රජෙකු මෙන්

මේ පාරත් එච්චරයි
හැමදාමත් ඔච්චරයි
කීමට දේ මෙච්චරයි
ගමට එන්නෙ අච්චරයි

( පින්තූරය ගත්තෙ මෙතනින්    ; http://farm1.static.flickr.com/127/350974927_57fcf53ce2.jpg)

Thursday, May 3, 2012

කුසුමාවතී (ත්‍රාසය භීතිය සැඟවුන ආදර අන්දරය )





කුඹුරෙ වැඩට මහන්සි උන නිසාම කුසුමාවතී වේලාසන නින්දට වැටුනා. ඒත් රෑ දෙගොඩහරියෙ ඇහුන මහා සද්දෙට ඈ උඩ ගිහින් ඇහැරුණා. යටි ගිරියෙන් කෑගහන සද්දෙ ඇහුනෙ කන ලඟ ඉඳන් බෙරිහන්දෙනවා වගේ. ඒ මුස්පේන්තු සද්දෙ කුසුමගෙ හිතේ රැව් පිලිරැව් දුන්නා.
ඒ වෙනකොට කුසුම ලස්සන හීනයක් දැක දැකයි හිටියෙ. එයාගෙ ආදරණීය ප්‍රේමවන්තයා සියදෝරිස් කුසුමට දෙන්න නෙලුම් මල් අහුරක්ම කඩන් එනවා. කුසුමත් සියදෝරිස්ව පිලිගන්න වැව අයිනෙ තිබුණ කුඹුක් ගහ යටට වෙලා බලන් හිටියා.
කුසුමට සියදෝරිස්ව පෙනුනෙ ගාමිණී පොන්සේකා මහත්තයා වගේ. "ෂා.... එදා සිදාදියට ගිහිං බලපු පිචර් එකේ ගාමිණි මහත්තයා හිටිය වගේමයි. හරිම හැඩයි" කුසුමට හිතුනා.
සියදෝරිස් එක අතකින් මල් පොකුරත් අරන් කුසුමගෙ දිහාවට දුවගෙන එන්න පටන් ගත්තා. ගමේ හරක් පස්සෙ දුවන සියදෝරිස් අද තමන් දිහාවට දුවගෙන එන්නෙ අමුතුම රටාවකට කියල කුසුමට හිතුනා.
කොච්චර හයියෙන් දුවගෙන ආවත් සියදෝරිස්ට පොඩ්ඩක්වත් හති තිබුනෙ නෑ. මේ වගෙ හයිය හත්තිය තියෙන ඉලන්දාරියෙක් ලැබිච්ච එක පූරුවෙ කරපු පුන්‍ය කර්මයක් කියල ආයෙමත් කුසුමට හිතුනා.
කුසුමගෙ ඉදිරිපිටට ආපු සියදෝරිස් එක පයක් ඉදිරියට තියල ඇගෙ ඉදිරියෙන් දණ ගැහුවා. සියදෝරිස් මෙහෙම දනගහයි කියල කුසුම කීයටවත් හිතුවෙ නෑ. ඒ හින්ද ඈට ටිකක් ලැජ්ජත් හිතුණා. සියදෝරිස් තමන්ගෙ අතේ තිබුණ මල් පොකුර කුසුමට දෙන්න ඒක කුසුමගෙ ලඟට දික් කරා. කුසුමත් අත දික්කරේ ඒක ගන්න කියල හිතාගෙන.
ඔන්න ඔය වෙලාවෙ තමයි අර මූසල සද්දෙට කුසුමාවතීට ඇහැරුනෙ. ඈට හරිම කේන්තියි. ආයෙ හීනෙ මුල ඉඳන් බලන්න හිතාගත්තු කුසුම ඇඳේ ඇලවුනා. ඒත් ඈට නින්ද ගියෙ නෑ. "එයැයි තාම පැල් රකිනව ඇති" කුසුමට හිතුනා.

"පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ.....
 රන් කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද......
 තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ.....
 රන්කඳ තාම පැල් රකිනවද නිදි නැතිද....... "

මේ කාලෙ නිරෝශා විරාජිනීවත් ඉපදිලා හිටියනම් එහෙම කියයි කියල කුසුමට යාන්තමට වගෙ හිතුනා.
ටික වෙලාවකින් කුසුමට ආයෙමත් නින්ද ගියා. නමුත් වැඩිවෙලා යන්න කලින් කවුදෝ මහ හයියෙන් දොරට තඩිබාන සද්දෙට ඈ අවදිවුනා. "කවුද......" ඈ ඇහුවත් ඈට කිසිම උත්තරයක් ලැබුනෙ නෑ.
"කවුද......" කුසුමගෙ ස්වරය ටිකක් බියපත් වුනා. අප්පච්චිත් හේනට ගිහිල්ලා. අම්මත් හොඳටෝම නිදි. උන්දැත් ඉන්නෙ ලෙඩ ගානෙ හින්ද අම්මව ඇහැරවන්න කුසුමට හිතුනෙ නෑ.
දොරට තඩිබාන සද්දෙ ආයෙමත් ඇහෙන්න ගත්තා.
හිතට දහිරිය ගත්තු කුසුමාවතී එක අතකට කැත්තත් අරන් ඩිංගිත්තක් දොර ඇරියා.
එතකොටම......

දෙවන කොටසට...

Tuesday, May 1, 2012

කම්කරුවෙකුගේ මැයි දින පණිවුඩය.....




රටේ දේශපාලන පක්ෂ එක එක ආකාරයෙන් මැයි දිනය සමරද්දි දුප්පත් කම්කරුවෙක් කොහොමට මැයි දිනේ සමරනවද කියලා හිතුනා. මේ ලිපිය ලියන්න ප්‍රධාන හේතුවක් උනේ ලොකු ජෝන්ගෙ මෙන්න මේ ලිපියයි. ඒ ලිපිය කියෙව්වට පස්සෙ ඇතිවුන ශෝකයට ලියවුන කවි තමයි මේ.

වෙහෙසෙන තරම දන්නේ කරගැට පමණී
සොච්චම් පඩිය දැක මාගේ සිත පිරුණී
දින සති මාස හීනෙන් වාගේ ගෙවුණී
කම්කරු අපට නැවතත් මැයි දින ලැබුණී

 උදෑසනම මා නිවසෙන් පිටවෙනවා
බිරිඳට දරුවනට උදයෙම සමුදෙනවා
දෑත රිදෙන තුරු පාරේ වෙහෙසෙනවා
දහයට අසල ඇති කඩයක් වෙත යනවා

වඩයක් කකා බොන්නට මට තේ උගුරක්
හැකිනම් එයත් මගෙ කුසයට රස අහරක්
ආසයි ගිලින්නට බත් මුල වගෙ වෙහෙරක්
කහට එකත් දැන්නම් මට රස දහරක්

දහවල ගිනි අව්ව ඇයි මේ තරම් සුව
නොදනිමි  මහතුනේ මා කර තිබෙන පව
රත්වන විට තාර පාරේ සැරට තව
දන්නෙමි මිරිඟුවක් ඈතින් පෙනෙන බව

කාපට් පාර ඔබලට සුවසේ යන්න
දරනෙමි වෙහෙස හොඳහැටි සකසා දෙන්න
සුපවයිසර් පොඩ්ඩක් ඉවසා ඉන්න
දැන්නම් මටත් බඩගිනි දැනෙනව ඔන්න

