අද සයිබර් උලෙල සුපිරියි. ආයෙ කියන්න දෙයක් නෑ. ඒකෙ අමාරුව දැනෙන්නෙ දැන් තමයි.
සංවිධායක මණ්ඩලේ ඇතුලු සියලුම දෙනාටත් ඒක සාර්ථක කරගන්න දායක වුන සහෝදර සහෝදරියො සියලු දෙනාටමත් ඔන්න සුපුරුදු විදිහට කවියෙන් සුබ පැතුවා. ජයවේවා........!!!
දින සති ගෙවී නව දවසක් උදා උනා
අමුතුම ජීවයක් මා ලද බව දැනුනා
කුරේ පිටිය වෙත මගෙ පියවර ඇදුනා
සයිබර් උලෙල මනරම් බව මට පෙනුනා
සයිබර් ලොවේ නම සහ වැඩ දැන ගත්තූ
එහි සිටියා සයිබර් ලොව දූ පුත්තූ
ඔවුනගෙ දිරිය වෙනුවෙන් අද ජය ගත්තූ
සිංහල බ්ලොගය වේවා හෙට බලවත්තූ
උපරිම ෆන් අපහට අද දින දුන්නූ
බස් රේඩියෝ මිතුරන් වෙති අත දුන්නූ
සංවිදානෙ කල අය ලෙසටම දුන්නූ
සයිබර් උලෙලෙ හැඩ අද ලොවටම පෙන්නූ
සයිබර් මිතුරු කැල තව තව වැඩිවේවා
සිංහල බ්ලොග් ලොව හැමතැන පැතිරේවා
සිරිලක අගය වැඩි වැඩියෙන් බැබලේවා
බ්ලොග් ලියනා ඔබ සැම හට ජය වේවා
---------------------------------------
අද මුණගැහිලත් ඒ අය එක්කලා වචනයක්වත් කතා කරන්න බැරි වුන අයගෙන් දහස් වරක් සමාව ඉල්ලනවා.
එසේම වේවා, ආවඩායිබෝ, ආයිබෝ, ආයිබෝ!!!
ReplyDeletehenryblogwalker the Dude
හෙන්රි අයියගෙ අඩුපාඩුව නම් හොඳටම දැනුනා.
Deleteනියමයි නියමයි.. බුකියේ මේ ෆොටො බලමින් ඉන්නේ...
ReplyDeleteඑල එල. උඹලත් එන්න පුලුවන් දුරක හිටියනම් එනවනේ.
Deleteමරු..නුවර ඉන්න හින්ද ඒන්න බැරි වුනා..
ReplyDeleteඅපරාදෙ මචං. ආවනම් පස්ට ෆන් එකක් ගන්ට තිබුනා.
Deleteමේ ටිකට කවිත් ලියලා. අපේ කඹ ඇදීමේ සෙට් එක. සතුටුයි උඹලව අඳුරගන්න ලැබිච්ච එක.
ReplyDeleteඅයියෝ .. පිනිබිඳු .. ඔයත් ආවද ...?
Deleteමට කතාකරන්න බැරි වුනානේ....
අයියෝ .. පිනිබිඳු .. ඔයත් ආවද ...?
Deleteමට කතාකරන්න බැරි වුනානේ....
ඊයේ කඹ ඇදලා මහන්සියට ලොකුවට යමක් ලියාගන්න බැරි උනා පිණිබිඳුවෝ.......
Deletekumaraya මචෝ මටත් උඹට කතා කරන්න බැරි උනා. සොරි වෙන්න ඕනෙ.
Deleteඅදුරගන්න ලැබුන එකට සතුටුයි මචන්...ආයේ දවසක මේ වගේම සෙට් වෙමු !!
ReplyDeleteඅනිවා. ලොවෙත් ආයෙ ඉක්මනටම සෙට් වෙමු.
