ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. ආදරේ හින්දා එක එක දේවල් වෙන්න පුලුවන්. ඔය මනෝ පාරවල් ගහන වෙලාවට හෙම එහෙම වෙන්න පුලුවන්.
ආදරෙ මගේ ඇයි මේ විහිලුවට අරන්
සුදු නංගියේ ඔබ යනවිට අහක බලන්
කඳුලක් නැගේ දෑසට නොදැනීම ඉතින්
ඇයි රත්තරන් ඔබ දැන් මේ තරම් ගනන්
සුදු රැලි ගවුම ඇන්දම ඔබ තවත් හැඩයි
ඔය ඇස් දෙකත් ඉඳුනිල් කැට දෙකක් වගෙයි
දුටු හැම විටම මට ආදරෙ ගොඩක් හිතෙයි
මගෙන් වහන්වී ගියොතින් හිතට දුකයි
සුදු නංගියේ මගෙ ආදරෙ වැඩි හින්දා
අල්ලපු ගෙදර වහලේ උලු ටික බින්දා
ඔබ වෙනුවෙන් නිතරම ගුටි කන හින්දා
මොනවා කියාවිද මන්දා පොඩි නැන්දා
ඊයේ හවස ඔබ යනවිට මහ පාරේ
හිතුනා යන්න ඔබ පස්සෙන් ඒ පාරේ
ඔය රුව දකින්නට පිං මදි සංසාරේ
කවදද යන්නෙ අපි දෙන්නා මල් පාරේ
නැන්දගෙ වහලෙ උලු හද හද ඉන්නකොට
නුඹ සිහි උනා මගෙ පූරුවෙ කරුමෙකට
මනෝ ලෝකයේ සක්මන් කරනකොට
උලුත් කඩන් වැටුනා වහලෙන් බිමට
හූ ඈ :D
ReplyDeleteහූ තමයි.......
Delete//කවදද යන්නෙ අපි දෙන්නා මල් පාරේ//
ReplyDeleteසුදු කොලේ ඔතලා මම ගත් හැඩට
පත්තු කරන්නට සිටියා සැම උදව්වට
මල්පාරේ යන්නට කැමති උබට
එන්නට කියමි මේ පැත්තට ඔත්නනට
1 කියල හිතාගෙන කොටල ඉවර වෙනකොට මේක උඩින් පැනල හූවක් කියලනේ ,-)
Deleteඅපිටත් මල් පාරෙ යන්ට අවසරද සැමෝ
Deleteහූ ඈ
Deleteසෑමත් දැන් මල්මාමෙක් වෙලානෙ.......
Deleteමලෙන් මලට ඉගිලුනාට අපි වන බඹරුන් නොවෙයි.
Deleteබඹරු නෙවෙයි සමනල්ලු........
Deleteඉස්කෝලෙ යද්දි අපි නම් දැම්මෙ නමේ මුල අකුරින් නේ.
Deleteනිෂාන් හූ කිව්වා. නම මුල අකුරින් නිසා ඌ "නරියා"
මට ඉස්සර කිව්වේ "සමනලය" කියල. දැන් කිව්වොත් පට්ට චාටර්.
උබල මල් ගැන කිව්ව නිසා, සමනලය මතක් වුනේ.
තොපි බඹලුද අනේ... හිකිස්.
එහා ගෙදර පොඩි නැන්දගේ අගර දගර තේ උඩිච්ච
ReplyDeleteනිතර නිතර දකින කිරා අත් දෙකටම සින්න වෙච්ච
එහා ගමේ මෙහා ගමේ කොල්ලො හැටක් විතර වෙච්ච
අපිට එපා ඔය හැපින්න රටේ උන්ට අයිති වෙච්ච
කැළෑ පත්තරයක් නේද ඔය.....:D:D
Deleteපට්ට.....
Deleteමූට තියෙන ඉරිසියාවද කොහෙද.........
නියම කවිටික ,විරහ ගතියක් නැහැ වගේ නේද ?
ReplyDeleteවිරහව පොඩ්ඩක් වැහිල වගේ.......
Deleteමරු කවි ටික..
ReplyDeleteගොඩක් ස්තූතියි...
Deleteඩෙත් වෙඩිමයි.........:O
ReplyDeleteඒක තමයි....
Deleteසුදු නංගි කිව්වාම මට බය හිතුනා...:D:D
ReplyDeleteඔයා බයවෙන්න එපා සුදූ........
