Wednesday, April 4, 2012

රටක් බලාසිටි දෙදහස් පන්සීයෙ විවාදය




රෑ තිස්සෙ නිදි මරාගෙන දෙදාස් පන්සීයෙ විවාදෙ බැලුවා. හප්පොච්චියේ ඒක බලල මගෙ කටට ආපු දේවල්.
ඒත් ඉතින් මේකට කට අමුනන්නයැ. ඔන්න ඔහෙ සබ්ය බාසාවෙන් ලියල දැම්මා.



හිටියා අපි සැවොම බලියාගෙන මුකය
දෙරණට යොමු වෙලා තිබුනේ ඇස් දෙකය
ඒ මදිවට දික් කර ගත් කන් දෙකය
බෝඩිමෙ සැවොම බුදියන විට රෑ එකය

එනතුරු බලා සිටියේ බන්දුල මාමා
දෙදහස් පන්සීයෙ අරුමය ගෙන ඒමා
අනිත් පසින් එයි මැදවච්චියෙ මාමා
වාද පිටිය ගැන අවදානය බෝමා

හොස්ටල් වල ලමයින් කන බොන තාලේ
කැම්පස් වගෙම එක් කරගෙන ඉස්කෝලේ
අපූරුවට උන් දිවි ගෙවනා තාලේ
බන්දුල තුමා පෙන්වයි අප හට රාලේ

ආට් එකේ කැන්ටිම ගැන පවසනවා
රුපියල් විසි පහේ බත් එක පෙන්නනවා
එහි ඇති ගුණය ගැන එතුමා පවසනවා
රහ දන්නා අපි මේ ලෙස විඳවනවා

රවී මහත්තය බයිලයි පවසන්නේ
තර්ක බිඳින්නට ඔහු නැහැ වෙහෙසෙන්නේ
ලට්ට ලොට්ට ගොඩ එහෙ මෙහෙ කරමින්නේ
කිලිනොච්චිය පෙන්වා වෙනතක යන්නේ

දෙන්නගෙ විකාරය අපහට එපා උනා
අපටත් හොරා වේගෙන් කාලය ගෙවුනා
උදෑසනින් පිබිදිය යුතු බව දැනුනා
අනේ අපොයි කියමින් නින්දට වැටුනා

48 comments:

  1. හරෙකෙක් සමග වාදෙට ටී වී දෙරණේ
    තවත් හරකෙකුයි ඇවිදිල්ලා තිබුනේ
    උම්බෑ කියපි දෙදෙනම මගෙ මල කිපුනේ
    ටී වී කෑලී උදයේ කුණු වල තිබුනේ.

    ReplyDelete
    Replies
    1. මේක මරු මාතලන් අයිය :)

      Delete
    2. අනේද කියන්නෙ. ගෙදර ටීවි එකේනං දනී කරන දේ.

      Delete
    3. මම නම් බැලුවේ නෑ. මම දැනගත්තා අන්තිමට නිදි මත විතරයි ඉතුරු වෙන්නෙ කියලා.

      Delete
    4. කොහෙද ඉතින් අපිට ඔච්චර මොලයක් නෑනෙ.

      Delete
    5. සිරාවට දෙන්නටම දෝදු

      මාර විපක්ෂය අප්පා.. පට්ට චානස් තියෙනවා.. ඒත් කතා කරගන්න බැහැ

      Delete
    6. ලැබෙන චාන්ස් වලින් විපක්ශෙ ප්‍රයෝජන ගන්නෙ නෑ. ගොන් පාට් දානවා විතරයි.

      Delete
  2. Replies
    1. අන්තිමේදි අපි ගොන්නු උනා......

      Delete
  3. ඕක තමයි ඊයෙ විවාදෙ බලපු උදවියගෙ පොදු ප්‍රකාශය :)

    ReplyDelete
    Replies
    1. දෙන්න නෝන්ඩි නොවී ශේප් වෙන්න කතාවෙලාද කොහෙද ඇවිත් තියෙන්නෙ.

