නෝනාවරුනි මහත්වරුනි, මම අද ගෙනල්ල තියෙනවා බොහොම වටිනා දේශීය නිෂ්පාදනයක්. ඇමරිකාවෙ බඩු වගේ මේවා කවුරුවත් වර්ජනය කරන්නෙ නෑ. මේවට ගහන්න තරම් නිශ්පාදනයක් තාම බිහිවෙලා නෑ මහත්තයෝ. ඔය මහත්තයා මේකෙ රස හොඳට අඳුනනවා කියල මට මූණ දිහා බැලුවම කියන්න පුලුවන්. මහත්තයෝ මේ සාම්පලයක් විතරයි. මේ ගැන මට මෙන්න මෙහෙම අදහස් දක්වන්න පුලුවන්.
කියුවත් එක එක කතා
බිව්වත් රසටම ඉතා
සිරිදාසගෙ සුදූ තමයි
ගමේ උන්නු හිතවතා
අවමගුලට මුල්තැන
මංගල්ලෙදි අඩුතැන
ගමේ උන්ට කොයික වෙතත්
සුදූට ලැබෙනව තැන
ඉස්සර කාලක් හැටයි
ඉක්මන් කොහොමත් කොටයි
ගමේ ගොඩේ සමහර උන්
බොන්නේ අකුලක් යටයි
පොලෝසියෙන් එනවලූ
එතකොට හැංගෙනවලූ
සිරිදාසගෙ ගෝඩ හැලිය
යහමින් බබලනවලූ
ගමේ ගොඩේ දේ වලින්
හදනව මේවා සොඳින්
බීවෝතින් ඉන් චුට්ටක්
දෙව්ලොව පේනව ලඟින්
සවි සක්තිය ලැබෙනවා
හැඩි දැඩි බොඩි ලැබෙනවා
සුදූගෙ පිහිටෙන් සැමදෙන
සතුටින් කල්ගෙවනවා
හැමදාමත් මේ ලෙස
දිවගට රස දෙන යස
අගනා ඔසුවකි මෙය නම්
මකනවා සියලුම දොස
(මෙය කියවා බලා කසිප්පු බීමට තරම් ඔබ අඥාන නොවන බව දනිමි.)
මගේ ගණන් බැලීම අනුව දිනපතා කසිප්පු බොන්නෙකුට එක් දිනකදී දවස් 4ක් ආයුෂ අඩු කර ගන්න පුළුවන්.
ReplyDeleteඑතරම්ම විශිෂ්ට පානයක්...!!!!
කසිය නරක තමයි. ඒත් ඔච්චර ඉක්මනට මැරෙන්නෙ නෑ. අනෙක කසියයි ලයිසන් අරක්කුයි අතර මහා ලොකු වෙනසක් නෑ.
Deleteනෑ බං විහිළුවක් නෙවෙයි, අපේ පැත්තෙ 20 ක් විතර කසිප්පු නිසා මැරුණා. එකෙකුටවත් අවුරුදු 50 පන්නගන්න බැරිවුනා.
Deleteමම කියන්නෙ තිස්පැයේම කසිප්පු ගහගෙන ඉන්න උන් ගැන.
(සමහරවිට බ්ලෙන්ඩ් එකේ වෙනස්කම් නිසා විෂ අඩු වැඩි වෙන්න පුළුවන්)
ඔය සිද්දියක් වුනා වැලිවේරිය පැත්තේ. ඒක මිශ්‍රනයේ අවුලක් නිසාලු. ඒත් අපේ පැත්තේ කුලේ අංකල් ලෙඩක් දුකක් නැතිව කික් එකේ ඉන්නේ කසියා නිසා කියල තමා ගමේ විස්වාසය. දන්නෙ නැහැ කොච්චර සාධාරනද කියල. මටත් ඒකම හිතෙනවා.
Deleteකිරිපුතෝ යටට ගිහින් කමෙන්ට් කරන්න කම්මැලි බං..
@Sumith Niriella
Deleteඅපේ ගමෙත් කසිප්පු නිසා ගොඩක් මිනිස්සු මැරුනා. ඒ උනත් තුන්සිය හැටපස් දවසෙම කසිප්පු ගහලත් කිසි අවුලක් නැතුව ඉන්න ඩයලුත් ඉන්නවා......
