Tuesday, February 15, 2011

මල්සරා කලින්ම විදලා...



වැලන්ටයින් දවසෙ ලව් කතාවක් ලියන්න කියලා හිතන් හිටියට ඒකට වෙලාවක් හම්බ උනේ නෑ. ඒක හින්දා ඒකටත් එක්ක හරියන්න අද කතාවක් ලියන්න කියලා හිතුවා.
මේ සිද්දිය තමයි මට මතක හැටියට අපේ පන්තියෙ හිටපු එකෙක්ගෙ ප්‍රථම ආදර කතාව. මේ සිද්දිය වෙනකොට මම ඕනෙනම් හතරෙ නැත්නං පහේ පන්තියෙ ඉන්න ඇති.
අපේ පන්තියෙන් බිහිවුනු ප්‍රථම ආදරවන්තයා තමයි අමිලයා. දැන් මිනිහා බැඳලත් අවුරුදු දෙකක් විතර වෙනවා මගෙ හිතේ. මිනිහා කීයටවත් බ්ලොග් එකක් කියවන්නෙ නෑ කියන විස්වාසෙ පිට තමයි මම ඔය පොරගෙ ඇත්ත නමම දැම්මෙ.
ඒකයි අනිත් කතාවල ඉන්න අයගෙ නම් ගම් වෙනස් කරලා තියෙන්නෙ. ඇත්ත ඒවා දැම්මොත් මට ආයෙ බ්ලොග් ලියන්න වෙන්නෙ නෑ.
ඔන්න ඉතිං අපේ අමිලයට හිත ගිය ගෑණු ලමයා තමයි පන්තියෙ දෙවනියා වුනු දිල්රුක්ෂි කියලා දැරිවියක්.
මේ වයසෙ කොල්ලන්ට මොන ලව්ද? සමහරවිට ඒ කාලෙ අමිලයගෙ කක්කා හෝදන්නෙත් අම්මා වෙන්න ඇති.
මේ දැරිවි හරි හැඩයි. ඒ හින්දා පස්සෙ කාලෙදි මෙයා සම්බන්ධ තවත් කතා කියන්න තියෙනවා ඒවා හෙමිහිට කියන්නම්කො.
ඔන්න අමිලයගෙ කුලුඳුල් ආදරේ උගෙ හිතේ ඇතිවෙලා. අපේ අතටම මාට්ටු. දවසක් පොර වෙසක් කාඩ් තොගයක්ම ගෙනත් අපට හොරෙන් ඒවගෙ ලියනවා. අපටත් ඉතින් ඕනෙ නැති මගුලක් නෑනෙ. අපිත් හෙන ගේමක් දීලා එකක් ඉස්සුවා. ඒකෙ තිබුනෙ මෙහෙමයි.
ආදර්නීය අම්ල විසින්
මගෙ දිල්රුස්සි වෙත
අපේ පන්තියෙ හිටපු කොල්ලන්ට කෙල්ලන්ටත් ඒකාලෙ ඕවා මැජික්නෙ. මොකෙක් හරි අසමජ්ජාතියෙක් අර වෙසක් කාඩ් එක දිල් රුක්ෂිට ගිහින් දීලා.ඒකිට ඒක කියෙව්වා විතරයි මෙලෝ සිහියක් නැතුව අඬාගෙන ගියෙ නැද්ද පන්ති බාර ටීච ගාවට. වෙලාවට ඒ කාලෙ හිටපු ටීච හොඳයි. ඒ හින්දා අමිලයා වේවැල් පාරවල් දෙක තුනක් කාලා බේරුණා.
ඉන්ටවල් එකෙන් පස්සෙ අපි පන්තියට එද්දි මෙන්න බොලේ ඉරපු වෙසක් කාඩ් තොගයක්ම කුණු කූඩෙ තියෙනවා.



4 comments:

  1. ah ha ha
    mage first crush aka thibune 4 wasaredie
    a kale aka desk aka share kara gaththe pirimi lamayai gahanu lamayai

    chocalate arawada mewada a kale ithin api denna kanna bonneth akatai
    dan mathak weddhi aith a kaleta yanna hithenawa

    ReplyDelete
  2. @sihinadanawwa
    ඔය කාලෙට ඔහොම තමයි. යාලුවෙකුට උනත් කියාගන්න බැරුව ලැජ්ජාවෙ ඉන්නවනෙ.

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.