
අවුරුදු නිවාඩුවට ගෙදර ගිය වෙලේ අයි.පී.එල්. මැච් එකක් බලන්න හැදුවා විතරයි. කොහෙද ඒකටවත් ඉඩක් නෑ නෙහාරගෙ නාට්ටියක් හින්දා. ඉතින් කොහොමද මේවට කවි නොලිය ඉන්නෙ.
මටනම් මේක බලලම දැන් එපාවෙලා
සිරසෙ උන්ගෙ විකාර දැක කලකිරිලා
බරගාණක කොටසුත් දැන් පහුවීලා
මෙගා මෙගා හැමතැන දැන් වැහි වැහැලා
නෙහාරාගෙ දැඟලිලි එක පැත්තකය
ලීඩරයගෙ ෆන් කාටත් හිතවත්ය
විශාකයා දැන් තරමක් ධනවත්ය
මුදලාලිට ඌ තරමක් බියපත්ය
රාජා ගේම් දෙන්නේ කාටත් හොරෙනී
දයා ඔහුගෙ තනියට එන්නේ සෙමිනී
රබර් වත්තෙ සිදුවන දේ සැවොම දනී
යටින් ගේම් දෙන්නේ එහිදී බැවිනී
විශාකයා යෝගට් බිස්නස් කරතී
ඔහුගේ නගා රැකියාවක නිරත වෙතී
පහන් බොසා හැමදාමත් යඩේ යතී
සිරිය නැන්දා තාමත් දුකසේ වෙසෙතී
කීමට චරිත බරගාණක් එහේ ඇත
ලොවෙත් නැති එවුන් මේවා බලනු ඇත
නෙහාරාගෙ කෝලම් නම් එමට ඇත
ඒවා බලන අපගේ හිත් හැදෙනු ඇත
ගෙදර ආ දාට මට වෙන වියෝයා
අයි පී එල් බැලුමට නොහැකියෝයා
රන් දෙපැයක් ඒ අතරට ගියෝයා
සිරසක් නැති උන්ට එය ගැලපුනෝයා
"සිරසක් නැති උන්ට එය ගැලපුනෝයා" ඒක නම් සිරා...
ReplyDeleteසිරසක් තිබ්බනම් ඕවා බලයිද
Delete"මේ දෑස මගේ පින්වන්තයි..." කියල හිතුන දැන් මේව බලන්න වෙන්නෙ නැති නිසා
ReplyDeleteදැන් අවුරුදු දෙක තුනක් තිස්සේ ඔය කතාව යනවා.අපේ කරුමෙට අපට පේනවා.
Deleteඅම්මේ තමා ඔය යන විදියට ඕක ඉවර වෙන්නේ තව පරම්පරා 3කටත් පස්සේ වෙන්ටැ.. :/
ReplyDeleteකොහොමත් කොටස් දාහක්වත් යයි.
Deleteමෙච්චර හොදට චරිත ගැන කියන්නේ කිරිපුතා මේක හැමදාම බලලා තියෙනවා වගේ.. මොකද්ද මේ නාටකය? හොද වෙලාවට මම ලංකාවේ නැත්තේ මේව බලන්න..
ReplyDeleteඅවුරුද්දකට පාරක් විතර මම මේක බලන්නෙ. ඒ ටික හොඳටම ඇති. මේකෙ නම රුවන් මාලිගා. සතියෙ දවස් පහේම රෑට පෙන්නනවා.
Deleteඅපරාදේ මේවා බලන්ට නොලැබෙන්නේ? :D:D:D
ReplyDeleteමේවා නොබලන දෑස් මක්කටෙයි. :S
Delete"සිරසක් නැති උන්ට එය ගැලපුනෝයා" නියමයි කිරි පුතා!
ReplyDeleteමට නම් එපා වෙලා තියෙන්නෙ. චී විතරක්. ඒකමයි එහෙම කීවෙ.
Deleteඅපෝ මුලදි අපේ ගෙදර අයත් බැලුවා.. දැන් බලන්නෙ නැහැ..
ReplyDeleteමෙගා වුණාම ඕම තමා.. පබාට වුනේ ඕකමයි..
අනිත් කතාවල ජෝක් හරි තියෙනවා. මේකෙ තියෙන්නෙ ගොන් ජෝක්.
