කවියක් කියා සුබ පැතුමට නොහැකි උනා
හදිස්සියට එක කවියක් මතක් උනා
සමාවෙයන් ඒකට මම පමා උනා
හිස් අහසට මගෙ කවියත් එකතු උනා
හිස් අහසෙන් වැසි දිය පොලොවට වැටුනා
වියලුණු බිම් සරුවී කෙත් වතු පිරුනා
සතුටු කඳුලු අපගේ නෙතඟින් හැලුනා
අහස හිස් නොවන වග ලොවටම පෙනුනා
ගමේ කතා අපහට රස ගෙනාවේ
ඔබගේ කතා ශෛලිය නම් මනාවේ
ඔබ වැනි පුතුන් ලොවටම වාසනාවේ
කිරියගෙ සුබ පැතුම මෙලෙසිනි ගෙනාවේ
ඔබගේ අතින් වැඩි වැඩියෙන් ලියවේවා
බාධක ඇතොත් ඒවා සැම දුරු වේවා
ලොවටම වටින ලේඛකයෙක් බිහිවේවා
සොයුර නුඹට සැමදාමත් ජයවේවා
දුක් කරදර මිනිසට කවදත් එනවා
වීරිය අරන් ඒවා පසුකර යනවා
හිස් අහසට සඳ කොමලිය එක් වෙනවා
සඳ එලියෙන් මුලු අහසම බබලනවා
කෝටි ගණන් අදහස් තව ලියවේවා
හිස් අහසේ දිස්නය තව වැඩිවේවා
සඳරු සොයුර ඔබහට ජය අත්වේවා
තෙරුවන් සරණ ලැබ දිවි මග සරු වේවා
...........................................................................................................................
කලින් ලියපු කවි ටිකක්
එළ ඈ...සඳරුවා සයිබර් සැණකෙලිය බලන්න එයිනේ..එදාට දැකගන්න පුළුවන් වෙයි හැබැහින්ම....කන බොන මනුස්සයෙක් නේ...බැරියෑ.....
ReplyDeleteඅනිවා.... ඩෙෆා........
Deleteසඳරු, කිරිය, ඔබහට ජය අත්වේවා!!!
ReplyDeleteඔබටත් ජයවේවා.....!
Deleteනියමයි කිරි පුතා
ReplyDeleteගොඩක් ස්තූතියි ඔබා මාමෙ......
Deleteකිරි පුතාගේ සෙත් කවිය උපරිමියි..
ReplyDeleteගොඩක් ස්තූතියි
Deleteනියමයි!
ReplyDeleteඔබටත් ගොඩක් ස්තූතියි
Deleteඅපොයි ඌත් ඉවරෙයි
ReplyDeleteහිටපංකො මම ඊලඟට ලියන්නෙ උඹ ගැන
Deleteනියමයි.
ReplyDeleteඔබටත් ගොඩක් ස්තූතියි
Deleteසඳරුවාටත් කිරිපුතාටත් සුභ පතමි.
ReplyDeleteඔබතුමාගෙ වටිනා කාලයෙන් බිඳක් වැය කරල මේ පැත්තට ගොඩවුනාට බොහොම ස්තූතියි.
Deleteකිරි පුතාගේ සුභ පැතුම නියමයි...
ReplyDeleteබොහොම ස්තූතියි.
Deleteඑල එල ඈ දෙන්නටම ජය වේවා.
ReplyDeleteඔබටත් ජයවේවා සහෝ.......!!!
Deleteකිරි පුතා ලෙසටම ලියල නොවැ.. අදයි මේ පැත්තේ ආවේ..
ReplyDeleteඅපි අපිට සින්ඩියෙන්.. ජය !
ගොඩක් ස්තූතියි සහෝ.......!!!
Deleteලස්සනම් ලස්සන කවි පේලි කිරිපුතා අයියේ...සඳරු අයියටත් සුභ පැතුම්..
ReplyDeleteජයවේවා සහෝ.......!!!
Deleteසුබ පැතුම් සඳරු මලේ !!!
ReplyDeleteමධුරංග අයියටයි සඳරුවාටයි දෙන්නටම සුබ පැතුම්...!!!
Deleteසන්තෝසයි.සඳරු ගැන.දෙන්නටම සුභ පැතුම්.
ReplyDeleteජයවේවා.........!!!
Deleteකෝ බං සුභ පැතුවට සඳරුවා මේ පැත්තෙවත් ඇවිල්ල නෑ නේ....ටැලිග්‍රැම් එකක් ගහන්න වෙයිද....
ReplyDeleteඕං පස්සෙන් පහු ඇවිත්.....
Deleteසුභ පතන්න උනත් ලියපු කවි ටික නම් එලටම තියනවා .....
ReplyDeleteගොඩක් ස්තූතියි සහෝ.....
Deleteබොහොම ස්තූතියි මචං මං වෙනුවෙන් මහන්සි වෙලා කවියකුත් හැදුව එක මට සෑහෙන්න වටිනවා . කොයිතරම් හයියක්ද බං . මට මේ කවි ටික . සමාවෙයං මම මේක දැක්කේ ටිකක් පමා වෙලා !! මේ දවස් වල මගේ පරිගණකේ කැඩිලා ඒක නිසා බං යාළුවෙක්ගේ පරිගණකය හරහා තමා පොඩ්ඩක් විතර ජාලෙට එන්නේ .
ReplyDeleteඉතින් මම වෙනුවෙන් මේ තරම් මහන්සි වෙලා කවියක් හැදුවාට ස්තූතියි !!
ඕව මොනවද මචං. ඉක්මනටම පරිගණකෙ හදාගෙන අලුත් පොස්ට් දාපන්. 22 හම්බවෙමු.
Deleteලිපියක් ලියනවා වගේ නෙවෙයි කවියක් ලියන එක.එම නිසා ඔබ තුල තිබෙන සිතුවිලි කවියක් බවට පෙරලිම ඉතා වටි.මම ඔබ අගය කරමි
ReplyDeleteමගේ කතා කියවන්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න
ReplyDelete