      Delete
  4. රෙස්ලින් වගේ නේද ගේම් එක..? අම්බානක කෙළගන්නවා වගේ පෙනුනට පට්ට බොරුවක්නෙ එතනත් වෙන්නෙ, බලන උන් තමයි හරක්...

    ReplyDelete
    Replies
    1. හැමදාමත් අපට වෙන්නෙ ඕක තමයි.

      Delete
  5. දෙන්න කැමරාවට එන්න කලියෙන් කතා උනාද දන්නේ නෑ.. හොද වෙලාවට අපි ඕවා බලන්නේ නැත්තේ..

    ReplyDelete
    Replies
    1. සමහරවිට කතාවෙලා එන්න ඇති. අපි මෝඩකමට දේශපාලනේට ඇනකොටා ගත්තට ඒ අය හොඳ යාලුවෝ.

      Delete
  6. එක එකාට කියවලා කෝල් එහෙම දාලා තිබුනලු නේද 2500 ඇති කියලා...අනේ මෙහෙව් රටක්.....

    ReplyDelete
    Replies
    1. දෙන්නෙක් ජීවත් වෙන්න පුලුවං කීවා. තව දෙන්නෙක් බෑ කීවා.

      Delete
    2. ඔව් කඩේ යන එවුන්ට පුලුවං ලු ජීවත් වෙන්න.. මරු ආතල් කිරිපුතෝ..

      උබත් වැඩේ කවියෙන්ම දීල !

      Delete
    3. 2500න් ජීවත් වෙන්න පුලුවන්නම් හොඳයි ඉතින්........

      Delete
  7. මම පැය බාගයයි බැළුවෙ.නිදාගත්ත වැඩක් නැති නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අපටත් කරන්න තිබ්බෙ. කොහෙද මෝඩකමට බෙහෙත් නෑනෙ.

      Delete
  8. වැඩිපුර ගොන්නුන්ගෙන්ම පිරුණු මේරටේ මේවගේ ගොන්කෙලි බල බල ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් තියෙනවද දැක්කනේ වාදේ.. 2500/=කන්න පුළුවන් කියපු එකයි බැහැයි කියන්න්න ආපු එකයි ප්‍රස්න අහපු උනුයි මෙහෙයපු එකයි..මුන් ඔක්කොමගේ කතාවලින් දැනුනේ 2500/=න් තවඉතුරු කරන්නත් පුළුවන් වගේ විපක්සෙන් ආපුඑකා කියපු විදියට මුළුරටෙම ඇවිදලා තමයි තොරතුරු රැස්කරන් ඇවිල්ලා තිබුනේ ඒත් මුට ගෙදරක තුන්වේලක් සදහා දවසක වියදමක් හදල පෙන්නන්න පුළුවන් වුනාද.. ඉතිංමුන් ආවත් මොකක් බලාපොරොත්තු වෙන්නද..ඒත් ඉතිං මෝඩයොන්ගෙන් පිරුන මේරටේ මේගෙන්නු ටික මාරුවෙන් මාරුවට ගොන්කෙලි පවත්වාවි........

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා. කවුරුත් එකයි.

      Delete
  9. මුන් තාම රටට විහිළු සපයනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඒවා කවදාවත් නවතින දේවල් නෙවෙයි.

      Delete
  10. මෙන්න ජෝකර්ලා.. අපරදේ දැංනම් බංදුටයි ටෙනිටයිත් බඩේ පාර හම්බෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. බන්දු-ටෙනී වගේද බන්දු-රවී .

      Delete
  11. 2500න් කන්න බෑ කියල තේරෙන්නෙත් ඒවගේ මිනිහෙකුට නිතරයි. අනේ රවියයි මායි කරන විවාද!

