මිතුරන් දෙදෙනෙකිය ගම්මානෙක සිටින
කොතැනත් එකටමය දෙදෙනා වෙන් නොවන
කෑමට බීමටද රති කෙලියට යනෙන
නිතරම විනෝදෙනි දෙදෙනා කල් ගෙවන
දැම්මත් කරේ රත්තරනින් බැඳි මාල
පෙම්වතියන්ට දුන්නලු විල්ලුද සේල
අයියා වුනත් මහ දනපති ජයපාල
මල්ලිගෙ නම උනේ ඇන්. ඒ. සිරිපාල
දනපාලගේ මිතුරා විය හඳුඅප්පූ
මිනිහට තිබෙයි අක්කර ගාණක ඔප්පූ
සිරිපාලත් සමගින් ගොස් කැරකොප්පූ
බීලා වැටුනි කේ. එල්. ඒ. මල් අප්පූ
දෙදෙනා මෙසේ ගතකරනා විට කාලේ
ඇතිවිය සුමනා අක්කා සමගින් ආලේ
මුදලට සේවාව දෙන ඇයගේ තාලේ
දන්නෝ දනිති ඒ වැඩකිඩ රෑ කාලේ
සුමනගෙ සුවාමිය හිටියේ දුර බැහැර
මාසෙට දෙසැරයයි එන්නේ ඔහු ගෙදර
වැඩපල කරන විට ඔහු වත්තේ නිතර
ගැමියන් නැවතුනේ සුමනක්කගෙ ගෙදර
රෙදි පිලි වෙලඳාම නිතරම සිදුවන්නේ
ලෙබ්බේ මුදලාලි ගමෙහිම කැරකෙන්නේ
සිරිපාලට තම අදහස පවසන්නේ
මල් අප්පුත් මේ ගමනට එක්වන්නේ
සුමනගෙ මිනිහා අද ආපහු වැඩට ගියා
සති දෙකකට මෙහෙ එන්නේ නෑනෙ එයා
බිම් කරුවලත් දැන් හොඳටම වැටිල ගියා
ලෙබ්බේ මුදලාලි සුමනගෙ ඇඳට ගියා
සාලයෙ වාඩිවී දෙදෙනෙකි සිටින්නේ
සිරිපාලයි මල් අප්පුයි බොලන්නේ
ඔරලෝසුවෙ කටු හෙමිහිට කැරකෙන්නේ
ඒ අතරේ ගෙදරට කවුරුද එන්නේ
ගම්මුන් නොයෙක් දේ තැන තැන පවසනවා
මා නැති දා ගෙට කවුදෝ රිංගනවා
බැල්මට සැක හැරල මම ආපසු එනවා
"දොර ඇරපං, මම සමරේ" පවසනවා
සුමනා නැගී සිටියා දුන්නක් ලෙසට
ඇස් ලොකු විය දාඩිය දැම්මා හොඳට
මිතුරන් දෙදෙන රිංගා ගති ඇඳ යටට
අසරණ තම්බි බැස්සා ගෝනිය තුලට
සුමනා ගිහින් ඇගෙ සැමියව පිලිගත්තා
සුපුරුදු ලෙසට නිවසේ වැඩ කරගත්තා
තව ටිකකින් සැතපෙන බව දැනගත්තා
පැනලා යන්න තිදෙනා අදහස් ගත්තා
"ඤෑව්" කියාගෙන මිතුරෙක් පිටවෙනවා
පූසෙක් කියා සුමනා යලි නිදියනවා
සුපුරුදු නාදයම තව ටිකකින් එනවා
සමරෙගෙ හිතට පොඩි සැකයක් මතුවෙනවා
මිතුරන් දෙදෙන ඇත නිවසින් පිටවීලා
ගේ ලඟ කෙහෙල් පඳුරේ උන් සැඟවීලා
"ඤෑව්" කියාගන්නට තව බැරිවීලා
අසරණ මුදලාලි නිවසේ තනිවීලා
සමරේ කලුවරේ නැගිටලා ගියා
කිතුල් පොල්ලකුත් ගෙන යලි ඇඳට ගියා
මුදලාලිත් හෙමිහිට දොර ලඟට ගියා
තවත් පූසෙකුයි කියමින් පැනල ගියා
සමරෙට තේරුණා පූසා ගිය පාර
පැන්නුවෙ පසුපසින් වෙහෙසක් වී මාර
යන්නට කලින් මුදලාලිට වැට මාර
හිස මැදටම වැදුනා හොඳ පොලු පාර
හොඳ වැඩේ තම්බියට..වැරදිලා හරි සුමනට පිරිමි දරුවෙක් හෙම ලැබුනනම් මූ මහ පිහිය අරන් එයි ඕකත් මගේ කියල අර අංග චේදනේ කරන්න..
