සිතුවම් පටය අවසන්වූ වෙලාවේ
ඇසුනා සද්දයක් වාගේ නලාවේ
සිටින නිසා නිවසෙහි හුදෙකලාවේ
සීරියකා ආවද මේ වෙලාවේ
ඇසුනා කෙඳිරියක් පාරේ යටි පැත්තෙන්
දැම්මෙමි ලයිට් එක බැලුමට සහසුද්දෙන්
කිසිවෙකු නොපෙනේය මා හට ඒ පැත්තෙන්
අමතා බැලිමි ඉන්නා අයෙකුට සද්දෙන්
පාරේ කවුරුවත් නැති බව හැඟී ගියා
එක පාරට මගෙ හිරිගඩු පිපිල ගියා
වමනය දමන නාදයකුත් ඇහිල ගියා
බීලා වගෙයි බඩජාරී කුමාරයා
දවස පුරා පොල් කඩමින් වෙහෙසෙන්නේ
ගන්නා හැම සතේකම හොඳ හැටි බොන්නේ
කසිප්පු මුදලාලි පොහොසත් කරවන්නේ
ඌ හට බනිද්දී නින්දකි මට එන්නේ
පොල්ලෙන් ගැසුවසේ නින්දක් මට යනවා
හිමිදිරියෙම ආයෙත් මා පිබිදෙනවා
"කිරියෝ" කියා කවුරුද මා අමතනවා
ඇලපිලි වෙනස් වීමට පෙර මා යනවා
දීපන් මචං වීදුරුවක් මට වතුර
සුගතා ඇවිත් ඇත කරකවමින් යතුර
පොඩ්ඩක් වැඩිවුනානේ ඊයේ මිතුර
දෙනවද නැද්ද ඉක්මනටම මට වතුර
ඉන්නා විටදි ඌ කාණුවෙ සැතපීලා
බල්ලෝ සෙට් වෙලා බඩුමල්ලම කාලා
දහ අට දාහක්ම රුපියල් අත තිබිලා
ඒ ටික පාරෙ තිබුනද කොහෙ හරි වැටිලා
දවසක් දෙකක් ඌ පාරෙහි සෙව්වේය
රුපියල් දෙදාහක් ලත් බව කීවේය
දුක්බර බවක් අප හැමටම පෑවේය
කානුව පුරා හැමතැන බඩ ගෑවේය
මිනිසුන් උදෑසන ඔය පාරෙනි යන්නේ
ගත්ත කෙනෙකු ගැන කිසිවෙකු නෑ දන්නේ
සුගතා එදා අවසිහියෙන් මය උන්නේ
කවුද ඉතින් මේවට වග කියන්නේ
අන්න ඒකනෙ කියන්නෙ.... අපරාදෙ සල්ලි!!!
ReplyDeleteඅපරාදේ සල්ලි ටික මූ... දහාට දාහෙන් සෑහෙන්න ගහලා ඉතුරු ටික හලා ගන්න ඇති... හික්
ReplyDelete//"කිරියෝ" කියා කවුරුද මා අමතනවා
ReplyDeleteඇලපිලි වෙනස් වීමට පෙර මා යනවා//
හික්..හික්...හික්...
මේ දවස්වල කට්ටිය කවි ලියනව හිටු කියල... ඔක්කොම නියම කවි හැබැයි... මේකත් එහෙමයි.... දුක හිතුනා කවි ලියන්න බැරි හින්දා, කවියෙන්ම උත්තරයක් දෙන්න නොහැකියාව ගැන....
විරහ කවි හින්දම කවි එපා වෙලා හිටිය කට්ටියට, 'මෙන්න පිළිගන්න්න්න්න්න....ක්‍ර්ර්රි පුථාආ....'
ReplyDeleteකාට මොනා වුනත්
ReplyDeleteඅහස කඩං වැවුනත්
තුට්ටුවට කෙල වුනත්
බෝතලේට වෙමු යටත්
@බුද්ධි
ReplyDeleteඒක තමයි. කාට කියල කියන්නද ඉතින්.
@බීටා
අනිවා ඒක තමයි වෙන්න ඇත්තෙ. මිනිහගෙ ගෙදර කට්ටියත් ඇවිත් හෙව්වා. ම්හූ........
@Miyuru
ඒකට කමක් නෑ. ට්‍රයි එකක් දාල බලන්න.
@Observer
ReplyDeleteඔව්............