@රාජ්
Deleteදෙකේම ඇල්කොහොල් ප්‍රතිශතයෙ වැඩි වෙනසක් නැතුව ඇති........
@sAm (සෑම්)
Deleteඇල්කොහොල් ප්‍රතිශතේ වැඩි උනොත් මැරෙන්න උනත් පුලුවන්. අක්මාව දියවෙනවනෙ. උඹ අපට වඩා මේ ගැන දන්නවා ඇතිනෙ.
එතිල් සහ මෙතිල් ඇල්කොහොල් ලෙස වර්ග දෙකකි. කසියා අයත් වන්නේ ඉන් එකකට බව දනිමි. එය සැර වැඩි නිසා බැරලයට උඩින් කඩදාසි දමා පුලුස්සනු ලැබෙන බවක් දනිමි.
Deleteබීල නෙවේ යකෝ දන්නේ කෙමෙස්ට්‍රි බොල කෙමෙස්ට්‍රි !
මද්‍යසාර අයිති වෙන්නේ එතිල් කාණ්ඩයටයි ( CH3-CH2-OH ). මෙතිල් යනු උග්‍ර විෂයකි (CH3-OH ). මද්‍යසාර පැසිමේදී නිපදවෙන අතුරු පලයකි. ආසවනයේදී මුලින් නිකුත් වෙනුයේ මෙතිල් ය. ඒ තාපාංකය අඩු නිසා ඉක්මනට වාෂ්ප වෙන හෙයිනි. ඉස්සෙල්ලම වෙන් කරන කොටසට අයිති වෙන්නේ මෙයයි. (පෙරන අය දන්නවා ඇතිනේ :P දෙයියන්ගේ කොටහ කියලත් කියන්නේ ). කඩදාසි කොළ දමා පිච්චීම මෙතිල් අයින්කිරීමේ සාර්ථක ක්‍රමයක් නොවේ. පළපුරුදු නැති පෙරන්නන් නොදැනුවත්කම නිසා නිසි ලෙස ආසවනය මගින් මෙතිල් හා එතිල් වෙන් නොකිරීම නිසා හා පරීක්ෂණාගාර තත්ත්ව යටතේ සාම්පල පරික්ෂ කිරීමක් නොකිරීම නිසා අවසන් ඵලයට මෙතිල් එකතුවීම කිසිසේත් වැළැක්විය නොහැකියි. ප්‍රතිපලය අන්ධ භාවය , වකුගඩු අක්‍රිය වීම හා වැඩි මත්‍රවන්ගෙන් ගත කල මරණයයි. නොබී ඉඳපල්ලා බන්.!
Deleteගහලා ලේබල් යස
ReplyDeleteයැව්වනම් දස දෙස
සිලෝන් ටී මොනවද බොල
සුද්ද කියාවී රස
සුද්දොත් ආසාවෙන් බොයි.......
Deleteකවී පන්තිය පට්ටයි ඇ
ReplyDeleteගොඩක් ස්තූතියි.......
Deleteහපුයි කොටු ඩාන්ඩෝ............:O
ReplyDeleteදැන් කොටු දාන්නෙ නෑ බොලං.........
Deleteගැරඩින් කටුස්සන්ද
ReplyDeleteමීයන් සමග ලේනුන්ද
සිමෙන්තිද කටු කම්බිද
සමග මුසුවී පදමට.
රසට තියෙයි නේද.........
Deleteෂා.........
mulla patas??
ReplyDeletehakka patas?
Deletemulla patas nam kasippu jathiyak. hakka patas denne aliyanta neda.
Deleteඅනගිරත්න ගේ පොතක තිබූ කෂියා නම් කීපයක්.
ReplyDeleteසීනි කිරිඤ්ඤං, හිටපං මචං, ගල් බමුණා, අල හොදි, සුදිය, ඇරපං මචං
තව තියෙනවා කටුකම්බි, යකඩ මරං, ඇති හිටියා,චකබ්ලාස්...වගේ සොඳුරු නම්...
Deleteසීනි කරිඤ්ඤං කියන්නෙ කසිප්පු නෙවෙයි මං හිතන්නෙ, ඒ නමින් රා වර්ගයක් තියෙනවා අපේ ගම් ප්‍රදේශවල....