    ReplyDelete
    Replies
    1. එයත් කියන්නෙ රටේ නැති වැල් බයිලා

      Delete
  12. මෙහෙව් හරක් කරන විවාද බලන අපි වගේ මී හරක් ඉන්නකන් මුන්ට රජමඟුල්. අනේ අම්මපල්ල මයේ කට. මුන් මේ කියන්නේ තොපි අපිට දුන්නනම් දැන් විඳපියව් කියලනෙ. මයේ අම්මා පල්ල මේ සැරෙනම් මුන් ඡන්දෙ ඉල්ලන්න ආවාම ගන්නවා කොස්ස. ගියපාරත් දෙන්නෙක් තුන්දෙනෙක්ට කොස්ස ගත්තේ නැතත් දුන්න බීපු රංකිරි මතක් වෙන්න. මේ පාරනම් හැම පක්ෂෙම එන එන හැම එකාම මගෙන් නම් සල්ලන් වෙනවාමයි.

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ කරනවනම්...හැබැයි ඔය මැදවච්චි ඌරටනම් කොස්සෙන් ගහලා දන්නන්න බැරිවෙයි, අඩි 6 යේ මෝල්ගහක්වත් පිළිවෙල කරගන්න වෙයි.

      Delete
    2. ඒ අතින් බැලුවම අපේ ගම් පැත්තෙ මන්තිරිලා හොඳයිනෙ.

      Delete
  13. දෙන්නම හරක් නිසා මම ඕක බැලුවේ නෑ.....

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අපි වගේ හරක් බලනවනෙ

      Delete
  14. මේකත් බලන්න (දැන්වීමකි)-Jayasri-
    http://meeghaya.wordpress.com/2012/04/01/%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%94%E0%B6%BD-%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1-%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9A-2500%E0%B6%BA/

    ReplyDelete
    Replies
    1. හපොයි මේක ස්පෑම් ගොඩට ගිහින් නොවැ. බොහොම අමාරුවෙන් හොයාගත්තෙ.

      Delete
  15. 2500 හැරෙන්නත් මදිනේ :පි

    ReplyDelete
    Replies
    1. 2500 නොමැරී ජීවත් වෙන්න ඇති. දවසකට වේලක් කෑවම නොමැරී ඉන්න පුලුවන් යසට.

      Delete
    2. "හැ"යන්න අයින් කරන්නත් මදි වර්ණා

      Delete
    3. අනිවා අනිවා, ඒකටත් පහසුකම් සපයාගන්න ඕනනෙ.

      Delete
  16. බන්දුටයි ටෙනීටයි මේ දෙන්න සෑහෙන අභියෝගයක් වුනා නේ........

    ReplyDelete
    Replies
    1. ඊලඟ ෆිල්ම් එකට දෙන්නව ගනීද දන්නෙ නෑ.

      Delete
  17. කොහෙද අපේ බෝඩිමේ ඕක බලන්නවත් ටැලිවිසන් කට්ටක්වත් නෑනේ. ඒ වුනාට ටිහින් මේ කයිය කියෝපුහාම බැලුව වගේ තමා.

    ReplyDelete
    Replies
    1. අපිටනං ඇල්ලුවාම කරන්ට් වදින ටීවී කබලක් තියෙනවා.

      Delete
  18. අපේ උන් කොහොමත් ගොන්නු තමා සෝ අපිත් ගොන්නු ඔය කියපු දේ අහගෙන
    7500න් මාසේ ගෙවන්න හුරුවෙමු.

    ReplyDelete
    Replies
    1. 7500න් ජීවිතේ ගෙවන්න මට ගෑණු දරුවො ඉන්න එකක්යැ.

      Delete
  19. මගදීම තේරුනා වැඩක් නැහැ කියල.නිදා ගන්න ඒක සැපයි.

    ReplyDelete
    Replies
    1. නිදාගත්තනම් ඒකවත් තියෙනවා.

      Delete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.