Wednesday, June 20, 2012

අම්මව ගස් බැඳපු උක්කුණා.....




"ජී. ජී. ගුණසේන" මරණාධාර සමිතියෙ සභාපතිතුමා කාටදෝ සල්ලි ගෙවන්න අඬගහනවා. අම්මත් එක්ක සමිතියට ගියපු මම සභාපති මාමා නම් කතා කරනකොට සල්ලි ගෙවන්න යන මිනිස්සු දිහා අම්මගෙ ලඟට වෙලා බලන් හිටියා. ඒ වෙනකොට මම ඉස්කෝලෙ පොඩි පන්ති වල හිටියා කියලා මට යන්තම් මතකයි.
සභාපති මාමා ආයෙත් අර නම කතාකලා. එතකොට කෙලවරේ බංකුවකට වෙලා හිටපු උක්කුණා නැගිටලා ආවා.
උක්කුණාව මම දැකල තිබුනෙම අලි කාරයෙක් විදිහට. කැහැපොට ගහගත්ත සරමට වඩා ටිකක් දිග වෙන්න කොට කලිසමක් ඇඳ ගත්ත උක්කුණා හෙන්ඩුවකුත් අරන් අලියො එක්ක යනවා මම අනන්තවත් දැකලා තියෙනවා.
ඒ වගේම හැන්දෑ වෙනකොට කන සාක්කුවෙ වැටෙන්න බීලා පාර දිගේ උඩහට කුනු හරුප කිය කියා යනවත් මතකයි.

බේබදුකමට කවදත් මුල් තැන ගත්ත
කසිප්පු බාගයකි හවසට අර ගත්ත
අසරණ මවගෙ සැනසුම උදුරා ගත්ත
මේ වගෙ පුතෙක් කුමටද ලොව හට ගත්ත

අම්මා සිටී හැමදාමත් කඳුලු බිබී
නිවසට එන්නෙ පුතු මත්පැන් ගොඩක් බිබී
වනසා දමයි නිවසේ ඇති සියලු බැමී
අසරණ වුනා මව, හමුවේ ඔහුගෙ බැමී

ගුටි බැට දෙනව හැමදාමත් අම්මාට
වයසක නිසා උහුලන්නට බෑ ඈට
වැටහිර ගසක ඈ බැඳලා තිබු දාට
කොහොමද ඉවසන්නෙ ඈ මේ දුක් ගැහැට


උක්කුණාගෙ අම්මට ඌ බීලා ඇවිත් හැමදාම රණ්ඩු කලා. ගේ ඉස්සරහ තිබුණු ලොකු වැටහිර ගහේ අම්මව දවසක්ම ගැට ගහලා තිබුනලු. පාන්දර ඒක දැකපු මිනිස්සු ඈව ලෙහලා ඇගේ ලොකු දුවගෙ ගෙදරට බාරදුන්නලු.
ටික කාලයක් වහන්වෙලා හිටපු උක්කුණා ආයෙමත් ගමට ආවෙ ගෑණියෙකුත් කැන්දගෙනමයි. ඒත් ඉස්සර පුරුදු නම් වෙනස් වෙලා තිබුනෙ නෑ. මිනිස්සුන්ගෙන් ගුටිකාලා අතපය කඩාගත්තත් ආයෙමත් වලියක් දාගන්න උක්කුණා අමතක කලේ නෑ.

උක්කුණාගෙ කරදර වලින් නිදහස් උණු අම්මා සතුටින් ජීවත් උනා. ඉඳල හිටලා පුතාව බලලා යන්න ආවත්  ආයෙ ඒ ගෙදර නවතින්න ඒ අම්මට උවමනා උනේ නෑ.

ඔහොම කාලයක් ගත උණා. දවසක් මරණාධාර සමිතියට ගිහින් එන මිනිස්සුන්ට උක්කුනා මැරිලා කියල ආරංචියක් ආවා. මිනිස්සු උගෙ ගෙදරට ගියේ හදිස්සියෙම උක්කුනාට මක් උනාද කියල බලාගන්ට ඕනෙ හින්දමයි.
ඒ යනකොට අම්මව ගැට ගහල තිබුනු වැටහිර ගහේම එල්ලෙන උක්කුණාගෙ මිනිය මිනිස්සුන්ට දකින්න ලැබුනා.

( අපේ ගමේ වෙච්ච සිද්දියක් )
ගත හැකි ආදර්ශය: දෙමව්පියන්ට කරන වද හිංසා මෙලොවදීම පටිසන් දිය හැක. තමන් හදා වඩා ගත් දෙමව්පියන්ට හැකි උපරිමයෙන් සලකන්න.

