Sunday, April 15, 2012

නෙහාරාගෙ ප්‍රේම ජවනිකා බැලුවෙමි



අවුරුදු නිවාඩුවට ගෙදර ගිය වෙලේ අයි.පී.එල්. මැච් එකක් බලන්න හැදුවා විතරයි. කොහෙද ඒකටවත් ඉඩක් නෑ නෙහාරගෙ නාට්ටියක් හින්දා. ඉතින් කොහොමද මේවට කවි නොලිය ඉන්නෙ.


මටනම් මේක බලලම දැන් එපාවෙලා
සිරසෙ උන්ගෙ විකාර දැක කලකිරිලා
බරගාණක කොටසුත් දැන් පහුවීලා
මෙගා මෙගා හැමතැන දැන් වැහි වැහැලා

නෙහාරාගෙ දැඟලිලි එක පැත්තකය
ලීඩරයගෙ ෆන් කාටත් හිතවත්ය
විශාකයා දැන් තරමක් ධනවත්ය
මුදලාලිට ඌ තරමක් බියපත්ය

රාජා ගේම් දෙන්නේ කාටත් හොරෙනී
දයා ඔහුගෙ තනියට එන්නේ සෙමිනී
රබර් වත්තෙ සිදුවන දේ සැවොම දනී
යටින් ගේම් දෙන්නේ එහිදී බැවිනී

විශාකයා යෝගට් බිස්නස් කරතී
ඔහුගේ නගා රැකියාවක නිරත වෙතී
පහන් බොසා හැමදාමත් යඩේ යතී
සිරිය නැන්දා තාමත් දුකසේ වෙසෙතී

කීමට චරිත බරගාණක් එහේ ඇත
ලොවෙත් නැති එවුන් මේවා බලනු ඇත
නෙහාරාගෙ කෝලම් නම් එමට ඇත
ඒවා බලන අපගේ හිත් හැදෙනු ඇත

ගෙදර ආ දාට මට වෙන වියෝයා
අයි පී එල් බැලුමට නොහැකියෝයා
රන් දෙපැයක් ඒ අතරට ගියෝයා
සිරසක් නැති උන්ට එය ගැලපුනෝයා

37 comments:

  1. "සිරසක් නැති උන්ට එය ගැලපුනෝයා" ඒක නම් සිරා...

    ReplyDelete
    Replies
    1. සිරසක් තිබ්බනම් ඕවා බලයිද

      Delete
  2. "මේ දෑස මගේ පින්වන්තයි..." කියල හිතුන දැන් මේව බලන්න වෙන්නෙ නැති නිසා

    ReplyDelete
    Replies
    1. දැන් අවුරුදු දෙක තුනක් තිස්සේ ඔය කතාව යනවා.අපේ කරුමෙට අපට පේනවා.

      Delete
  3. අම්මේ තමා ඔය යන විදියට ඕක ඉවර වෙන්නේ තව පරම්පරා 3කටත් පස්සේ වෙන්ටැ.. :/

    ReplyDelete
    Replies
    1. කොහොමත් කොටස් දාහක්වත් යයි.

      Delete
  4. මෙච්චර හොදට චරිත ගැන කියන්නේ කිරිපුතා මේක හැමදාම බලලා තියෙනවා වගේ.. මොකද්ද මේ නාටකය? හොද වෙලාවට මම ලංකාවේ නැත්තේ මේව බලන්න..

    ReplyDelete
    Replies
    1. අවුරුද්දකට පාරක් විතර මම මේක බලන්නෙ. ඒ ටික හොඳටම ඇති. මේකෙ නම රුවන් මාලිගා. සතියෙ දවස් පහේම රෑට පෙන්නනවා.

      Delete
  5. අපරාදේ මේවා බලන්ට නොලැබෙන්නේ? :D:D:D

    ReplyDelete
    Replies
    1. මේවා නොබලන දෑස් මක්කටෙයි. :S

      Delete
  6. "සිරසක් නැති උන්ට එය ගැලපුනෝයා" නියමයි කිරි පුතා!

    ReplyDelete
    Replies
    1. මට නම් එපා වෙලා තියෙන්නෙ. චී විතරක්. ඒකමයි එහෙම කීවෙ.

      Delete
  7. අපෝ මුලදි අපේ ගෙදර අයත් බැලුවා.. දැන් බලන්නෙ නැහැ..

    මෙගා වුණාම ඕම තමා.. පබාට වුනේ ඕකමයි..

    ReplyDelete
    Replies
    1. අනිත් කතාවල ජෝක් හරි තියෙනවා. මේකෙ තියෙන්නෙ ගොන් ජෝක්.

