
මේක අපි ඉස්කෝලෙ යනකාලෙ කතාවෙච්ච වැදගත් කරුණක්. අපේ කතන්දර ශූරීන් පුක කියන්නෙ කුනුහරුපයක් නෙවෙයි කියල පෙන්නලා දුන්නනෙ.
ඒත් මීට අවුරුදු කීපෙකට කලින් අපි ඒ වගක් දැනගෙන හිටියත් ප්‍රසිද්ධ ස්ථාන වල පුක කියන වචනෙ නොකියන්න අපි පරිස්සම් වුනා. විශේෂයෙන්ම ගෑණු දැරිවියො ඉන්න තැන්වල. ඒ අයට නම් මේක මහා ලොකු කුණුහරුපයක් උනා.
හැබැයි ඉතිං ගමේදි නම් ගොඩක් මිනිස්සු පුක කියන වචනෙ කටේ දිවේ ගෑවෙන්නෙ නැතුව කියනවා.ඒක හින්දම ගමේදි කිසිම ගාණක් නැතුව පුක කියන වචනය ප්‍රකාශ කිරීමේ පූර්ණ නිදහස අපට තිබ්බා. නමුත් උසස් පෙල කරන්න පන්ති යන කාලෙ පුක කියන වචනය ඉස්කෝලෙට හා සීමිත ස්ථාන කීපයකට විතරක් සීමා කරන්න අපට සිද්ධ උනා.
නමුත් අපේ නිදහස අපට පාවිච්චි කරන්න දවසක් උදා වුනා.
එදා තවත් එක ඉරිදා දවසක්. අපි වෙනදා වගේම රසායන විද්‍යාව පන්තියේ වාඩිවෙලා හිටියා. පුරුදු විදියටම උගන්වන ගමන් සර් උදාහරන පැහැදිලි කරල දෙන ගමන් කතාවක් පටන්ගත්තා.
"මේ පන්තියෙ ඉන්නෙ කුනුහරුපයක්වත් දන්නෙ නැති කොල්ලොනෙ......" සර් එහෙම කියද්දි අපිත් කටවල් ඇරගෙන සර් දිහා බලාගෙන හිටියෙ තීරණාත්මක ක්‍රිකට් මැච් එකක අන්තිම ඕවරේ යන වෙලාවට ටීවි එක දිහා බලාගෙන ඉන්නවා වගේ.
"ගිය සතියෙ මේ පන්තියෙ පිරිමි ලමයෙක්ගෙ තාත්තෙක් මට කෝල් කලා. කෝල් කරල කියනවා, මම පන්තියෙ කුණුහරුප කියනවලු" සර් එහෙම කියද්දි මමයි මට එහා පැත්තෙන් හිටපු උදානයයි මූණෙන් මූණ බලා ගත්තා.
"යකෝ මෙච්චර කාලෙකට සර් පන්තියෙ කුණුහරුපයක් කියනවා අපට ඇහිල නෑනෙ." මම හෙමිහිට උදානයට කීවා.
"අඩේ අපි නොදන්න කුණුහරුපත් තියෙනවද දන්නෙ නෑ. " මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු සවුදා එහෙම කීවා.
උදානයා මුකුත් නොකියා උගෙ කින්ඩි හිනාව දැම්මා.
"මම ඇහුවා මොනවද මම කියපු කුණුහරුප කියලා" සර් එහෙම කියනකොට සවුදා තවත් අවධානයෙන් සර් ඉන්න පැත්ත බලන්න පටන් ගත්තා.
"මම පන්තියෙදි පුක කියලා කියනවලු, තව පඩේ කියලත් කියනවලු" ඒ වචන ටික ඇහෙනකොට අපේ මූණුත් මැලවුනා.
"නොදකින් යකෝ මේවද මේ කුණුහරුප.... මේවට කුණුහරුප කිව්වොත් අර එකම අකුරකින් පටන් ගන්න වචන සෙට් එකට කියන්න වචනයක් නැතිවෙයි" උදානයා කෙඳිරුවා.
"ඇයි එච්චරද තියෙන්නෙ....... " කියපු සවුදා කුණුහරුප වැලක් කියාගෙන ගියා.
අපි තුන්දෙනා අතර සිද්දවෙන මේ සයකන්මන්ත්රණය ඉස්සරහ පේලියට නෑහෙන ගානට ගෙනියන්න අපි සමත් වුනා. මොකද ඒ වෙනකොට අපි හිටියෙ පන්තියේ අන්තිම පේලිවල.