ඒ ඔබෙන් සමුගෙන ගියේ යුගයේ නිවේදක "ඔබා........."
@සොඳුරු මිනිසා
ඒක තමයි කේස් එක.
දාස් ගණන් සල්ලි තියං ඉන්න එපා
ReplyDeleteතියාන හිටියත් කම් නෑ බොන්න එපා
නැති කරගෙන කාණු පල්ලෙ යන්න එපා
මලත් කිරිපුතා ගාවට යන්ට එපා
ගියොතිං කිරිපුතා දාවී නෝන්ඩිය
බීපු එවුන් දැක්ක ම උට කේන්තිය
බ්ලොගේ දාන එක ගැනනං සැක නැතිය
වෙන්නේ උඹට වහ කාලා නහින්ටය :D
@බට්ටා
ReplyDeleteකන්න ඇති විටදි මදි නොකියම කාපන්
බොන්න ඇති විටදි එය තරමට බීපන්
තියෙන දෙයක් දූ දරුවන් හට දීපන්
නිකං දෙනව නම් කුඩුවෙන්නම බීපන්
බට්ටා කියන දේවල් පිලිගන්න එපා
හැන්දෑවෙලාවට සුදුවා බොන්න එපා
රතු මුදලාලි ගාවට නම් යන්න එපා
රා පාරක් බොමුකෝ අපි සිනහ පපා
දෙකක් තුනක් දා ගත්තම මත්වෙන්න
ReplyDeleteඑක එක ඒවාට යන හිත නවතින්න
කකුල් දෙකෙන් යලි නිවසට පැමිනෙන්න
පුළුවන් මුදල පමනක් ගෙන යමි බොන්න
ආපු මුල්ම දවසෙම බොනපාට් එකක්නේ..... පස්සෙ එන්නම්
ReplyDeleteLast Week, a Buddhist monk was involved in a head on collision on the High Level Road in Pannipitiya was found to be under the influence of liquor.
ReplyDeleteVen. Thripalagama Pannajeewa the Chief Incumbent of Gothami Viharaya, Jambugasmulla Mawatha, Nugegoda was involved in a head on collision with a Toyota Land Cruzer bearing registration number 31 Sri 4563 on Thursday, February 23 around 11 pm.
ඔය තියෙන්නෙ එළ කවි....:)
ReplyDelete.......හෙට එච්චර කළුවර නෑ වගේ....
හික් හික් දෙවෙනි තුන් වෙනි පාර කතා කරා නං ඉස්පිලි පාපිලි වෙනෙස් වෙන්න තිබ්බා....
ReplyDeleteදූ දරුවන් හට දෙන්නට කීවේ
ReplyDeleteබොන දේවල් දැයි කිරි අයියේ
බීපු එවුන් සිග් සැග් ගහනා හැටි
ඇවිදින්නටවත් නැත හයියේ
පණ දීගෙන හති දාගෙන ලිව්වද
ගන්න දෙයක් නැති මගෙ කයියේ
ගන්නට පොඩි හරි දෙයක් තියේ නං
ඒකත් අරගෙන පල අයියේ
කොහොමද ඒ බීට් එක? සප්ත සමුද්‍ර ඝෝෂ විරිත. :D
@මාතලන්
ReplyDeleteඅනිවා. ඒක තමයි වෙන්න ඕන.
@Shani
ස්තූතියි, නැවත එන්න.
@Anonymous
Liquor is one of main reasons for accidents.
@Sumith Niriella
ReplyDeleteගොඩක් ස්තූතියි. හෙට මොනව වෙයිද කියල දන්නෙ දෙයියො තමයි.
@ඔබ නොදුටු ලොවක්
ඒක හින්දම තමයි ඇහිච්ච ගමන්ම මම ගියේ.
@බට්ටා
ReplyDeleteදූ දරුවන්හට දෙන්නට කීවේ
කාසි මිල මුදල් නොවැ මල්ලී
උන් ගොඩ දාන්න යහමග යවන්න
යොදාගනින් තියෙනා සල්ලී
සිග් සැග් ගැසුවද පාරේ වැටුනද
නැතිකරගන්න එපා සල්ලී
මගෙ කයියෙත් කිසි ගතියක් නෑනේ
ජීවිතෙ ඔහොම තමයි මල්ලී
අනේ මම නම් විරිත් ගැන දන්නෙ නෑ මචං.
අයියෝ සල්ලි !
ReplyDelete@මධුරංග
ReplyDeleteඅනේද කියන්නෙ