Wednesday, March 28, 2012

නාකි සුද්දියො ගැන අහපු කතාවක්




මේ ලිපිය ලියන්න හේතු උනේ මාතලන් අයියගෙ නාකි සුද්දො ගැන ලිපිය හා පොඩි කුමාරිහාමිගෙ "පිබිදීම" ලිපියයි.මේක මම ඉස්කෝලෙ යනකාලෙ අහපු ඇත්ත කතාවක්.

වසර ගණනකට පෙර පාසැල් කාලේ
ඇසුනා කතාවක් සුද්දියො යන තාලේ
අදහා ගන්න බැරිවිය මෙය මට රාලේ
පුංචි එකෙක් හින්දයි මම ඒ කාලේ

වයසක සුද්දියෝ හෝටල් වෙත එනවා
අමුතු අමුතු දේවල් උන් ඉල්ලනවා
දහ අට පැනපු නැති කොල්ලන් ගෙන්නනවා
උන් සමගින් ඒ සුද්දියො සැතපෙනවා

පාසල් නිල ඇඳුමට ඉල්ලුම වැඩිය
සිසුවන් සපයන්න තව සමහරු රෙඩිය
සේවා දෙන අයට ලැබෙනා පඩි නඩිය
රුපියල් දාහකට තව චුට්ටක් වැඩිය

රුපියල් දාහ ලොකු ගාණකි ඒ කාලේ
සුද්දියො සල්ලි මිටි මිටි ගෙන එන තාලේ
සමහර අයියලා නෑවිත් ඉස්කෝලේ
පාසල් නිල ඇඳුම එල්ලති උඩු මාලේ

තැරැව්කරුවො මේවට වග කියනු ලැබේ
රන්වන් මොනරු මිටියක් ඔහු වෙතට ලැබේ
ප්‍රීතිය සතුට සිසුවන් හට බෙදනු ලැබේ
දාහක් සමඟ සිසුවන් හට සැපද ලැබේ

කලකට පසුව ඒවා අඩුවෙලා ගියා
ඒ ගැන කතාබස් නෑසී යන්න ගියා
හෝටල සුද්දියන් ගෙන් දැන් පිරෙන්නියා
කවුරුද දන්නෙ ආයෙත් වැඩ වෙයිද කියා

Sunday, March 25, 2012

වෙසඟනගේ පුත්‍රයා (18+)




( මෙය ඇසින් දුටු සත්‍ය සිද්ධියක් ඇසුරෙන් නිර්මාණය කලෙමි.)


කට සැරකමටයි ඕපදූපෙටයි
නම් දරලා ඇත අප පැත්තේ
කුසුමා නැන්දට මුල්තැන දී ඇත
කවුරුත් ඈගෙ සිත් ගත්තේ

දුවේ පුතේ කියමින් අප අමතයි
නරකක් නම් ගෑවිල නැත්තේ
වරදක් වූවොත් ජාතිය අමතයි
ලැජ්ජාවක් කිසිවිට නැත්තේ

කඩිසරකමටයි දඟවැඩ එමටයි
එකම පුතෙකි ඈ හට ඉන්නේ
කුනුහරුපෙන් මිතුරන් ඇමතූවට
පස්වෙනි පන්තියෙ නොවැ උන්නේ

සෝමෙ මාමගේ වත්තට පැනලා
කෙසෙල් කැනකි කපලා ඇත්තේ
ගමේ දඩබ්බර කොල්ලෝ රෑනට
පොඩි එකාව ගාවා ගත්තේ

කවුරුද එන්නේ මොනවද වෙන්නේ
හොයලා බලපන් පොඩි කොල්ලෝ
ඌව රවටලා හොරකම් කරලා
කැන අරගෙන යති ලොකු කොල්ලෝ

සෝමේ මාමා වත්තට එනවිට
කෙසෙල් කැනත් කපලා තිබුනේ
මාමා දැකලා දුවනා විටදී
පය පැකිලිලා කොල්ලා වැටුනේ

දෙකක් තුනක් කන හරහා දුන්නට
ඌ නැහැ කිසිවක් පවසන්නේ
කුසුමා එනතුරු හිටපිය ඔහොමම
මාමා ඌ අල්ලා ගන්නේ

කඳුලු හලාගෙන තරහ නගාගෙන
කුසුමා හනිකට පැමිණෙන්නේ
ඈගේ සද්දෙට ගම්මුන් ඇවිදින්
වටපිට බල බල හිනැහෙන්නේ

කවුරුද උඹ මේකට පැටලෙව්වේ
කියපන් මට පැහැදිලිව ඉතා
උඹව යවන්නේ නෑ මම කොහොමත්
නොකිව්වොතින් _ _ගේ පුතා

කොලුවා බැලුවා අසරණ විලසින්
කුසුමා ඇවිදින් බව දැක්කා
පැනයන්නට කොල්ලාට ඉඩනොදී
සෝමේ  මාමා මග රැක්කා

මාව රවටලා උන් පැනගත්තා
දුන්නේ නැහැ නොවැ මට කාසී
කොහොමත් මම නම් පුතා තමයිනේ
අන්න අතන ඉන්නේ _සී

සෝමේ මාමගෙ කල් කිරියාවත්
ගම්මු ඉදිරියේ එලි වෙන්නේ
කාටත් නොදැනෙන ලෙසිනේ හෙමිහිට
කුසුමත් ඔය ලිස්සල යන්නේ





Friday, March 23, 2012

සඳරු මචං ඔන්න කවියෙන් සුබ පැතුවා




කවියක් කියා සුබ පැතුමට නොහැකි උනා
හදිස්සියට එක කවියක් මතක් උනා
සමාවෙයන් ඒකට මම පමා උනා
හිස් අහසට මගෙ කවියත් එකතු උනා

හිස් අහසෙන් වැසි දිය පොලොවට වැටුනා
වියලුණු බිම් සරුවී කෙත් වතු පිරුනා
සතුටු කඳුලු අපගේ නෙතඟින් හැලුනා
අහස හිස් නොවන වග ලොවටම පෙනුනා

ගමේ කතා අපහට රස ගෙනාවේ
ඔබගේ කතා ශෛලිය නම් මනාවේ
ඔබ වැනි පුතුන් ලොවටම වාසනාවේ
කිරියගෙ සුබ පැතුම මෙලෙසිනි ගෙනාවේ

ඔබගේ අතින් වැඩි වැඩියෙන් ලියවේවා
බාධක ඇතොත් ඒවා සැම දුරු වේවා
ලොවටම වටින ලේඛකයෙක් බිහිවේවා
සොයුර නුඹට සැමදාමත් ජයවේවා

දුක් කරදර මිනිසට කවදත් එනවා
වීරිය අරන් ඒවා පසුකර යනවා
හිස් අහසට සඳ කොමලිය එක් වෙනවා
සඳ එලියෙන් මුලු අහසම බබලනවා

කෝටි ගණන් අදහස් තව ලියවේවා
හිස් අහසේ දිස්නය තව වැඩිවේවා
සඳරු සොයුර ඔබහට ජය අත්වේවා
තෙරුවන් සරණ ලැබ දිවි මග සරු වේවා

...........................................................................................................................