ලමයි දෙතුන් දාහක් ඉන්න පන්තියක අන්තිම පේලියක ඉන්න එවුන් ටිකක් යන්තමට කෙඳිරුවාට සර්ට නෑහෙන විත්තිය අපි හොඳින්ම දැනං හිටියා.
"පුක කියන වචනෙ හරිම අසභ්‍යයි. ඒක හින්දා ඒවගේ වචන පන්තියෙ පාවිච්චි කරන්න එපා. එහෙම කියලා ඒ මහත්තයා කිව්වා" සර් එහෙම කියනකොට සවුදා කිව්වෙ වෙන කතාවක්.
"එහෙම නෙවේ බං, ඒ මනුස්සයා කියන්න ඇත්තෙ පාපිල්ල අයින් කරලා පන්තියෙ පාවිච්චි කරන්න එපා කියලා" සවුදා කියද්දි අපි නෑහුණ ගානට හිටියා.
එතකොටම සර් ආයෙම කතාව පටන් ගත්තා.
" මම ඇහුවා ඉතිං, ඇයි මහත්තයට එහෙම එකක් නැද්ද කියලා. එතකොටම උන්නැහෙ ෆෝන් එක තිබ්බා" එහෙම කියපු සර් ආයෙම පාඩම පටන් ගත්තා.
අවසානයේ අපේ නිගමනය උනේ පුක කියන්නෙ හොඳ සිංහල වචනයක් හා ස්ථානෝචිතව පාවිච්චි කලයුතු වචනයක්. කොයිකටත් කට පරිස්සම් කරගන්න එක හොඳයි.
අවසාන උපදෙස : කිනම් භාෂාවක වුවද තැනට සුදුසු වචන භාවිතයෙන් අයහපතක් වීම වලකා ගත හැකිය.
හරිනේ කොච්චර හොඳ වචනයක් වුනාත් වැරදි වෙලාවේදී පාවිච්චිකලොත් ප්‍රශ්න.උලමා කියන වචනේ එහෙම ප්‍රසිද්ද ස්ථානවලදී පාවිච්චිකරන්න එපා. කන්න වෙනවා ..........
ReplyDeleteඅනිවා. ප්‍රදේශය අනුවත් සමහර වචනවල අර්ථය වෙනස් වෙනවා.
Deleteසර් ලස්සනට රිටන් එක දීලා..
ReplyDeleteඒ සර් එහෙම තමයි.
Deleteමොන පුකක්ද බං මේ....?
ReplyDeleteඕන පුකක්..
ඕවා ගනන් ගන්න එපා සුමිත් අයියෙ......
Deleteඕන පුකක් වෙන්න කියලා මේ ලියනේ....
ReplyDeleteමගේ ශබ්ධකෝෂයේ ඒකාලේ ඉදලම පුක තිබ්බා....
පුක කියන එක අපේ ගම්වල නම් ප්‍රසිද්ධියේ පාවිච්චිවෙන වචනයක්.
Deleteඕක තැනේ හැටියට පාවිච්චි කරන්න ඕන වචනයක්..
ReplyDeleteසහතික ඇත්ත. තැන නොතැන නොබලා පාවිච්චි කලොත් චාටර් වෙන්න වෙයි.
Deleteඅනිවා..කපු...පුක..හිකිස්...
ReplyDeleteපරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනෙ.
Deleteඔන දෙයක් තැනෙ හැටියට කරානම් හරි...
ReplyDeleteතැනේ හැටියට ඇනේ ගහන්න කියලා කියමනක් තියෙනවනෙ.
Deleteඋඹලට ඕක සර්ට කිව්වේ කව්ද කියල හොයාගන්න බැරිඋනාද බන්???
ReplyDeleteලමයි දෙතුන් දාහක් ඉන්න පන්තියක කිව්ව එකා කවුද කියලා හොයාගන්න එක ලේසි නෑ.
Deleteඇත්තටම පුක යනු කුණුහරුපයක් නොවේ. පුක, පඩ, කක්ක, චූ වැනි වචන සාමාන්‍යයෙන් මවුපියන්-දරුවන් ඉදිරියේදී වුව භාවිතා වන වදන්ය.
ReplyDeleteඇත්තටම ඔව්. ඕවා සාමාන්‍යයෙන් පාවිච්චිවෙන වචන.
Deleteකපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු කපු
ReplyDeletehenryblogwalker the Dude
කේක් ගෙඩි අප්පු
Deleteකේක් ගෙඩි අප්පු
කේක් ගෙඩි අප්පු
කේක් ගෙඩි අප්පු
කේක් ගෙඩි අප්පු
කේක් ගෙඩි අප්පු
කේක් ගෙඩි අප්පු
කේක් ගෙඩි අප්පු
@Dude
Deleteකපු කපු ..........