ඇයි අගල් ෆැන්ටා
Deleteබොකු දිරාස්
Deleteවෙල් ෆැන්ටා
Deleteකචල් ෆැන්ටා
DeleteX-Porter
ඔය තියෙන්නෙ..........
Deleteවදකහ සුදිය සහ කශු කියන ඔය 'සුදිය' එකමද ?
Delete@සෑමා
Deleteවදකහ සුදිය බොන්නෙ ලස්සන වෙන්නලුනෙ.
අහක බඩගා ගිය ගැරඬියෙන්
ReplyDeleteගහකින් වැටුන කටුස්සෙක්
සුදුම සුදු පානයකය ඉතින්
ගේනවලු දිව්‍ය රස ඉතින්..
ඔච්චර දේවල් වැටෙද්දි රස නොවී තියෙයියැ....
Deleteවොඩ්කා කියන්නේ රුසියන් කසිප්පුය
ReplyDeleteටිකිලා කියන්නේ මෙක්සිකෝ කසිප්පුය
කොයි ලෝකෙන් ගෙනත් බීවත් වෙන්නේ ඩෝප්ය
හොඳම බඩුව ලංකාවේ ගල් අරක්කුය
දන්න කියන මිනිස්සු කියනවනම් ඉතිං පිලිගන්න වෙනවනෙ....
Deleteමේක නම් පිරිමි කට්ටියට දාපු පෝස්ට් එකක්..අපි ඕව ගැන දන්නෙ නැතෝ...:)
ReplyDeleteඅපි දන්නෙත් නෑ........
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅයියෙ උබ බීල අැත්ද
ReplyDeleteබිව්වම වකුගඩු තියෙද?
පිස්සුද බං..........
Deleteකසිප්පු බීලා මොකටද ඉක්මනට නහින්නෙ.
නියමය් කිරි පුතෝ පොඩ්ඩක් රස බලන්න හිතෙනවා බන් :ඩ
ReplyDeleteබීලා රසද කියලා කියපංකො.....
Deleteඅපෝ මට ඕවා බොනවා තියා ගද එද්දිත් ඉන්න බැහැ බන්.උබ දැන් ඕවා බීලා තියෙනවද?
ReplyDeleteනුවර පැත්තේ යාලුවෙක් කිව්වා කසිප්පු වලට
හිටියා ඇති,වැටේ සුදා කියන නමුත් කියනවා කියලා.
පැත්ත පලාතෙ ඉන්න බෑ ගඳයිනෙ බං......
Deleteහිටියා ඇති නෙවෙයි "ඇති හිටියා"
කිරි පුතේ කසිප්පු බොන්ඩ එපා බං. කිරි වීදුරුවක් බීලා හිටපන්.
ReplyDeleteදැන් කොහොමද කිරි බොන්නෙ. පට්ට ගනන්නෙ.
Deleteයකෝ... බොලාවගේ බොරු කාරයෝ. එතකොට අර ලාලාමිලා පැන පැන අල්ලන්නේ මක්කටැයි ඔච්චරටම ගුන පන එන පානය. අර නම නම් පස්ට මචන්ලා "ඇතිහිටියා" ඈ...? හෙහ් හෙහ්.,.. ජය!
ReplyDeleteඒ උන්ට බොන්න ඕනැ උනාමනෙ. පෙරන එකාව අල්ලගෙන බඩු ටික අරන් ගිහින් බොන එක තමයි කරන්නෙ. වියදමක් නෑනෙ.
Deleteඔය තියෙන ගුනේ අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති හැටි.හරියට පස් පංගුව වගේ. තරුණ ගැටවු පස් පංගුව බොන්නේ නැහැ නේ.
ReplyDeleteඅනේද කියන්නෙ. අපේ මිනිස්සුන්ට ඔවයෙ අගයක් තියෙනවයැ.
Deleteකචල් ෆැන්ටා තරම් වෙන සෙට් වෙන ඒවා තිබේද ඈ...? :-) :-)
ReplyDeleteඑන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
යකෝ රජා ගහන්නෙත් කචල් ෆැන්ටද....
Delete