Sunday, April 29, 2012

විජේ මාමා අයි.ටී.එන්. බලපු හැටි



අවුරුදු කාලෙ කාගෙ කාගෙත් කරල පැහෙද්දි ජාතික කොඩිය වෙනුවට සරම එල්ලන්න හදපු විජේ මාමට ලබල තිබුනෙ නරක කාලයක්. මාමගෙ කාලෙ නරක උනාට නැන්දගෙ නම් ඉහේ මලක් පිපිලා තිබුනෙ.
විජේ මාමලාගෙ ඇන්ටනාව කැඩිලා. දැන් අහුවෙන්නෙ අයි.ටී. එන් විතරයි. කඩේට එන පක්ශ විපක්ශ හැමෝටම විජේ මාමා මේ අඳෝනාව කියෝනවා. ඉතින් අවුරුදු නිවාඩුවට ගමේ ගිය මටත් විජේ මාමගෙ අඬුවැඩියාව අහන්න ලැබුනා. ඒ අඳෝනාව ඇහුවට පස්සෙ ඒක කවියෙන් ලියන්න මට හිතුනා. ලියවිච්ච කවි ටික තමයි මේ.

හොඳටම පැහැදිලියි තිතටම අහුවෙනවා
ඇන්ටනාව නැතුවත් අපි නරඹනවා
නිවුස් දකින කොට පොඩ්ඩක් තද වෙනවා
කතා ටික බලල ආයෙම සැනසෙනවා

නිවුස් වලට හැමදම එකමයි යන්නේ
ඊට පසුව විමසුම අප නරඹන්නේ
අනේ අපොයි කියමින් බැන බැන ඉන්නේ
අමා දැකල ආයෙම අප සැනසෙන්නේ

රන් සමනලයො පියඹති රෑ අටේ සිට
සිහින පියාපත් ලැබෙනව ඊලඟට
සපුමලි අඬන්නේ මීලඟ කනිසමට
ආයෙම නිවුස් යන්නේ ලේ පුච්චන්ට

සති අන්තයට වෙන වෙන ඒවා යනවා
අටපට්ටම එක එක දේ පෙන්නනවා
වෙනස නැවුම් වෙනසක් අරගෙන එනවා
කෝපි කඩේ දැන් එකතැන පල් වෙනවා

සැටඩේ මූවි කියලා එකකුත් යනවා
චැට් ඇන් මියුසිකුත් ගත සිත පුබුදනවා
ලට්ට ලොට්ට ගොඩකුත් තව එක්වෙනවා
අයි.ටී.එන් බල බල අපි හිනැහෙනවා

42 comments:

  1. මගේ ටීවී එකට අහු නොවන එකම චැනල් එක තමයි ඔය..ඒ ගැන අඬන්නද , සතුටු වෙන්නද කියලා තේරෙන්නෙ නම් නෑ..

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරට නම් තිතටම අහුවෙනවා. ඒක හින්දා ඔය හොඳයි වටිනවයි කියලා හිතෙන වැඩසටහන් ටික බලනවා.

      Delete
    2. සතුටු වෙයන්... අපි නම් ඔය බඩකඩිත්තුව බලන් නෑ.

      Anu

      Delete
    3. @Anu

      අපි නම් ඉඳලා හිටලා කම්මැලිකමට බලනවා.....

      Delete
  2. විජේ මාමගේ පක්ශේ හරිනම් නියමෙටම ගැලපෙනචැනල් එක.. :)

    ReplyDelete
    Replies
    1. පක්ෂෙ හරි නැති එක තමයි තියෙන ලොකුම අවුල....

      Delete
  3. පට්ට කවි ටික...... අනිත් චැනල් ගැනත් සලකල බැලුවොත් නරකද

    ReplyDelete
    Replies
    1. බලමු බලමු....... අනිත් ඒවත් ටිකක් බලලා තමයි කවි ලියන්න වෙන්නෙ....

      Delete
  4. මටනම් ඔය අයි ටී ඇන් එකෙන් ටිකක් හරි හොද "වෙනස" එක විතරමයි

    ReplyDelete
    Replies
    1. වෙනසෙ ගතියක් තියෙනවා. මාත් පුලුවන් දවස් වලට ඒක අනිවා බලනවා.....

      Delete
  5. හරියට හරි දැනට නම් වෙනස..ටිකක් හොඳ වැඩසටහනක් බලමු ඉස්සරහට..නමුත් උබේ කවි ටිකනම් එළ..

    ReplyDelete
    Replies
    1. අනිත් වැඩසටහන් එක්ක සංසන්දනය කරද්දි වෙනස ටිකක් ඉස්සරහින් තියෙනවා......

      Delete
  6. මම නම් ආසම විමසුමට...තනිකර ඇත්තම කියනවනෙ ඒකෙ.....කවි ටික නම් වදින්නම ලියල තියෙනව....

    ReplyDelete
    Replies
    1. විමසුම නම් පට්ට.........
      මාර ජෝක්නෙ ඒකෙ යන්නෙ...
      ආසයිනේ........

      Delete
  7. Replies
    1. ගොඩක් ස්තූතියි වර්ණෝ........