පාන්දරින් නැගිටින මගෙ ප්‍රිය බිරිඳ
දුන් බත් මුලෙන් තාමත් නැගෙනවා සුවඳ
එහි ඇති දිව පිනායන මනරම් රසද
විඳින කලට සිහිවේ නුඹ මට සබඳ

දරුවන් ගැන සිතා සැමවිට වෙහෙසෙන්නේ
වයසට වඩා දැන් නම් වැහැරී ඉන්නේ
නුඹෙ ආදරය කවදත් නැත අඩුවෙන්නේ
නුඹ සිහිවෙද්දි කොහොමද ගින්දර බොන්නේ

බාධක ගොඩක් ආවත් ලොව හතර අතින්
මවුපියො නුඹට සලකයි රජෙකුටත් උසින්
සුන් කර නොදා අපෙ පැතුමන් නුඹේ අතින්
මගේ පුතේ නුඹ වෙනුවෙන් ඉගෙන ගනින්

ලොකු ලොකු අය මැයි දිනවල් සමරනවා
දුප්පත් කම්කරුවො සැමදා වේලෙනවා
චන්දය දාට අප හීනෙන් රජවෙනවා
අපෙ කර මතින් එතුමන් ඉහලට යනවා

අද සිට හිනැහෙනව මැයි මල් මනමාලී
පොහොසත් වෙන්නෙ හැමදාමත් මුදලාලී
ලොකු මහතුන් යනකොට මැයි පෙලපාලී
උරුම වෙන්නෙ අපහට නම් පිටලෑලී

Sunday, April 29, 2012

විජේ මාමා අයි.ටී.එන්. බලපු හැටි



අවුරුදු කාලෙ කාගෙ කාගෙත් කරල පැහෙද්දි ජාතික කොඩිය වෙනුවට සරම එල්ලන්න හදපු විජේ මාමට ලබල තිබුනෙ නරක කාලයක්. මාමගෙ කාලෙ නරක උනාට නැන්දගෙ නම් ඉහේ මලක් පිපිලා තිබුනෙ.
විජේ මාමලාගෙ ඇන්ටනාව කැඩිලා. දැන් අහුවෙන්නෙ අයි.ටී. එන් විතරයි. කඩේට එන පක්ශ විපක්ශ හැමෝටම විජේ මාමා මේ අඳෝනාව කියෝනවා. ඉතින් අවුරුදු නිවාඩුවට ගමේ ගිය මටත් විජේ මාමගෙ අඬුවැඩියාව අහන්න ලැබුනා. ඒ අඳෝනාව ඇහුවට පස්සෙ ඒක කවියෙන් ලියන්න මට හිතුනා. ලියවිච්ච කවි ටික තමයි මේ.

හොඳටම පැහැදිලියි තිතටම අහුවෙනවා
ඇන්ටනාව නැතුවත් අපි නරඹනවා
නිවුස් දකින කොට පොඩ්ඩක් තද වෙනවා
කතා ටික බලල ආයෙම සැනසෙනවා

නිවුස් වලට හැමදම එකමයි යන්නේ
ඊට පසුව විමසුම අප නරඹන්නේ
අනේ අපොයි කියමින් බැන බැන ඉන්නේ
අමා දැකල ආයෙම අප සැනසෙන්නේ

රන් සමනලයො පියඹති රෑ අටේ සිට
සිහින පියාපත් ලැබෙනව ඊලඟට
සපුමලි අඬන්නේ මීලඟ කනිසමට
ආයෙම නිවුස් යන්නේ ලේ පුච්චන්ට

සති අන්තයට වෙන වෙන ඒවා යනවා
අටපට්ටම එක එක දේ පෙන්නනවා
වෙනස නැවුම් වෙනසක් අරගෙන එනවා
කෝපි කඩේ දැන් එකතැන පල් වෙනවා

සැටඩේ මූවි කියලා එකකුත් යනවා
චැට් ඇන් මියුසිකුත් ගත සිත පුබුදනවා
ලට්ට ලොට්ට ගොඩකුත් තව එක්වෙනවා
අයි.ටී.එන් බල බල අපි හිනැහෙනවා

Tuesday, April 24, 2012

නෝටි ඇමෙරිකා.........




රක්ත දෙකොපුල්
සේම දෙනුවන්
නුඹේ දැකුමෙන්
වේය අඩවන්

නාග රජිඳුන්
පෙනය පුප්පන්
තුඹස ඇතුලේ
කරයි සක්මන්

තිරයෙ ලෙලෙදෙන
රුවට රැවටී
නාග රජු ලඟ
සුරත දැවටී

ශබ්ද නෑසෙන
ලෙසට අඩුකර
පරිගණක සඳ
දෑස බොඳකර

සිතට මිහිරක්
ගෙනෙන මොහොතක්
නෝටි ඇමරික
දුන්නු වදයක්

බොහෝ දැකුමන්
සිතක සැනසුම්
අහෝ අවසන
චීයා නොදකින්

මාසෙ අවසන්
තවත් බලපන්
හෙටම පලයන්
බිලත් උස්සන්

ඇමරිකන් බඩු
විසික් කරපන්
නෝටි එක නම්
හොරෙන් බලපන්

Sunday, April 22, 2012

සයිබර් බක්මහ උලෙල කොහොමද? එලද?





අද සයිබර් උලෙල සුපිරියි. ආයෙ කියන්න දෙයක් නෑ. ඒකෙ අමාරුව දැනෙන්නෙ දැන් තමයි.
සංවිධායක මණ්ඩලේ ඇතුලු සියලුම දෙනාටත් ඒක සාර්ථක කරගන්න දායක වුන සහෝදර සහෝදරියො සියලු දෙනාටමත් ඔන්න සුපුරුදු විදිහට කවියෙන් සුබ පැතුවා. ජයවේවා........!!!


දින සති ගෙවී නව දවසක් උදා උනා
අමුතුම ජීවයක් මා ලද බව දැනුනා
කුරේ පිටිය වෙත මගෙ පියවර ඇදුනා
සයිබර් උලෙල මනරම් බව මට පෙනුනා

සයිබර් ලොවේ නම සහ වැඩ දැන ගත්තූ
එහි සිටියා සයිබර් ලොව දූ පුත්තූ
ඔවුනගෙ දිරිය වෙනුවෙන් අද ජය ගත්තූ
සිංහල බ්ලොගය වේවා හෙට බලවත්තූ

උපරිම ෆන් අපහට අද දින දුන්නූ
බස් රේඩියෝ මිතුරන් වෙති අත දුන්නූ
සංවිදානෙ කල අය ලෙසටම දුන්නූ
සයිබර් උලෙලෙ හැඩ අද ලොවටම පෙන්නූ

සයිබර් මිතුරු කැල තව තව වැඩිවේවා
සිංහල බ්ලොග් ලොව හැමතැන පැතිරේවා
සිරිලක අගය වැඩි වැඩියෙන් බැබලේවා
බ්ලොග් ලියනා ඔබ සැම හට ජය වේවා

---------------------------------------

අද මුණගැහිලත් ඒ අය එක්කලා වචනයක්වත් කතා කරන්න බැරි වුන අයගෙන් දහස් වරක් සමාව ඉල්ලනවා.

