Sunday, April 22, 2012

සයිබර් බක්මහ උලෙල කොහොමද? එලද?





අද සයිබර් උලෙල සුපිරියි. ආයෙ කියන්න දෙයක් නෑ. ඒකෙ අමාරුව දැනෙන්නෙ දැන් තමයි.
සංවිධායක මණ්ඩලේ ඇතුලු සියලුම දෙනාටත් ඒක සාර්ථක කරගන්න දායක වුන සහෝදර සහෝදරියො සියලු දෙනාටමත් ඔන්න සුපුරුදු විදිහට කවියෙන් සුබ පැතුවා. ජයවේවා........!!!


දින සති ගෙවී නව දවසක් උදා උනා
අමුතුම ජීවයක් මා ලද බව දැනුනා
කුරේ පිටිය වෙත මගෙ පියවර ඇදුනා
සයිබර් උලෙල මනරම් බව මට පෙනුනා

සයිබර් ලොවේ නම සහ වැඩ දැන ගත්තූ
එහි සිටියා සයිබර් ලොව දූ පුත්තූ
ඔවුනගෙ දිරිය වෙනුවෙන් අද ජය ගත්තූ
සිංහල බ්ලොගය වේවා හෙට බලවත්තූ

උපරිම ෆන් අපහට අද දින දුන්නූ
බස් රේඩියෝ මිතුරන් වෙති අත දුන්නූ
සංවිදානෙ කල අය ලෙසටම දුන්නූ
සයිබර් උලෙලෙ හැඩ අද ලොවටම පෙන්නූ

සයිබර් මිතුරු කැල තව තව වැඩිවේවා
සිංහල බ්ලොග් ලොව හැමතැන පැතිරේවා
සිරිලක අගය වැඩි වැඩියෙන් බැබලේවා
බ්ලොග් ලියනා ඔබ සැම හට ජය වේවා

---------------------------------------

අද මුණගැහිලත් ඒ අය එක්කලා වචනයක්වත් කතා කරන්න බැරි වුන අයගෙන් දහස් වරක් සමාව ඉල්ලනවා.

65 comments:

  1. එසේම වේවා, ආවඩායිබෝ, ආයිබෝ, ආයිබෝ!!!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හෙන්රි අයියගෙ අඩුපාඩුව නම් හොඳටම දැනුනා.

      Delete
  2. නියමයි නියමයි.. බුකියේ මේ ෆොටො බලමින් ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. එල එල. උඹලත් එන්න පුලුවන් දුරක හිටියනම් එනවනේ.

      Delete
  3. මරු..නුවර ඉන්න හින්ද ඒන්න බැරි වුනා..

    ReplyDelete
    Replies
    1. අපරාදෙ මචං. ආවනම් පස්ට ෆන් එකක් ගන්ට තිබුනා.

      Delete
  4. මේ ටිකට කවිත් ලියලා. අපේ කඹ ඇදීමේ සෙට් එක. සතුටුයි උඹලව අඳුරගන්න ලැබිච්ච එක.

    ReplyDelete
    Replies
    1. අයියෝ .. පිනිබිඳු .. ඔයත් ආවද ...?
      මට කතාකරන්න බැරි වුනානේ....

      Delete
    2. අයියෝ .. පිනිබිඳු .. ඔයත් ආවද ...?
      මට කතාකරන්න බැරි වුනානේ....

      Delete
    3. ඊයේ කඹ ඇදලා මහන්සියට ලොකුවට යමක් ලියාගන්න බැරි උනා පිණිබිඳුවෝ.......

      Delete
    4. kumaraya මචෝ මටත් උඹට කතා කරන්න බැරි උනා. සොරි වෙන්න ඕනෙ.

      Delete
  5. අදුරගන්න ලැබුන එකට සතුටුයි මචන්...ආයේ දවසක මේ වගේම සෙට් වෙමු !!

    ReplyDelete
    Replies
    1. අනිවා. ලොවෙත් ආයෙ ඉක්මනටම සෙට් වෙමු.