      Delete
  8. සිරා සිරා....වෙලාවට ඩයලොග් ටීවී සිරස පෙන්නන් නැත්තෙ :-)

    ReplyDelete
    Replies
    1. ඩයලොග් කාරයාටත් එපා වෙන්න ඇති.

      Delete
  9. අප්පා නෙහෙරගෙ මෙවුව එක :D

    ReplyDelete
    Replies
    1. එයා ගැන නම් කතාකරලා වැඩක් නෑ.

      Delete
  10. මුලදි මමත් මේ බහුබූතේ බැලුවා
    විශාකයා කොල්ලෝ බල්ලට දැමුවා
    නෙහාරාගේ පුක මට දැන් ඇති බැලුවා
    මේ මළදානේ තවමත් ඉවරය නැතුවා

    ReplyDelete
    Replies
    1. විශාකයා නම් පීචං චරිතයක්. අනිත් චරිත ටිකත් එහෙමම තමයි.

      Delete
  11. මමත් අවුරුද්දකට විතර කලින් බැලුවා. මේ විස්තරේ බැලුවම හිතෙනවා ඒ කොටස් මද ආයි යන්නෙ කියලා...හෙහ්හෙ....

    ReplyDelete
    Replies
    1. කතාවෙ වෙනසක් නැති හින්දා පරණ කොටස් ආයෙම යනවද දන්නෙත් නෑ.

      Delete
  12. අපේ ගෙදරත් රෑට මැච් බලනවා බොරු :(

    ReplyDelete
    Replies
    1. ඔය මෙහා නාට්ටි හදන එවුන්ගෙ අම්මලා තමයි එතකොට මතක් වෙන්නෙ.

      Delete
  13. ගෙදර ටීවි එකක් තිබ්බට ඇන්ටෙනාවක් නැති නිසා අපිත් ලේ කෝප කරගන්නේ නැතුං යහතින් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. එතකොට උඹ බලන්නෙ අයි.ටී. එන්. ද?

      Delete
  14. මොකට බලනවද ඔය ජරාව?
    මං නං ටීවී බලන්නේ සතියකටම විනාඩි 15 යි. නිවුස් අහන්නේ රොඩියෝ එකේ. දවසකට විනාඩි 10 ක් විතර.
    වෙබ් එකට තමයි කාලේ මැරෙන්නේ!

    ReplyDelete
    Replies
    1. කතන්දර අමුවෙන් කමෙන්ට් එකක් දැම්මා දැක්කමයි!

      Delete
    2. ගෙදර අය බලන නිසා දකිනවා මිසක් මම නම් බලයි ඕවා.

      Delete
  15. හපොයි සහතික ඇත්ත........ ඔය නිසාම අපේ ගෙදර සිරස විරෝධී ආණ්ඩුවක් පවතින්නේ........ අඩු ගානේ කාටුන් බලද්දි ඇඩ් එකක් ගියත් තාත්තා බනිනවානේ.....

    ReplyDelete
    Replies
    1. අනිත් එක පැය බාගෙ කතාවෙන් තුනෙන් දෙකක්ම ඇඩ් නෙ.

      Delete
  16. මමනම් ඕක බලන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. අනේ හොඳයි. ඒ පැය බාගේ ඉතුරුයි.

      Delete
  17. බූඩි බලන්නෙත් නෑ ඕවා :P

    ReplyDelete
  18. මම නම් මෙගා බලන් නෙත් නැහැ, ක්‍රිකට් බලන්නෙත් නැහැ, පච ප්‍රවෘත්ති බලන්නෙත් නැහැ, ඉදල හිටල හොඳ ඉංග්‍රිසි ‍ෆිල්ම් එකක් , කාටූන්,ටිවී සිරියස් (රොබින් හුඩ්,ඔෂින්,සුසුරන්) වගෙ කතා ටිකක් බලනව....එක නිසා ගෙදර ලයිට් බිලත් අඩුයි.... ඉස්සරනම් සතියෙ දවස් කිපයක්ම ලස්සන ටිවී සිරියස් තිබුනා ( සීනා/හර්කියුලිස්/ස්ටාර් ගෙට්/ එක්ස් ෆයිල්/ටාසන්/රොබින් හුඩ්/රොබින්සන් අන්දරය/ඔෂින්/සුසුරන්....තව තව තිබුනා) එත් දැන් ටිවී එකෙ දවල්ටයි ‍රැටයි මෙගා මෙගා මෙගා........ දැන්නම් එපා වෙලා

    ReplyDelete
    Replies
    1. මෙගා නම් මල ජරාවක්........

      Delete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.