ප්‍රින්සිපල් පන්තියෙන් ගියාට පස්සෙ අපි දෙන්නා පනික්කුවා ලඟට කිට්ටු උනා. අපි පොරගෙන් උනේ මොකක්ද කියලා ඇහුවා. පනික්කුවා සද්ද නෑ. කොච්චර ඇහුවත් කියන්නෙම නෑ.
අපි ඒත් වැඩේ අත ඇරියෙ නෑ. පනික්කුවා නැති උනාට මොකෝ මේ බන්ඩි ඉන්නෙ. බන්ඩිගෙන් ඇහුවා විතරයි.බන්ඩි කතාව මුල සිට සරලව පටන් ගත්තා.
අපි දෙන්නා දුවගෙන එනකොට පනික්කුවත් අපි පස්සෙම දුවගෙන ඇවිල්ලා.ඒත් ටිකක් දුර දුවගෙන එනකොට තමයි පොරට මතක් වෙලා තියෙන්නෙ බන්ඩියා නෑ කියලා. පොර ආපහු ගිහින් බලනකොට බන්ඩියව ප්‍රින්සිපල් අල්ලාගෙන ඉන්නවලු.පනික්කුවා ගියපු ගමන් ප්‍රින්සිපල්ට වඳින්න පටන් ගත්තලු.
"අනේ බුදු සර්,අපට සමාවෙන්න" කියලා.
ඊට පස්සෙ ප්‍රින්සිපල් කියනවලු.
"හා හා පුතා, ඔය වැන්දා ඇති නැගිටින්න" කියලා.
මේක දකින බන්ඩියට හිනාව නවත්තගන්න බැරිලු. ඒත් ඉතින් මෙතන හිනා වෙන්නයැ. බන්ඩියා හිනාව කාගෙන හිටියලු.
අන්තිමේදි ප්‍රින්සිපල්ටයි අනිත් සර්ලටයි ඔක්කොමලටම හිනාලු. ඊට පස්සෙ උන් දෙන්නගෙන් අපේ නම් දෙක අහගෙන තමයි ප්‍රින්සිපල් පන්තියට ඇවිත් තියෙන්නෙ.
අපේ කරු මාමට වෙච්ච සිද්දියක් ඊලඟ පෝස්ට් එකෙන් දාන්නම්කො.
ඔයාල බලයි මොකක්ද මේ දාලා තියෙන පින්තූරෙ, ඒක මේ පෝස්ට් එකට පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නෑනෙ කියලා. මේ පින්තූරෙට හරියන කතාවක් තමයි ඊලඟට දාන්නෙ.
ඇත්තම කියනවනනම් මේ පෝස්ට් එකට හරියන පින්තූරයක් හොයාගන්න පැය ගාණක් ට්‍රයි කරත් උත්සාහය අත් අරින්න සිද්ධ උනා.
No comments:
Post a Comment
ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.