Friday, April 20, 2012

වැහි දෙයියන්ට ඊමේල් කරපු සන්දේශය




පහුගිය මාස කීපයේදි අපේ ගමටත් නියගයක් ආවා. පැය විසිහතරම දුන්න නල ජලය  ටික දවස් දෙකකට පාරක් දෙන්න පටන් ගත්තා. ගමේ ලිං හිඳිලා ගියේ බලාගෙන ඉඳිද්දි. ගමටම ඉතුරු උනේ නාන ලිං දෙකයි. ඒව ලඟ දන්සැල් වල වගේ පෝලිම්. අල්ලපු ගමේ ගඟක් තිබ්බට ඒකට හතර වටේම මිනිස්සු නාන්න ඇවිත් ඒකත් ජරා වෙලා. ගඟෙන් නෑවොත් නාපු මනුස්සයට හැදෙන ලෙඩේ හොයාගන්න බෑ.

අන්තිමේදි ගම්මු තීරණයක් ගත්තා.කට්ටියම එක්කහු වෙලා වැහි දෙයියන්ට සන්දේශයක් ලීවා.ඒක තමයි මේ තියෙන්නෙ.


පායන කාලය මෙලෙස ගෙවෙනවා
වතුර නැතිව හොඳටම වේලෙනවා
වැස්ස වැටෙනතුරු බලා සිටිනවා
වැසි දෙවිඳුනි ඔබෙ පිහිට පතනවා
වැසි දෙවිඳුනි ඔබෙ පිහිට පතනවා

වතුර සොයන්නට මිනිසුන් යන්නේ
හිස් අතිනුයි උන් ආපසු එන්නේ
ගමේම ලිං ටික ටික හිස් වෙන්නේ
වැසි දෙවිඳුනි පිහිටක් ඉල්ලන්නේ
වැසි දෙවිඳුනි පිහිටක් ඉල්ලන්නේ

නල ජලයත් ඇත දැන් අඩු වීලා
වගා කටයුතුත් අඩපණ වීලා
ගොවියන් ඇත හොඳටම දුක් වීලා
පිහිටක් වනු මැන වැස්සක් දීලා
පිහිටක් වනු මැන වැස්සක් දීලා

ගමේ නාන ලිං අඩුවී යනවා
මිනිසුන් එකතුව ජලය සොයනවා
රෑ බෝවෙනකොට සත්තු ඇදෙනවා
උන්ගෙන් අපහට අනතුරු වෙනවා
උන්ගෙන් අපහට අනතුරු වෙනවා

ගමට ටිකක් දුර ගඟක් තියෙනවා
ඒකෙ වතුරත් අඩුවී යනවා
අපිරිසිදු බවක් දැකුමට වෙනවා
ඒ හින්දා තව ලෙඩත් හැදෙනවා
ඒ හින්දා තව ලෙඩත් හැදෙනවා

වැස්ස නැතිව ගම්මුන් ලත වෙන්නේ
තියෙන වතුර ටික පිරිමහ ගන්නේ
ගම්මු විඳින දුක වටහා ගන්නේ
අසරණ අපහට පිහිටක් වෙන්නේ
අසරණ අපහට පිහිටක් වෙන්නේ


වැහි දෙයියො සන්දේශෙ බාරගත්තට පස්සෙ උනේ මොකක්ද කියලා මෙතනින් බලන්න.

-----------------------------------------

ඉරිදට සයිබර් සැණකෙලියෙදි හමුවෙමු.


Sunday, April 15, 2012

නෙහාරාගෙ ප්‍රේම ජවනිකා බැලුවෙමි



අවුරුදු නිවාඩුවට ගෙදර ගිය වෙලේ අයි.පී.එල්. මැච් එකක් බලන්න හැදුවා විතරයි. කොහෙද ඒකටවත් ඉඩක් නෑ නෙහාරගෙ නාට්ටියක් හින්දා. ඉතින් කොහොමද මේවට කවි නොලිය ඉන්නෙ.


මටනම් මේක බලලම දැන් එපාවෙලා
සිරසෙ උන්ගෙ විකාර දැක කලකිරිලා
බරගාණක කොටසුත් දැන් පහුවීලා
මෙගා මෙගා හැමතැන දැන් වැහි වැහැලා

නෙහාරාගෙ දැඟලිලි එක පැත්තකය
ලීඩරයගෙ ෆන් කාටත් හිතවත්ය
විශාකයා දැන් තරමක් ධනවත්ය
මුදලාලිට ඌ තරමක් බියපත්ය

රාජා ගේම් දෙන්නේ කාටත් හොරෙනී
දයා ඔහුගෙ තනියට එන්නේ සෙමිනී
රබර් වත්තෙ සිදුවන දේ සැවොම දනී
යටින් ගේම් දෙන්නේ එහිදී බැවිනී

විශාකයා යෝගට් බිස්නස් කරතී
ඔහුගේ නගා රැකියාවක නිරත වෙතී
පහන් බොසා හැමදාමත් යඩේ යතී
සිරිය නැන්දා තාමත් දුකසේ වෙසෙතී

කීමට චරිත බරගාණක් එහේ ඇත
ලොවෙත් නැති එවුන් මේවා බලනු ඇත
නෙහාරාගෙ කෝලම් නම් එමට ඇත
ඒවා බලන අපගේ හිත් හැදෙනු ඇත

ගෙදර ආ දාට මට වෙන වියෝයා
අයි පී එල් බැලුමට නොහැකියෝයා
රන් දෙපැයක් ඒ අතරට ගියෝයා
සිරසක් නැති උන්ට එය ගැලපුනෝයා

Tuesday, April 10, 2012

කේ.පී.ගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය




අටු කොටු සාර වේවා
කලට වැසි වසීවා
සාක්කු පිරේවා
මෙහෙම අවුරුදු තවත් ඒවා

කිරිද ඉතිරේවා
පැණියෙන් පිරේවා
තෑගිත් ලැබේවා
කාට කාටත් ජයම වේවා

තෙල් මිල බසීවා
වාහන ලැබේවා
මුදල් ඉතිරේවා
අනේ අපටත් හොඳක් වේවා

කිරිකට් දිනේවා
තවත් මැච් ඒවා
අපටත් පෙනේවා
චැනලෙ මෙහෙටත් හදල දේවා

සිනහව පිරේවා
දුකක් නැතිවේවා
ඔබට ජයවේවා
අලුත් අවුරුදු සුබම වේවා

මීට කේ.පී. (කිරිපුතා)

අවුරුද්දෙන් පස්සෙ ආයෙ හම්බවෙමු.

Sunday, April 8, 2012

අහිංසක කොල්ලෙක් නිසා අපි ඔක්කොටම බෙබා මාක් වැදුන හැටි




බඩියගෙ අසනීප තත්වය පොර වැඩ කරපු ඔෆිස් එකෙත් ප්‍රසිද්ධ වෙලා තිබුනා. නමුත් ඔෆිස් එකේ වැඩ කරන අක්කලා කීප දෙනෙක් ට්‍රිප් එක ගිය නිසා බඩියගෙ කීර්ති නාමය පලුදු වෙලා තිබුනා.
.........................................................................................................
කලින් වෙච්චදේත් බලලම හිටියනං.

එදා දවල් සෙට් එකෙන් අනුමත වෙන්න සල්ලි එකතු කලේ සුපුරුදු විදිහටම සම්පත් මහත්මයා. නමුත් ඉදිරියේදී පැන නැගිය හැකි ගැටලු කිහිපයක් සලකා බලපු මායි තව එකෙකුයි බොහොම අමාරුවෙන් මේ සද්ක්‍රියාවට දායක නොවී හිටියා. අපේ අනුමානය සාර්ථක උනේ බඩියා තම කාඩ් කුඩු පට්ටම් කර ගැනීමෙන්.

