Tuesday, April 10, 2012

කේ.පී.ගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය




අටු කොටු සාර වේවා
කලට වැසි වසීවා
සාක්කු පිරේවා
මෙහෙම අවුරුදු තවත් ඒවා

කිරිද ඉතිරේවා
පැණියෙන් පිරේවා
තෑගිත් ලැබේවා
කාට කාටත් ජයම වේවා

තෙල් මිල බසීවා
වාහන ලැබේවා
මුදල් ඉතිරේවා
අනේ අපටත් හොඳක් වේවා

කිරිකට් දිනේවා
තවත් මැච් ඒවා
අපටත් පෙනේවා
චැනලෙ මෙහෙටත් හදල දේවා

සිනහව පිරේවා
දුකක් නැතිවේවා
ඔබට ජයවේවා
අලුත් අවුරුදු සුබම වේවා

මීට කේ.පී. (කිරිපුතා)

අවුරුද්දෙන් පස්සෙ ආයෙ හම්බවෙමු.