Saturday, January 14, 2012

කාලෙකට පස්සෙ........


"කැම්පස් එකේ නේද ඉන්නෙ? තාම කෙල්ලෙක් නැද්ද?" බණ්ඩාර බාප්පගෙ පුංචි මගෙන් ඇසුවාය. "නෑ පුංචි" කියා මම සිනාසුනෙමි.
මෙසේ අපේ පවුලේ බොහෝදෙනෙක් මගෙන් අසා ඇත.එවිට මට මගේ අතීතය යලිත් සිහිවේ.

"කිරිපුතා ඉන්නෙ දුකෙන් වගේ.මොකද බන් අවුල?" අවිශ්කයත් ෆුල් සීරියස්ය.
"ඊයෙ මලගෙදරක ගියා නේද උඹ? යකෝ මැරිච්ච ආච්චිවත් උඹට වැහිලද?" ආයෙත් ඌ කියවයි.
"නෑ බං"
"ආයෙ පාරක් උඹට ලව් සික් එක ගහලද? මතකනේ ගියපාර ...."
"ආපෝ ඒ ගැන නම් මතක් කරන්නවත් එපා බං ආයෙ."
"එහෙනං මොකක්ද බං අහස පොලව ගැටලන්න වගේ කල්පනා කරන්නෙ?"
 "ඊයෙ මලගෙදරදි මම චාටර් උනා බං"
"ඕක ඉතිං හැමදාම වෙන එකක්නෙ. කාත් එක්කද උඹ ගියෙ?"
"මදුසංකයා, අපේ කරු මාමගෙ පුතා ඌත් එක්ක"
"ඇති උඹ ඔහොමවත් බේරිලා ආවා. මොකද ඌ ගෑනු කේස් එකක් වත් දාගත්තද?"
"ඌ තැනකට ගියොත් ඉවරනේ. ගියපු තැන වර්චස් කරගෙනනෙ එන්නෙ. මාත් ගෑනු පරානෙකින් බොහොම අමාරුවෙන් ගැලවිලා ආවෙ."
"උඹ...., යකෝ උඹටත් කැමති කෙල්ලො ඉන්නවද මේ රටේ. එක පාරක් මතකනේ නාගත්ත හැටි."