කලින් ලියපු කවි ටිකක්


මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්ටැ....



හදාගනින් හිත............


Wednesday, March 21, 2012

නයි මිරිසක් කල හදියක්......




කොල පාටට බෝල වගේ දිලිසෙන්නේ
ඉදුනු කලට රතු පැහැයට දිස්වෙන්නේ
සම්බෝලයට යහමින් එක්කර ගන්නේ
ඉමිහිරි රසයකුයි මාවෙත ගෙන එන්නේ

ගෙදර සිටින කල තුන් වේලම කන්නේ
පිය උරුමෙන් මා ලද බව පැවසෙන්නේ
කාපු කලට මාගේ බඩ කට දන්නේ
එහෙම උනත් මා නම් නැත නවතින්නේ

බැදුම හොද්ද හැම එකටම දමන්නේ
කිසිවක් නොමැතිකල අමුවෙන් හෝ කන්නේ
රසවත් බවට කවුරුත් සහතික දෙන්නේ
විඳවන කලට කාටත් එකසේ වෙන්නේ

කොතරම් සැර වුනත් නුඹ නැහැ අත්හැරියේ
දුක සැප දෙකේදිම එක ලෙසමයි සිටියේ
ගස් වල නැති කලට කඩයෙන් එන සැටියේ
නයි මිරිසෙන් තොර දිවියක් මට නැතියේ

ගමේ පාසලට මා ගිය ඒ කාලේ
හිටියේ තුනේ පන්තියෙ වාගෙ බාලේ
කෙල්ලන් දෙදෙනෙකුට වැඩ පෙන්නූ තාලේ
සිහිවේ අදත් නයි මිරිසේ හැටි රාලේ

මිරිස් ගොඩක් කනවලු ඔබෙ අප්පච්චී
ඔයාට එකක් වත් කන්නට බැරි වෙච්චී
එකට දෙකක් කෑ විට කන් රත් වෙච්චී
මට සිහිවුනේ මගෙ ආදර අප්පච්චී

බඩ කට පපුව හැම දැවිල්ල අල්ලන්නා
කෙල්ලන් වතුර සීනිද ගෙනැවිත් දෙන්නා
දෑසම රතුවෙලා කඳුලුත් එලියට පැන්නා
හොඳටම බයවෙලා දැන් කෙල්ලෝ දෙන්නා

සීනි වතුර නැහැ සුවයක් ගෙන දුන්නේ
අප්පච්චිට කියන්නයි උන් දිවයන්නේ
මගෙ දුක තවත් වැඩි වන්නටදෝ යන්නේ
උන් නවතන්න හෙන ගේමකි මම දුන්නේ

බය වෙනු එපා තව ටිකකින් අඩු වෙනවා
ඒ වෙනතුරා මම මේ ලෙස විඳවනවා
අඩු වන තුරා මම තැන තැන දිව යනවා
නයි මිරිසේ ඇරඹුම මේ ලෙස වෙනවා



Monday, March 19, 2012

කොස්ස






මුලින්ම කියන්න ඕනෙ මේක ඊයකින් ආපු කුනුහබ්බයක්.ඔය චූටි බබාල මේක නොබැලුවට කමක් නෑ. ආයෙ හොරෙන් බලල මෙන්න මූ කුනුහබ්බ ලියනවෝ කියන්න ඔට්ටු නෑ.
 
       .
       .
       .
       .
       .







බල්ගේරියාවෙ ජීවත් වුන අවුරුදු 14ක හුරු බුහුටි දැරිවියක් කොසු කර්මාන්තශාලාවක වැඩට ගියා.මාස දෙකයි ගියෙ මෙන්න මේ කෙල්ල අඬාගෙන එනව බොසා ලඟට.
බොස්: මොකක්ද දරුවො ප්‍රශ්නෙ?
කෙල්ල: මට තවත් මෙහෙ වැඩ කරන්න බෑ සර්. මම අස්වෙනවා.
බොස්: එහෙම නෙමෙයි මෙහෙට ඇවිත් වාඩි වෙන්නකො. දැන් කියන්න මොක්ක්ද කාරනේ?
කෙල්ල: නෑ සර් මට මෙහෙ වැඩ කරන එක එපාවෙලා තියෙන්නෙ. තව එක මොහොතක්වත් මම මෙහෙ වැඩ කරන්නෙ නෑ.
බොස්: ඇයි දරුවො, මෙහෙ ඉන්න සේවකයෙක් ප්‍රශ්නයක් දැම්මද? නැත්නම් පඩි මදිද? ඔයා හොඳට වැඩ කරන ලමයෙක්.
කෙල්ල: එහෙම මුකුත් නෑ සර්. මට වැඩකරන්න බෑමයි.
බොස්: මම ඔයාට උසස්වීමක් දෙන්නම්. ඔයා වගේ දක්ශ ලමයි අපේ ෆැක්ට්‍රියට ගොඩක් වටිනවා.
කෙල්ල: අනේ සර්, මට උසස්වීම් ඕනෙ නෑ. මම හෙට ඉඳන් වැඩට එන්නෙ නෑ.
බොස්: ඔයා අස්වෙන්න හේතුවක් තියෙන්න එපායැ. මොකක්ද හේතුව.
කෙල්ල: සර් බබා. හේතුව සර් දන්නෙ නැත්නම් වෙන කවුද දන්නෙ.
එහෙම කියපු කෙල්ල තමන්ගෙ යට ඇඳුම පාත් කොරලා බොසාට අහවල් එක අසල තිබුන රෝම පෙන්නුවා.
කෙල්ල: මේ බලන්න සර්, මේවා මෙහෙ වැඩට එන්න කලින් තිබුනෙ නෑ. මේව කොසු වල කෙඳි. මේක ඇතුලෙ වැඩ කරන හින්ද තමයි මෙහෙම වෙලා තියෙන්නෙ.
කෙල්ලගෙ මෝඩකම දැනගත්ත බොසා කෙල්ලට ඇත්ත කියල දෙන්න හිතුවා.
එහෙම හිතලා තමන්ගෙ කලිසමයි චූටි කලිසමයි පාත් කරල අහවල් ස්තානෙ පෙන්නුවා. ඊට පස්සෙ
"ඒක ස්වාභාවිකයි දරුවො. මේ බලන්න මගෙත් තියෙනවා." කියල කිව්වා.
කෙල්ල  හුඟක් බය වුනා. ඇස් ලොකු උනා.
"අනේ සර් මම මේ දැන්මම අස්වෙනවා. මට හිතෙන්නෙ දැනටමත් හුඟක් පරක්කුයි වගේ" කියලා ඉක්මනටම දොර ගාවට දිව්වෙ ආයෙ මේ පැත්ත පලාතක එන්නෙ නෑ කියල හිතාගෙන.
බොස් වහාම කෙල්ලව නැවැත්තුවා. නවත්තලා "මොකද මේ පණ කඩාගෙන දුවන්නෙ ?" කියල ඇහුවෙ බොසුත් අන්දුන් කුන්දුන් වෙලා හිටපු හින්දමයි.
කෙල්ල බොස්ගෙ පැත්ත හැරිල බැලුවා. බලලා " සර්ට කෙඳිටිකක් විතරක් නෙවෙයි ලොකු මිටකුත් තියනවනෙ" කියල දුවන්න පටන්ගත්තා.

