Wednesday, June 6, 2012

සුදු නංගි සහ මනෝපාර




ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. ආදරේ හින්දා එක එක දේවල් වෙන්න පුලුවන්. ඔය මනෝ පාරවල් ගහන වෙලාවට හෙම එහෙම වෙන්න පුලුවන්.

ආදරෙ මගේ ඇයි මේ විහිලුවට අරන්
සුදු නංගියේ ඔබ යනවිට අහක බලන්
කඳුලක් නැගේ දෑසට නොදැනීම ඉතින්
ඇයි රත්තරන් ඔබ දැන් මේ තරම් ගනන්

සුදු රැලි ගවුම ඇන්දම ඔබ තවත් හැඩයි
ඔය ඇස් දෙකත් ඉඳුනිල් කැට දෙකක් වගෙයි
දුටු හැම විටම මට ආදරෙ ගොඩක් හිතෙයි
මගෙන් වහන්වී ගියොතින් හිතට දුකයි

සුදු නංගියේ මගෙ ආදරෙ වැඩි හින්දා
අල්ලපු ගෙදර වහලේ උලු ටික බින්දා
ඔබ වෙනුවෙන් නිතරම ගුටි කන හින්දා
මොනවා කියාවිද මන්දා පොඩි නැන්දා

ඊයේ හවස ඔබ යනවිට මහ පාරේ
හිතුනා යන්න ඔබ පස්සෙන් ඒ පාරේ
ඔය රුව දකින්නට පිං මදි සංසාරේ
කවදද යන්නෙ අපි දෙන්නා මල් පාරේ

නැන්දගෙ වහලෙ උලු හද හද ඉන්නකොට
නුඹ සිහි උනා මගෙ පූරුවෙ කරුමෙකට
මනෝ ලෝකයේ සක්මන් කරනකොට
උලුත් කඩන් වැටුනා වහලෙන් බිමට

53 comments:

  1. //කවදද යන්නෙ අපි දෙන්නා මල් පාරේ//

    සුදු කොලේ ඔතලා මම ගත් හැඩට
    පත්තු කරන්නට සිටියා සැම උදව්වට
    මල්පාරේ යන්නට කැමති උබට
    එන්නට කියමි මේ පැත්තට ඔත්නනට

    ReplyDelete
    Replies
    1. 1 කියල හිතාගෙන කොටල ඉවර වෙනකොට මේක උඩින් පැනල හූවක් කියලනේ ,-)

      Delete
    2. අපිටත් මල් පාරෙ යන්ට අවසරද සැමෝ

      Delete
    3. සෑමත් දැන් මල්මාමෙක් වෙලානෙ.......

      Delete
    4. මලෙන් මලට ඉගිලුනාට අපි වන බඹරුන් නොවෙයි.

      Delete
    5. බඹරු නෙවෙයි සමනල්ලු........

      Delete
    6. ඉස්කෝලෙ යද්දි අපි නම් දැම්මෙ නමේ මුල අකුරින් නේ.
      නිෂාන් හූ කිව්වා. නම මුල අකුරින් නිසා ඌ "නරියා"

      මට ඉස්සර කිව්වේ "සමනලය" කියල. දැන් කිව්වොත් පට්ට චාටර්.
      උබල මල් ගැන කිව්ව නිසා, සමනලය මතක් වුනේ.

      තොපි බඹලුද අනේ... හිකිස්.

      Delete
  2. එහා ගෙදර පොඩි නැන්දගේ අගර දගර තේ උඩිච්ච
    නිතර නිතර දකින කිරා අත් දෙකටම සින්න වෙච්ච
    එහා ගමේ මෙහා ගමේ කොල්ලො හැටක් විතර වෙච්ච
    අපිට එපා ඔය හැපින්න රටේ උන්ට අයිති වෙච්ච

    ReplyDelete
    Replies
    1. කැළෑ පත්තරයක් නේද ඔය.....:D:D

      Delete
    2. පට්ට.....
      මූට තියෙන ඉරිසියාවද කොහෙද.........

      Delete
  3. නියම කවිටික ,විරහ ගතියක් නැහැ වගේ නේද ?

    ReplyDelete
    Replies
    1. විරහව පොඩ්ඩක් වැහිල වගේ.......

      Delete
  4. මරු කවි ටික..