"මේ කෙල්ලත් ටිකක් ඒ ටයිප් තමයි.ඒ උනාට යක්ශ කටක් තියෙන්නෙ"
"වටින් ගොඩින් යන්නෙ නැතුව කේස් එක කියපංකො? මටත් වැඩ තියෙනවා බං."
" ඊයෙ තමයි මලගෙදර අවසාන කටයුතු තිබ්බෙ.අපේ පුංචි උගන්නන ඉස්කෝලෙ කෙල්ලො සෙට් එකක් ඇවිත් හිටියා. ඒ ගෙදර හිටපු නංගි කෙනෙක් අපිත් එක්ක ෆිට් වෙලා හිටියා. ඒ නංගිගෙ යාලුවො හින්දා අපිත් එක්කත් උන් ෆිට් උනා. ටික වෙලාවක් යනකොට එක්කෙනෙක් නිකං ලයින් වගේ තේරුණා. පස්සෙ ඉතින් අර නංගිගෙන් විස්තර අහලා බැලුවා"
"ඒ කියන්නෙ උඹටත් හිතට අල්ලල ගිහින් වගේ. අනේ සාදු."
"හිටපංකො කියනකන්, ඒ කෙල්ල O\L පාස්ලු.ඒ උනාට උසස් පෙල කරන්න ටිකක් කල් ඉස්කෝලෙ ගිහින් දැං යන්නෙ නෑලු. මොකක් හරි කේස් එකක් ඇති. ටිකක් වෙලා කතා කරනකොට ඒකි ඇවිල්ලා කොනිත්තනවා බං. මේ බලපංකො අත. ඒ අස්සෙ අපේ ගමෙන් ඇවිත් ඉන්න මිනිස්සුන්ට මදුසංඛයා ගිහින් කියලා අන්න කිරිපුතා කෙල්ලෙක් යාලුකරගෙන කියලා."
"උගෙ හැටි උඹ දන්නෙ නැද්ද බං.ඉතිං ඉතිං කියපන්කො"
"ගමේ එවුන් පෝලිමේ එනවා. ඇවිල්ලා #කෙන් හිනාවෙවී යන්නෙ. මම ටිකකින් වෙන පැත්තකට මාරුවෙලා ගියා."
" පස්සෙ ඒකි ඒ ඉස්කෝලෙන් ආපු කෙල්ලන්ටයි, හිටපු ඇන්ටිලාටයි ඔක්කෝටම කියලා මම ඒකිත් එක්ක යාලුයි කියලා.ඒ අස්සේ මම චාර්ජ් වෙන්න කාමරේ ගහලා තිබ්බ ෆෝන් එක අරන් බලනවා දාගෙන.ශුවර් නෑනෙ බං මොන ගේමක් දෙයිද කියලා. මම කොහොම හරි ෆෝන් එක උදුරලා ගත්තා. ඊට පස්සෙ බලද්දි ඒ පැත්තෙ ඇන්ටිලා වගේකුත් බලාගෙන. එයාලා මං ගැන මොනවා හිතුවද දන්නෙ නෑ."
"වෙන මොනවා හිතන්නද බං උඹ වලත්තයෙක් කියලා හිතන්න ඇති. කාමරේදිද ඔය කේස් එක උනේ?"
  "ඔව් බං. සෑහෙන ගේමක් දීලා ෆෝන් එක ගත්තෙ. වෙලාවට එතන තව කෙල්ලො සෙට් එකක් හිටියා. නැත්තං ඊට පස්සෙ කියයි දූෂණය කිරීමට තැත් කලා කියලා."
"කොහොමද එහෙම එකක් වෙලා ගමේ සෙට් එක එකතුවෙලා උඹට නෙලුවනං. සමහරවිට උඹේ කරේ එල්ලන්නත් තිබ්බා. මොකද ගමේ එවුන් දන්නවා ඇතිනෙ ඒකිගෙ හැටි."
"හැබැයි ඊට පස්සෙ ඒකිට යාලුවො සෙට් එක නෝන්ඩි කරලා වගේ. පස්සෙ ඇවිල්ලා මං තරහයි කියලා ගියා යන්න. ඊට ටික වෙලාවකට පස්සෙ උන් ගියා."
"ඉතින් දැන් ශේප්නෙ කේස් එක.මතකනේ ගියපාර දුර වැඩි හින්දා උඹ බේරුනා. මේ පාර හෙම සෙට් උනානම් උඹලගෙ පුංචි ආයෙ ඔය ඉස්කෝලෙ උගන්නලත් ඉවරයි. ඒක නෙවෙයි දැං මොකද උඹ මේ මූණ එල්ලගෙන ඉන්නෙ?"
" පුංචි කෝල් කරලා හෙට බණ අහන්න එන්න කිව්ව බං." 



4 comments:

  1. අම්බෝ කිරි පුතාටත් වෙන වැඩ !!!
    කිරි පුතා කාලෙකට පස්සේ ඇවිත් තියෙන්නේ. දැන් කැම්පස් එකේ කීවෙනි වසරෙද ?

    ReplyDelete
  2. @මධුරංග
    ඊයෙ මට මාර ගාඩ් එකක් ලැබුනෙ. වෙන කෙල්ලෙකුට කතා කරන්නවත් දෙන්නෙ නෑ.
    දැන් නම් 3 වසරෙ.

    ReplyDelete
  3. හොඳ වැඩේ......

    ReplyDelete
  4. @isimbuwa
    එහෙම කියන්න එපා ඉතින්......

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.