Saturday, March 17, 2012

සිංහල කෙල්ලන්ගෙ අයිතිකාරයො කවුද


           


නිමිත්ත: පසුගිය 13 වැනිදා රාත්‍රියේ වයස අවුරුදු 20 ට අඩු බීමත් මුස්‌ලිම් තරුණයන් 5 දෙනකු විසින් අමානුෂික ලෙස පිහියෙන් ඇන පස්‌සර ප්‍රාදේශීය සභාව ඉදිරිපිට සම වයසේම සිංහල තරුණයකු මරා දැමීමේ සිද්ධිය

පැතුවේ එක මලයි පෙම් ලොව ජය ගන්න
ඇගෙ අත ගෙන දිවිමග පෙරටම යන්න
රට රස්සාවකට ගොස් පවුලට දිරි දෙන්න
සිද්ද උනේ ඒ වෙනුවට දිවිදෙන්න

ඇගෙ අත ගන්න මුස්ලිම් තරුණෙකි ආවේ
ඔහුගේ ප්‍රේමයට බාදාවකි පෑවේ
ඈ වෙනුවෙන්ය දෙදෙනා විරසක වූවේ
අවසන නලින් මරුවා හට බිලි වූවේ

මිතුරන් සමග එකතුව වී අඬ දබර
නලින් සොයුර වෙත වැදුනේ පිහි පහර
ලේ කැටි ගලාගෙන කැපිලා යයි නහර
අවසානය එය විය ඔහුගේ සොයුර

පස්සර තිබෙන තත්වය ඔය වගෙයි පුතේ
රෑබර තරුනියන් යන්නේ උන්ගෙ අතේ
දුක් වේදනා හද පතුලෙන් නැගෙනු ඇතේ
නිවටුන් සේම ඉන්නට ලැජ්ජයිනෙ පුතේ

අරගෙන බැලුවොතින් දිවයින පත්තරය
කියවන්නට පුලුවන් වෙයි විස්තරය
අවසානයේ දෙන්නට ඇති උත්තරය
හයියෙන් අල්ලලා රැකගන් බිත්තරය


-----------------------------------------------------------------------------

කිරිකැට් බලන්න මෙතනින් එන්ඩෝ.....

Friday, March 16, 2012

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම අනතුරුදායක අඩියක




බංගලාදේශය හමුවේ ඉන්දියාව පරාජය විය. ලංකාවට අවසාන මහා තරගයට පැමිණීමට නම් පාකිස්ථානය ඉන්දියාව පරාජය කල යුතුය. එතැනින් නොනැවතී ලංකාව බංගලාදේශයද පරාජය කල යුතුය. එය සිදුවූවා යැයි සිතමු. එය අපගේ කණ්ඩායමට අවසන් තරගයට පැමිනීමට ප්‍රමාණවත් වේද?

එවිට  ලකුණු සටහන පහත පරිදිය.
(පාකිස්තානය හා ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු ලබා නොගෙන ජයග්‍රහණය කල බවට උපකල්පනය කරමු. )



එවිට පාකිස්තානය හැර අනෙක් කණ්ඩායම් තුනෙහි ලකුණු සමවන නිසා ශුද්ධ ලකුණු වේගය සලකා බැලීමට සිදුවේ. තිබෙන තත්වය අනුව එය ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසිදායකය. එසේ නම් කලයුත්තේ බංග්ලාදේශය සමඟ තරඟය ප්‍රසාද ලකුණක් සමඟ ජය ගැනීමයි.
එවිට අපගේ කණ්ඩායම නිසැකවම අවසන් තරඟයට සුදුසුකම් ලබයි. නමුත් ප්‍රසාද ලකුණ ලබාගැනීමට නම් මුලින් පන්දුවට පහරදී ප්‍රතිවාදී කණ්ඩායම තම ලකුණු ප්‍රමාණයෙන් 80%ක් ලබාගැනීමට පෙර දවාලිය යුතුය. නැතහොත් දෙවනියට පන්දුවට පහරදී පන්දුවාර 40කට පෙර ඉලක්කය සම්පූර්ණ කල යුතුය.
ප්‍රතිවාදී බංගලාදේශ කණ්ඩායම මෙම තරඟාවලියේ දක්වා ඇති දස්කම් අනුව මෙය ඉතා අසීරු කරුණක් බව පෙනේ. නමුත් අනිද්දා තරගයෙන් ඉන්දියාව ජයගතහොත් ආසියානු කුසලානයෙන් ශ්‍රී ලංකාව ඉවතට විසිවේ. එවිට තරගය වැදගත් වන්නේ බංගලාදේශ කණ්ඩායමටය.
සිදුවන්නේ කුමක්දැයි විමසිල්ලෙන් බලා සිටිමු.




ප.ලි. : ඔය මගුල් බලන වෙලේ තියෙන දෙයක් කාල බුදියගත්තනං ඊට වඩා සැපයි.