ReplyDelete"ඤෑව්" කියාගෙන මිතුරෙක් පිටවෙනවා
DeleteLol.....
පවු අහිංසකයා
Deleteහික් හික් හික් මම අහලා තියෙන්නේ මුදලාලි පැනලා දීලා නේ නේ මේ වී ගෝනිය තමා කියලා...
ReplyDeleteපට්ටයි ඈ..... මරු කවි සැට් එක.
ReplyDeleteලේ පිරිසිඳු විය... පට්ට.. පට.. පට..
ReplyDeleteඅහලා තිබුනත් පෙර මේ කතාව...
ReplyDeleteකවියෙන් රස මතුවෙනවා මනාව...
කිරිපුතාගෙ කවි පබැදුම සිරාය...
දහයෙන් දහය දෙන්නට හිතෙනවාය...
රසවත්ව කයියෙන් පද ගලපලා තියෙනවා නියමයි
ReplyDelete@amila chathuranga
ReplyDeleteසුමනගෙ වෙලාව හොඳයි. ඒකනෙ බේරුනේ.
@ඔබ නොදුටු ලොවක්
ReplyDeleteඒ කතාව මම අහල නෑ මචං.
@අලුත් කොල්ලා
ReplyDeleteබොහොම ස්තූතියි.
@මාතලන්
ReplyDeleteබොහොම ස්තූතියි.
@රාජ්
ReplyDeleteකවිපද වල වැරදි ඇතොත් දහස් වරක් සමාවෙන්න
ස්තූතියි යලිත් වරක් මේ පැත්තේ ඇවිත් යන්න
;D
ReplyDelete@Sabith
ReplyDeleteතැන්කූ මචං
කවි පන්තිය මල් හතයි. හොඳ හැකියාවක් තියෙන බව පේනවා. :D
ReplyDelete@Music girl
ReplyDeleteබොහොම ස්තූතියි.
කිරි පුතාගේ කවි සෙට් එක මල් හතයි ! පංකාදු පහයි !
ReplyDeleteතම්බියාට හොද වැඩේ !
@මධුරංග
ReplyDeleteබොහොම ස්තූතියි.
උඹ හොඳ කවියෙක් බව පේනවා මට
ReplyDeleteතවත් කවි කතා ලියපං ඉදිරියට
පුතෙක් ලැබුනොතින් අර වල් සුමනාට
මුදලාලියා ඒයි උගේ කොන කපන්නට.....
සුපිරි කවි සැට් එක ඈ..... :)
හෙහෙ ෂෝක් කවි ටික, ඔය කතාව මම අහලා තියෙන්නේ, උත්සවෙකදී කට්ටියක්, හොරෙන් කෑම කලා, මෙසේ යටින් බඩගාගෙන, පුසෙක් වගේ 'මියාවූ' කියාගෙන එළියට යද්දී, මුස්ලිම් කෙනාට, පුසෙක් වගේ මියාවූ කියාගන්න බැරිව, එයා 'මම පුචේක්' කියලා, අහුවෙලා ගුටි කෑවා කියලයි! හෙහෙ
ReplyDeleteහරිම අගෙයි. තව ලියන්න.