එක දිගට කියාගෙන යනකොට අකුරු දෙක මාරුවෙනවා වගේ.
@Observer
Deleteකෝකටත් දොස්තර කෙනෙක්ට පෙන්නන්න වෙයි.
ඔබා මාමාගේ පුකේ ගෙඩියක් කියන්නේ
Deleteපව් අසරණ ඔබා මාමා.........
Deleteඒක හරි ..කක්නේ ....... හි හි ඕවා නම් මොනවද...
ReplyDeleteඒක තමයි මචං. ඕවා ඔහොම්මමයි.
Deleteමට නම් ඕන පුකක් ප්‍රීති වෙසක්.ඒත් දැන්නම් ඕන පුකක් සත දහයයි. :D
ReplyDeleteආහ් රෙන පුකට මොන කැටයම්ද බන්? :P
(මේවා කොපි කිරීම තහනම් ඈ :) )
අපේ වර්ෂන් එක "රෙන පුකට මොන විච්චූරනද" කියන එකයි.
Deleteඔන්නං කොපිකරපල්ල බං මොන පුකක්ද?
:P
Delete@මඩිස්සලේ නිශාන්
Deleteහම්බෙයි උඹට සත දහයට..........
@Dude
Deleteඒකෙ එක එක වර්ශන් තියෙනවා නේද?
කේක් ගෙඩි අප්පු
ReplyDeleteකේක් ගෙඩි අප්පු
කේක් ගෙඩි අප්පු
කේක් ගෙඩි අප්පු
කේක් ගෙඩි අප්පු
කේක් ගෙඩි අප්පු
කේක් ගෙඩි අප්පු
කේක් ගෙඩි අප්පු
ඔබා මාමගෙද?
Deleteඇයි ලබ්බ ??
ReplyDeleteලබ්බට තියපු අත පුහුලටත් තියන්න එපාද කොහෙද කියල කතාවකුත් තියෙනවනෙ.
Deleteඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත යාලු. උක්ත මාතෘකාව වැරදි විදිහට භාවිතා කරපු රෙඩ්කැප් කාරයෙක් මේ ලගදි හිරේ ගියා මෙහෙ.ඒ ස්ථානේ රෙන්ට් අවුට් කොරැව්ව එකාව පොරොතිකාර කොරලා ටරමිනේෂොන් කොරැව්ව ඕං. ජය..!
ReplyDeleteඌ නිකන් තියෙන එක ආදායම් මාර්ගයක් කරගන්න ඇති.
Deleteඕනෙ පුකක් ප්‍රීති වෙසක් කියලා මේ ටික කියන්නම්..
ReplyDeleteඅපේ එකෙක් හිටියා පොරට 'ත' සහ 'ක' ලියන්න බැහැ හරියට. දෙකම එක වගේ.
පොර ලිව්ව දවසක් 'කිරි පුතා' කියලා
මම කියෙව්වා මෙහෙම 'කිරි පුකා'
ඇතිද ඒ ටික?
ජය !
මම හිතුවෙ පාපිල්ලත් නැතුව කියවයි කියලා.
Deleteනොකිව්වට උබ එහෙම තමා..
Deleteහූ..හූ.. ඉල්ලන් කෑවේ..
ඔව් මම එහෙම තමයි. ඇයි ගේමද........?
Deleteහැබෑටම ඕක කුණුහරුපයක් නෙමේ කියලා ඔප්පු කරලද !!!
ReplyDeleteහැම වචනයක්ම කුණුහරුපයක් වෙනවා වැරදියට පාවිච්චි කරාම..
තැනට සුදුසු විදියට වචන පාවිච්චි කරන්න ඕනෙ.
Deleteවේසි කියන එකත් කූනුහරපයක් නෙමෙයි.ඉතින් පුක ගැන කවර කතාද.ඔව්වා එක්තරා සමාජ පන්තියක් විසින් තමන්ගේ නැති ලොකූකම මවා පාන්නට හදාගත්ත දේවල්.සාමන්‍ය මිනිස්සු සහ උන් අතරේ පරතරයක් තියා ගන්න අටවපු උගූලක්.එ වචන වලින් අදහස නියමෙට ඉස්මතූ වෙනවා.
ReplyDeleteඅපේ මෙයා,අපේ එක්කෙනා .පවුල.වයිප්, කියනවට වඩා *අපේගෑණි* කියපුවහම ඇගට හොදට දැනෙනවා.එතකොට තමයි එ බර දැනෙන්නේ.
