අද කතාව නම් ටිකක් දුක හිතෙන කතාවක්. එක දවසක් මම ගෙදර ඉඳලා ආපහු මගෙ නවාතැන්පොලට එන්න බස් එකට නැග්ගා. මම බස් එකේ වාඩි වෙලා ඉන්නකොට අම්මෙකුයි තාත්තෙකුයි දුවෙකුයි පේමන්ට් එක දිගේ ගියා. දුවට අවුරුදු 10ක් විතර ඇති. අම්මයි තාත්තයි දෙන්නම අන්ධයි.හැබැයි ඒ දෙන්නා හොඳට ඉගෙනගත්තු දෙන්නෙක් වගේ තමයි පෙනුණේ.
දුවට අවුරුදු 10ක් විතර ඇති. දුව අම්මගෙයි තාත්තගෙයි අත් දෙකේ එල්ලිලා පාරෙ යන ගමන් ඒ දෙන්නට එයා දකින දේවල් කියලා දෙනවා. තමන් මේ ලොකේ නොදැක්කට තමන්ගෙ ආදරණීය දියණිය මේ ලෝකෙ දකිනවා ඇති කියලා මේ දෙන්නා සතුටු වෙනවා ඇති.
ඔන්න බස් එක කොලොම්තොටට එන්න පටන් ගත්තා. කිසිම අවුලක් නැතිව බස් එක එනවා. කැලණිය හරියෙදි බස් එකට තරුණයෙක් නැග්ගා.
වෙනදා දකින මිනිස්සු වගේම මොනව හරි කියලා සල්ලි එකතු කරන කෙනෙක් කියලයි මම මුලින් හිතුවෙ.
ඒත් මගෙ සිතුවිල්ල වැරදියි කියලා තේරෙන්න මට වැඩිවෙලාවක් ගියේ නෑ.
ඒ තරුණයාගේ අම්මට හදවත් රෝගයක් තියෙනවලු. එක පාරක් ඔපරේෂන් කරලා. ඊට පස්සෙ දිනපතා බෙහෙත් ගන්න කියලා දොස්තර නියම කරලා. මෙයාට තව නංගියෙක් ඉන්නවලු. තාත්තත් නැතිවෙලා. අම්මා විතරයි ඉන්නෙ.
අම්මව සනීප කරන්න ඕන හින්ද එයා ඉගෙනීම නවත්තලා වේවැල් වලින් එක එක බඩු හදන තැනක වැඩට ගිහින්.
ඒකෙන් දවසකට රුපියල් හාරසීයක් හම්බවෙනවලු. ඒකෙන් අම්මගෙ බෙහෙත් වලටයි නංගිගෙ ඉගෙනීමටයි වියදම් කරගන්න ඇතිලු.
ඒත් එදා අම්මගෙ බෙහෙත් වලට සල්ලි මදිවෙලා. ඉල්ලගන්න කෙනෙක් නැති නිසා තමයි එයා කවදාවත් නැතුව සල්ලි ටික එකතු කරගන්න බස් එකට නැගල තියෙන්නෙ.
මටත් නොදැනීම මගෙ ඇස් වලට කඳුලු ආවා ඒ කතාව ඇහුවට පස්සෙ.
තමන්ගෙ අම්මගෙ ජීවිතේ බේරගන්න කැපවුනු මේ පුතාට මමත් බස් එකේ හිටපු ගොඩක් අයත් තමන්ට පුලුවන් විදියට උදව් කලා.
ඒ වගේ පුතෙක් ලබපු ඒ අම්මා ගොඩක් වාසනාවන්තයි.
ඒ අම්මට දීර්ගායුෂ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
අද කාලෙ කෙනෙක්ගෙ අසරණ කමක් දැක්කට තව කෙනෙක්ට කඳුළක් එන්නෙ කලාතුරකින්.
ReplyDeleteකාමෝෂි film එක බලල තියෙනවද. ඒකෙ ගොලු අම්මෙකුගෙයි ගොලු තාත්තෙකුගෙයි කතා කරන්න පුලුවන් දුව එයාලට ලෝකය කියල දෙන හැටි තියෙන්නෙ
මම ඒ film එක බලලා නම් නෑ. මම හොයාගෙන බලන්නම්කො.
ReplyDeleteඇහැට කඳුලක් නැඟුනු කතා දෙකක්,
ReplyDeleteඔබ වැනි සංවේදී මිනිසුන් රටට වාසනාවන්.
Delete