පළමුවන කොටස
ඒ ඇස් දෙක අඳුරගන්න මට අපහසු උනේ නෑ.
සිතාරායි තරුෂියි අපි බෑග් තියපු සීට් එකේ වාඩි වුනා. තවත් පැයකට විතර පස්සෙ චාටර් වෙවී තිබ්බ බස් දෙක අනුරාධපුරේ බලා ඇදෙන්න ගත්තා.
සෙට් එක ගෙනත් තිබ්බ ලට්ට ලොට්ට වලට තඩිබබා සින්දු කියන්න පටන්ගත්තා. ඒ අතරින් ලලිත්ගෙ ප්‍රියතම ගායකයා වෙච්ච බස් අජිත්ට විශේෂ තැනක් දෙන්න ඌ විතරක් නෙමෙයි අපිත් අමතක කලේ නෑ.
ඔහොම යන අතරෙ කට්ටිය ගෙවල්වලින් ගෙනාපු කැවිලි ජාති කකා අපි අපේ පාඩුවේ ගීත ගායනා කරමින් හිටියා.
මගේ ප්‍රියම්බිකාව එක්ක දොඩමලු වෙන්න වගේම අනිත් එවුන්ගෙ ප්‍රේමකථා වලට සුලු සුලු උපකාර කරන්නත් මට පුලුවන් උනා.
විශේෂයෙන්ම ලලිත්ට වැඩේ ගොඩදාගන්න මගෙ උපරිමෙන්ම සපෝර්ට් එක දුන්නා. ටිකක් දුර යනකොට සින්දු කීම නැගලම යන අතරෙ කට්ටිය බස් එක ඇතුලෙ ඩාන්ස් කරන්නත් පටන් ගත්තා. කට්ටියට ඩාන්ස් කරන්න ඉඩදීලා මම සිතාරගෙ ලඟින් වාඩිවුනා.
අනුරාධපුරේට යනකල්ම සිතාරාත් එක්ක කතා කර කර යන්න චාන්ස් එක ලැබුනා. මං කොච්චර වාසනාවන්තද සිතාරාගෙ ඇස් දෙක දිහා බලපු මට හිතුනා.
මම ටීවි එකේ යන හින්දි ෆිල්ම් එකක් නෑර බලන හින්දම ලව් කරන එකත් හින්දි ෆිල්ම්වල වගේ කරන්න ඕනෙ කියල තමයි මට හිතුනෙ. ඒ වෙනකොට මට වයස අවුරුදු 15ක් වෙලාවත් නෑ. ඔය වයසෙ ඉන්න කොල්ලෙක් මොනවද ආදරේ ගැන දන්නෙ.
ඔය අතරෙ ලලිතුත් නන්දනීට පේන්න තමන් දන්න ශිල්ප පෙන්වමින් හිටියා. ගමේ ඉස්කෝලෙ ඉද්දි ලලිතුයි මායි හිටියෙ එක පන්තියෙ. සිතාරා, තරුෂි ඒ වගේම එරංගයත් හිටියෙ අපේ පන්තියෙ. ඒක හින්ද දහම් පාසලේදි අපි හතරදෙනා හිටියෙත් එකම පන්තියෙ. ලලිත්ව දහම් පාසල් යවන්න තියා ඌව ඉස්කෝලෙ යවන්නවත් උන්ගෙ තාත්ත සුගතෙ මාමට උවමනාවක් තිබ්බෙ නෑ.
සින්දු කියකියා නටනටා අපි අනුරාධපුරේටම ආවා. දවල්ට කන්න බස් එක නැවැත්තුවෙ නුවර වැව ගාවද කොහෙද. කන්න කලින් නාන්න සෙට් වෙච්ච අපේ කොල්ලො ටික ශෝටවල් දාගෙන වැව ලඟට ගියා.
කට්ටියම හිතේ හැටියට නෑවා. කොල්ලො විතරක් නෙවෙයි ට්‍රිප් එක ගියපු කෙල්ලො කීප දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම වගේ නෑවා.
ටිකක් වෙලා නානකොට තමයි මතක් වුනේ සෙට් එකේ එකෙකුටවත් සබන් කෑල්ලක් ගේන්න බැරිවුන විත්තිය.
"මචං සබං පාරකුත් ගාගන්න තිබ්බනං තමයි එල" එහෙම කිව්වෙ අපේ සංජයා. ඌ අපට වඩා අවුරුදු 5ක් විතර වැඩිමල්.