බඩියට මූඩියක් පෑගුනත් වෙරි වෙන බව ප්‍රසිද්ධ රහසක්. නමුත් බොන්න ගියාම ඌට කිසිම සීමාවක් නෑ. සමහර එවුන්  බිව්වම පොඩ්ඩක් කතා කරන එක වැඩි වෙනවනෙ. තව ඉඳලා හිටලා ඕනෙ නම් පොඩි ආතල් එකක් දෙයි. නමුත් බඩියා පොඩ්ඩක් වෙනස් චරිතයක්. ඌ බිව්වම නෝ කතා නෝ සිනා. සෙට් වෙන කොහෙ හරි කමක් නෑ වෙරි හිඳෙනකන් නිදාගන්නවා. ඌ නිදාගත්තම කුම්භකර්ණයත් පරාදයි.
ඒ උනත් බඩියගෙ කිසිම බෙබා පෙනුමක් තිබුනෙ නෑ තිබ්බෙ ලාමක බබා පෙනුමක් විතරයි.ඒක හින්දා එදා වෙනකන් කිසිම කෙනෙක් ඌ බොනව කියල හීනෙන්වත් හිතන්නෙ නෑ.
එදත් සුපුරුදු විදිහටම දවල් කෑමෙන් පස්සෙ කට්ටිය වාෂ්ප උනා. මායි ලහිරුයි සීන් එක දැනගෙන හිටියත් අපි දෙන්නා හිටියෙ මුකුත් නොදන්න තොත්ත බබ්බු දෙන්නෙක් වගේ.
කට්ටිය ආපහු ආවෙ ටිකක් වෙලා ගියාට පස්සෙ. බඩියගෙ තත්වෙ අයහපත් අතට හැරෙන්න පුලුවන් හින්දම බඩියා කෙරෙහි විශේෂ අවධානයක් පවත්වාගෙන යන්න අපි තීරණය කලා. අපේ තීරණය සාර්ථක බව පෙනුනෙ පැයකට විතර පස්සෙ.
ඒ වෙනකොට බස් එක නවත්තලා කට්ටිය වැදගත් ස්ථානයක් නරඹන්න ගිහින් තිබුනා. අපිත් ඒ නඩේට එකතුවුනා. ආපහු බස් එකට එන ගමනෙදි අපි දුටුව දේකින් ඇතිවුනේ තිගැස්මක්. බඩියා පාර අයිනෙ තිබ්බ කොන්ක්‍රීට් බංකුවක් උඩ සැතපිලා. අපේ නඩේ හිටිය කාන්තා පාර්ශවේ කෙනෙක් දැක්කොතින් බඩියගෙ ගෙදරටත් සිද්ධිය සැලවෙන්න ඉඩකඩක් තිබුන හින්දම අපි වහාම ක්‍රියාත්මක වන පරිදි බඩියව බස් එකට අරන්ගියා.
එතන ඉඳන් එක දිගටම බඩියා නිදි. බස් එකේ සින්දු කීවත්, කෑම ජාති හුවමාරු උනත් බඩියා නෙවෙයි ඒ දිහා ඇහැක්වත් ඇරල බැලුවෙ.
"මල්ලි මොකද අර කුසල් දැන් පැය ගානක ඉඳල නිදි." ඒ රෝහිණී අක්කගෙ හඬ.
"අක්කෙ එයාට සනීප නෑ.ඒකයි ඒ" අපිත් එහෙම කීවෙ ශේප් වෙන්න කියල හිතාගෙන.
"බැරිවැඩ නොකර ඉන්න ඕනෙ." ලක්මාලි අක්ක එහෙම කියද්දි සම්පත් කින්ඩි හිනාවක් දාල බඩිය දිහා බැලුවා.
"මේකෙන් කෑල්ලක් අරන් එයාගෙ ඔලුවෙ ගාන්න" රෝහිනී අක්ක දෙහි ගෙඩියක් දීලා එහෙම කියද්දි බඩියගෙ කාඩ් කුඩුවෙන බවක් අපට තේරුණා.
"එයාගෙ  ඔලුවෙ දෙහි ගාන්න ඌ බීල නෑ අක්කෙ" බඩියා බේරගැනීමේ සටනට මම අවතීර්ණ උනා.
ටික වෙලාවකින් බඩිය ඇස් දෙක ඇරල අපි දිහා බැලුවා.
"මල්ලි දෙහි කෑල්ලක් දෙන්ඩද" ලක්මාලි අක්ක එහෙම ඇහුවෙ කින්ඩියට.
"හා එහෙනම් දෙන්ඩකො" අපි ගොඩ නගපු බඩියගෙ පෞර්ශය ඌම නැති කරගන්න හදන හැටියක්.
සම්පත් උගෙ බයික් එකේ යතුරෙන් දෙහි ගෙඩිය හිල් කරල බෑවක් කඩලා බඩියට දුන්නෙ කින්ඩියට උගෙ දිහා බලන ගමන්.
"මල්ලි ඔලුවෙත් ටිකක් ගාල දෙන්න" ආයෙමත් ලක්මාලි අක්කා.
"ඔලුවෙ ගාන්න ඌ බීල නෑනෙ. මේ බඩේ අමාරුවක්" අපි ආයෙ නැතිවුන අභිමානය ගොඩනගන ගමන්.
"උඹත් දෙහි කෑල්ලක් කාපන් සම්පත්" බඩියත් දෙන්නෙ ආතල්මයි.
"..කාපන්" සම්පත් එහෙම කීවෙ නෑහෙන ගානට.
හවස් වෙනකොට ආයෙ කිහිප පොලකම බස් එක නැවැත්තුවෙ අපට බලන්න එක එක තැන් තිබ්බ හින්ද.
රෑ හත විතර වෙනකොට බස් එක උදේට කන්න නවත්තපු ටවුමෙම නැවැත්තුවා. පැයක් විතර හිටපු හින්ද කට්ටියට කොහෙට හරි ගිහින් ඕන තරම් සෙට් වෙන්න වෙලාව තිබුනා.
බස් එකේ හිටපු වයසක අංකල්ලත් සෙට් වෙලා. බස් එක යන්න පටන් ගනිද්දිම බෙග්ට වදදෙන්න පටන්ගත්තා. වැඩේ නැගලම යනවා. උදේ ඉඳන් කෑගහපු හින්දම අපේ උගුරවලුත් රිදෙනවා.
ඒ අතරෙ බස් එකට ට්‍රිප් එක ගිය නැති එකෙකුත් නැග්ගා.
බලද්දි අපිත් එක්ක ඕ ලෙවල් ක්ලාස් ගිය දමිත්. අවුරුදු හතකට විතර පස්සෙ ඌව දැක්කෙ. ඌ ආමි ගිහින්. නිවාඩුවට එනගමන් අපේ අඳුරන එකෙක් ඉඳල ඌව බස් එකට දාගෙන තියෙන්නෙ.
දමිතුත් එක්ක ආගිය කතා කිය කිය ඉන්නකොට යමක් රෝල් වෙලා ඇවිල්ල මගෙ කකුලෙ වැදුනා.
සීට් එකෙන් පහලට අත දාලා මගේ කකුලෙ වැදුනු දේ අරන් බලපු මගෙ ඇඟ සීතල වෙලා ගියා.
හා.....නේ........ බ්ලැක් ලේබල් එකක්.
මට එහෙම හිතුනත් කටින් වචන පිටවුනේ නෑ. ඒ වෙනකොටත් බඩියා ඇතුලු පිරිස බෝතලේ එක බින්දුවක්වත් ඉතුරු කරල තිබුනෙ නෑ.මේක රෝල් වෙලා ගිහින් ඉස්සරහ සීට් වල වාඩි වෙලා හිටපු කාන්තා පාර්ශවයෙ දෙපා ස්පර්ශ කලොත් අහිංසක අපේ පවා කාඩ් කුඩුවෙලා යන තත්වයක් තිබුනා. ඒ හින්දම දෙපාරක් කල්පනා නොකරපු මම සීට් එක අයිනෙ තිබුනු බෑග් එකක් ඇරල ඒකට බෝතලේ එබුවෙ බහිනකොට ගන්න කියල හිතාගෙන. මොකද එතන තිබුනෙ අපේ සෙට් එකේ උන්ගෙ බෑග් විතරයි.
බස් එක ගමනාන්තයට එනකොට රෑ එකොලහට විතර ඇති. ඒ වෙනකොට කට්ටිය හොඳටම හෙම්බත් වෙලා හිටියෙ.
බහින හදිස්සිය නිසාම මටත් බෝතලේ ගැන මතකයක් තිබුනෙම නෑ. ඒත් හදිස්සියෙම වගේ ඒ මතකය අලුත් උනා.
එච්චර වෙලා නිදාගෙන හිටපු බඩියව කට්ටියම එකතුවෙලා  නැගිට්ටවා ගත්තෙ බොහොම අමාරුවෙන්.එහෙ මෙහෙ බලලා තමන්ගෙ බෑග් එක හොයා ගත්ත බඩියා මොනවහරි ගන්න හිතාගෙනදෝ බෑග් එක විවෘත කලා. ඒ වෙනකොටත් බස් එකේ බහුතරයකගෙ ඇස් බඩියගෙ දිහාවට යොමුවෙලා තිබුනෙ ඌ දවස තිස්සෙ දාපු ගොන් පාට්වල ප්‍රතිපල නිසාද මන්ද කියලයි අපට හිතුනෙ. කලබලයෙන් බෑග් එක ඇතුල බලපු බඩියා අවසානයේ යමක් එලියට ගත්තා.
"හුටා...." මගෙ හිත එහෙම කිව්වා.
අක්කලාගෙ සැකය ඇත්ත උනා. ආච්චිලා කම්මුලේ අත ගහගත්තා. අංකල්ලා කින්ඩියට හිනා උනා.
සෙට් එකේ උන්ගෙත් ඇස් උඩගියා. මටත් කරකියා ගන්න දෙයක් නැති උනා.
රතුවුන මූණකින් යුතුව බෝතලේ අතට ගත්ත බඩියා බස් එකේ දොර ලඟට දුවල ගියා.
බෝතලේ එලියට විසි කරපු බඩියා බස් එක නවත්තන්නත් කලින් ෆුට් බෝඩ් එකට බැහැල වමනෙ දාන්න පටන් ගත්තා.
අන්තිමේදි බඩියා ඇතුලු අපි ඔක්කොටම බෙබා මාක් එක වැදුනා.

