Showing posts with label ටියුෂන් පංතිවලදි වෙච්ච සීන්. Show all posts
Showing posts with label ටියුෂන් පංතිවලදි වෙච්ච සීන්. Show all posts

Wednesday, May 9, 2012

පුක කියන්නෙ ඇත්තටම කුණුහරුපයක්ද?




මේක අපි ඉස්කෝලෙ යනකාලෙ කතාවෙච්ච වැදගත් කරුණක්. අපේ කතන්දර ශූරීන් පුක කියන්නෙ කුනුහරුපයක් නෙවෙයි කියල පෙන්නලා දුන්නනෙ.
ඒත් මීට අවුරුදු කීපෙකට කලින් අපි ඒ වගක් දැනගෙන හිටියත් ප්‍රසිද්ධ ස්ථාන වල පුක කියන වචනෙ නොකියන්න අපි පරිස්සම් වුනා. විශේෂයෙන්ම ගෑණු දැරිවියො ඉන්න තැන්වල. ඒ අයට නම් මේක මහා ලොකු කුණුහරුපයක් උනා.
හැබැයි ඉතිං ගමේදි නම් ගොඩක් මිනිස්සු පුක කියන වචනෙ කටේ දිවේ ගෑවෙන්නෙ නැතුව කියනවා.ඒක හින්දම ගමේදි කිසිම ගාණක් නැතුව පුක කියන වචනය ප්‍රකාශ කිරීමේ පූර්ණ නිදහස අපට තිබ්බා. නමුත් උසස් පෙල කරන්න පන්ති යන කාලෙ පුක කියන වචනය ඉස්කෝලෙට හා සීමිත ස්ථාන කීපයකට විතරක් සීමා කරන්න අපට සිද්ධ උනා.
නමුත් අපේ නිදහස අපට පාවිච්චි කරන්න දවසක් උදා වුනා.
එදා තවත් එක ඉරිදා දවසක්. අපි වෙනදා වගේම රසායන විද්‍යාව පන්තියේ වාඩිවෙලා හිටියා. පුරුදු විදියටම උගන්වන ගමන් සර් උදාහරන පැහැදිලි කරල දෙන ගමන් කතාවක් පටන්ගත්තා.
"මේ පන්තියෙ ඉන්නෙ කුනුහරුපයක්වත් දන්නෙ නැති කොල්ලොනෙ......" සර් එහෙම කියද්දි අපිත් කටවල් ඇරගෙන සර් දිහා බලාගෙන හිටියෙ තීරණාත්මක ක්‍රිකට් මැච් එකක අන්තිම ඕවරේ යන වෙලාවට ටීවි එක දිහා බලාගෙන ඉන්නවා වගේ.
"ගිය සතියෙ මේ පන්තියෙ පිරිමි ලමයෙක්ගෙ තාත්තෙක් මට කෝල් කලා. කෝල් කරල කියනවා, මම පන්තියෙ කුණුහරුප කියනවලු" සර් එහෙම කියද්දි මමයි මට එහා පැත්තෙන් හිටපු උදානයයි මූණෙන් මූණ බලා ගත්තා.
"යකෝ මෙච්චර කාලෙකට සර් පන්තියෙ කුණුහරුපයක් කියනවා අපට ඇහිල නෑනෙ." මම හෙමිහිට උදානයට කීවා.
"අඩේ අපි නොදන්න කුණුහරුපත් තියෙනවද දන්නෙ නෑ. " මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු සවුදා එහෙම කීවා.
උදානයා මුකුත් නොකියා උගෙ කින්ඩි හිනාව දැම්මා.
"මම ඇහුවා මොනවද මම කියපු කුණුහරුප කියලා" සර් එහෙම කියනකොට සවුදා තවත් අවධානයෙන් සර් ඉන්න පැත්ත බලන්න පටන් ගත්තා.
"මම පන්තියෙදි පුක කියලා කියනවලු, තව පඩේ කියලත් කියනවලු" ඒ වචන ටික ඇහෙනකොට අපේ මූණුත් මැලවුනා.
"නොදකින් යකෝ මේවද මේ කුණුහරුප.... මේවට කුණුහරුප කිව්වොත් අර එකම අකුරකින් පටන් ගන්න වචන සෙට් එකට කියන්න වචනයක් නැතිවෙයි" උදානයා කෙඳිරුවා.
"ඇයි එච්චරද තියෙන්නෙ....... " කියපු සවුදා කුණුහරුප වැලක් කියාගෙන ගියා.
අපි තුන්දෙනා අතර සිද්දවෙන මේ සයකන්මන්ත්‍රණය  ඉස්සරහ පේලියට නෑහෙන ගානට ගෙනියන්න අපි සමත් වුනා. මොකද ඒ වෙනකොට අපි හිටියෙ පන්තියේ අන්තිම පේලිවල.
ලමයි දෙතුන් දාහක් ඉන්න පන්තියක අන්තිම පේලියක ඉන්න එවුන් ටිකක් යන්තමට කෙඳිරුවාට සර්ට නෑහෙන විත්තිය අපි හොඳින්ම දැනං හිටියා.
"පුක කියන වචනෙ හරිම අසභ්‍යයි. ඒක හින්දා ඒවගේ වචන පන්තියෙ පාවිච්චි කරන්න එපා. එහෙම කියලා ඒ මහත්තයා කිව්වා" සර් එහෙම කියනකොට සවුදා කිව්වෙ වෙන කතාවක්.
"එහෙම නෙවේ බං, ඒ මනුස්සයා කියන්න ඇත්තෙ පාපිල්ල අයින් කරලා පන්තියෙ පාවිච්චි කරන්න එපා කියලා" සවුදා කියද්දි අපි නෑහුණ ගානට හිටියා.
එතකොටම සර් ආයෙම කතාව පටන් ගත්තා.
" මම ඇහුවා ඉතිං, ඇයි මහත්තයට එහෙම එකක් නැද්ද කියලා. එතකොටම උන්නැහෙ ෆෝන් එක තිබ්බා" එහෙම කියපු සර් ආයෙම පාඩම පටන් ගත්තා.
අවසානයේ අපේ  නිගමනය උනේ පුක කියන්නෙ හොඳ සිංහල වචනයක් හා ස්ථානෝචිතව පාවිච්චි කලයුතු වචනයක්. කොයිකටත් කට පරිස්සම් කරගන්න එක හොඳයි.

අවසාන උපදෙස : කිනම් භාෂාවක වුවද තැනට සුදුසු වචන භාවිතයෙන් අයහපතක් වීම වලකා ගත හැකිය.