      Delete
  8. නොම්මර එකේ කවියා වෙබ් අවකාසේ
    එහෙම කිව්වේ සඳරුව නෙව හිස් අහසේ
    ලයිට් බිලත් දැන් නගිනව නෙව අහසේ
    තව කවි ලියාපං වහලා ටීවී එක මුළු දවසේ

    ReplyDelete
    Replies
    1. මොනවද අයියෙ ඔබ මා ගැන පවසන්නේ
      කවියන් සයිබරයෙ බර ගාණකි ඉන්නේ
      රසවත් කවි ඔවුන් නිතරම දක්වන්නේ
      ඒ අතරට මා කුරුමිට්ටෙකු වැන්නේ

      Delete
    2. කුරුමිට්ටා බව දුටිමි සයිබර් සැනකෙලියේදී
      ඒ උඹෙ කය මිසක් නැත හැකියා කවි ලියද්දී
      මා කලේ ඉස්තිරයයි යෝජන සඳරුවා දෙද්දී
      උඹ හැර වෙන කෙනෙක් නෑ කොළුවෝ මෙ වෙද්දී

      Delete
    3. අයියන්ඩියේ නුඹ සිටි විට සැනකෙලියේ
      දුටුවද මාව කුරුමිට්ටෙකු ලෙස ජොලියේ
      දස මහ යෝදයන් සිටියා නම් එලියේ
      මගෙ රුව පෙනෙයි ඔබ දුටු ලෙස සැනකෙලියේ

      Delete
    4. මේකයි කාරනේ මලයෝ දැන් මතක් වුනේ
      මමත් නැග්ග නොව ලදරුවෙ නගිනා මුදුනේ
      උඹ හිටියේ බිමයි මම හිටියේ උඩනේ
      ඒකයි උඹව පෙනුනේ කුරුමිට්ටා ලෙසිනේ

      Delete
    5. අයියේ අපේ කවි දැන් නැගලම යනවා
      ඔපීසියෙදි කවි සිතුවිලි එක් වෙනවා
      බොසා දුටුවොතින් මම බ්ලොග් කියවනවා
      අසරණ මගේ රස්සාවත් නැතිවෙනවා

      Delete
    6. කොයිද කියාපං ඔය බෝසා ඉන්නේ
      උඹ වැනි අහිංසකයන් අල්ලා ගන්නේ
      මම එමි මුන ගැහෙමි හොම්ම්බට දෙක දෙන්නේ
      එතකොට බොසා මින් මතු උඹ දෙස නොබලන්නේ

      Delete
    7. කියපං බොසා ආවද උඹගේ පැත්තේ
      ඇවිදින් මගේ ලිපිණෙද ඉල්ලා ගත්තේ
      එනවද හොයං මාගේ ඔෆිසිය පැත්තේ
      ඒවා කොහෙද කොල්ලෝ - අපි බෙන්තර පැත්තේ

      Delete
    8. බොසා ආවෙ නම් නැත අපගේ පැත්තේ
      වෙසක් එක නිසා ගම වෙත ගොස් ඇත්තේ
      ඇසුවොත් ඔහු ඔබ මෙහි දක්වන තත්තේ
      කියනෙමි මමත් කියලා උඩරට පැත්තේ

      Delete
  9. ........ පවුලේ නාලිකාව!! ටෙලි නැට්‍යවලත් දේශපාලනේ කරන එකම නාලිකාව.(කෝපි කඩේ).ඕක විතරක්ම බලන්න වෙනවා කියන්නේ ඉතින් පාරුවේපුවක්! කවි ටික නම් මරු , තව ටිකක් ලිව්වානම් ගති.

    ReplyDelete
    Replies
    1. පාරුවේ පුවක් නම් තමයි. පක්ෂෙවත් මාරු වෙලා තිබ්බනම් උන්දෑ සන්තෝසෙන් ඉඳී. කොහෙද ඉතිං අලියෙක් අල්ලගෙනනෙ.

      Delete
  10. සහතික ඇත්ත..
    කෝ කට ඇරහන් ගල් බෝතලයක් හලන්න... :-)

    ReplyDelete
    Replies
    1. චී අපි නම් ඕවා බොන්නෙ නෑ. අපි හොඳ ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො.

      Delete
  11. මං නම් අයි.ටි.එන් බලන්නේ නැහැ ඉරිදා උදේට යන මූවි එක විතරයි බලන්නේ

    ReplyDelete
    Replies
    1. මටත් දැන් ගොඩක් දවසකින් බලන්න බැරි උනා........

      Delete
  12. අපිට ටී වී නැති හින්ද අවුලක් නෑ.
    විජේ මාමාට නම් හරියනවා ඇත්තෙ "සිරස" නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. සිරස, ටී එන් එල් ඒවා තමයි උන්දැගෙ ප්‍රියතම චැනල්. කඩේට ගිය උන්ව වාදෙට ඇදල ගන්නෙ ඕව බලල තමයි.

      Delete
  13. කිරිපුතාට මුදල් ගෙවා ප්‍රචාරය කොරලද මන්දා.. :)

    කවිටික සුපිරි.. ඇත්ත තමා බං ඔහ අසික්කිත චැනල බලුවම එපා වෙනවා.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද බං. සල්ලි තියා වී වත් හම්බ උනේ නෑ......

      Delete
  14. හික්ස්ස් අපේ ගෙදරත් ඉස්සර ඔහොමයි. ඒකට පිං සිද්දවෙන්න මට අදටත් ටීවී බලන්න ආසාවක් නෑ :D

    ReplyDelete
    Replies
    1. මටත් ඉතිං ගෙදර ගියාම සොරි තමයි....... :(

      Delete
  15. ඇන්ටනා වයර් බයර් නැතුව බලන්න පුළුවන් එකම චැනලය තමයි අයි ටී එන්.. හිතකින් බලන්ඩ බැරි වුනාට.

    ReplyDelete
    Replies
    1. අනිවා.... සහතික ඇත්ත.......

      Delete
  16. අරමනුස්සයාගේ ඇන්ටන‍ාව හදලා දීපන්කො

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.