අපේ දර්ශන උස මහත කොල්ලා උනාට තාම ඉන්නෙ අට වසරෙනෙ. ගිය අවුරුද්දෙ දවසක මෑන් ඉස්කෝලෙ ඇරිලා ගෙදර එනකොට සුසන්තයත් එක්ක තමයි ඇවිත් තියෙන්නෙ. සුසන්තයා ඉස්කෝලෙ යන්නෙ අවාරෙට අඹ වැටෙනවා වගේ තමයි. සතියකට දවස් කීපයක් ඉස්කෝලෙ යවන්න මහේෂ්ල සෑහෙන ට්රයි එකක් දුන්නා. බැරිම තැන වැඩේ අල්ලලා දාලා තියෙන්නෙ.
එදා සන්ජුත් එක්ක සන්ජුගෙ යාලුවෙකුත් ආවලු. යාලුවගෙ නම තාරුකාලු. ඒ දෙන්නා එතකොට තුන වසරෙ හින්දා පොඩ්ඩක් කලින් තමයි ඉස්කෝලෙ ඇරෙන්නෙ.
දර්ශනයත් සුපුරුදු පරිදි කාමරේට ඇවිත් ඇඳුම් මාරු කලාලු. හැබැයි මෑන්ට කාමරේ ජනේලෙ වහන්න අමතක උනාලු. සාමාන්යයෙන් ඔය වයසෙදි කොල්ලො සරමක් නැත්නම් අඩුම ගානෙ තුවායක් ඒත් නැත්නම් මොකක් හරි රෙද්දක් පාවිච්චි කරනවනෙ. මූට කිසිම සවුක්කියක් නෑ.(බෝඩිමේදි අපිත් එහෙම තමයි ). ඔය අතරෙ අර තාරුකාත් ජනේලෙ ගාවින් ගියාලු. පොඩි එවුන්ටත් ඕවා මැජික්නෙ. අනික හැමදාම දකින එකක්යැ. තාරුකා දුවගෙන ගියේ සංජු ගාවටලු. ගිහින් "සංජු සංජු අයියගෙ යාලුවෙක් දැක්කා" කිව්වලු. පස්සෙ සංජු ඔය කතාව හැමෝටම කියලා. අන්තිමේදි දර්ශනට කාඩ් එකක් වැදුනෙ "අයියගෙ යාලුවා" කියලා තමයි.
(පින්තූරය ගත්තෙ මෙතනින් http://img188.imageshack.us/img188/9065/124mz.jpg)