Friday, April 6, 2012

අපණ්ණක ජාතකය විරිදුවෙන්




අද පෝය හින්ද ජාතක කතාවක් විරිදුවෙන් ඉදිරිපත් කරන්න හිතුවා. මේ තමයි පන්සිය පනස් ජාතක පොතේ පලවෙනි ජාතකය. කතාව කියෙව්වෙ සහ පින්තූරය ගත්තෙ මෙතනින්.

ජේතවනේ විහාරයේ බුදු හිමියන් වැඩ වෙසෙතී
අනාථ පින්ඩික සිටුගේ මිතුරන් විත් බණ අසතී

සිටුවරයානන් සිටියත් බුදු හිමියන් සරණ ගොසින්
ඔහුගේ මිතුරන් සිටියේ තීර්ථකයො සරණ ගොසින්

ගෞතම බුදු හිමියන්ගේ සිරි සදහම් දෙසුම අසා
සිටු මිතුරන් සැනසෙනවා බුදු හිමිගේ සරණ නිසා

එතැන් පටන් සියලුදෙනා බුදු හිමිගෙන් බණ අසතී
ඉක්බිත්තෙන් බුදු හිමියන් රජගහ නුවරට වඩිතී

ඉන්පසු කල් ගතවන විට සිටු මිතුරන් වෙනස් වුනා
යලිත් වරක් තීර්ථකයො සරණට සැමදෙන යෙදුනා

අට මසකට පසු නැවතත් බුදු හිමියන් ජේතවනේ
සිටුතුමාගෙ ඉල්ලීමට මිතුරන් යලි එහි පැමිනේ

සිටුවරයා ඒ පිලිබඳ බුදු හිමිහට දැන්වූවා
බුදු හිමියන් මිතුරන්ගෙන් ඒ දේ ගැන විමසූවා

පෙර ආත්ම භවයකදී මෙවැනි දෙයක් සිදුවූවා
යක්ෂයෙකුට හසුව ඔවුන් අකාලයේ දිවි පිදුවා

........................................................
බරණැස් පුර බ්‍රහ්මදත්ත රජුගේ පාලන සමයේ
බෝධිසත්වයන් නායක වෙලඳෙකු වීලයි සිටියේ

ගැල් පන්සීයක් සමගින් බෝසත් වෙලඳාම කලේ
අනුවණ තව නායකයෙක් ඔහු සමගින් තරග කලේ

බෝසත් වෙලඳා ගැල් සමගින් වෙලඳාමේ යනවා
අනෙක් කෙනත් ඒ පාරෙම වෙලඳාමට පිට වෙනවා

දෙදෙනා එක්වරම ගියොත් වෙලඳාමත් අඩුවනවා
මුලින් යන්නෙ කවුරුන්දැයි බෝසත්තෙම විමසනවා

මුලින් ගියෝතින් සැමදා වෙලඳාමට ජයවෙනවා
එහෙම සිතා අනෙක් වෙලඳ මුලින් යන්න සැරසෙනවා

කැඩුනු පාරවල් සකසා ජලය ගන්න තැන් සකසා
පලමුව යන වෙලෙන්දන්ට වෙහෙස වන්න තියෙන නිසා

දෙවනුව යන වෙලෙන්දන්ට ලැබෙන වාසි ගැන සිතලා
බෝසත් වෙලඳා දෙවනුව වෙලඳාමට සැරසීලා

අනුවණ වෙලඳා මුලින්ම වෙලඳාමට පිටවනවා
කාන්තාර භූමියකට ඒ සැම දෙන පිවිසෙනවා

කාන්තාරයේ සිටිනා මිනිසුන් කන්නට සිතලා
නායක වෙස් ගෙන එතනට යක්ෂයෙකුත් පිවිසීලා

අනුවණ මිනිසුන් රවටා ඔවුනගෙ දිය කල බිඳවා
යක්ෂ තෙමේ අනුවණයන් හොඳහැටි දුර්වල කරවා

රාත්‍රියේ ඔවුන් වෙතට යක් පිරිසක් පැමිණෙනවා
දුර්වලවූ මිනිසුන්ගේ මස් කාලා සැනසෙනවා

අනුවණ නායකයාගේ තීන්දු තීරන හින්දා
සියලු දෙනා යක්ෂයන්ට අසුවී ජීවිත බින්දා

මසකට පසු බෝසතුන්ද ඒ මගෙහිම පිටවනවා
ගැල් බඩු සහ අස්ථි දැකල ඔහුට කරුණ වැටහෙනවා

මගෙන් නොම අසා කිසිවිට එපා මෙහිදි වැඩ කරන්න
සගයන්හට බෝධිසතුන් දෙයි උපදෙස් පිලිපදින්න