ඒ වචන පාවිච්චි කරන උන් පහත් කරලා වගේනෙ ඒ ඇත්තො සලකන්නෙ. ඒ උනාට ඕව ගම්වල සාමාන්‍යයෙන් පාවිච්චි වෙන වචන.
Deleteඅසභ්‍ය කියන්නෙ ‘අවස්ථාවට නොගැලපෙන‘ වගේ කතාවක් මම කොහේදි හරි කියවල තියනව. ඒ කියන්නෙ කෙනෙක් ගෙදර සාලේ (විසිත්ත කාමරය) මළපහ කළොත් ඒක අසභ්‍යයි. ස්විමිං පූල් එකක දිග කලිසම්, ෂර්ට් ඇඳගෙන නෑමත් අසභ්‍යයි. සාමාන්‍යයෙන් මිනිස්සු හිතන්නෙ අසභ්‍ය කියන්නෙ ලිංගික ක්‍රියා විතරයි කියල. ඒක නොගැලපෙන තැනක කරන කොට අසභ්‍ය වුනාට නිසි තැනක කළාම ඒක සභ්‍යයි. වචන වුනත්, සාමාන්‍ය ව්‍යවහාරෙදි නිතර භාවිත කරන වචනයක් වුනත් අනවශ්‍ය තැනක භාවිත කළාම ඒක අසභ්‍ය වෙනව. සාමාන්‍යයෙන් සිංහල භාෂාවෙ අසභ්‍ය කියල පොදුවෙ පිළිගන්න වචන වලින් වැඩි හරියක් නිකම්ම අපහාසාත්මක වචන විතරයි. සමහර ජන කොට්ඨාශවල ඒ වචන නිතරම භාවිත කරනව.
ReplyDeleteවයසක මනුස්සයෙක් මේ ළඟකදි එයාගෙ අත්දැකීමක් ගැන කියපු වෙලාවක ‘බයියො‘ කියල මිනිස්සු කොට්ඨාශයක් ගැන කතාවක් කිව්ව, ඒ මිනිස්සු නිතර වහරපු භාෂාවෙන් දෙබසුත් එක්ක. දෙයියනේ දැන් කාලෙ නම් ඒ බයියො කතාකරපු භාෂාව අමුකුණුහරුප. මේක මම කාටවත් අපහාස කරන්න කියපු දෙයක් නෙවෙයි.
කතාවට එකඟයි. ජනවර්ගය අනුවත් සභ්‍යත්වය තීරණය වෙනවා නේද?
Deleteඋඹ දන්න පුකකුත් නෑ... පුකේ දතකුත් නෑ...
ReplyDeleteඇයි උඹේ පුකේ දතුත් තියෙනවද?
Deleteමුඛෙයි අධෝ මුඛෙයි වෙනස නම් ඒක. මුඛේට දත් තියෙනවා අධෝ මුඛේට දත් නැහැ
Deleteමුඛයට දිවකුත් තියෙනවා...
Deleteකුණුහරප කියන්නෙ එකක්. අසභ්‍ය වචන කියන්නෙ තවත් එකක්. කුනුහරපයක් නොවුන පළියට සමහර වචන සභාවකදි කියන්න හොඳ නැහැ. පුක සහ පඩ කියන්නෙත් අසභ්‍ය වචන. ඒත් කුනුහරපයක් නෙවෙයි. ඒ වගේ තවත් වචන තියනවා. තට්ටම, බුරිය, කක්කුස්සිය වගෙ වචන වුනත් සභාවකදි කියන්නෙ පස්සාපැත්ත, පෙකණිය, වැසිකිළිය වගේ සභ්‍ය වචන වලින්. ඒ වුනාට බ්ලොග් එකකදි, සාමාන්‍ය තැනක කතා කරද්දි, ඒව පාවිච්චි කරනව. කවියකට වුනත් දැම්මට කමක් නැහැ. දැන් අපි ගත්තොත් ජෝඩුව කියන වචනෙ වුනත් යුවල කියලනේ ලියන්නෙ.
ReplyDeleteකොහොමත් ඒ වචන අදාල තැනට අනුව කතාකරන්න ඕනෙ. ප්‍රසිද්ධ සභාවක ඒවගේ වචන කිව්වොත් අපෙ ලකුණු කැපෙනවා.
Deleteමගේ කතා කියවන්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න
ReplyDeletehttps://www.facebook.com/%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%92-%E0%B6%B6%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F-1993063350776594/
ReplyDelete