( මහේලගෙ පින්තූරෙ ගත්තෙ මෙතනින්  http://cdn6.wn.com/pd/de/d9/0135563aac93befa7e6513a8f757_grande.jpg )

Wednesday, March 14, 2012

ශ්‍රි ලංකා සංචිතයෙහි නොමැති එහෙත් අද තරඟයට සහභාගි වන ක්‍රීඩකයා කවුද?




අරුමෙකි අහෝ කිම මේ සිදුවී ඇත්තේ
සංචිතයෙහි එක් අයෙකුගෙ නම නැත්තේ
නම එහි නැති උනත් ඔහු ඇතුලෙහි ඇත්තේ
විස්කම් වෙන්නෙ බංගලි දේසේ පැත්තේ

සංචිතයටම දාහතරයි නොවැ ඉන්නේ
ඉන් එකොලහක් අද තරගෙට සැරසෙන්නේ
දහදෙනෙකුටයි පිටියට බැසුමට වෙන්නේ
අනෙකට හොරෙන් කවුරුද පිටියට යන්නේ

ඔහු දුටුවාම අෆ්රිඩිලා වෙව්ලාවී
එවනා පන්දු පිටියෙන් ඉවතට යාවී
උමාර් ගුල් බියපත්වී සැඟවේවී
මිස්බා උල් හක්ට සුලුදිය පිටවේවී

සිරි ලංකාවෙ සංචිතෙ අද මෙතැන ඇත
සැඟවුනු අමුත්තා මෙතැනට එන්නෙ නැත
පිටියට ඇවිත් පානා පෙලහාර මත
පාකිස්තානුවන් යාවිලු හතර අත

පන්දු යවන්නත් ඔහු ඉඩකඩක් තිබේ
යැව්වොත් පන්දු පිතිකරුවන් බිමට එබේ
සතුටෙන් කුල්මත්ව නරඹන අයද සබේ
ඔහුගේ ගුණ ගයති ගහගෙන කණෙහි ඇබේ

ප.ලි. : හුරේ............ මේ පෝස්ට් එක දැකල අද ඌව ටීම් එකෙන් අයින් කරලා :D 

Tuesday, March 13, 2012

නමක් නැති කයියක්......




තමන්ගෙ පෙම්වතිය තියපු හදිසි බූට් එක නිසා ශෝකයට පත් පෙම්වතෙක් සියදිවි හානිකරගන්න හිතනවා. ඊට කලින් ඒ ගැන පෙම්වතිය කියන්නෙ මොනවද කියලා දැනගන්න හිතන පෙම්වතා තමන්ගෙ විරහ වේදනාව පෙම්වතියට කවියෙන් ලියල යවනවා.

සතුටට සිනහවට නැවතුම් තිතක්            තියා
හැඩරුව තියෙන ලස්සන පෙම්වතෙක්   සොයා
අසරණ මෙමා මෙහි තනිකර දමල         එයා
මට දුක දීල කොහෙදෝ දුර යන්න        ගියා

ආදරෙ තියෙන්නේ දුක් විඳගන්න මද
කාටද කියන්නේ මගෙ දුක් ගින්න අද
සැමටම වඩා ලෝකයෙ පෙම් කරපු ලඳ
සමුගෙන ගියේ ඇයි කියලා කියනවද

සතුටින් හිටියෙ ඔබ හින්දා තමයි     ප්‍රියා
පාලුව දැනේ නිතරම නැති හින්ද    ඔයා
හිටපු එකම වස්තුව මා දාල            ගියා
මේ ලිපියට උත්තර එවනවද         මෙයා

පැණි රස උනත් කලකදි රස නැති    වෙනවා
මල්වල රොන්ගන්න වන බඹරුන්    එනවා
මල තලලා උන් රොන් අරගෙන      යනවා
නාවොත් පිලිතුරක් මා නම් වහ       බොනවා

Monday, March 12, 2012

බඩියගෙ කහපාට සින්දුව සහ අපේ නන්ස්ටොප් එක......



