ඔබ යලි එනතුරු
දෑඟිලි ගැන්නා.......
දෑස රිදෙන තුරු
පෙරමඟ බැලුවා..........
ඉඳහිට නම් මට
සිහිනෙන් පෙනුනා......
මාහට නොදැනිම
දෙනුවන් තෙමුනා.......
නුඹ දැක ගන්නට
වෙහෙසක් දැරුවා.....
දින සති මාසද
අවුරුදු ගෙවුනා.....
පාසල් මිතුරන්
ගෙන් විමසූවා........
කිසිවෙක් නොදන්න
බව පැවසූවා.......
කොළඹට යන්නට
බසයට නැගුනා.....
ඔබෙ රුව වැනි
තව රුවකුත් දුටුවා.....
එනමුදු ඔබ
ඉදිරියෙනුයි සිටියේ.......
කෙලෙසද මා ඔබෙ
මුහුණ දකින්නේ.......
ඉස්සිල ගැස්සිලා
එබිකම් කෙරුවා......
බසයේ සිටි උන්
මාහට රැව්වා.....
නැගිටල යන්නට
මට සිත් වූවා.....
ඔබ දැකගන්නට
මා ට්‍රයි කෙරුවා.......
විනාඩි විස්සක්
දැන් ගතවූවා.......
ඔබ බැසයන්නට
සැරසෙනු දුටුවා........
කෙලෙසක හෝ
ඔබෙ මුහුණ දකිනවා....
ඔබ හමුවී
තොරතුරු විමසනවා......
පසුපස දොර වෙත
ඔබෙ රුව ඇදුනා.......
ඒ දැක මගෙ ඇස්
කඳුලෙන් පිරුනා.....
මා සෙවු රුව නොව
වෙනකෙකි සිටියේ......
බලාපොරොත්තුව
දෙදරී වැටුනේ......
මොනව කරන්නද
දුප්පතා.........
හදාගනින් හිත
කිරිපුතා.........
හප්පා කිරිපුතා කවිත් දන්නවනේ....
ReplyDeleteකිරිපුතා කවිකාරයෙකි !
ReplyDelete@ඔබ නොදුටු ලොවක්
ReplyDeleteතාම මං කවි ලියන්න ට්‍රයි කරනවා....
@මධුරංග
ReplyDeleteකවිකාරයෙක් වෙන්න නම් තව ගොඩක් දුර යන්න වෙයි.
අමුතු විදියේ කවි ටිකකි, නමුත් පට්ටාය.......
ReplyDelete@බීටා
ReplyDeleteතාම හොඳට කවි ලියන්න බෑ මචං.
කතා වගේම කවිත් ලියන්ඩ !!
ReplyDelete@හිස් අහස
ReplyDeleteකවි ලිවිල්ලෙනං තව ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.