Sunday, April 1, 2012

සෙබල සැමියා පැණිබීම බොනවිට ගැබිණි බිරිඳ පැන යයි


ලඟදි දවසක කියෝපු ලංකාදීප පත්තරේක "දෙයියෝ සාක්කි" තීරුවේ පැණිබීම  බෝතලයක් හින්ද තමන්ගෙ බාර්යාව අහිමි කරගත්ත සීන් එකක් තිබුණා. ඒක දැකල ලියවෙච්ච කවි ටික තමයි මේ.




නාවික සෙබල තිස් එක් වියෙහියි උන්නේ
විවාහයට දෑවසරයි ගත වෙන්නේ
නුගේගොඩයි බිරිඳගෙ ගම රට වෙන්නේ
පස්සෙන් පහු මොනරාගල නවතින්නේ

දෙදෙනගෙ ජීවිතේ සතුටින් ගතවෙනවා
මසකට වරක් සැමියා නිවසට එනවා
දෙන්නා තුන්දෙනා වන ලකුණක් එනවා
සැමියගෙ ආදරේ තව තව වැඩි වෙනවා

ආදර බිරිඳ දොස්තර වෙත පෙන්වන්න
යන්නට ගියේ අග නගරය වෙත ඔන්න
කලයුතු වැඩකොටස නිම කරගෙන අන්න
බසයට නැගුන මොනරාගල වෙත යන්න

අතර මගදි පිපාසයක් ආවෝතින් බොන්න
සැමිය වෙලඳ සැලට ගියා බීම එකක් ගන්න
බිරිඳ සිටී බස් රථයේ ඔහු එනතුරු යන්න
බසයට ඔහු ගොඩවෙනවා නිවසට යලි එන්න

ඇගෙ ආදර බස් ටික ටික අඩුවෙනවා
සැමියට ඈගෙ වෙනසක් දැන් වැටහෙනවා
වෙනත් අයෙක් ඈහට සංඥා දෙනවා
සුපුරුදු ලෙසට සැමියත් එය ඉවසනවා

පරකඩුවෙදි බස් එක නවතා ඇත්තේ
තේ බොන අය බැහැලා නොවැ යා යුත්තේ
වැසිකිලි යන්න බිරියට අවැසිව ඇත්තේ
නාවික සැමිය සමගම බැස ගත්තේ

ආදර බිරිඳ වැසිකිලියට ගෙන යනවා
පිපාසයක් සැමියා හට ඇතිවෙනවා
බස් රථයට ආපසු ඔහු ගොඩ වෙනවා
බීම බෝතලය අරගෙන එය බොනවා

පැය ගානක් ගතවීලා සැමියා නැහැ දන්නේ
සිහි නොමැතිව බස් රථයේ අසුනෙහිමය උන්නේ
බිරිඳ සමග මුකුළු කරපු මිනිසත් නැත උන්නේ
දෙදෙනා ඔහුට හොරෙන් පැනයන්නට යන්නේ

අසරණ සැමිය මාතර රෝහලේ සිටී
ගැබිනි බිරිඳ පෙම් කෙලිමින් සැඟව සිටී
පොලිසිය ඈව සෙව්වා හැමතැනම ගැටී
ඈව සොයා දුන්නෝතින් දහක් වටී

නිමිත්ත : පැනිබීම බෝතලයක් පානය කිරීමෙන් පසු සිය බිරිය වෙනත් පුරුෂයකු සමග පැනයාමේ සිද්ධියක් ඉකුත් දා කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ පෞද්ගලික බසයකින් වාර්තා වේ.(2012/03/13 ලංකාදීප දෙයියෝ සාක්කි )

38 comments:

  1. මාරම සීන් කෝන් එකක්නේ බං ඒක.. එතකොට මේ බස් එකේ ඒ වෙලාවේ සෙට් උන එකෙක් එක්කද ගිහින් තියෙන්නේ??

    ReplyDelete
    Replies
    1. සමහරවිට කලින් සම්බන්ධයක් තියෙන්න ඇති. එකපාරටම ඔහොම වෙන්නෙ නෑනෙ.

      Delete
  2. කලින් ප්ලෑන් කරපු එකක් වෙන්න ඇති..නැත්නම් ඔහොමත් යයිද අනේ..මාරයිනෙ. :D

    ReplyDelete
    Replies
    1. අනිවා, එහෙම තමයි වෙන්න ඇත්තෙ. බීම එකට මොනවහරි දාන්න ප්ලෑන් කරගෙන ඉඳලා තමයි වැඩේ දෙන්න ඇත්තෙ.

      Delete
  3. ඕවගේ ගෑනු යන එකමයි හොඳ....මේ කතාව මම කියෙව්වා පත්තරෙනුත්. එදත් මට හිතුනේ මේකමයි. ෂෝක් කවි ටික. දැන් දැන් වැඩිපුර කවි ලියවෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. එහෙම ගෑණු නම් වැඩක් නෑ තමයි.
      මේ දවස් ටිකේම දිගටම කවිමයි ලියවුනේ.

