Sunday, February 27, 2011

හබරල පිත්තා



මේ දවස් වල ටිකක් බිසී හින්දා මුකුත් ලියාගන්නත් බැරිවුනා.මේ සිද්දිය වෙනකොට මට වයස අවුරුදු 3ක් විතර ඇති. ඔය කාලෙදි ඉතින් පොඩි එකා දිහා ඇහැ ගහගෙන ඉන්න කවුරු හරි කෙනෙක් ඉන්නම ඕනැනෙ.මටත් එහෙම්මමයි. අපේ ආච්චි පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් මම මොනවා හරි ගොන්පාට් එකක් දාගන්නවා.
ඔන්න ඉතින් එදා වෙනදා වගේම අම්මා උදේම වැඩට ගියා. තාත්තා ඒ දවස් වල කඩයක් දාලා තිබ්බෙ.තාත්තගෙ කඩේ තිබුන තැන තමයි දැන් අපේ ගේ හදලා තියෙන්නෙ.
ඒ දවස් වල අපි හිටියේ තාත්තගෙ මහ ගෙදර. ඉතින් එදා තාත්තත් කඩේට ගියා. දැන් ආච්චි මට කතාවක් කිය කියා බත් කවනවා.
බත් කාලා ටික වෙලාවක් ගියාට පස්සෙ මම මගෙ ට්‍රයිසිකලේ අරන් මිදුලෙ පැද පැද හිටියා.
ඔහොම ඉන්නකොට මම දැක්කා මිදුලෙ පැත්තක හබරල ගහක් තියෙනවා.
මාත් ට්‍රයිසිකලේ නවත්තලා හබරල ගහ ලඟට ගියා. හබරල කොලේ මහ විසාලයි නෙ. මම දැකලා තිබ්බා මිනිස්සු වැස්සට හබරල කොල ඉහලගෙන යනවා. ඉතින් මටත් හිතුනා හබරල කොලයක් කඩාගන්න. හබරල අත්තෙන් අල්ලලා ඒක අඹරලා කඩන්න හැදුවා. ම්හු.... කඩාගන්න බෑ. ඉතින් මම පිහියක් හෙව්වා. ඔය කාලෙදි ඉතින් පොඩි එකෙක්ට අහුවෙන්න පිහියක් තියන්නෙ නෑනෙ ඉතින්. ඒක හින්දා මට වෙන විකල්පයක් හොයන්න සිද්දවුනා. මගෙ පුන්චි මොලේට පහල වුනේ එකම එක අදහසයි. ඇයි බොලේ පිහියක් නැති උනාට කට තියෙන්නෙ මාත් ඉතින් හබරල පිත්ත හපලා කඩන්න බැලුවා. වැඩි වෙලාවක් ගියේ නෑ මගෙ කට හොඳටම කහන්න ගත්තෙ නැතෑ. මම කෑගහපු සද්දෙට ගෙදර හිටපු හැමෝම වගේ එතෙන්ට දුවලා ආවා. අන්තිමේදි උනේ එකම එක දෙයයි ඒ මට හබරල පිත්තා කියලා ගෞරව නාමයක් පටබැඳුනු එක විතරයි.

5 comments:

  1. @සෝරෝ
    හෙග් ගෑවෙ කින්ඩියටද මන්දා......

    ReplyDelete
  2. උඹ බැරි වෙලාවත් බ්ලොග් එකට "හඹරල පිත්තාගේ විත්ති" කියලා නම තිබ්බනං අපිට අද කියවංට වෙංනෙ උඹට කිරි පුතා කියල නම වැටුන විදිහ.

    ReplyDelete
  3. උඹ බ්ලොග් එකට "හඹරල පිත්තාගේ විත්ති" කියලා නම දැම්මනම් අපිට කියවන්ට වෙන්නේ කිරිපුතා කියලා උඹට නම වැටුන විදිහ.

    ReplyDelete
  4. @විකී
    ඒක තමා බං වෙලාවට "කිරිපුතාගෙ විත්ති" කියලා දැම්මෙ.

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.