( මෙය ඇසින් දුටු සත්‍ය සිද්ධියක් ඇසුරෙන් නිර්මාණය කලෙමි.)
කට සැරකමටයි ඕපදූපෙටයි
නම් දරලා ඇත අප පැත්තේ
කුසුමා නැන්දට මුල්තැන දී ඇත
කවුරුත් ඈගෙ සිත් ගත්තේ
දුවේ පුතේ කියමින් අප අමතයි
නරකක් නම් ගෑවිල නැත්තේ
වරදක් වූවොත් ජාතිය අමතයි
ලැජ්ජාවක් කිසිවිට නැත්තේ
කඩිසරකමටයි දඟවැඩ එමටයි
එකම පුතෙකි ඈ හට ඉන්නේ
කුනුහරුපෙන් මිතුරන් ඇමතූවට
පස්වෙනි පන්තියෙ නොවැ උන්නේ
සෝමෙ මාමගේ වත්තට පැනලා
කෙසෙල් කැනකි කපලා ඇත්තේ
ගමේ දඩබ්බර කොල්ලෝ රෑනට
පොඩි එකාව ගාවා ගත්තේ
කවුරුද එන්නේ මොනවද වෙන්නේ
හොයලා බලපන් පොඩි කොල්ලෝ
ඌව රවටලා හොරකම් කරලා
කැන අරගෙන යති ලොකු කොල්ලෝ
සෝමේ මාමා වත්තට එනවිට
කෙසෙල් කැනත් කපලා තිබුනේ
මාමා දැකලා දුවනා විටදී
පය පැකිලිලා කොල්ලා වැටුනේ
දෙකක් තුනක් කන හරහා දුන්නට
ඌ නැහැ කිසිවක් පවසන්නේ
කුසුමා එනතුරු හිටපිය ඔහොමම
මාමා ඌ අල්ලා ගන්නේ
කඳුලු හලාගෙන තරහ නගාගෙන
කුසුමා හනිකට පැමිණෙන්නේ
ඈගේ සද්දෙට ගම්මුන් ඇවිදින්
වටපිට බල බල හිනැහෙන්නේ
කවුරුද උඹ මේකට පැටලෙව්වේ
කියපන් මට පැහැදිලිව ඉතා
උඹව යවන්නේ නෑ මම කොහොමත්
නොකිව්වොතින් _ _ගේ පුතා
කොලුවා බැලුවා අසරණ විලසින්
කුසුමා ඇවිදින් බව දැක්කා
පැනයන්නට කොල්ලාට ඉඩනොදී
සෝමේ මාමා මග රැක්කා
මාව රවටලා උන් පැනගත්තා
දුන්නේ නැහැ නොවැ මට කාසී
කොහොමත් මම නම් පුතා තමයිනේ
අන්න අතන ඉන්නේ _සී
සෝමේ මාමගෙ කල් කිරියාවත්
ගම්මු ඉදිරියේ එලි වෙන්නේ
කාටත් නොදැනෙන ලෙසිනේ හෙමිහිට
කුසුමත් ඔය ලිස්සල යන්නේ
මේක එකපාරක් කියවලා ආයේ කියෙව්වා තාලයක් හදාගෙන මාර ගති එතකොට.... කොල්ලා සිරාවට කුසුමා පෙන්නලා එහෙම කිව්වද කිරිපුතා අයියේ
ReplyDeleteඒකා ඔයිට වඩා ඒව කියන්නෙ. ඌට ඒවගෙ ගාණක් නෑ.
Deleteකැලෑ පත්තරයක් වගේ. නියමයි.
ReplyDeleteකැලෑ පත්තරයක්. හුහ්.......
Deleteඅපේ ගමේ නාලනී ඇන්ටි හා එයාගේ පුතා නාලක මතක් වුනා.
ReplyDeleteකොයි පැත්තෙත් ඔයවගේ සීන්ස් තියෙනවා.
Deleteඔක්කොමත් හරි මොකො කුසුමා මරු වෙලා ගියේ??
ReplyDeleteවැඩේ මාට්ටු වෙන ලයින් එකක් ගිය හින්ද වෙන්න ඇති
Deleteහික් හික් සිරා බං....ඇත්තටම උඹ කැලැපත්තර ගහන්න නං නියම දක්සයා.....
ReplyDeleteකාටහරි විරුද්දව කැලෑ පත්තරයක් හෙම ගහන්න තියෙනවනං කියහං
Deleteමේක කැලා පත්තරයක් තමයි....හෙහ්...හෙහ්...
ReplyDeleteඔබා අංකලුත් කින්ඩිය දානවනෙ ඉතිං...
Deleteමේකේ බීට් එක නිකම් අර දගයා කාටූන් එකේ බීට් එකට යනවා වගේ දැනෙනවා
ReplyDeleteඅඩේ එහෙනම් ඒ තාලෙට කියන්න ට්‍රයි එකක් දෙන්න ඕනෙ
Deleteලෙසටම ලියා ඇත. කැළෑ පත්තර මතක් උනා....
ReplyDeleteමාතලන් අයියගෙ කොමෙන්ට් එක ස්පෑං ගොඩට ගිහිං නොවැ. බොහොම අමාරුවෙං හොයාගත්තෙ.
Deleteසෝමේ මාමා ට කොල්ලා අල්ලාගත් මෝඩකම යැයි හිතෙන්ඩ ඇති..!
ReplyDeleteඅනිවා...... මෝඩකමට බෙහෙත් නෑනෙ....
Deleteකාලෙකින් කැලෑ පත්තරයක් කියෙව්වෙ.. ලෙසටම ලියලා තියනවා..
ReplyDeleteගොඩක් ස්තූතියි......
Deleteසෝමේ මාමයි කුසුම නැන්දයි පව් නැද්ද අප්පා ?
ReplyDeleteපව් තමයි. දැන් ඉතින් වැඩේ මාට්ටුනෙ.
Deleteඅප්පා අපේ ගම පැත්තෙත් උන්න හැබැයි මේ වගේ ඩයල් කීපයක්ම . සත්‍ය සිද්දියක් නිසා ඇගට දැනුනා ..
ReplyDeleteගොඩක් ගම්වල ඔයවගේ චරිත ඉන්නවා.
Deleteලොල් පට්ට ඈ තව පොඩ්ඩෙන් කුසුමා නැන්දගෙයි සෝමේ මාමාගෙයි බඩු මාට්ටු :)
ReplyDeleteනූලෙන් වැඩේ ශේප් වෙලා ගියේ.
Deleteසෝමෙ මාමා සෝමෙ මාමා බීල නැන්ද රවනවා......
ReplyDeleteමාමා බීලා මාමා බීලා මාමා බීල කුසුම එක්ක නටනවා.......
ඔය නටපුවා තමයි එලිවෙන්නෙ.
Deleteවිරිදු මාදිලියේ කවිපන්තියක්.....
ReplyDeleteලස්සනට කියවන්න පුළුවන් සිද්ධියත් එක්ක තාලය ගානට ගැලපෙනවා.
රබාන ගහන්න පුලුවන් උනානම් කියන්න තිබුනා.
Deleteඑළ එළ... කොල්ලගේ ලපටි මොලේ
ReplyDeleteඒකා තරම් අණ්ඩපාලයෙක් අහල ගං හතකින්වත් හොයාගන්න නෑ.
Deleteකුසුමා නැන්ද මේක බලන්නේ නැතුව ඇති . නියමෙටම ලියල
ReplyDeleteඋන්දැ කියවන බ්ලොග්.මේක කීයටවත් උන්දැගෙ ඇහැ ගැටෙන්නෙ නෑ.
Delete