බඩියලත් එක්ක ට්‍රිප් එකක් යන්න මට ආරාධනාවක් ලැබුනෙ මීට දවස් කීපෙකට කලින්. මාත් බොහොම සංතෝසෙන් ඒ ආරාධනාව පිලිගත්තා. ගොඩක් කාලෙකින් විනෝද චාරිකාවකට සහභාගි වෙන්න අවස්ථාවක් නොලැබුන හින්දා මාත් උදේ පාන්දරින්ම දතකට මැදගෙන වැඩේට සෙට් වුනා.
බඩියගෙයි මගෙයි තව කොල්ලො දෙතුන් දෙනෙකුගෙයි ඇරෙන්න සමහර උන්ගෙ නෑදෑ සනුහරේම එතන හිටියා.
උදේ පාන්දර හින්දද කොහෙද තිබ්බෙ ඇඟ කිලිපොලා යන සීතලක්. නුවර එලියෙ ගියා වගේ හැඟීමක් මට නොදැනුනාට බඩියට දැනිල කියල තේරුනේ ඌ දෙපාරක්ම බස් එකෙන් බැහැල කොහෙටදෝ ගිහින් ආපු හින්ද.
නඩේ ගුරා වෙච්ච සීය කෙනෙක් අපිව පන්සිල් සමාදන් කරවලා එහෙම ට්‍රිප් එක ආරම්භ කරන්න සංඥාව දුන්නා.
"මචං කාවද මුලින් ගෙන්නන්නෙ ජෝතිද බෙග්ද?" සජිත් අයියා එහෙම ඇහුවෙ තඩිබාන්න ගෙනාපු ලට්ට ලොට්ට කීපයක් එහෙ මෙහෙ කරන ගමන්.
"බඩියා, සින්දුවක් පටන් ගනිංකො" එහා පැත්තට වෙලා ඇඹරි ඇඹරි හිටපු බඩියව උනන්දු කරවලා ගන්න සම්පත් එහෙම කිව්වා.
"මචං මම දැන් සින්දු දෙකක්ම කියල ආවෙ. එකක් සුදු පාටයි. අනික කහ පාටයි" බඩියා කවුරු හිටියත් ගානක් නැති කොල්ලා වෙච්ච හින්දා හිතේ තිබ්බ දේවල් එහෙම්ම කියලා දැම්මා.
අහල පහල සීට් වල වාඩි වෙලා නිදි කිර කිර හිටපු අක්කල නංගිලත් ලැජ්ජා සහගත හිනාවකින් එකිනෙකාට සංග්‍රහකර ගත්තා.
එකින් එක සින්දු කෑලි කියාගෙන යද්දි මට වතුර තිබහක් ආවෙ නොසිතුව මොහොතකදි. ලඟ තිබුන වතුර බෝතලයක් අරන් බොන්න පටන්ගත්තෙ දුරදිග හිතල බලන්නෙ නැතුවමයි.
සින්දු කියන අස්සෙ සම්පතාට මතක් වෙන්නෙම කුණුහබ්බ සින්දු. උගෙ බ්‍රේක් නැති කටෙන් ඒවා පිට වෙලා බස් එකේ ඉන්න අක්ක කෙනෙක්ට හරි නංගි කෙනෙක්ට හරි ඇහිලා එයාලගෙ හිරි ඔතප් බිඳෙයි කියල තිබ්බ බයටම මුල් හරිය පටන් ගන්න කොටම අපි ඌව මියුට් කරන්න පුරුදු උනා.
ඒ අස්සෙම සම්පතා කොහෙන්දෝ අහගෙන ආව කතාවක් කරන්න පටන් ගත්තා.
" අපි හිටියෙ මූලග්ගින්න කියල ගමක. තිබ්බෙ දෙහූවක දුර. අපි කසාද බඳින කොට නම් ලමයි හිටියෙ නෑ. ඒත් බැඳල මාස දෙක තුනක් යනකොට දරු සුරතල් බලන්න හම්බුනා......" කතාව ඇදිල යන්නෙ අඳුරු පැත්තකට කියල තේරුම් ගිය හින්දම වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව මියුට් කර ගත්තෙ සුදුසු අවස්ථාව එලඹුනාම කතාව අහගැනීමේ පරම චේතනාවෙන්.
වතුර බීමේ ආදීනව තේරුනේ ටික වෙලාවක් ගියාට පස්සෙ. බලනකොට බඩියත් අපහසුතාවයකින් පෙලෙනවා වතුර නොබී.
ඌට පාචන තත්වයක්වත් ඇතිවෙලාද කියල පොඩි සැකයක් කට්ටිය අතර මතුවුනා. තව කිලෝමීටර් කිහිපයක් යනකොට අපි දෙන්නගෙම තත්වෙ බොහොම උග්‍ර අතට හැරුනා. දැන් ඉඳගෙන ඉන්නවත් හිටගෙන ඉන්නවත් බැරි අවස්ථාවකට එලඹිලා. අපි දෙන්නගෙම මූණු බෙරි වෙලා. ඒ අතරෙ කොහොම හරි ඩැයිවර් මහත්තයට පණිවිඩයක් යවාගත්තා. ඇසිල්ලකින් අපි දෙන්න හිටියෙ ෆුට් බෝඩ් එකේ. ඒ අතරෙදි අපට හම්බුනේ ටවුමක්. තාම එලිය වැටිල නැති උනාට ටවුමෙ ලයිට් දාල. ඩැයිවරයා ගෙයක් ඉස්සරහින්වත් නවත්තයිද? දෙගිඩියාවෙන් හිටපු අපට සහනයක් ලැබුනෙ කැලෑබද හරියක බස් එක නැවැත්තුවාට පස්සෙ.
සිංහලයගෙ පුරුද්ද නැවතත් ප්‍රදර්ශනය කරමින් එකා දෙන්නා අපේ කර්තව්‍යයට එකතු උනා. දැන් පාර අයිනෙ මියුසිකල් ෂෝ එකක් වගේ. පෝලිමට කට්ටිය සින්දු කියනවා.
ලැබුනු සහනෙ නම් කියල නිම කරන්න බැරි තරම්. බස් එකට නැග්ගට පස්සෙ සම්පත් විරිදුවක් කියන්න පටන් ගත්තා. වෙලාවට කීවෙ නෑනගෙ එක. අපට හිතුනෙ පටන් ගන්නකොටම මූ මෙහෙම නම් දවල් වෙනකොට කොහොමට හිටීද කියල.
වයසක අංකල්ලා සෙට් එකකුත් පරණ සින්දු සෙට් එකක් ඇදල ගත්තා. බලාගෙන යනකොට අපි කියන්නෙත් ඒවම තමයි. අද කාලෙ ගායකයන්ගෙ සින්දු ට්‍රිප් එකකදි උනත් කියවෙනවා හරි අඩු ඒ ගීත වලට එච්චර පැවැත්මක් නැති හින්දද කියල හිතුනා.
දැන් කට්ටිය ගිරිය කඩාගෙන සින්දු කියනවා. එක අංකල් කෙනෙක් "බැරි බර කරේ තියන් " සින්දුව කියන්න පටන් ගත්තා. බඩියත් ඒකට ෆුල් සහයෝගෙ දුන්නෙ තැනින් තැනින් "ජහ ජහ" කියන ගමන්.

උදේට කන්න බස් එක නවත්තද්දි 7ට විතර ඇති. ආයෙ පාරක් අපි සෙට් එක කැලයක් අස්සට දිව්වෙ සැහැල්ලු වෙන්න හිතාගෙන.
උදේට කෑම කන්න කඩේකට ගියපු  වෙලාවෙත් බඩියා පේන්න නෑ. අපිත් එක්ක කඩේට ආව කියල හොඳ මතකයක් තිබ්බා. අපි සෙට් එක කාලා බඩියටත් එක්ක ප්ලේන්ටි ඕඩර් කරලා නිකමට විපරම් කරල බැලුවා. සජිත් අයියා කඩේ ටොයිලට් එක ලඟ පෝලිමක් තියෙනවා දැකලා පොඩ්ඩක් සෝදිසි කරල බලන්න ගියා. ටික වෙලාවකින් ආපහු ආවෙ දෙකොනින්ම හිනා වෙවී.
බඩියා ටොයිලට් එකට ගිහින් ගොඩක් වෙලාලු. තාම එලියට ඇවිත් නැති හින්දා එලියෙ මිනිස්සු උට හෝ ගාලා බනිනවලු. සිද්දිය උනේ ඊයෙ. තාම බඩියා බඩේ අමාරුව කියලා දෙහි බිබී ඉන්නවා කියලා මේ දැන් ආරංචියක් ආවා.

Friday, March 9, 2012

චාමර කපුගෙදර වෙනුවෙන්...... (Specialist of the final matches)





අවසන් මහා තරග වලදී සුවිශේෂී සේවයක් ඉටුකරන ක්‍රීඩකයාණෙනි. ඔබෙන් විය යුතු මෙහෙය ගැන සිතා බැලීමට කාලයයි මේ.