      Delete
  6. සයිබර් මිතුරු කැල තවතව වැඩිවේවා- සිංහල බ්ලොග් ලොව හැමතැන පැතිරේවා- සිරිලක අගය වැඩි වැඩියෙන් බැබලේවා- බ්ලොග් ලියනා ඔබ සැමහට ජයවේවා.මමත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම් යාලුවා. ජයෙන් ජය.!

    ReplyDelete
    Replies
    1. සරා ඊලඟ එකේදිවත් සෙට් වෙමු............

      Delete
  7. කවුද මේ දෙන්න

    ReplyDelete
    Replies
    1. මගෙ මතකෙ නිවැරදි නම් මේ ඉන්නෙ රනා සහ ආයිශ්.......

      Delete
  8. කඹ ඇදපු එකේ අපිට නොකියන ලොකු දෙයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ප්‍රසිද්ධ රහසක්.......... :D

      Delete
  9. පින්තූරුවල ඉන්න අයගේ නම් ටික අපටත් දැන ගන්ට දැම්මානම්...:D

    ReplyDelete
    Replies
    1. ගුඩ් අයිඩියා මෑම්! :)

      Delete
    2. ඔන්න මම උඩ කමෙන්ටුවක නම් දෙක දැම්මෝ...

      Delete
  10. ඇඩෙනව හයියූ...............:‘(

    ReplyDelete
    Replies
    1. අඬන්නෙ නැතුව ඊලඟ එකට අනිවා එන්න බබෝ......

      Delete
  11. ඇයි මං ආවෙ නැත්තෙ?
    මං වගේ මැට්ටෙක් :/

    ReplyDelete
    Replies
    1. අපරාදෙනෙ බං. කොහොම හරි එන්න තිබ්බෙ.......

      Delete
  12. ජයවේවා....මලේ

    ReplyDelete
    Replies
    1. ඔබතුමාටත් එසේම වේවා..........

      Delete
  13. කවුද මේ කුමාරයයි කුමාරියි?

    ReplyDelete
    Replies
    1. මාත් එදා දන්නේ..

      රන්නා + අයිස්

      මට මතක විදිහට !

      Delete
    2. රන්නාද රනාද...... මට මතක රනා වගේ.

      Delete
  14. කලින් එන්න වුන එක ගැන දුක් වෙනවා
    එන අවුරුද්දෙදිත් අනිවා අපි සෙට් වෙනවා
    එතකම් ඉතිං මම ලියලා, කියවනවා
    බ්ලොග් ලියනා ඔබ සැමට ජය වෙනවා !

    ReplyDelete
    Replies
    1. එන අවුරුද්දෙදිත් අනිවා සෙට් වෙමු. එතකං ලියමු.

      Delete
  15. මම මූණු පොතේ වෙනම මෙව්වා එක්ක දැම්මා පොටෝ දාද්දි ඉන්න අයගෙ නම් ටැග් කරන්ඩ කියලා.... බලමුකො...:D

    ReplyDelete
    Replies
    1. එහෙනං කතා කරන්ඩ ලැබුනෙ නැති ඈයොත් දැකගන්ට ලැබෙන්නෙ නැතෑ.

      Delete
  16. මටත් කට්ටිය අඳුරගත්ත එකට සතුටුයි.....පිණිබිදු අක්ක කිව්ව වගේ කඹ ඇඳීමේ කණ්ඩායමේ සාමාජිකයෙක් වුන එක ඊට සතුටුයි......ආයෙ දවසක මුණගැහෙමු.......

    ReplyDelete
    Replies
    1. ජයග්‍රාහී කඹ සෙට් එකේ සාමාජිකයෙක් වීම ගැන මටත් සතුටුයි. ආයෙ වෙලාවක මුණගැහෙමු............

      Delete
  17. එලදත් අහනවා.සිහින උළෙලට කෝඩිකාර මට නම් මේ අත් දැකීම මහමෙරක් වගේ

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම තමයි. ෆස්ට.........

      Delete
  18. ජය වේවා!!! උඹලට කතා කරන්නත් බැරි උනානේ බං ඊයේ... මාව මීටර් වගේනම් දැකලා ඊයේ මැසේජ් කරපං

    ReplyDelete
    Replies
    1. උඹව මීටර් නොවී තියෙන්නෙ කොහොමද. ඊයක් එවන්නම්කො.