    ReplyDelete
  5. ඩෙත් වෙඩිමයි.........:O

    ReplyDelete
  6. සුදු නංගි කිව්වාම මට බය හිතුනා...:D:D

    ReplyDelete
    Replies
    1. ඔයා බයවෙන්න එපා සුදූ........
      ඔයා ඉන්නෙ දුර ඈතනෙ...

      Delete
  7. පවු කොලුවගේ කොන්ද සහ අත පය... මට හිතෙන්නේ කොල්ලා හොස්පිට්ල් එකේ ඉද්දී සුදු නංගී ඒවි බලලා යන්න :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් සමහරවිට ඇවිත් යන්න ඇති...

      Delete
  8. පොර ඉන්නෙනම් මනෝපාරක තමා.

    ReplyDelete
    Replies
    1. මනෝ පාරවල් ගහන එකත් විකාරයක්......

      Delete
  9. කොන්ද කැඩි එක්තැන් වී සිටින කල

    නිරතුරු සිහියට නැගේ උඹගේ වත කමල

    බාධා පැමිණියත් කෙතරම් හිසමතට

    උඹ අමතක නොවේ පූරුවෙ කරුමෙකට

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ නියම අදහස්.....

      Delete
    2. @ රාජ් උඹ අමතක නොවේ පූරුවෙ කරුමෙකට// ++++++

      Delete
  10. ඔය කරගෙන තියෙන්නෙ වැඩක්... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. ඇත්තටම මනෝ පාරක් දාන්න නියම වෙලාව මොකක්ද...... රූට නිදා ගන්න ගමන් ඇරුණාම... බොකක් දාන වෙලාව..... ඉස්කොලෙ යද්දි නම් පාඩම් කරන වෙලාවත් මරු....

    ReplyDelete
    Replies
    1. ඇයි බං බස් එකේ යන කොට.....

      Delete
  12. ලෙඩේ සුව වෙලා ආවත් උඹ කිරි මල්ලී
    නොපෙන් ඇති වගක් ඒකිගෙ හිත හෙල්ලී
    හිත සුව කරන් බී රිදුමට කොත්ත මල්ලී
    එක මාළුවද ඉන්නේ හොයමුද මුහුදෙ ගිලී

    ReplyDelete
    Replies
    1. තෝරු මෝරු තල්මස්සු ඕනෙ තරම් ඉන්නෙ........
      හාල් මැස්සොත් ඉන්නවා......

      Delete
  13. මනෝ පාරක් ගිය දුරක්..

    ReplyDelete
    Replies
    1. මනෝ පාරවල් සෑහෙන්න දුර යනවා........

      Delete
  14. අර ෆොටෝ කෑලල දැක්කම මට මතක වුනේ අපේ ශ්‍රීනාත් මද්දුමාගේ ගොයියගේ අර ඇස්බැස්ටෝස් ඇඩ් එක මතකද??? අන්න ඒක.

    ReplyDelete
    Replies
    1. ඒක සෑහෙන්න පරන ඇඩ් එකක් නේද......

      Delete
  15. උළු ටික අපරාදෙ!

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද අරන් දෙන්න තමයි වෙන්නෙ...

      Delete
  16. උඹේ කවි ගැන කියන්න නම් වචන නෑ පට්ට රසවත් :ඩ්

    ReplyDelete
  17. වෙලාවට වහලක වගේ හිටියේ. පොල් ගහක උඩ වගේ හිටියනම්..

    ReplyDelete
    Replies
    1. එහෙනම් පට්ට ආතල් එකක් ගන්න තිබුනා.........

      Delete
  18. බොලන් කිරි පු‍තෝ මම අහල තියනවා වහලෙකින් වැ‍ටුන එකෙකුට ගෑනු නොදෙන කතාවක්. මොකට ඔය සිද්දිය පත්තරේ දැම්මද..? දැන් ඉතින් මක්කා කොරන්නද. ජය...!

    ReplyDelete
    Replies
    1. අනේ ලොකු දෙයක්. උඹලා ඔය ගෑණු අරන් කොරගෙන තියෙන වින්නැහිය හොඳටෝම ඇතිනෙ..

      Delete
  19. සෑහන්ඩ උළු බිඳලා වගේ.
    විරහව ලියලා තිබුනට කියවගෙන යනකොට එහෙම හිතෙන්නේ නෑ.

    ReplyDelete
  20. හරිම හුටා දහගතයි ඈ :D

    ReplyDelete
  21. නියමයි කිරිපුතා

    ReplyDelete
  22. හප්පටසිරි ගජ කිවුවලු..

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.