Wednesday, April 4, 2012

රටක් බලාසිටි දෙදහස් පන්සීයෙ විවාදය




රෑ තිස්සෙ නිදි මරාගෙන දෙදාස් පන්සීයෙ විවාදෙ බැලුවා. හප්පොච්චියේ ඒක බලල මගෙ කටට ආපු දේවල්.
ඒත් ඉතින් මේකට කට අමුනන්නයැ. ඔන්න ඔහෙ සබ්ය බාසාවෙන් ලියල දැම්මා.



හිටියා අපි සැවොම බලියාගෙන මුකය
දෙරණට යොමු වෙලා තිබුනේ ඇස් දෙකය
ඒ මදිවට දික් කර ගත් කන් දෙකය
බෝඩිමෙ සැවොම බුදියන විට රෑ එකය

එනතුරු බලා සිටියේ බන්දුල මාමා
දෙදහස් පන්සීයෙ අරුමය ගෙන ඒමා
අනිත් පසින් එයි මැදවච්චියෙ මාමා
වාද පිටිය ගැන අවදානය බෝමා

හොස්ටල් වල ලමයින් කන බොන තාලේ
කැම්පස් වගෙම එක් කරගෙන ඉස්කෝලේ
අපූරුවට උන් දිවි ගෙවනා තාලේ
බන්දුල තුමා පෙන්වයි අප හට රාලේ

ආට් එකේ කැන්ටිම ගැන පවසනවා
රුපියල් විසි පහේ බත් එක පෙන්නනවා
එහි ඇති ගුණය ගැන එතුමා පවසනවා
රහ දන්නා අපි මේ ලෙස විඳවනවා

රවී මහත්තය බයිලයි පවසන්නේ
තර්ක බිඳින්නට ඔහු නැහැ වෙහෙසෙන්නේ
ලට්ට ලොට්ට ගොඩ එහෙ මෙහෙ කරමින්නේ
කිලිනොච්චිය පෙන්වා වෙනතක යන්නේ

දෙන්නගෙ විකාරය අපහට එපා උනා
අපටත් හොරා වේගෙන් කාලය ගෙවුනා
උදෑසනින් පිබිදිය යුතු බව දැනුනා
අනේ අපොයි කියමින් නින්දට වැටුනා