      Delete
  19. හැමෝම වගේ අදුනගත්තා කිරිපුතා අයියව මිස් වුනේ කොහොමද අප්පා... ෆයිනල් කඹ ඇදීමෙන් අපි පරාදයිනේ එතකොට කිරිපුතා අයියා සැමාගේ කණ්ඩායමේද අයියෝ

    ReplyDelete
    Replies
    1. සමහර විට උඹයි මායි කතා කරන්න ඇති. මටත් දැන්නම් කතාකලාද කියලා හරියටම මීටර් නෑ බං. සොරි වෙන්න ඕනෙ.

      Delete
  20. මට එන්න බැරි වුනානේ :'(

    ReplyDelete
    Replies
    1. ජාතික අපරාදයක්නෙ බං උඹ කරල තියෙන්නෙ.

      Delete
  21. මට කෙලවිය...උදේ පාංදර ඒමේදී තිරී රෝද කාරයෙක් මාව පැප්පෙව්වේය අනාත විය කකුලේ වළලු කරටම කෙලවිය දැං බැංඩේච් ඔතාගන සිටින්නේය..

    ReplyDelete
    Replies
    1. ශිහ්... උඹටත් වෙන දේවල්. කොයිකටත් වෙලාව ඩිංගිත්තක් බලවගනින්කො.

      Delete
  22. මම බයේ ආවේ මාව විනාස කොරල ඇති කියලා..

    ජය !

    ReplyDelete
    Replies
    1. ඇයි උඹට හදිස්සිද? මදක් ඉවසා සිටින්න.

      Delete
    2. මේ ඇති බං.. තව දාන්න එපා.. ඒව අමතක කරපං..

      අපි නෝටි ඇමරිකාත් බැලුව නොවැ..

      Delete
    3. හරි හරි.......
      ඕකට අඬන්න ඕනෙ නෑනෙ. මම ඒව අමතක කරා කියල හිතපංකො.

      Delete
  23. Replies
    1. මට වර්ණා එක්ක වචනයක්වත් කතාකරන්න හම්බුනේ නෑනෙ. කොයි වෙලේද ආවෙ?

      Delete
  24. සතුටුයි මචන් හදුන ගත්තට :)

    ReplyDelete
    Replies
    1. අනිවා. ගොඩක් සංතෝසයි.....

      Delete
  25. එලස්...

    මමනම් උමව ටග් ගාලා අඳුන ගත්තා...ටැග් එක නොබලාම
    උඹ ලියන ඒවයි...උඹයි මාර විදියට අනන්‍යයි...

    ReplyDelete
    Replies
    1. ඇයි මමත් එකෙන්ම අඳුනගත්තනෙ. කව් බෝයි වගේ ඉන්නකොට අඳුරගන්න බැරි නෑනෙ. සුමිත් අයියෙ ඉක්මනටම බ්ලොග් එකක් පටං ගනිංකො බං.

      Delete
    2. ඔව් බං...පුළුවන් තරම් ඉක්මනින්....

      Delete
    3. උඹ නම් අදහස් සාගරයක් සුමිත් අයියෙ. ඉක්මණටම අරඹපං බ්ලොගේ.

      Delete
  26. ඇවිත් කතා කල නිසාම අඳුරා ගත්තා.. බ්ලොග් එකෙන් නම් අඳුරා ගෙන ගොඩක් කල්.. හරිම සතුටුයි..පස්සෙ කතා කරන්න ඉස්පාසුවක් නිතිබ්බ එක තමයි අවුල...

    ReplyDelete
    Replies
    1. වෙනී අයියා බිසීනෙ ඒවෙලාවෙ. අවුලක් නෑ. පස්සෙ වෙලාවක ආයෙ සෙට්වෙමු.

      Delete
  27. ඔන්‍න‍ මාත් මේ පැත්තේ ආව.. එදා කතා කලාට බ්ලොග් එක කියෙව්වේ දැන්! එල!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ආවට ගොඩක් ස්තූතියි......

      Delete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.