පෙර ලෙසටම ඔහුගෙ මගට යක්ෂ තෙමේ පැමිණෙනවා
ඔහුගේ කටයුතු පිලිබඳ බෝසත් හට වැටහෙනවා

යක්ෂයාගෙ කපටි බසට සගයිනි රැවටෙන්න එපා
ජලය පරිස්සම් කරගෙන දිවි රැකගමු එඩිය පපා

යකුගෙන් මිදිලා පැමිණුන වෙලඳන් හට ජය වූවා
වෙලඳාමෙන් ජය අරගෙන නැවතත් බරණැස් ආවා
.........................................................

මේ ලෙස සිටු මිතුරන්හට බුදු හිමියන් දම් දෙසුවා
එය ඇසුමෙන් ඒ සැමදෙන සෝවන් ඵල අත් දුටුවා

මේ ලෙස  මට හැකි අයුරින් මම ඔබ හට මෙය කීවා
කියවූ ඔබ සැම දෙනාට තෙරුවන් සරණම වේවා

වරදක් ඇතිවීලා නම් කරුණාකර සමාවෙන්න
එය පෙන්වා දුන්නෝතින් මට පුලුවනි හදාගන්න


Wednesday, April 4, 2012

රටක් බලාසිටි දෙදහස් පන්සීයෙ විවාදය




රෑ තිස්සෙ නිදි මරාගෙන දෙදාස් පන්සීයෙ විවාදෙ බැලුවා. හප්පොච්චියේ ඒක බලල මගෙ කටට ආපු දේවල්.
ඒත් ඉතින් මේකට කට අමුනන්නයැ. ඔන්න ඔහෙ සබ්ය බාසාවෙන් ලියල දැම්මා.



හිටියා අපි සැවොම බලියාගෙන මුකය
දෙරණට යොමු වෙලා තිබුනේ ඇස් දෙකය
ඒ මදිවට දික් කර ගත් කන් දෙකය
බෝඩිමෙ සැවොම බුදියන විට රෑ එකය

එනතුරු බලා සිටියේ බන්දුල මාමා
දෙදහස් පන්සීයෙ අරුමය ගෙන ඒමා
අනිත් පසින් එයි මැදවච්චියෙ මාමා
වාද පිටිය ගැන අවදානය බෝමා

හොස්ටල් වල ලමයින් කන බොන තාලේ
කැම්පස් වගෙම එක් කරගෙන ඉස්කෝලේ
අපූරුවට උන් දිවි ගෙවනා තාලේ
බන්දුල තුමා පෙන්වයි අප හට රාලේ

ආට් එකේ කැන්ටිම ගැන පවසනවා
රුපියල් විසි පහේ බත් එක පෙන්නනවා
එහි ඇති ගුණය ගැන එතුමා පවසනවා
රහ දන්නා අපි මේ ලෙස විඳවනවා

රවී මහත්තය බයිලයි පවසන්නේ
තර්ක බිඳින්නට ඔහු නැහැ වෙහෙසෙන්නේ
ලට්ට ලොට්ට ගොඩ එහෙ මෙහෙ කරමින්නේ
කිලිනොච්චිය පෙන්වා වෙනතක යන්නේ

දෙන්නගෙ විකාරය අපහට එපා උනා
අපටත් හොරා වේගෙන් කාලය ගෙවුනා
උදෑසනින් පිබිදිය යුතු බව දැනුනා
අනේ අපොයි කියමින් නින්දට වැටුනා

Sunday, April 1, 2012

සෙබල සැමියා පැණිබීම බොනවිට ගැබිණි බිරිඳ පැන යයි


ලඟදි දවසක කියෝපු ලංකාදීප පත්තරේක "දෙයියෝ සාක්කි" තීරුවේ පැණිබීම  බෝතලයක් හින්ද තමන්ගෙ බාර්යාව අහිමි කරගත්ත සීන් එකක් තිබුණා. ඒක දැකල ලියවෙච්ච කවි ටික තමයි මේ.




නාවික සෙබල තිස් එක් වියෙහියි උන්නේ
විවාහයට දෑවසරයි ගත වෙන්නේ
නුගේගොඩයි බිරිඳගෙ ගම රට වෙන්නේ
පස්සෙන් පහු මොනරාගල නවතින්නේ

දෙදෙනගෙ ජීවිතේ සතුටින් ගතවෙනවා
මසකට වරක් සැමියා නිවසට එනවා
දෙන්නා තුන්දෙනා වන ලකුණක් එනවා
සැමියගෙ ආදරේ තව තව වැඩි වෙනවා

ආදර බිරිඳ දොස්තර වෙත පෙන්වන්න
යන්නට ගියේ අග නගරය වෙත ඔන්න
කලයුතු වැඩකොටස නිම කරගෙන අන්න
බසයට නැගුන මොනරාගල වෙත යන්න

අතර මගදි පිපාසයක් ආවෝතින් බොන්න
සැමිය වෙලඳ සැලට ගියා බීම එකක් ගන්න
බිරිඳ සිටී බස් රථයේ ඔහු එනතුරු යන්න
බසයට ඔහු ගොඩවෙනවා නිවසට යලි එන්න

ඇගෙ ආදර බස් ටික ටික අඩුවෙනවා
සැමියට ඈගෙ වෙනසක් දැන් වැටහෙනවා
වෙනත් අයෙක් ඈහට සංඥා දෙනවා
සුපුරුදු ලෙසට සැමියත් එය ඉවසනවා

පරකඩුවෙදි බස් එක නවතා ඇත්තේ
තේ බොන අය බැහැලා නොවැ යා යුත්තේ
වැසිකිලි යන්න බිරියට අවැසිව ඇත්තේ
නාවික සැමිය සමගම බැස ගත්තේ

ආදර බිරිඳ වැසිකිලියට ගෙන යනවා
පිපාසයක් සැමියා හට ඇතිවෙනවා
බස් රථයට ආපසු ඔහු ගොඩ වෙනවා
බීම බෝතලය අරගෙන එය බොනවා

පැය ගානක් ගතවීලා සැමියා නැහැ දන්නේ
සිහි නොමැතිව බස් රථයේ අසුනෙහිමය උන්නේ
බිරිඳ සමග මුකුළු කරපු මිනිසත් නැත උන්නේ
දෙදෙනා ඔහුට හොරෙන් පැනයන්නට යන්නේ

අසරණ සැමිය මාතර රෝහලේ සිටී
ගැබිනි බිරිඳ පෙම් කෙලිමින් සැඟව සිටී
පොලිසිය ඈව සෙව්වා හැමතැනම ගැටී
ඈව සොයා දුන්නෝතින් දහක් වටී

නිමිත්ත : පැනිබීම බෝතලයක් පානය කිරීමෙන් පසු සිය බිරිය වෙනත් පුරුෂයකු සමග පැනයාමේ සිද්ධියක් ඉකුත් දා කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ පෞද්ගලික බසයකින් වාර්තා වේ.(2012/03/13 ලංකාදීප දෙයියෝ සාක්කි )

Wednesday, March 28, 2012

නාකි සුද්දියො ගැන අහපු කතාවක්




මේ ලිපිය ලියන්න හේතු උනේ මාතලන් අයියගෙ නාකි සුද්දො ගැන ලිපිය හා පොඩි කුමාරිහාමිගෙ "පිබිදීම" ලිපියයි.මේක මම ඉස්කෝලෙ යනකාලෙ අහපු ඇත්ත කතාවක්.

