Sunday, January 9, 2011
මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්ටැ....
මහ වැස්සට ඇල දොල පිරිලා යන්නේ
පස් කඳු පිටින් පොලවට ඇදිලා එන්නේ
අසරණයින් ඒ පස් යට වැලලෙන්නේ
දෙවියනි බලන් අපහට මොනවද වෙන්නේ
සීතල ඇවිත් මගෙ ගත වට දැවටෙනවා
මදුරුවො ඇවිත් මගෙ කන වට කැරකෙනවා
රෙද්දක් පෙරව ගන්නට මට සිත්වෙනවා
තව ටිකකින් මම හොඳටම නිදියනවා
පාර පුරා වතුර ගලා පාර කැඩිල යන්නේ
පාර හදපු මාමලාගෙ අම්මල සිහිවන්නේ
අපේ පාරෙ බස් එක නෑ හෙට උදේට එන්නේ
මම කොහොමද හෙට උදේට කොලොම්තොටට යන්නේ
Labels:
කිරිපුතාගෙ කවි
Subscribe to:
Post Comments (Atom)
පාර හදපු මාමලාගෙ අම්මල සිහිවන්නේ... ඉතිං ඊට පස්සෙ? ;)
ReplyDeleteකාටවත් ඇහෙන්නෙ නැතිවෙන්න බැනලා දානවා. වෙන මොනව කරන්නද.
Delete