Deleteසයිබර් මිතුරු කැල තවතව වැඩිවේවා- සිංහල බ්ලොග් ලොව හැමතැන පැතිරේවා- සිරිලක අගය වැඩි වැඩියෙන් බැබලේවා- බ්ලොග් ලියනා ඔබ සැමහට ජයවේවා.මමත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම් යාලුවා. ජයෙන් ජය.!
ReplyDeleteසරා ඊලඟ එකේදිවත් සෙට් වෙමු............
Deleteකවුද මේ දෙන්න
ReplyDeleteමගෙ මතකෙ නිවැරදි නම් මේ ඉන්නෙ රනා සහ ආයිශ්.......
Deleteකඹ ඇදපු එකේ අපිට නොකියන ලොකු දෙයක් තියෙනවා.
ReplyDeleteඒක ප්‍රසිද්ධ රහසක්.......... :D
Deleteපින්තූරුවල ඉන්න අයගේ නම් ටික අපටත් දැන ගන්ට දැම්මානම්...:D
ReplyDeleteගුඩ් අයිඩියා මෑම්! :)
Deleteඔන්න මම උඩ කමෙන්ටුවක නම් දෙක දැම්මෝ...
Deleteඇඩෙනව හයියූ...............:‘(
ReplyDeleteඅඬන්නෙ නැතුව ඊලඟ එකට අනිවා එන්න බබෝ......
Deleteඇයි මං ආවෙ නැත්තෙ?
ReplyDeleteමං වගේ මැට්ටෙක් :/
අපරාදෙනෙ බං. කොහොම හරි එන්න තිබ්බෙ.......
Deleteජයවේවා....මලේ
ReplyDeleteඔබතුමාටත් එසේම වේවා..........
Deleteකවුද මේ කුමාරයයි කුමාරියි?
ReplyDeleteමාත් එදා දන්නේ..
Deleteරන්නා + අයිස්
මට මතක විදිහට !
රන්නාද රනාද...... මට මතක රනා වගේ.
Deleteකලින් එන්න වුන එක ගැන දුක් වෙනවා
ReplyDeleteඑන අවුරුද්දෙදිත් අනිවා අපි සෙට් වෙනවා
එතකම් ඉතිං මම ලියලා, කියවනවා
බ්ලොග් ලියනා ඔබ සැමට ජය වෙනවා !
එන අවුරුද්දෙදිත් අනිවා සෙට් වෙමු. එතකං ලියමු.
Deleteමම මූණු පොතේ වෙනම මෙව්වා එක්ක දැම්මා පොටෝ දාද්දි ඉන්න අයගෙ නම් ටැග් කරන්ඩ කියලා.... බලමුකො...:D
ReplyDeleteඑහෙනං කතා කරන්ඩ ලැබුනෙ නැති ඈයොත් දැකගන්ට ලැබෙන්නෙ නැතෑ.
Deleteමටත් කට්ටිය අඳුරගත්ත එකට සතුටුයි.....පිණිබිදු අක්ක කිව්ව වගේ කඹ ඇඳීමේ කණ්ඩායමේ සාමාජිකයෙක් වුන එක ඊට සතුටුයි......ආයෙ දවසක මුණගැහෙමු.......
ReplyDeleteජයග්‍රාහී කඹ සෙට් එකේ සාමාජිකයෙක් වීම ගැන මටත් සතුටුයි. ආයෙ වෙලාවක මුණගැහෙමු............
Deleteඑලදත් අහනවා.සිහින උළෙලට කෝඩිකාර මට නම් මේ අත් දැකීම මහමෙරක් වගේ
ReplyDeleteමටත් එහෙම තමයි. ෆස්ට.........
Deleteජය වේවා!!! උඹලට කතා කරන්නත් බැරි උනානේ බං ඊයේ... මාව මීටර් වගේනම් දැකලා ඊයේ මැසේජ් කරපං
ReplyDeleteඋඹව මීටර් නොවී තියෙන්නෙ කොහොමද. ඊයක් එවන්නම්කො.