වසර ගණනකට පෙර පාසැල් කාලේ
ඇසුනා කතාවක් සුද්දියො යන තාලේ
අදහා ගන්න බැරිවිය මෙය මට රාලේ
පුංචි එකෙක් හින්දයි මම ඒ කාලේ

වයසක සුද්දියෝ හෝටල් වෙත එනවා
අමුතු අමුතු දේවල් උන් ඉල්ලනවා
දහ අට පැනපු නැති කොල්ලන් ගෙන්නනවා
උන් සමගින් ඒ සුද්දියො සැතපෙනවා

පාසල් නිල ඇඳුමට ඉල්ලුම වැඩිය
සිසුවන් සපයන්න තව සමහරු රෙඩිය
සේවා දෙන අයට ලැබෙනා පඩි නඩිය
රුපියල් දාහකට තව චුට්ටක් වැඩිය

රුපියල් දාහ ලොකු ගාණකි ඒ කාලේ
සුද්දියො සල්ලි මිටි මිටි ගෙන එන තාලේ
සමහර අයියලා නෑවිත් ඉස්කෝලේ
පාසල් නිල ඇඳුම එල්ලති උඩු මාලේ

තැරැව්කරුවො මේවට වග කියනු ලැබේ
රන්වන් මොනරු මිටියක් ඔහු වෙතට ලැබේ
ප්‍රීතිය සතුට සිසුවන් හට බෙදනු ලැබේ
දාහක් සමඟ සිසුවන් හට සැපද ලැබේ

කලකට පසුව ඒවා අඩුවෙලා ගියා
ඒ ගැන කතාබස් නෑසී යන්න ගියා
හෝටල සුද්දියන් ගෙන් දැන් පිරෙන්නියා
කවුරුද දන්නෙ ආයෙත් වැඩ වෙයිද කියා

Sunday, March 25, 2012

වෙසඟනගේ පුත්‍රයා (18+)




( මෙය ඇසින් දුටු සත්‍ය සිද්ධියක් ඇසුරෙන් නිර්මාණය කලෙමි.)


කට සැරකමටයි ඕපදූපෙටයි
නම් දරලා ඇත අප පැත්තේ
කුසුමා නැන්දට මුල්තැන දී ඇත
කවුරුත් ඈගෙ සිත් ගත්තේ

දුවේ පුතේ කියමින් අප අමතයි
නරකක් නම් ගෑවිල නැත්තේ
වරදක් වූවොත් ජාතිය අමතයි
ලැජ්ජාවක් කිසිවිට නැත්තේ

කඩිසරකමටයි දඟවැඩ එමටයි
එකම පුතෙකි ඈ හට ඉන්නේ
කුනුහරුපෙන් මිතුරන් ඇමතූවට
පස්වෙනි පන්තියෙ නොවැ උන්නේ

සෝමෙ මාමගේ වත්තට පැනලා
කෙසෙල් කැනකි කපලා ඇත්තේ
ගමේ දඩබ්බර කොල්ලෝ රෑනට
පොඩි එකාව ගාවා ගත්තේ

කවුරුද එන්නේ මොනවද වෙන්නේ
හොයලා බලපන් පොඩි කොල්ලෝ
ඌව රවටලා හොරකම් කරලා
කැන අරගෙන යති ලොකු කොල්ලෝ

සෝමේ මාමා වත්තට එනවිට
කෙසෙල් කැනත් කපලා තිබුනේ
මාමා දැකලා දුවනා විටදී
පය පැකිලිලා කොල්ලා වැටුනේ

දෙකක් තුනක් කන හරහා දුන්නට
ඌ නැහැ කිසිවක් පවසන්නේ
කුසුමා එනතුරු හිටපිය ඔහොමම
මාමා ඌ අල්ලා ගන්නේ

කඳුලු හලාගෙන තරහ නගාගෙන
කුසුමා හනිකට පැමිණෙන්නේ
ඈගේ සද්දෙට ගම්මුන් ඇවිදින්
වටපිට බල බල හිනැහෙන්නේ

කවුරුද උඹ මේකට පැටලෙව්වේ
කියපන් මට පැහැදිලිව ඉතා
උඹව යවන්නේ නෑ මම කොහොමත්
නොකිව්වොතින් _ _ගේ පුතා

කොලුවා බැලුවා අසරණ විලසින්
කුසුමා ඇවිදින් බව දැක්කා
පැනයන්නට කොල්ලාට ඉඩනොදී
සෝමේ  මාමා මග රැක්කා

මාව රවටලා උන් පැනගත්තා
දුන්නේ නැහැ නොවැ මට කාසී
කොහොමත් මම නම් පුතා තමයිනේ
අන්න අතන ඉන්නේ _සී

සෝමේ මාමගෙ කල් කිරියාවත්
ගම්මු ඉදිරියේ එලි වෙන්නේ
කාටත් නොදැනෙන ලෙසිනේ හෙමිහිට
කුසුමත් ඔය ලිස්සල යන්නේ





Friday, March 23, 2012

සඳරු මචං ඔන්න කවියෙන් සුබ පැතුවා




කවියක් කියා සුබ පැතුමට නොහැකි උනා
හදිස්සියට එක කවියක් මතක් උනා
සමාවෙයන් ඒකට මම පමා උනා
හිස් අහසට මගෙ කවියත් එකතු උනා

හිස් අහසෙන් වැසි දිය පොලොවට වැටුනා
වියලුණු බිම් සරුවී කෙත් වතු පිරුනා
සතුටු කඳුලු අපගේ නෙතඟින් හැලුනා
අහස හිස් නොවන වග ලොවටම පෙනුනා

ගමේ කතා අපහට රස ගෙනාවේ
ඔබගේ කතා ශෛලිය නම් මනාවේ
ඔබ වැනි පුතුන් ලොවටම වාසනාවේ
කිරියගෙ සුබ පැතුම මෙලෙසිනි ගෙනාවේ

ඔබගේ අතින් වැඩි වැඩියෙන් ලියවේවා
බාධක ඇතොත් ඒවා සැම දුරු වේවා
ලොවටම වටින ලේඛකයෙක් බිහිවේවා
සොයුර නුඹට සැමදාමත් ජයවේවා

දුක් කරදර මිනිසට කවදත් එනවා
වීරිය අරන් ඒවා පසුකර යනවා
හිස් අහසට සඳ කොමලිය එක් වෙනවා
සඳ එලියෙන් මුලු අහසම බබලනවා

කෝටි ගණන් අදහස් තව ලියවේවා
හිස් අහසේ දිස්නය තව වැඩිවේවා
සඳරු සොයුර ඔබහට ජය අත්වේවා
තෙරුවන් සරණ ලැබ දිවි මග සරු වේවා

...........................................................................................................................

