Thursday, February 3, 2011

ටිංටිං නම් කිරි තේ - කිරි තේ නම් ටිංටිං


මේක මේ ලඟදි සිද්දවෙච්ච වැඩක්. අපිත් එක්ක කිව්වෙ කොරියා.
ඔන්න එදා කොරියලාගෙ බෝඩිමේ සෙට් එක කාලෙකට පස්සෙ කිරිපිටි පැකට් එකක් බෝඩිමට අරන් ආවලු.සෑහෙන කාලෙකින් කිරි එකක් හදාගෙන බොන්න යන හින්දා කට්ටියටම හදිස්සිලු.
ඔන්න ඉතිං කට්ටියම ටිංටිංට කිව්වලු කිරි එක හදන්න කියලා. ටිං ටිං කිරි එක හදනකන් අනිත් එවුන් ටික ටීවි බලබලා හිටියලු.
ටීවි එක බලන අතරෙම එකෙක් ටිංටිංට කිරි එකට කහට ටිකකුත් දාලා කිරිතේ එකක්ම හදමු කියලා යෝජනාවකුත් දැම්මලු.
ටික වෙලාවක් ගියාට පස්සෙ ටිංටිං කිරිතේ එක හදලා ඉවරයි කියලා සංඥාවක් නිකුත් කලාලු.
දැන් එක එකා කිරිතේ බොන්න යනවලු. ඉස්සරලම ගියපු එකා කිරිතේ එක හදලා තිබ්බ ලොකු කෝප්පෙ දිහා බලලා හිනා උනාලු. ඊට පස්සෙ ඒකට එබිකම් කරපු අනිත් එවුනුත් හිනාවෙනවලු.
දැන් ටිංටිංට මලලු. "මොකද උඹලා හිනාවෙන්නෙ?" කියලා ටිංටිං අනිත් උන්ගෙන් ඇහුවලු.
"හිනා යන්නෙ නැද්ද බං උඹ මේ කරල තියෙන වැඩේට" කියලා කොරියා කිව්වලු.
බැලින්නම් ටිංටිං කිරි එකට තේ කොල දාලලු.
අනිත් එවුන් හිනාවෙන එක නවත්තන්නෙත් නැතිලු.
ටිංටිනුත් තමන්ගෙ වැරැද්දක් පිලිගන්න කැමති නැති එකෙක්නෙ.
" උඹලට කිරිතේ හදල දෙන්නත් ඕනෙ. තව කතා අහගන්නත් ඕනෙ" කියපු ටිංටිං පුස් මූණ දාගෙන කාමරේට ගියාලු.
අනිත් එවුන් ටික හිනාවෙවී කිරිතේ පෙරාගෙන බිව්වලු.
පස්සෙ කොරියා ටිංටිංගෙ කාමරේට ගිහින් ඌට කිරිතේ බොන්න ආරාධනා කලාලු.
"මට ඕනනම් මම බොන්නම්" කියලා ටිංටිං කොරියගෙ ඇඟට කඩා පැන්නලු.

4 comments:

  1. ඇත්තටම මේ නිදහස නිදහසක්ද? තරමක විවාදයක්.

    http://freepronotes.com/2011/02/04/%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE-%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8/

    ReplyDelete
  2. මටම වෙච්ච වැඩක් මතක් වුනා "ටිංටිං නම් කිරි තේ - කිරි තේ නම් ටිංටිං" පොස්ට් එක කියෙව්වම.

    මමත් කුරුණෑගල පැත්තෙ චමරියක ඉන්න කාලේ. කෂ්ටිය බෝතලයක් මස් ටිකක් එහෙම ගෙනල්ල වැඩේට සෙට් වෙන්න යන්නේ.අනුරය තමා හිටිය හොඳම බයිට් කුක්. මු මට මස් ටික දීල කිව්වා මේක එළියේ බත්රුම් සින්ක් එකට ගෙනිහින් හෝදගෙන වරෙන් කියල. ඕක අරගෙන මම යනකොට රණය හොරෙන් වගෙ කිව්ව "හරියට හෝදහන්, රෙක්සෝන කෑල්ලක් ඇති සින්ක් එක උඩ"කියල. මම තමා එතන හිටපු වයසින් අඩුම එකා සහ අලුතින්ම මුන් එක්ක එකම තැන වැඩට ආපු එකා.දන්නවනෙ ඒ වගෙ එවුන්ටනෙ ජෝන් වැඩ ඔක්කොම භාර දෙන්නෙ මාත් ඉතින් මස් ටික රෙක්සෝන එහෙම ගාල, ආයෙත් ඉතින් සබන් සුවඳ නැති වෙන්නම හොඳට හෝදල ආපහු අරන් එනකොට මේ වේ*ගෙ පුතාල මට හිනාවෙන හැටි දැක්කනං කිරිපුතා .....පස්සෙනෙ මුන් හිනාවෙන්නෙ ඇයි කියල දන්නෙ, උන්ම කියනකන් දන්නෙ නැහැනේ. "පු* න් බඩවැලක් ඇදගෙන කාල මැරෙන්න හිතුන අම්මප.;,.

    ReplyDelete
  3. @Observer
    එල එල ඒකත් මරු කතාව........
    හැබැයි අපේ ටිංටිං නම් මටත් වඩා වැඩිමල්
    ඒ උනාට උගෙ සමහර වැඩ නම් දෙකේ පන්තියෙ එව්වා...

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.