බැට්මන් කෙනෙක් කියලයි අප දැන උන්නේ
කිසි අදහසක් නැහැ නොවැ ඌ ගැන එන්නේ
කොයිවගෙ පොරක්දෝ කියලා සිතමින්නේ
කපුගෙදරට බැනලයි අප සැනසෙන්නේ

තරඟාවලියකට දෙකකට නැති වෙන්නේ
එක පාරටම ආයෙත් ඇතුලට එන්නේ
මැච් එක ගොඩගන්න ඔහු පිටියට එන්නේ
ලකුණක් දෙකක් ගහලයි දැවිලා යන්නේ

ෆීල්ඩ් කරන විට පිටියේ ඉන්නවද
ඉස්සර වගෙ ආයෙත් දැන් රකිනවද
ෆයිනල් එකට විතරක් ගොඩ බහිනවද
ආසිය කප් එකේදිත් යලි ඉන්නවද

කපුගෙදරට දැන් බැනලා කිසිම වැඩක් නැත්තේ
තෝරන අය තෝරනවා ඒකයි බොල තත්තේ
මීට වඩා හොඳ කොල්ලන් කොයි පැත්තෙද නැත්තේ
උන්ව තොරගන්නෙ නැත්තෙ ඇයි ....... මුත්තේ

ඔබ සමග කිසිම පෞද්ගලික තරහක් නැත. මීට වඩා වගකීමෙන් පිතිකරණයේ යෙදිය හැකිනම් ඉතා අගනේය.

Thursday, March 8, 2012

මැච් එක පැරදුනාට දුකද?




මැච් එක ගැන ඉස්සර වගෙ දුක නැත්තේ
හඬා පලක් නොම වන බව දැන ගත්තේ
ඩිලී ගැන සතුට හිත තුල බැස ගත්තේ
කවියෙන් කියන්නට හිතුනා මගෙ තත්තේ

ආසිය කුසලානෙ අද හෙට එනවාය
මීට වඩා ඒකෙදි බැට දෙනවාය
අපේ තරම උන්හට පෙන්වනවාය
ආසිය කුසලානෙ මෙහි ගෙන එනවාය

ගොසිප් සයිට් වල එක එක දාලාය
අපේ එවුන් හොඳ උත්තර දීලාය
දුක හා සතුට එක ගානට වැටිලාය
ඒක සමරන්නෙ එක ලඟ නමලාය

දෝනිට කෝලි මල්ලිට සන්තෝස ඇතී
හුරේ දම දමා දැන් නටනවා ඇතී
ඉන්දියාවෙ බමුනෝ මතුරන්න ඇතී
අපි පරදින්න හේතුව ඒක වෙන්නැතී

දහසය ලකුණු වලිනුයි පැරදී ඇත්තේ
ගේමක් දුන්න එක ගැන සතුටය ඇත්තේ
හුටු හුටු උනත් මේකයි මගෙ නම් තත්තේ
ඔබා මාමෙ කොහොමද ඔහෙලගෙ පැත්තේ

Gossip9 හා Gossip Lanka News වෙබ් අඩවි වල හොඳ හොඳ ප්‍රතිචාර තියෙනවා. මේ ඒවගෙන් ටිකක්.

හැමදාම හොඳට series එක play කරනවා. final ආවම ලොක්ක යනවා, match එක පරාදයි. මෙදා පාර ඇමතියා යවල. උගෙ නමෙත් මහින්ද කෑල්ලක් ගෑවිල තියනවනෙ. අය්යො එකත් පරාදයි...


ඔයින් ගියා ඇති. 57 ට 4 ක් ගියාම ඉස්සරනම් 100 all out වෙනවා. දැන් කොල්ලෝ එහෙම නැහැ. 
අපිට අර චාමර කියන නම නැති බැට්ස්මන් ල හොයා ගන්නම බැරිද? මහා කරුමයක්.


හු*ත වේලෙන්නත් ඉස්සර පත්තරේ දාලනෙ. 

මුල හරියේ එක විකට් එකක් මෝඩ පාරකින් ගියා. ඊළඟට තව එක්කෙනෙක් තනි ලකුණ ගන්න හැටි අමතක වෙන තරමට බය වෙලා අවුට් උනා. අනිත් අයගේ විකට් නම් ගියේ හේතු ඇතුව. 
අපි දැන් අන්තිම තරඟ ගොඩක් පැරදිලා තියනවා, හිතේ හයිය මදිකම හින්ද. බය නැති කොල්ලෝ ඕන මේ වෙලාවට.


අනේ යකෝ මුළු දවසක්ම කිසිම වැඩක නොකර මෙතනට වෙලා උලමට ඇනගෙන මේක දිහා බලන් හිටිය දිනයි කියල...මුන්ට අන්තිම ලකුණු 17 ගහගන්න බැරි උනානේ..අර කපුගෙදර කියන එකා මොකට දැම්මද මන්ද.අතේ තිබුණු කප් එක අන්තිම මොහොතේදී පුජා කරා වගේ වැඩක් කරේ...වර්ල්ඩ් කප් එකේ පරාජේ දරගත්තු අපිට මේක දරාගන්නත් අමාරු නෑ කොල්ලනේ...කමක් නෑ...අනුශුරයෝ උනානේ කියල හිත හදාගමු..දැන් දොනියාගෙයි කොලිගෙයි ඉහේ මල් වතු පිපිලා ඇති අපි පැරදුනාට..හැමදාම වගේ ඉතින් මේ පාරත් කියන්නම්.. 

"කමක් නෑ කොල්ලෝ ඊලග තරගාවලිය දිනමු " 

කියල..........



Tuesday, March 6, 2012

නුවන් කුලසේකරට උපහාර පිණිස......


Nuwan Kulasekara hits out during his blistering 73

පසුගිය තරගයේදී හිමිවීමට තිබූ නිසැක පරාජය ගෞරවාන්විත පරාජයක් කරා ගෙන ඒමට උරදුන් නිහතමානී ක්‍රිකට් විරුවානෙනි ඔබට මාගේ උත්තමාචාරය........