Deleteසිරා සිරා....වෙලාවට ඩයලොග් ටීවී සිරස පෙන්නන් නැත්තෙ :-)
ReplyDeleteඩයලොග් කාරයාටත් එපා වෙන්න ඇති.
Deleteඅප්පා නෙහෙරගෙ මෙවුව එක :D
ReplyDeleteඑයා ගැන නම් කතාකරලා වැඩක් නෑ.
Deleteමුලදි මමත් මේ බහුබූතේ බැලුවා
ReplyDeleteවිශාකයා කොල්ලෝ බල්ලට දැමුවා
නෙහාරාගේ පුක මට දැන් ඇති බැලුවා
මේ මළදානේ තවමත් ඉවරය නැතුවා
විශාකයා නම් පීචං චරිතයක්. අනිත් චරිත ටිකත් එහෙමම තමයි.
Deleteමමත් අවුරුද්දකට විතර කලින් බැලුවා. මේ විස්තරේ බැලුවම හිතෙනවා ඒ කොටස් මද ආයි යන්නෙ කියලා...හෙහ්හෙ....
ReplyDeleteකතාවෙ වෙනසක් නැති හින්දා පරණ කොටස් ආයෙම යනවද දන්නෙත් නෑ.
Deleteඅපේ ගෙදරත් රෑට මැච් බලනවා බොරු :(
ReplyDeleteඔය මෙහා නාට්ටි හදන එවුන්ගෙ අම්මලා තමයි එතකොට මතක් වෙන්නෙ.
Deleteගෙදර ටීවි එකක් තිබ්බට ඇන්ටෙනාවක් නැති නිසා අපිත් ලේ කෝප කරගන්නේ නැතුං යහතින් ඉන්නවා
ReplyDeleteඑතකොට උඹ බලන්නෙ අයි.ටී. එන්. ද?
Deleteමොකට බලනවද ඔය ජරාව?
ReplyDeleteමං නං ටීවී බලන්නේ සතියකටම විනාඩි 15 යි. නිවුස් අහන්නේ රොඩියෝ එකේ. දවසකට විනාඩි 10 ක් විතර.
වෙබ් එකට තමයි කාලේ මැරෙන්නේ!
කතන්දර අමුවෙන් කමෙන්ට් එකක් දැම්මා දැක්කමයි!
Deleteගෙදර අය බලන නිසා දකිනවා මිසක් මම නම් බලයි ඕවා.
Deleteහපොයි සහතික ඇත්ත........ ඔය නිසාම අපේ ගෙදර සිරස විරෝධී ආණ්ඩුවක් පවතින්නේ........ අඩු ගානේ කාටුන් බලද්දි ඇඩ් එකක් ගියත් තාත්තා බනිනවානේ.....
ReplyDeleteඅනිත් එක පැය බාගෙ කතාවෙන් තුනෙන් දෙකක්ම ඇඩ් නෙ.
Deleteමමනම් ඕක බලන්නේ නැහැ
ReplyDeleteඅනේ හොඳයි. ඒ පැය බාගේ ඉතුරුයි.
Deleteබූඩි බලන්නෙත් නෑ ඕවා :P
ReplyDeleteඑල කොල්ලෙක්.
Deleteමම නම් මෙගා බලන් නෙත් නැහැ, ක්රිකට් බලන්නෙත් නැහැ, පච ප්රවෘත්ති බලන්නෙත් නැහැ, ඉදල හිටල හොඳ ඉංග්රිසි ෆිල්ම් එකක් , කාටූන්,ටිවී සිරියස් (රොබින් හුඩ්,ඔෂින්,සුසුරන්) වගෙ කතා ටිකක් බලනව....එක නිසා ගෙදර ලයිට් බිලත් අඩුයි.... ඉස්සරනම් සතියෙ දවස් කිපයක්ම ලස්සන ටිවී සිරියස් තිබුනා ( සීනා/හර්කියුලිස්/ස්ටාර් ගෙට්/ එක්ස් ෆයිල්/ටාසන්/රොබින් හුඩ්/රොබින්සන් අන්දරය/ඔෂින්/සුසුරන්....තව තව තිබුනා) එත් දැන් ටිවී එකෙ දවල්ටයි රැටයි මෙගා මෙගා මෙගා........ දැන්නම් එපා වෙලා
ReplyDeleteමෙගා නම් මල ජරාවක්........
Delete