අවුරුදු කාලෙ කාගෙ කාගෙත් කරල පැහෙද්දි ජාතික කොඩිය වෙනුවට සරම එල්ලන්න හදපු විජේ මාමට ලබල තිබුනෙ නරක කාලයක්. මාමගෙ කාලෙ නරක උනාට නැන්දගෙ නම් ඉහේ මලක් පිපිලා තිබුනෙ.
විජේ මාමලාගෙ ඇන්ටනාව කැඩිලා. දැන් අහුවෙන්නෙ අයි.ටී. එන් විතරයි. කඩේට එන පක්ශ විපක්ශ හැමෝටම විජේ මාමා මේ අඳෝනාව කියෝනවා. ඉතින් අවුරුදු නිවාඩුවට ගමේ ගිය මටත් විජේ මාමගෙ අඬුවැඩියාව අහන්න ලැබුනා. ඒ අඳෝනාව ඇහුවට පස්සෙ ඒක කවියෙන් ලියන්න මට හිතුනා. ලියවිච්ච කවි ටික තමයි මේ.
හොඳටම පැහැදිලියි තිතටම අහුවෙනවා
ඇන්ටනාව නැතුවත් අපි නරඹනවා
නිවුස් දකින කොට පොඩ්ඩක් තද වෙනවා
කතා ටික බලල ආයෙම සැනසෙනවා
නිවුස් වලට හැමදම එකමයි යන්නේ
ඊට පසුව විමසුම අප නරඹන්නේ
අනේ අපොයි කියමින් බැන බැන ඉන්නේ
අමා දැකල ආයෙම අප සැනසෙන්නේ
රන් සමනලයො පියඹති රෑ අටේ සිට
සිහින පියාපත් ලැබෙනව ඊලඟට
සපුමලි අඬන්නේ මීලඟ කනිසමට
ආයෙම නිවුස් යන්නේ ලේ පුච්චන්ට
සති අන්තයට වෙන වෙන ඒවා යනවා
අටපට්ටම එක එක දේ පෙන්නනවා
වෙනස නැවුම් වෙනසක් අරගෙන එනවා
කෝපි කඩේ දැන් එකතැන පල් වෙනවා
සැටඩේ මූවි කියලා එකකුත් යනවා
චැට් ඇන් මියුසිකුත් ගත සිත පුබුදනවා
ලට්ට ලොට්ට ගොඩකුත් තව එක්වෙනවා
අයි.ටී.එන් බල බල අපි හිනැහෙනවා
මගේ ටීවී එකට අහු නොවන එකම චැනල් එක තමයි ඔය..ඒ ගැන අඬන්නද , සතුටු වෙන්නද කියලා තේරෙන්නෙ නම් නෑ..
ReplyDeleteඅපේ ගෙදරට නම් තිතටම අහුවෙනවා. ඒක හින්දා ඔය හොඳයි වටිනවයි කියලා හිතෙන වැඩසටහන් ටික බලනවා.
Deleteසතුටු වෙයන්... අපි නම් ඔය බඩකඩිත්තුව බලන් නෑ.
DeleteAnu
@Anu
Deleteඅපි නම් ඉඳලා හිටලා කම්මැලිකමට බලනවා.....
විජේ මාමගේ පක්ශේ හරිනම් නියමෙටම ගැලපෙනචැනල් එක.. :)
ReplyDeleteපක්ෂෙ හරි නැති එක තමයි තියෙන ලොකුම අවුල....
Deleteපට්ට කවි ටික...... අනිත් චැනල් ගැනත් සලකල බැලුවොත් නරකද
ReplyDeleteබලමු බලමු....... අනිත් ඒවත් ටිකක් බලලා තමයි කවි ලියන්න වෙන්නෙ....
Deleteඒල..
ReplyDeleteගොඩක් ස්තූතියි.......
Deleteමටනම් ඔය අයි ටී ඇන් එකෙන් ටිකක් හරි හොද "වෙනස" එක විතරමයි
ReplyDeleteවෙනසෙ ගතියක් තියෙනවා. මාත් පුලුවන් දවස් වලට ඒක අනිවා බලනවා.....
Deleteහරියට හරි දැනට නම් වෙනස..ටිකක් හොඳ වැඩසටහනක් බලමු ඉස්සරහට..නමුත් උබේ කවි ටිකනම් එළ..
ReplyDeleteඅනිත් වැඩසටහන් එක්ක සංසන්දනය කරද්දි වෙනස ටිකක් ඉස්සරහින් තියෙනවා......
Deleteමම නම් ආසම විමසුමට...තනිකර ඇත්තම කියනවනෙ ඒකෙ.....කවි ටික නම් වදින්නම ලියල තියෙනව....
ReplyDeleteවිමසුම නම් පට්ට.........
Deleteමාර ජෝක්නෙ ඒකෙ යන්නෙ...
ආසයිනේ........
පට්ට කවි ටික
ReplyDeleteගොඩක් ස්තූතියි වර්ණෝ........