වැටුනත් කඩුලු සත පහකට බිය නැත්තේ
දිනුම වෙත යන්න අරමුණ සිත ගත්තේ
ලැබෙනා සහය උපරිම ලෙස අරගත්තේ
කුලේ ගැසූ හය පිටියෙන් පිට පැත්තේ

යෝකර් පන්දු වැටුනත් නොම වීලා බිය
ගැසුවේ පහර රට වෙනුවෙනි ගන්න ජය
කලහැකි උපරිමය පෙන්නා යන්න ගිය
සිටියා නම් කුලේ තිබුනනෙ ගන්න ජය

මුල්පෙල වැටිල අසරණවී සිටියාට
පසුපෙල දුන්නෙ නෑ ජය ඉක්මන් වෙන්ට
තරංග සමග එක්වීලා ගොඩ ගන්ට
සහය අගෙයි අන් හැමටම පෙනෙන්නට

හසීගෙ ඕවරය වනතුරු අත් නොහැර
යුතුකම තමන් ඉටුකල යුතු නොම පැහැර
දුන්න සටන අගයන්නටමය සොයුර
ලිව්වේ මෙමා මේ කවිපද මල් පොකුර


_________________________________________________________

මේක සයිබර් සිහින උළෙලෙ ප්‍රථම තරගය සඳහා ඉදිරිපත්කලා. මෙතනින් විස්තර බලා ගන්න පුලුවන්. මේකට කැමතිනම් මෙතෙන්ට ගිහිල්ල ලයික් එකක් දාල උදව්වක් කරන්න.

Sunday, March 4, 2012

හස්තෝපක්‍රම කාව්‍යය (පිරිමින්ට වඩාත් සුදුසුයි)




දුක සැප බෙදා ගන්නට මා ලඟ ඉන්නේ
දකුණත සේම වමතද සහයයි දෙන්නේ
පාලුව තනිය හැම දිනකම මකන්නේ
වෙහෙස ඇතත් මැසිවිලි නැත පවසන්නේ

වියහියදමක් කිසිවිටකත් වෙන්නෙ නැත
අඳුර ඇතිවිටදි වැඩි පහසුවක් ඇත
ලෙඩ දුක් වලින් බියවීමට දෙයක් නැත
නින්ද නැතිවිටදි පිහිටට එන්නෙ අත

කෙට්ටු වෙයි කියා සමහරු බිය වීලා
මොන පිස්සුද කියමින් අපි සැනසීලා
එය බොරුවකී ලොව හැමටම වැටහීලා
එහෙම වෙනවනම් මම දැන් නැතිවීලා

වෙහෙස නැතිකරන්නට හැකිවේය ගතේ
නින්දට බෙහෙත මෙය වෙනවා නේද පුතේ
තනිකඩයන්ට පිහිටට එන දකුණු අතේ
වමත වුවද නැතිවම බෑ නේද පුතේ

----------------------------------

කයියද කතාවද එක සේ ලියාලා
මට නොදැනීම පනහත් ඇත දමාලා
මෙතෙක් කලක් දුන් සහයට ඔයාලා
තුති පුදනෙමි මගේ සිරස නමාලා


Friday, March 2, 2012

ලෙඩවීම සහ ලෙඩ දාගැනීම



2010. 03.01 මගේ ජීවිතයේ අවාසනාව උදාකල දවස විය. විභාගය අවසන් වීමෙන් පසුව නිවසට පැමිණියේ පෙරදාය. සති දෙකක් පමණ විභාගයට වෙහෙසුනු නිසාදෝ දැනුනු තෙහෙට්ටුව නිසා මදක් වැඩිපුර නිදාගත්තෙමි.
"පුතා පුලුවන්නම් නිරෝශා දුවගෙ වෙඩින් එකට ගිහින් එන්නකො. මට යන්න වෙන්නෙ නෑ"
අම්මාගේ වචනයට එකඟ නොවී බැරි නිසාම මම මඟුල්ගෙදරට ගියෙමි.
"අයියෙ මේ තමයි නදීකා, නිරෝශා අක්කා බඳින අයියලාගෙ නෑදෑයො" නිමේශා හෙවත් මගේ සහෝදරිය නදීකාව මට හඳුන්වා දුන්නේ එසේය.
නදීකා මගේ මිතුරියක් බවට පත්වීමටත් ඉන්පසු ඇය මගේ පෙම්වතිය බවට පත්වීමටත් වැඩි දිනක් ගතවූයේ නැත.
නදීකා දුප්පත් තරුණියක් වුවත් ඇය ඉගෙනීමට දක්ෂවූ නිසාම ඇයට හොඳ අනාගතයක් ඇති බව පෙනිණි. අපගේ ප්‍රේමයට සැම අතින්ම ආශිර්වාද ලැබිණි. ඇය ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රදේශයක වීම නිසාම අපගේ ආදරය මගේ විශ්වවිද්‍යාල මිතුරන් අතර පවා ජනප්‍රිය විය.
මා මේ බ්ලොගය පටන් ගත්තේ 2011 දීය. සමහර ලිපි වල ඇයගේ ගම් ප්‍රදේශය ගැන පවා ලියැවිණි.මට විශ්වවිද්‍යාලයෙන් ලබාදෙන පුහුණුව සඳහා පෞද්ගලික ආයතනයක සේවය කිරීමට සිදුවීම නිසා බ්ලොග් ලිවීම මදකට අඩාල විය.
ඒ අතරතුරද නොයෙක් මතගැටුම් හමුවේ පවා මගේ ප්‍රේමය ඉදිරියට ගියේය.
මාගේ අත්වැරදීම් නිසා ප්‍රධානියාගෙන් බැණුම් ඇසීමට පවා සිදුවිය.
පුහුණු කාල සමයේ ඇපෙන්ඩිසයිටිස් රෝගය හේතුවෙන් මාහට සැත්කමකට බඳුන් වීමට සිදුවිය. විවේක ගැනීමේ පහසුව තකා මා අප දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහලෙන් සැත්කම කර ගත්තෙමි.
ඇපෙන්ඩිසයිටිස් සඳහා කරන සැත්කම කුඩා එකක් වුවත් නිර්වින්දනයේදී සිදුවූ ආසාත්මිකතාවක් හේතුවෙන් සිහිය ඒමට දින දෙකක් ගත්විය. එයට ප්‍රධාන හේතුව වූයේ සිහිය එන අවස්ථාවේදී හෘදයාබාධයක් ඇතිවීමයි.
එම හේතුව නිසා සතියක් පමණ රෝහලෙහි ගතකර නිවසට පැමිණියෙමි. වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ මසකට ආසන්න කාලයක් විවේකීව ගතකරන ලෙසයි. ඊට හේතුව වූයේ  හෘදයාබාධය හේතුවෙන් හදවතට හානිවී ඇති බැවින් එය නැවත යථා තත්වයට පත්වීමට කාලයක් ගතවීමයි. දිනපතා බෙහෙත් ලබා ගැනීම හා මසකට වරක් සායනයට සහභාගි වීම  අනිවාර්ය කෙරිණි.
මසකට පමණ පසුව සේවයට වාර්ථා කලමුත් වෙනදා මෙන් මහන්සිවී වැඩ කටයුතු කිරීමට නොහැකිය.
හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා කඩාවැටෙන්නේ මේ අවස්ථාවේදීය.
"අපේ දුවට එයාගෙ නැන්දල යෝජනාවක් ගෙනත් තියෙනවා. එයා ඒකට කැමතියි. " ඒ නැන්දම්මාය.
"අයියෙ නැන්දලගෙ වචනෙට පිටින් යන්න මට බෑ." ඒ ඇගේ හඬයි.
"එහෙනම් ඔයා සන්තෝසෙන් ඉන්න නංගි" ඒ මාය.
මෙසේ දුක දරාගෙන වුවද මට ඇගෙන් සමුගන්නට සිදුවිය. තාත්තාගේ මළගම දිනයේදී පවා දුක දරාගෙන සිටීමට හැකියාව තිබූ මාහට ඇගේ වෙන්වීම අඬන්නට තරම් කරුණක් නොවිනි.
පුහුණුව අවසානවී මාස කිහිපයක් නිවසට වී සිටීමට මට සිදුවුනේ අසනීප තත්වය නිසාය. යලිත් බ්ලොග් සටහනක් ලිවීමටවත් අදහසක් නොතිබිණි.
දිනක් හදිසියේම නැන්දම්මා මා ඇමතුවාය.
"පුතාට යෝජනාවක් කරන්න මම කතා කලේ"
හදිසියේම මංගල යෝජනා ගෙන එන්නේ කුමක් හෝ යටි අරමුණක් ඇතිව බැව් වැටහීමෙන් පසුව මගේ නැන්දා නදීකාගේ පවුලේ දැන් තත්වය නිරෝශා අක්කාගෙන් අසා දැනගත්තාය.
නදීකා පළමු විවාහය අසාර්ථකවී නැවත නිවසට පැමිණ ඇත. ඇගේ මව උත්සාහ කරන්නේ වෙනත් යෝජනාවක මුවාවෙන් ඇයව මගේ කරේ එල්ලීමටය.
දෙවන තෙවන වතාවටද නදීකාගේ මව යෝජනා ගෙන ඒමට උත්සාහ ගත්තාය. අවසන ඔවුන්ගේ පවුල සමඟ අපේ පවුල අතර ඇතිවූ ගැටුම පොලිසියට නොගොසින් බේරාගත්තේ ඉතා අපහසුවෙනි. ඉන් පසුව ඔවුන්ගෙන් මෙතෙක් කිසිදු කරදරයක් සිදු නොවිණි. මාගේ අසනීප තත්වය සුවයට හැරුණු අතර ඉන්පසු රැකියාවකට යාමේදී සිදුවූ අකරතැබ්බය පසුගිය ලිපියෙන් දැක්වීමි.