"මගෙ බෑග් එකේ සබං කෑල්ලක් ඇති බං. හිටපං මං ඒක ගේන්නං" එහෙම කියපු එරංගයා බස් එක ලඟට දිව්වා.
"කෝ බං අර එලාරයා ඒ පොන්සියා තාමත් නැද්ද" දැන්නං සංජයගෙ කටේ සැර පොඩ්ඩක් වැඩියි වගේ.
"මූ කාත් එක්ක හරි අනුමත වෙලා වගේ" මම හෙමිහිට ලඟ හිටපු චූටි මහත්තයට කිව්වා.
"මාත් පොඩ්ඩක් අපේ එරංග මල්ලි පරක්කු මොකද බලලා එන්නංකො" එහෙම කියපු සංජයා හෙමිහිට බස් එක ලඟට ඇදුනා.
ටික වෙලාවකින් දෙන්නා කින්ඩි හිනාවකුත් දාගෙන වැව පැත්තට ආවා.
"මොකෝ බං උඹලා කින්ඩියට වගේ හිනාවෙන්නෙ" මෙච්චර වෙලා සද්දයක් නැතුව හිටපු බණ්ඩාර අයියා ඇහුවා.
බණ්ඩාර අයියා කියන්නෙ අපෙ ගෙට පාතින් ගෙදර පොර. සේනක අයියගෙ මල්ලි. ඒ දවස් වල පොර කැම්පස් එකේ හිටියෙ.
"නෑ අයියෙ නිකං" එරංගයා ලැජ්ජාවෙන් වගේ සංජය දිහා බලලා කිව්වා.
"මේ එරංගයා වෙන කෑල්ලකට පැනි හලලා මාට්ටු. අර දැන් ආපු ලේලන්ඩ් බස් එකේ හිටපු කෑල්ලකට" සංජයා මේ කියන්නෙ බොරුවක් බව මට තේරුණා.
"මේ ඒක නෙමේ, ඇත්ත කියපං. මොකක්ද කේස් එක." මම එරංගයගෙන් හෙමිහිට ඇහුවා.
"මං යද්දි රෝහිණී අක්කා බස් එකේ ඇදුම් මාරු කරනවා. ඉතින් මං එයා බස් එකෙන් බහිනකං බස් එක ලඟට වෙලා හිටියා. එතකොට මේ #*^&^^ ආවනෙ බං. ඌ බණ්ඩාර අයියට කියද?" එරංගයා බයවෙලා.
සංජයා වෙරිමරගාතෙ ඕක බණ්ඩාර අයියට කීවොත් එලාරයට අනුරාධපුරේදිම කන්න වෙන බව මං හොඳටම දැනං හිටියා.බණ්ඩාර අයියා රෝහිණී අක්කත් එක්ක යාලු වෙලා වැඩි කාලයක් නෑ එතකොට.
"හොඳ වැඩේ තොට. ඒක නෙමේ උඹ තාම ගාන්නෙ බේබි සබන්ද?" මං ඌ ගෙනාව බේබි සබන් කෑල්ල පෙන්නලා ඇහුවා.
"මං උඹට කියන්නෙ නෑ ගාන එක." එලාරයා සැරවුනා.
නාල ඉවර වෙලා අපි සෙට් එකම ගහක් යටකට ගිහින් කෑම කෑවා. කට්ටිය ගෙනාපු ව්‍යංජන හෙමත් එතනදි හුවමාරු උනා.
ඊට පස්සෙ බස් එකට නැගල අටමස්ථානෙ වඳින්න යන්න පිටත් උනා. ටික දුරක් යනකොට ඔච්චර වෙලා බස් අජිත්ට වද දිදී හිටපු ලලිත් හෙමිහිට ඇවිත් වාඩිවෙනවා මම දැක්කා.
ටික වෙලාවකට මට ඌව අමතක උනත් පස්සෙ ආයෙ බලද්දි මෙන්න ඌ ඉන්නවා පුක්මූන දාගෙන.
"මොකද බං පහලවත්තෙ ජයා බීපුහාම ඉන්නවා වගේ ඉන්නෙ. මොකක්ද අවුල?" මම ඇහුවා.
"මට අමාරුයි බං." ඌ කීවෙ එච්චරයි.
"හිටපං මං උඹට පැනඩෝල් දෙකක් ගෙනත් දෙන්නං" එහෙම කියලා මම බෑග් එකේ තිබ්බ පැනඩෝල් කාඩ් එක හොයන්න ගත්තා.
"ඕවා ඕනෙ නෑ බං" ඌ කීවා.