Deleteඔයා ඉන්නෙ දුර ඈතනෙ...
පවු කොලුවගේ කොන්ද සහ අත පය... මට හිතෙන්නේ කොල්ලා හොස්පිට්ල් එකේ ඉද්දී සුදු නංගී ඒවි බලලා යන්න :D
ReplyDeleteඑහෙනම් සමහරවිට ඇවිත් යන්න ඇති...
Deleteපොර ඉන්නෙනම් මනෝපාරක තමා.
ReplyDeleteමනෝ පාරවල් ගහන එකත් විකාරයක්......
Deleteකොන්ද කැඩි එක්තැන් වී සිටින කල
ReplyDeleteනිරතුරු සිහියට නැගේ උඹගේ වත කමල
බාධා පැමිණියත් කෙතරම් හිසමතට
උඹ අමතක නොවේ පූරුවෙ කරුමෙකට
ඔය තියෙන්නෙ නියම අදහස්.....
Delete@ රාජ් උඹ අමතක නොවේ පූරුවෙ කරුමෙකට// ++++++
Deleteඔය කරගෙන තියෙන්නෙ වැඩක්... :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
දුක තමයි රජෝ.....
Deleteඇත්තටම මනෝ පාරක් දාන්න නියම වෙලාව මොකක්ද...... රූට නිදා ගන්න ගමන් ඇරුණාම... බොකක් දාන වෙලාව..... ඉස්කොලෙ යද්දි නම් පාඩම් කරන වෙලාවත් මරු....
ReplyDeleteඇයි බං බස් එකේ යන කොට.....
Deleteලෙඩේ සුව වෙලා ආවත් උඹ කිරි මල්ලී
ReplyDeleteනොපෙන් ඇති වගක් ඒකිගෙ හිත හෙල්ලී
හිත සුව කරන් බී රිදුමට කොත්ත මල්ලී
එක මාළුවද ඉන්නේ හොයමුද මුහුදෙ ගිලී
තෝරු මෝරු තල්මස්සු ඕනෙ තරම් ඉන්නෙ........
Deleteහාල් මැස්සොත් ඉන්නවා......
මනෝ පාරක් ගිය දුරක්..
ReplyDeleteමනෝ පාරවල් සෑහෙන්න දුර යනවා........
Deleteඅර ෆොටෝ කෑලල දැක්කම මට මතක වුනේ අපේ ශ්‍රීනාත් මද්දුමාගේ ගොයියගේ අර ඇස්බැස්ටෝස් ඇඩ් එක මතකද??? අන්න ඒක.
ReplyDeleteඒක සෑහෙන්න පරන ඇඩ් එකක් නේද......
Deleteඋළු ටික අපරාදෙ!
ReplyDeleteමොනා කරන්නද අරන් දෙන්න තමයි වෙන්නෙ...
Deleteඋඹේ කවි ගැන කියන්න නම් වචන නෑ පට්ට රසවත් :ඩ්
ReplyDeleteගොඩක් ස්තූතියි...
Deleteවෙලාවට වහලක වගේ හිටියේ. පොල් ගහක උඩ වගේ හිටියනම්..
ReplyDeleteඑහෙනම් පට්ට ආතල් එකක් ගන්න තිබුනා.........
Deleteබොලන් කිරි පුතෝ මම අහල තියනවා වහලෙකින් වැටුන එකෙකුට ගෑනු නොදෙන කතාවක්. මොකට ඔය සිද්දිය පත්තරේ දැම්මද..? දැන් ඉතින් මක්කා කොරන්නද. ජය...!
ReplyDeleteඅනේ ලොකු දෙයක්. උඹලා ඔය ගෑණු අරන් කොරගෙන තියෙන වින්නැහිය හොඳටෝම ඇතිනෙ..
Deleteඋළු කීයකට හරිද?
ReplyDeleteබර ගාණක් බං......
Deleteසෑහන්ඩ උළු බිඳලා වගේ.
ReplyDeleteවිරහව ලියලා තිබුනට කියවගෙන යනකොට එහෙම හිතෙන්නේ නෑ.
හරිම හුටා දහගතයි ඈ :D
ReplyDeleteතාම උළු ගලවනවද?
ReplyDeleteනියමයි කිරිපුතා
ReplyDeleteහප්පටසිරි ගජ කිවුවලු..
ReplyDelete