කලින් ලියපු කවි ටිකක්


මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්ටැ....



හදාගනින් හිත............


Wednesday, March 21, 2012

නයි මිරිසක් කල හදියක්......




කොල පාටට බෝල වගේ දිලිසෙන්නේ
ඉදුනු කලට රතු පැහැයට දිස්වෙන්නේ
සම්බෝලයට යහමින් එක්කර ගන්නේ
ඉමිහිරි රසයකුයි මාවෙත ගෙන එන්නේ

ගෙදර සිටින කල තුන් වේලම කන්නේ
පිය උරුමෙන් මා ලද බව පැවසෙන්නේ
කාපු කලට මාගේ බඩ කට දන්නේ
එහෙම උනත් මා නම් නැත නවතින්නේ

බැදුම හොද්ද හැම එකටම දමන්නේ
කිසිවක් නොමැතිකල අමුවෙන් හෝ කන්නේ
රසවත් බවට කවුරුත් සහතික දෙන්නේ
විඳවන කලට කාටත් එකසේ වෙන්නේ

කොතරම් සැර වුනත් නුඹ නැහැ අත්හැරියේ
දුක සැප දෙකේදිම එක ලෙසමයි සිටියේ
ගස් වල නැති කලට කඩයෙන් එන සැටියේ
නයි මිරිසෙන් තොර දිවියක් මට නැතියේ

ගමේ පාසලට මා ගිය ඒ කාලේ
හිටියේ තුනේ පන්තියෙ වාගෙ බාලේ
කෙල්ලන් දෙදෙනෙකුට වැඩ පෙන්නූ තාලේ
සිහිවේ අදත් නයි මිරිසේ හැටි රාලේ

මිරිස් ගොඩක් කනවලු ඔබෙ අප්පච්චී
ඔයාට එකක් වත් කන්නට බැරි වෙච්චී
එකට දෙකක් කෑ විට කන් රත් වෙච්චී
මට සිහිවුනේ මගෙ ආදර අප්පච්චී

බඩ කට පපුව හැම දැවිල්ල අල්ලන්නා
කෙල්ලන් වතුර සීනිද ගෙනැවිත් දෙන්නා
දෑසම රතුවෙලා කඳුලුත් එලියට පැන්නා
හොඳටම බයවෙලා දැන් කෙල්ලෝ දෙන්නා

සීනි වතුර නැහැ සුවයක් ගෙන දුන්නේ
අප්පච්චිට කියන්නයි උන් දිවයන්නේ
මගෙ දුක තවත් වැඩි වන්නටදෝ යන්නේ
උන් නවතන්න හෙන ගේමකි මම දුන්නේ

බය වෙනු එපා තව ටිකකින් අඩු වෙනවා
ඒ වෙනතුරා මම මේ ලෙස විඳවනවා
අඩු වන තුරා මම තැන තැන දිව යනවා
නයි මිරිසේ ඇරඹුම මේ ලෙස වෙනවා



Monday, March 19, 2012

කොස්ස






මුලින්ම කියන්න ඕනෙ මේක ඊයකින් ආපු කුනුහබ්බයක්.ඔය චූටි බබාල මේක නොබැලුවට කමක් නෑ. ආයෙ හොරෙන් බලල මෙන්න මූ කුනුහබ්බ ලියනවෝ කියන්න ඔට්ටු නෑ.
 
       .
       .
       .
       .
       .







බල්ගේරියාවෙ ජීවත් වුන අවුරුදු 14ක හුරු බුහුටි දැරිවියක් කොසු කර්මාන්තශාලාවක වැඩට ගියා.මාස දෙකයි ගියෙ මෙන්න මේ කෙල්ල අඬාගෙන එනව බොසා ලඟට.
බොස්: මොකක්ද දරුවො ප්‍රශ්නෙ?
කෙල්ල: මට තවත් මෙහෙ වැඩ කරන්න බෑ සර්. මම අස්වෙනවා.
බොස්: එහෙම නෙමෙයි මෙහෙට ඇවිත් වාඩි වෙන්නකො. දැන් කියන්න මොක්ක්ද කාරනේ?
කෙල්ල: නෑ සර් මට මෙහෙ වැඩ කරන එක එපාවෙලා තියෙන්නෙ. තව එක මොහොතක්වත් මම මෙහෙ වැඩ කරන්නෙ නෑ.
බොස්: ඇයි දරුවො, මෙහෙ ඉන්න සේවකයෙක් ප්‍රශ්නයක් දැම්මද? නැත්නම් පඩි මදිද? ඔයා හොඳට වැඩ කරන ලමයෙක්.
කෙල්ල: එහෙම මුකුත් නෑ සර්. මට වැඩකරන්න බෑමයි.
බොස්: මම ඔයාට උසස්වීමක් දෙන්නම්. ඔයා වගේ දක්ශ ලමයි අපේ ෆැක්ට්‍රියට ගොඩක් වටිනවා.
කෙල්ල: අනේ සර්, මට උසස්වීම් ඕනෙ නෑ. මම හෙට ඉඳන් වැඩට එන්නෙ නෑ.
බොස්: ඔයා අස්වෙන්න හේතුවක් තියෙන්න එපායැ. මොකක්ද හේතුව.
කෙල්ල: සර් බබා. හේතුව සර් දන්නෙ නැත්නම් වෙන කවුද දන්නෙ.
එහෙම කියපු කෙල්ල තමන්ගෙ යට ඇඳුම පාත් කොරලා බොසාට අහවල් එක අසල තිබුන රෝම පෙන්නුවා.
කෙල්ල: මේ බලන්න සර්, මේවා මෙහෙ වැඩට එන්න කලින් තිබුනෙ නෑ. මේව කොසු වල කෙඳි. මේක ඇතුලෙ වැඩ කරන හින්ද තමයි මෙහෙම වෙලා තියෙන්නෙ.
කෙල්ලගෙ මෝඩකම දැනගත්ත බොසා කෙල්ලට ඇත්ත කියල දෙන්න හිතුවා.
එහෙම හිතලා තමන්ගෙ කලිසමයි චූටි කලිසමයි පාත් කරල අහවල් ස්තානෙ පෙන්නුවා. ඊට පස්සෙ
"ඒක ස්වාභාවිකයි දරුවො. මේ බලන්න මගෙත් තියෙනවා." කියල කිව්වා.
කෙල්ල  හුඟක් බය වුනා. ඇස් ලොකු උනා.
"අනේ සර් මම මේ දැන්මම අස්වෙනවා. මට හිතෙන්නෙ දැනටමත් හුඟක් පරක්කුයි වගේ" කියලා ඉක්මනටම දොර ගාවට දිව්වෙ ආයෙ මේ පැත්ත පලාතක එන්නෙ නෑ කියල හිතාගෙන.
බොස් වහාම කෙල්ලව නැවැත්තුවා. නවත්තලා "මොකද මේ පණ කඩාගෙන දුවන්නෙ ?" කියල ඇහුවෙ බොසුත් අන්දුන් කුන්දුන් වෙලා හිටපු හින්දමයි.
කෙල්ල බොස්ගෙ පැත්ත හැරිල බැලුවා. බලලා " සර්ට කෙඳිටිකක් විතරක් නෙවෙයි ලොකු මිටකුත් තියනවනෙ" කියල දුවන්න පටන්ගත්තා.