Sunday, June 10, 2012

අයි.පී.එල්. ගියපු අපේ කට්ටිය




අයි. පී. එල්. ඉවර වෙලා ගොඩක් දවස්. මැච් එකක් තියෙන්නෙත් ඉඳලා හිටලා. සමහර මැච් පරදිනවා. එතකොට හිතටත් දුකයි. ආයෙත් මේ වගේ මැච් එක දිගටම තියෙනවනම් හිත හදාගෙන බලන්නවත් පුලුවන්.
අයි.පී.එල්. ගියපු අපේ කට්ටිය ගැන කලින් ලියල තිබ්බ එකක් මේ. ලිපිය පල කරන්න නම් පොඩ්ඩක් පරක්කුයි වගේ.

චෙන්නායි සුපර් කින්ග්ස්

රන්දිව් සමගින් කුලයයි ආවේ
ඉඳහිට මැච්වල සෙල්ලම් කෙරුවේ
අන්තිමේදි බං කවුරුද දිනුවේ
කවුරු නොදින්නත් දෝනිලු දිනුවේ

ඩෙකෑන් චාජර්ස්

අන්න බලන් ඩෙකෑනයට ගිය තාලේ
අන්තිමයට උඩින් යන්තම් ආ තාලේ
නායකකම ගෙන සංගා සිටි වේලේ
බෝලර්ලාගෙ හිගයෙන් පැරදුනි රාලේ

දිල්ලි ඩෙයාඩෙවිල්ස්

කවදත් කොතැනත් සටනක් දෙන්නේ
කණ්ඩායම වෙනුවෙනි කැපවන්නේ
මහේල විතරයි දිල්ලියෙ ඉන්නේ
උපරිම සහයයි සැමදා දෙන්නේ


මුම්බායි ඉන්දියන්ස්

කණ්ඩායම ජයටැඹ වෙත ගෙනියන්න
මාලිංගගෙ ශක්තිය ඕනෑ ඔන්න
ඔහුගේ සවිය තව වැඩි කරලා ගන්න
තිසරත් එකතුවීලා ඉන්නව මෙන්න

පූනේ වොරියර්ස්

අවසානය වෙනතුරු සටනක් දෙනවා
පිත්තෙන් පන්දුවෙන් දස්කම් දක්වනවා
මැතිව්ස් නාමෙ පූනෙ තුල රැව්දෙනවා
හැකි උපරිමෙන් සහයෝගය දක්වනවා

රාජස්තාන් රෝයල්ස්

එක තරගයක්වත් ගැහුවේ නැතුවාට
ඔහුගේ නම තියේ හැමදාමත් යසට
ලංකා පිලෙන් බැබලෙන තරුවක් ලෙසට
චන්දිමාල් නාමය වටිනව අපට

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්

ලංකා පිලේ කවදත් මුලතැන ගත්ත
දිල්ශාන්ට ලැබෙනව එහි හිනි පෙත්ත
දඟ පන්දුවෙන් මුලු ලෝකය ජය ගත්ත
මුරලි සිටී පන්දුව සුරතට ගත්ත

Wednesday, June 6, 2012

සුදු නංගි සහ මනෝපාර




ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. ආදරේ හින්දා එක එක දේවල් වෙන්න පුලුවන්. ඔය මනෝ පාරවල් ගහන වෙලාවට හෙම එහෙම වෙන්න පුලුවන්.

ආදරෙ මගේ ඇයි මේ විහිලුවට අරන්
සුදු නංගියේ ඔබ යනවිට අහක බලන්
කඳුලක් නැගේ දෑසට නොදැනීම ඉතින්
ඇයි රත්තරන් ඔබ දැන් මේ තරම් ගනන්

සුදු රැලි ගවුම ඇන්දම ඔබ තවත් හැඩයි
ඔය ඇස් දෙකත් ඉඳුනිල් කැට දෙකක් වගෙයි
දුටු හැම විටම මට ආදරෙ ගොඩක් හිතෙයි
මගෙන් වහන්වී ගියොතින් හිතට දුකයි

සුදු නංගියේ මගෙ ආදරෙ වැඩි හින්දා
අල්ලපු ගෙදර වහලේ උලු ටික බින්දා
ඔබ වෙනුවෙන් නිතරම ගුටි කන හින්දා
මොනවා කියාවිද මන්දා පොඩි නැන්දා

ඊයේ හවස ඔබ යනවිට මහ පාරේ
හිතුනා යන්න ඔබ පස්සෙන් ඒ පාරේ
ඔය රුව දකින්නට පිං මදි සංසාරේ
කවදද යන්නෙ අපි දෙන්නා මල් පාරේ

නැන්දගෙ වහලෙ උලු හද හද ඉන්නකොට
නුඹ සිහි උනා මගෙ පූරුවෙ කරුමෙකට
මනෝ ලෝකයේ සක්මන් කරනකොට
උලුත් කඩන් වැටුනා වහලෙන් බිමට