"එහෙනං උඹට අමාරුයි කීවෙ" මට මාර ගැටලුවක්.
"&(^^& මට බොගක් චාජ් වෙලා ඉන්න බෑ යකෝ" ඌ එහෙම කියද්දි මට හිතුනෙ උට එතනම වැඩේ වෙයි කියලා.
කොහොම හරි බස් එකේ ඩ්‍රයිවර් සමන් අයියට සීන් එක කියලා කැලෑ බද හරියක බස් එක නවත්තගත්තා.
බස් එකෙන් බැහැපු ලලිතා දුවපු වේගෙට කවුරුවත් ඌව දැක්කෙ නෑ. ටික වෙලාවකට පස්සෙ මට මීටර් වුනේ මුට හෝදගන්න වතුර නෑ නේද කියලා. මොකද මට ඔයවගේ ඇබැද්දියකට පොඩිකාලෙදි මූණ දෙන්න උනා.
මම කරේ මෙගා බෝතලේකට වතුරත් අරන් ඌ ගිය පැත්තට ගියපු එක.
මං යනකොට ඌ ඉන්නවා මොනවද කාපු රිලවා වගේ.
"හදිස්සියට මට වතුරත් අමතක උනා බන්." ඌ කීවා.
මම ඌට වතුර බෝතලේ දීලා ආයෙ බස් එකට ආවෙ අපේ එවුන්ගෙ හූ හඬ මැද්දෙ. ඊට නොදෙවෙනි හූවක් ලලිත්ටත් ලැබුනා. කාලයක් යනකං ඌට ගමේ කොල්ලො කීවෙ "බොගා" කියලා.
ප. ලි.
මේ සිද්දිය වෙලා දැන් අවුරුදු 9ක් විතර ඇති. දැන් ලලිත් අවුරුදු 3ක විතර දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක්. එදා හිටපු කපල් වලින් තාමත් ඉන්නෙ එලාරයයි තරුෂියි විතරයි. මේ අවුරුද්දෙ උන් දෙන්නගෙ වෙඩින් එක ගනියි. මම උන් දෙන්නට මුලු හදවතින්ම සුබ පතනවා.
අඩේ සුපිරි බං උබේ භාශාව නම්, මම හරි කැමතියි ඒකට,, ඔය වගේම සිද්දියක් උනා මචං අපිත් ට්‍රිප් එකක් යනකොට , ඒක මගේ බ්ලොග් එකේ දාන්නම්
ReplyDelete@ashen
ReplyDeleteඉක්මනටම ඒක දාපන් මචං
අපිට චාජ් උන බොගවල් ගැන කීවනම් මුලු රටම හිනස්සත හැකි :D but i hate love story :(
ReplyDeleteපට්ට ලවු ස්ටෝරියක් !!!
ReplyDeleteලවට වඩා වෙන සීන් මෙතන තියෙන්නේ.
එල එල කිරිපුතා ! දිගටම ලියව !
එල...නියමයි
ReplyDelete@රත්නේ
ReplyDeleteමගෙ ඒවත් හෙමිහිට මම ලියන්නම්.
මේක ලව් ස්ටෝරියේ අතුරු කතාවක් විතරයි. ප්‍රධාන ස්ටෝරියත් ලියන්නම්.
@මධුරංග
ReplyDeleteරත්නෙට කියපු කතාවම තමයි කියන්න තියෙන්නෙ. ප්‍රධාන ස්ටෝරිය ඉක්මනටම ලියනවා.
@නිරෝෂ්
ReplyDeleteස්තූතියි සහෝ....
3rd part ekath onaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ReplyDeleteඑල කොලුවෝ අපිටත් බොක කතා නම් ඇති තරම්....
ReplyDeleteඑළ එළ අපේ සෙට් එකක් පින්නවල ගියා..යනකං එනකං බඩ යනවා...මඟදී කාපු එකක් නිසා...
ReplyDelete@Anonymous
ReplyDeleteමේක මෙතනින් ඉවරයි. ඒ ප්‍රේමය ගැන වෙනම පෝස්ට් එකක් ලියන්නම්.
@බීටා
ReplyDeleteහැමෝගෙම බොග කතා ලීවොත් බ්ලොග් අවකාශෙම ගඳ ගහන්ඩ පටන් ගනියි.
@ඔබ නොදුටු ලොවක්
ReplyDeleteට්‍රිප් යනකොට තමයි ඕක වැඩිපුර වෙන්නේ.
රස කතාවලින් බාගයක්ම බොග කතා තමයි.
ReplyDelete