      Delete
  4. බබා කොටපු එකා හම්බ උනාම එහෙම තමයිලු

    ReplyDelete
    Replies
    1. ඉරණම්කාරයා බස් එකේ ඉන්න ඇත්තෙ.

      Delete
  5. මාරම වැඩක් තමා ඒකත්.... ළමයගෙ අප්පුච්චත් එක්ක වෙන්ටැ යන්න ඇත්තෙ.... සෙබලා නැති කාලෙට බලා කියා ගන්න ඇති නෙව සමහරවිට....

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න ඇති තමයි. සෙබලා නැති දවස් ටිකට වෙච්චි දේ තමයි ඔය.

      Delete
  6. Sirase Keliy gamwala kellanta mega penwala kichi kawai. Ewa vidala ekila piriminta KOKA pennai.

    ReplyDelete
    Replies
    1. ඒක හින්ද තමයි විලිසංගෙ නැති එවුං බිහිවෙන්නෙ.

      Delete
  7. යුද්දෙට මං ගියා - ගැනි ගෙදර තියා
    මගේ යාළුවෝ මං එනතුරු - උන්දැ බලාගයි නිරතුරු

    ReplyDelete
    Replies
    1. ඒකනං බෑ නොකිය කරයි අපූරුවට....

      Delete
  8. කවි ටික නම් අපූරුයි..
    දෙයියෝ සාක්කි කියල තමයි කියන්න වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. දෙයියෝ සාක්කිම තමයි.........

      Delete
  9. හිත ගිය තැන මාළිගාව කියල ඔය කතාවක් තියෙන්නෙ..........

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒක හින්ද වෙන්න ඇති ඔය වගේ කේස් වෙනව ඇත්තෙ.

      Delete
  10. යන එකා මොකටද බලෙන් තියා ගන්නෙ, බඩේ ඉන්න එකා කාගෙද දන්නෑ ...

    ReplyDelete
    Replies
    1. බඩේ ඉන්න එකාගෙ තාත්ත එක්ක වෙන්නැති ඔය යන්න ඇත්තෙ.

      Delete
  11. ඇයි බන් ඔච්චර දගලන්නේ ? මිනිහා නැති වෙලාවක ගියානම් ඉවරයිනෙ.. ඒකත් නිකන් ආතල් එකක් අරන්ම කරන්ඩ හිතුනද දන්නෑ..

    ReplyDelete
    Replies
    1. ගෙදර ගෙනිහින් තියාගන්ඩම හිතෙන්න ඇති.

      Delete
  12. සුවර් එකට හම්බෙන්න හිටිය ළමයත් නාවික සෙබලාගේ නෙමේ වෙන්න ඇති :D
    PW

    ReplyDelete
  13. අනේ දෙවියනේ... මෙහෙමත් ගෑණු ඉන්නවනේ... දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ !!!

    ReplyDelete
    Replies
    1. කුසේ ඉන්න දරුව ගැනවත් හිතුවනං..........

      Delete
  14. මමනම් අදයි යාලු මේ පැත්තට ආවේ.......:)

    හපොයි....ඔහොම අයනම් යන එකමයි හොඳ.....මොකද දරුවත් එක්ක තනිවෙන්න වුනානම්.....:/

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. එහෙම උනානම් සෙබලා තවත් අසරණ වෙනවා.

      Delete
  15. ෂුවර් එකටම මචන් මුන් හොලිවූඩ් ෆිල්ම් වැඩි පුර බලන දෙන්නෙක්, නිකන් ෆිල්ම් එකක් වගේනේ ...

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එකක් වගේ උනාට ඇත්ත කතාවක්.....

      Delete
  16. මාර සීන් එක මමත් මේක දැක්කා පත්තරේ...නැව් යන තැන්වල මූ ඔරු පැදලා වගේ..අපරාදේ.....

    ReplyDelete
    Replies
    1. මිනිහ අහුවෙලා. පවු අසරණයා.

      Delete
  17. යකෝ මෙහෙමත් වෙනවද.ඒ ගෑනි තියන්න වටින්නේ නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. ඕවා ඔහොම තමයි. ලෝකය ගෝලා කාරයි මිනිසුන් විවිධාකාරයි

      Delete
  18. හත්වලාමයි!!!!
    රාජපුරුෂයනි............මේ ගෑනිව සොයා වුත් වහා උල තියව්!!!

    ReplyDelete
    Replies
    1. උල තියපු එකත් සොයාපියව්....

      Delete
    2. අර බුවා උස්සන් යන්න ඇත්තේ උල තියන්න වෙන්ටෑ.....

      Delete
    3. එහෙම වෙන්න ඇති...... :D

      Delete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.