Deleteනොම්මර එකේ කවියා වෙබ් අවකාසේ
ReplyDeleteඑහෙම කිව්වේ සඳරුව නෙව හිස් අහසේ
ලයිට් බිලත් දැන් නගිනව නෙව අහසේ
තව කවි ලියාපං වහලා ටීවී එක මුළු දවසේ
මොනවද අයියෙ ඔබ මා ගැන පවසන්නේ
Deleteකවියන් සයිබරයෙ බර ගාණකි ඉන්නේ
රසවත් කවි ඔවුන් නිතරම දක්වන්නේ
ඒ අතරට මා කුරුමිට්ටෙකු වැන්නේ
කුරුමිට්ටා බව දුටිමි සයිබර් සැනකෙලියේදී
Deleteඒ උඹෙ කය මිසක් නැත හැකියා කවි ලියද්දී
මා කලේ ඉස්තිරයයි යෝජන සඳරුවා දෙද්දී
උඹ හැර වෙන කෙනෙක් නෑ කොළුවෝ මෙ වෙද්දී
අයියන්ඩියේ නුඹ සිටි විට සැනකෙලියේ
Deleteදුටුවද මාව කුරුමිට්ටෙකු ලෙස ජොලියේ
දස මහ යෝදයන් සිටියා නම් එලියේ
මගෙ රුව පෙනෙයි ඔබ දුටු ලෙස සැනකෙලියේ
මේකයි කාරනේ මලයෝ දැන් මතක් වුනේ
Deleteමමත් නැග්ග නොව ලදරුවෙ නගිනා මුදුනේ
උඹ හිටියේ බිමයි මම හිටියේ උඩනේ
ඒකයි උඹව පෙනුනේ කුරුමිට්ටා ලෙසිනේ
අයියේ අපේ කවි දැන් නැගලම යනවා
Deleteඔපීසියෙදි කවි සිතුවිලි එක් වෙනවා
බොසා දුටුවොතින් මම බ්ලොග් කියවනවා
අසරණ මගේ රස්සාවත් නැතිවෙනවා
කොයිද කියාපං ඔය බෝසා ඉන්නේ
Deleteඋඹ වැනි අහිංසකයන් අල්ලා ගන්නේ
මම එමි මුන ගැහෙමි හොම්ම්බට දෙක දෙන්නේ
එතකොට බොසා මින් මතු උඹ දෙස නොබලන්නේ
කියපං බොසා ආවද උඹගේ පැත්තේ
Deleteඇවිදින් මගේ ලිපිණෙද ඉල්ලා ගත්තේ
එනවද හොයං මාගේ ඔෆිසිය පැත්තේ
ඒවා කොහෙද කොල්ලෝ - අපි බෙන්තර පැත්තේ
බොසා ආවෙ නම් නැත අපගේ පැත්තේ
Deleteවෙසක් එක නිසා ගම වෙත ගොස් ඇත්තේ
ඇසුවොත් ඔහු ඔබ මෙහි දක්වන තත්තේ
කියනෙමි මමත් කියලා උඩරට පැත්තේ
........ පවුලේ නාලිකාව!! ටෙලි නැට්‍යවලත් දේශපාලනේ කරන එකම නාලිකාව.(කෝපි කඩේ).ඕක විතරක්ම බලන්න වෙනවා කියන්නේ ඉතින් පාරුවේපුවක්! කවි ටික නම් මරු , තව ටිකක් ලිව්වානම් ගති.
ReplyDeleteපාරුවේ පුවක් නම් තමයි. පක්ෂෙවත් මාරු වෙලා තිබ්බනම් උන්දෑ සන්තෝසෙන් ඉඳී. කොහෙද ඉතිං අලියෙක් අල්ලගෙනනෙ.
Deleteසහතික ඇත්ත..
ReplyDeleteකෝ කට ඇරහන් ගල් බෝතලයක් හලන්න... :-)
චී අපි නම් ඕවා බොන්නෙ නෑ. අපි හොඳ ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො.
Deleteමං නම් අයි.ටි.එන් බලන්නේ නැහැ ඉරිදා උදේට යන මූවි එක විතරයි බලන්නේ
ReplyDeleteමටත් දැන් ගොඩක් දවසකින් බලන්න බැරි උනා........
Deleteඅපිට ටී වී නැති හින්ද අවුලක් නෑ.
ReplyDeleteවිජේ මාමාට නම් හරියනවා ඇත්තෙ "සිරස" නේද ?
ඔව් ඔව්. සිරස, ටී එන් එල් ඒවා තමයි උන්දැගෙ ප්‍රියතම චැනල්. කඩේට ගිය උන්ව වාදෙට ඇදල ගන්නෙ ඕව බලල තමයි.
Deleteකිරිපුතාට මුදල් ගෙවා ප්‍රචාරය කොරලද මන්දා.. :)
ReplyDeleteකවිටික සුපිරි.. ඇත්ත තමා බං ඔහ අසික්කිත චැනල බලුවම එපා වෙනවා.
මොන පිස්සුද බං. සල්ලි තියා වී වත් හම්බ උනේ නෑ......
Deleteහික්ස්ස් අපේ ගෙදරත් ඉස්සර ඔහොමයි. ඒකට පිං සිද්දවෙන්න මට අදටත් ටීවී බලන්න ආසාවක් නෑ :D
ReplyDeleteමටත් ඉතිං ගෙදර ගියාම සොරි තමයි....... :(
Deleteඇන්ටනා වයර් බයර් නැතුව බලන්න පුළුවන් එකම චැනලය තමයි අයි ටී එන්.. හිතකින් බලන්ඩ බැරි වුනාට.
ReplyDeleteඅනිවා.... සහතික ඇත්ත.......
Deleteඅරමනුස්සයාගේ ඇන්ටනාව හදලා දීපන්කො
ReplyDelete