Friday, December 6, 2013

බඩට එක්සයිස්..........

බඩ.......
කාලයක් තිස්සෙ වාඩි වෙලා වැඩ කලාම අපටම වාතයක් වෙන එකක් තමයි ඔය.බඩ ආවම අඩු කරගන්නවා කියන එක ලේසි නෑ. රස්සාවට ගිහින් අවුරුද්දකට විතර කිට්ටු වෙනකොට මෙන්න බොලේ කලින් ඇඳපු කලිසම් අඳින්න බෑ.කමිසෙ යට කලාම බඩ ගෙඩිය හොඳට පේනවා.
කාලයක් තිස්සෙ මේදය තැන්පත් උනාම ලේසියකට අඩු කරගන්නත් බෑ. හැබැයි මහන්සි වෙලා ව්‍යායාම කරලා ගානට තියාගන්නත් බැරිකමක් නෑ. ගොඩක්ම තෙල් අධික ආහාර තමයි මේ උදරය නෙරා ඒමට හේතුවෙනවා ඇත්තෙ. මේක ලෙඩ රෝග ගොඩකට ආරම්භයක් වෙන්නත් පුලුවන්. උදරයට කරන ව්‍යායාම කීපෙකුත් යූ ටියුබ් එකෙන් හොයා ගත්තා. ගෙදරදිම කරන්නත් පුලුවන්.




ආයෙම බ්ලොග් එක ලියන්න කියල මාව උනන්දු කරපු සුදීක අයියටත් මගෙ දුරකතන අංකෙ සුදීක අයියට දුන්නු සෑමටත් ගොඩක් ස්තූතියි.