Wednesday, February 22, 2012

දේවදයෙයි කණ්ඩේන් (මම සුරංගනාවියක් දැක්කා)



හැන්දෑවෙලේ මා නිවසේ සිටින විට
දෙමල සෝ එකක් බැලුමට සිතුනි මට
කොම්පීතරය පීරාලා බලනවිට
තිබුණා.....බලමි එය දැන් මම මෙතැන් සිට

ආදර කතාවකි හැමදාමත් තියෙන
සිටියේ "දනුශ්" කොලවෙරි ගායක රුවන
සිටියෙමි බලාගෙන එය දෙපැයක් පමණ
කාලය ගියේ ඉගිලී හීයක් ලෙසින

කොල්ලා දුප්පතෙකි මව්පියොවත් නැතිය
කෙල්ල පොහොසත්ය සැප සම්පත් ඇතිය
සුපුරුදු කතාවම මෙහි ලියවී නැතිය
වෙනසක් වන ලකුණු දැකගන්නට හැකිය

ආදර කතාවට බාදාවක් ආවා
කෙල්ලට යෝජනාවක් ගෙදරින් ආවා
පොහොහොසත්කමට මිල මුදලට යට වූවා
කෙල්ලත් පොහොසතාහට සෙනෙහස පෑවා

දුප්පත් තරුණයා ඇය පසුපසම විය
නොලැබුනි සහනයක් ඔහු අසරණම විය
නින්දා අපහාස ගැරහුම් බොහෝ විය
පිහිටට හිටියෙ අවසන ගරු උසාවිය

සතියක් මාසයක් නඩුවට දින ගෙවුනා
අවසන ඇගේ ආදරෙ ඔහුටම ලැබුනා
කොලුවා පිලිගන්න ඇය පෙරටම ඇදුනා
ඔහුගේ වදන් ඇගෙ හද පතුලට වැදුනා

ඔබගේ ආදරය ලැබුමට වැඳ වැටුනා
නොදකින් කියා ඔබ වෙනකෙකු වෙත ඇදුනා
මගෙ දුක කියා හැමදාමත් මම තැවුනා
අධිකරණයෙන් අවසන පිහිටක් ලැබුනා

ඔබ වැනි ගැහැණු කැපුමට හැක පොල්පිත්තෙං
වෙනකෙකු දුටුවොතින් උඹ යයි උගෙ පස්සෙං
ආදරෙ කිය කියා එන්නෑ ආයෙත් මං
දෑහට නොපෙනි උඹ යන මගුලක පලයං

එන්න එපා මගෙ දෑසට නොපෙනෙන්න
දනුශ් ගියේ ඈගෙන් සමුගෙන යන්න
මොහොත ඇවිත් මාහට දැන් නිදියන්න
බලනවනම් මෙතනින් එය බාගන්න

12 comments:

  1. අඩේ අප්පේ උඹ් පට්ටා කවියෙක් නොවැ බං

    ReplyDelete
  2. ආයේ දැන් මොනවා බලන්නද ඔය කතාව අපූරුවට කිව්වේ.

    ReplyDelete
  3. මගේ ප්‍රියතම ලැයිස්තුවේ දෙවෙනියා ධනුෂ්..

    ReplyDelete
  4. @Mobileman
    දනුශ්ගෙ ඇක්ටිං මරු

    ReplyDelete
  5. @Shani
    එතකොට පලවෙනියා කවුද.......?

    ReplyDelete
  6. පට්ටම කවි ටික. අපූරුයි.. ආයේ සෝ එක බලන්න ඕන නෑ.. දයා රාජපක්ෂගේ මඩිස්සලේ වගේ...

    ReplyDelete
  7. @මාතලන්
    ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  8. පට්ට කවි ටිකක් කිරිපුතෝ !!!!

    ReplyDelete
  9. @මධුරංග
    තැන්කූ තැන්කූ

    ReplyDelete
  10. මම දෙමළ යාලුවෙක්ගේ ගෙදර ගිහිල්ලා 3 පාරක්ම බලන්න ට්‍රයි කරා ආරුමුගම් සාමි ‍ෆිල්ම් එක...හැමදාම තුන්වෙනි සීඩී එක දානකොට අපි නෑ...

    ReplyDelete
  11. @ඔබ නොදු‍ටු ලොවක්
    කේස් එක කියන්නෙ දෙමල ෆිල්ම් හෙන දිගයිනෙ. අඩුම පැය දෙක හමාරක්වත් යනවා.

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.