Monday, December 15, 2014

චන්ද අනාවැකි.... (කොළඹ දිස්ත්‍රික්කය )




කාලෙකට පස්සෙ බොලොග් එකට මොනවහරි කොටන්න හිතුන එකේ මේ දවස් වල නැගල යන චන්දෙ ගැන තමයි ඉතින් හිතෙන යමක් කියන්න යන්නෙ.

කොළඹ දිස්ත්‍රික්කය පහුගිය ජනාධිපතිවරණෙදි මහින්ද මහත්තයා වැඩි චන්ද 81718කින් දිනන්නෙ.

මහින්ද - 614,740 (52.93%)
සරත් - 533,022 (45.9%)

සමස්ථ චන්ද දායකයන්ගෙන් 77%ක ප්‍රමාණයක් ගියවර චන්දෙ ප්‍රකාශ කරල තියෙනවා. මෙවරත් ඊට ආසන්න අගයකින් චන්දය භාවිතාවෙයි. මැතිවරණ කොට්ටාශ ක් අතරින් මහින්ද මහතා 9ක් සහ ෆොන්සේකා මහතා 6ක් ජයග්‍රහනය කර ඇත.

2010දි ෆොන්සේකා මහතා ජයග්‍රහනය කල බොරැල්ල, මැද කොළඹ,නැගෙනහිර කොළඹ,උතුරු කොළඹ,බටහිර කොළඹ සහ දෙහිවල යන මැතිවරණ කොට්ටාශ මෙවර මෛත්‍රිපාල මහතා ජයගැනීමට ඉඩක් පවතී.

2010 ජනාධිපතිවරණයේදී මහින්ද මහතා 53%ක් ලබා ජයගත් කොලොන්නාව, 53%ක් ලබා ජයගත් රත්මලාන සහ 52%ක් ලබා ජයගත් කෝට්ටේ මැතිවරණ කොට්ටාශ මෙවර මෛත්‍රිපාල මහතා ජයගැනීමට යම් ඉඩක් ඇත.

හෝමාගම,කඩුවෙල ,කැස්බෑව,මහරගම,අවිස්සාවේල්ල සහ මොරටුව මැතිවරණ කොට්ටාශ මහින්ද මහතා ජයගැනීමට මෙවරද ඉඩකඩ පවතී.

හෙළ උරුමයේ බලපෑම මෙහිදී ඉතා වැදගත්වේ. 

5 comments:

  1. අපි කොහොමහරි මෛත්‍රී යුගයක් ඇති කරන්න උත්සහ කරලා බලමු. හිහ්..
    කාලෙකට පස්සේ ඇවිත් තියෙන්නේ.

    ReplyDelete
  2. මොකක්ද මේකේ තියෙන අනාවැකිය?

    ReplyDelete
    Replies
    1. කාලගුණ අනාවැකි සහ මේ අනාවැකිය අතර වෙනස මොකක්ද කියන්න!!!

      Delete
  3. API HANSAYATA BAYAI MALLIYE

    ReplyDelete
  4. අම්මපා......................

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.