ReplyDeleteනියමයි කිරි පුතා. මට පාර කිව්වෙ මාතලන්...ඔන්න අද පුලුවන් තරම් කියවන්නයි කල්පනාව
ReplyDeleteමටත් පාර කිවුවෙ මාතල.. සිරාවටම රහයිනෙ... කියල වැඩක් නෑ... දිගටම ලියපං.. අපිත් දිගටම එනවා... :D
ReplyDeleteමාතලන් අයියගේ කීමට තමා ආවෙ ඕන්... කවි ටික පට්ට පට පට :)
ReplyDelete@බීටා
ReplyDeleteපුතෙක් ලැබුනොතින් හෙම ඔය සුමනාට
අසරණවෙන්න වෙනවා අර සමරේට
ගමේ එවුන් ඔය පදිනා පැදිල්ලට
ලැබියන් නිවුන්නුම සුමනට නලවන්ට
@Nelum
ReplyDeleteඔය කතාවෙ එක එක වර්ෂන් තියෙනවනෙ. මේ එකක්.
@වෙද ගෙදර මහ වෙදනා
ReplyDeleteබොහොමත්ම ස්තූතියි.
@බුද්ධි
ReplyDeleteමාතලන් අයියට ගොඩක් ස්තූතියි සහයෝගයක් දුන්නට. ආයෙත් මේ පැත්තෙ එන්න.
@පොඩි මෑන්
ReplyDeleteතැන්කූ මචං......
@සාතන්
ReplyDeleteතැන්කූ මචං......
නියමයි කිරි පුතා, පාර මතක් කොලේ මාතලන්
ReplyDeleteවිරහ කවිම කියෝල තිත්තවෙලා හිටියෙ
ReplyDelete@Observer
ReplyDeleteබූට් කාපු වෙලාවටනං නිකම්ම කවි කියවෙනවනෙ. තැන්කූ ඔබා මාමෙ.
කොටු පැනිල්ලක් උවත් කවියෙන් මාර
ReplyDeleteලෙස විස්තරකර ඇත කදිමට සුර
පතනවා කිරිපුතේ ගැනුමට වීර
ලියපන් තව කවිත් අපහට එන පාර
@රත්නේ
ReplyDeleteමිතුරනි ඔබේ අදහස් වී ඇත සවිය
පන්හිඳ කරගනිමි මැරෙනා තුරු අවිය
එලිකරගන්න කවියෙන් මාගේ දිවිය
ඔබ සැම නමට පුදනෙමි මා මේ කවිය
මාර කවිය. දන්න කතාව උනත් මෙහෙම අහනකොටහ් පොඩ්ඩක් ආතල්. හරියට අර හැමදාම කන කෑම එක වෙනස් විදියට අනල කනව වගේ!
ReplyDeleteතම්බියාට නෙවෙයි සුමනා අක්කටයි පොලු පාර දෙන්න ඕන ආයේ අවලමේ නොයන්න
ReplyDeleteමන්නම් මාර ආසයි මේ ජාතියේ කවි වලට . සරලයි මාරම ගති හිතට ලස්සනට වදින නිසා මමත් ඉඳලා හිටලා ලියන්නේ මේ වගේ කවි තමයි
ReplyDelete@ඉන්දික උපශාන්ත
ReplyDeleteඒක ඇත්ත. කවියෙන් සෑහෙන්න ආතල් දෙන්න පුලුවන්.
@මඩිස්සලේ නිශාන්
දෙන ඒවා මදි හින්දා නේද ඔය වගේ වැඩ කරන්නෙ.
@හිස් අහස
ඔව් බං. මේ විදිහට කවි ලියද්දිත් ආතල්. බලන අයගෙ ලේත් පිරිසිදු වෙනවනෙ.
හෆ්ෆේ... දැන්නෙ මේක දැක්කේ..... එළ එළ
ReplyDelete@නරකයා....!!
ReplyDeleteඅවුලක් නෑ. දැං දැක්කනෙ.
එල .....
ReplyDeleteනියමයි ......
ගොඩක් ස්තූතියි.
Deleteමෙ සෙට් එකත් එළ
ReplyDelete