Deleteහැමෝම වගේ අදුනගත්තා කිරිපුතා අයියව මිස් වුනේ කොහොමද අප්පා... ෆයිනල් කඹ ඇදීමෙන් අපි පරාදයිනේ එතකොට කිරිපුතා අයියා සැමාගේ කණ්ඩායමේද අයියෝ
ReplyDeleteසමහර විට උඹයි මායි කතා කරන්න ඇති. මටත් දැන්නම් කතාකලාද කියලා හරියටම මීටර් නෑ බං. සොරි වෙන්න ඕනෙ.
Deleteමට එන්න බැරි වුනානේ :'(
ReplyDeleteජාතික අපරාදයක්නෙ බං උඹ කරල තියෙන්නෙ.
Deleteමට කෙලවිය...උදේ පාංදර ඒමේදී තිරී රෝද කාරයෙක් මාව පැප්පෙව්වේය අනාත විය කකුලේ වළලු කරටම කෙලවිය දැං බැංඩේච් ඔතාගන සිටින්නේය..
ReplyDeleteශිහ්... උඹටත් වෙන දේවල්. කොයිකටත් වෙලාව ඩිංගිත්තක් බලවගනින්කො.
Deleteමම බයේ ආවේ මාව විනාස කොරල ඇති කියලා..
ReplyDeleteජය !
ඇයි උඹට හදිස්සිද? මදක් ඉවසා සිටින්න.
Deleteමේ ඇති බං.. තව දාන්න එපා.. ඒව අමතක කරපං..
Deleteඅපි නෝටි ඇමරිකාත් බැලුව නොවැ..
හරි හරි.......
Deleteඕකට අඬන්න ඕනෙ නෑනෙ. මම ඒව අමතක කරා කියල හිතපංකො.
නියමයි ඈ
ReplyDeleteමට වර්ණා එක්ක වචනයක්වත් කතාකරන්න හම්බුනේ නෑනෙ. කොයි වෙලේද ආවෙ?
Deleteසතුටුයි මචන් හදුන ගත්තට :)
ReplyDeleteඅනිවා. ගොඩක් සංතෝසයි.....
Deleteඑලස්...
ReplyDeleteමමනම් උමව ටග් ගාලා අඳුන ගත්තා...ටැග් එක නොබලාම
උඹ ලියන ඒවයි...උඹයි මාර විදියට අනන්‍යයි...
ඇයි මමත් එකෙන්ම අඳුනගත්තනෙ. කව් බෝයි වගේ ඉන්නකොට අඳුරගන්න බැරි නෑනෙ. සුමිත් අයියෙ ඉක්මනටම බ්ලොග් එකක් පටං ගනිංකො බං.
Deleteඔව් බං...පුළුවන් තරම් ඉක්මනින්....
Deleteඋඹ නම් අදහස් සාගරයක් සුමිත් අයියෙ. ඉක්මණටම අරඹපං බ්ලොගේ.
Deleteසුපිරි !
ReplyDeleteඅනිවා......
Deleteඇවිත් කතා කල නිසාම අඳුරා ගත්තා.. බ්ලොග් එකෙන් නම් අඳුරා ගෙන ගොඩක් කල්.. හරිම සතුටුයි..පස්සෙ කතා කරන්න ඉස්පාසුවක් නිතිබ්බ එක තමයි අවුල...
ReplyDeleteවෙනී අයියා බිසීනෙ ඒවෙලාවෙ. අවුලක් නෑ. පස්සෙ වෙලාවක ආයෙ සෙට්වෙමු.
Deleteඔන්‍න මාත් මේ පැත්තේ ආව.. එදා කතා කලාට බ්ලොග් එක කියෙව්වේ දැන්! එල!
ReplyDeleteමේ පැත්තෙ ආවට ගොඩක් ස්තූතියි......
Delete