(නම් පමණක් අසත්‍යයි )

Thursday, March 1, 2012

බොඳවීගිය රැකියා සිහිනය..........



පෙරවරු පහට වැදුණු එලාම් නාදය මගේ සිත වඩාත් ප්‍රබෝධමත් කරන්නට සමත්විය. රාත්‍රිය ගෙවී ගියේ මට නොදැනුවත්වමය. පෙරදින එල්ලවූ මදුරු ප්‍රහාර වලට පවා නොසැලී හිඳිමින් රැය ගතකලේ පසුදින ජීවිතයේ නව බලාපොරොත්තුවක් පුබුදින නිසාය.
උදෑසනින්ම නාගත් මම වේලාසනින්ම නව රැකියාව කරන ස්ථානයට වාර්තා කලෙමි. පැය බාගයක් පමණ කාලය කාදැමීමෙන් පසුව එකා දෙන්නා ආයතනයට පැමිණෙන බව දුටුවෙමි.
"ආ ඔයාද අලුත් පෝස්ට් එකට ආවෙ?"
"මල්ලිගෙ ගම කොහෙද?"
"අපි ඒපැත්තෙ මලගෙදරක ගිහින් තියෙනවා"
මෙවැනි අල්ලාප සල්ලාප වලින් පසුව ආයතනයේ සගයන් හඳුනාගන්නටත් ඉක්මනින්ම ඔවුන් හා හිතවත් වන්නටත් හැකියාව ලැබිණි.
"තව ටිකකින් සර් එයි. ඇවිත් ඔයාට කතාකරයි"
පැය කිහිපයකට පසුව ආයතන ප්‍රධානියා බැරෑරුම් මුහුණකින් යුක්තව පැමිණියේය.
ඔහුගේ කැඳවීම ලැබෙන තෙක් මා බලා සිටියෙමි.
අවසානයේ මා බලාසිටි මොහොත එලඹුනි.
"මේකයි ඇත්තටම කියන්න තියෙන්නෙ, මේ පෝස්ට් එකට ඔයාගෙ කොලිෆිකේශන් වැඩියි. අපි බලාපොරොත්තුවුනේ නෑ ඔයා එයි කියල"
"සර් මට ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒක හින්ද ජොබ් එකක් නැතුව ගෙදර ඉන්න බෑ සර්"
"මෙහෙමයි ඔයා උපාධියක් තියෙන කෙනෙක්. මේ පෝස්ට් එකට අපි උපාධිධාරියෙක්ව බලාපොරොත්තු උනේ නෑ. මේ පෝස්ට් එකේ ඉන්නවනං ප්‍රමෝශන් මුකුත් නෑ. හැමදාම මෙතන තමයි. මොකද මේක කුඩා ආයතනයක්"
"අවුරුදු කීපෙකටවත් බැයිද සර්?"
"එහෙම බෑ. එහෙමනම් දිගටම මේ පෝස්ට් එකේ ඉන්නවා කියල ගිවිසුමකට එලඹෙන්න ඕන"
"අම්මට උඩු" කියා මට සිතුණි.
"ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. අපේ දෙපාර්තමේන්තුවට උපාධිධාරීන් බඳවගන්නකොට දැනුම් දෙන්නම්. අපරාදෙ කාලෙ නාස්තිකර ගන්න එපා"
දෑසට නැගුනු කඳුලු බිඳු සඟවමින් සගයන්ගෙන් සමුගත් මම බසයට නැගුනේ මා එනතුරු බලාසිටින අහිංසක අම්මාට කුමක් කියම්දැයි සිතමිනි.