Monday, May 21, 2012

කසිප්පු ප්‍රමෝෂන්




නෝනාවරුනි මහත්වරුනි, මම අද ගෙනල්ල තියෙනවා බොහොම වටිනා දේශීය නිෂ්පාදනයක්. ඇමරිකාවෙ බඩු වගේ මේවා කවුරුවත් වර්ජනය කරන්නෙ නෑ. මේවට ගහන්න තරම් නිශ්පාදනයක් තාම බිහිවෙලා නෑ මහත්තයෝ. ඔය මහත්තයා මේකෙ රස හොඳට අඳුනනවා කියල මට මූණ දිහා බැලුවම කියන්න පුලුවන්. මහත්තයෝ මේ සාම්පලයක් විතරයි. මේ ගැන මට මෙන්න මෙහෙම අදහස් දක්වන්න පුලුවන්.

කියුවත් එක එක කතා
බිව්වත් රසටම ඉතා
සිරිදාසගෙ සුදූ තමයි
ගමේ උන්නු හිතවතා

අවමගුලට මුල්තැන
මංගල්ලෙදි අඩුතැන
ගමේ උන්ට කොයික වෙතත්
සුදූට ලැබෙනව තැන

ඉස්සර කාලක් හැටයි
ඉක්මන් කොහොමත් කොටයි
ගමේ ගොඩේ සමහර උන්
බොන්නේ අකුලක් යටයි

පොලෝසියෙන් එනවලූ
එතකොට හැංගෙනවලූ
සිරිදාසගෙ ගෝඩ හැලිය
යහමින් බබලනවලූ

ගමේ ගොඩේ දේ වලින්
හදනව මේවා සොඳින්
බීවෝතින් ඉන් චුට්ටක්
දෙව්ලොව පේනව ලඟින්

සවි සක්තිය ලැබෙනවා
හැඩි දැඩි බොඩි ලැබෙනවා
සුදූගෙ පිහිටෙන් සැමදෙන
සතුටින් කල්ගෙවනවා

හැමදාමත් මේ ලෙස
දිවගට රස දෙන යස
අගනා ඔසුවකි මෙය නම්
මකනවා සියලුම දොස

(මෙය කියවා බලා කසිප්පු බීමට තරම් ඔබ අඥාන නොවන බව දනිමි.)

50 comments:

  1. මගේ ගණන් බැලීම අනුව දිනපතා කසිප්පු බොන්නෙකුට එක් දිනකදී දවස් 4ක් ආයුෂ අඩු කර ගන්න පුළුවන්.

    එතරම්ම විශිෂ්ට පානයක්...!!!!

    ReplyDelete
    Replies
    1. කසිය නරක තමයි. ඒත් ඔච්චර ඉක්මනට මැරෙන්නෙ නෑ. අනෙක කසියයි ලයිසන් අරක්කුයි අතර මහා ලොකු වෙනසක් නෑ.

      Delete
    2. නෑ බං විහිළුවක් නෙවෙයි, අපේ පැත්තෙ 20 ක් විතර කසිප්පු නිසා මැරුණා. එකෙකුටවත් අවුරුදු 50 පන්නගන්න බැරිවුනා.
      මම කියන්නෙ තිස්පැයේම කසිප්පු ගහගෙන ඉන්න උන් ගැන.
      (සමහරවිට බ්ලෙන්ඩ් එකේ වෙනස්කම් නිසා විෂ අඩු වැඩි වෙන්න පුළුවන්)

      Delete
    3. ඔය සිද්දියක් වුනා වැලිවේරිය පැත්තේ. ඒක මිශ්‍රනයේ අවුලක් නිසාලු. ඒත් අපේ පැත්තේ කුලේ අංකල් ලෙඩක් දුකක් නැතිව කික් එකේ ඉන්නේ කසියා නිසා කියල තමා ගමේ විස්වාසය. දන්නෙ නැහැ කොච්චර සාධාරනද කියල. මටත් ඒකම හිතෙනවා.

      කිරිපුතෝ යටට ගිහින් කමෙන්ට් කරන්න කම්මැලි බං..

      Delete
    4. @Sumith Niriella
      අපේ ගමෙත් කසිප්පු නිසා ගොඩක් මිනිස්සු මැරුනා. ඒ උනත් තුන්සිය හැටපස් දවසෙම කසිප්පු ගහලත් කිසි අවුලක් නැතුව ඉන්න ඩයලුත් ඉන්නවා......

      Delete
    5. @රාජ්
      දෙකේම ඇල්කොහොල් ප්‍රතිශතයෙ වැඩි වෙනසක් නැතුව ඇති........

      Delete
    6. @sAm (සෑම්)
      ඇල්කොහොල් ප්‍රතිශතේ වැඩි උනොත් මැරෙන්න උනත් පුලුවන්. අක්මාව දියවෙනවනෙ. උඹ අපට වඩා මේ ගැන දන්නවා ඇතිනෙ.

      Delete
    7. එතිල් සහ මෙතිල් ඇල්කොහොල් ලෙස වර්ග දෙකකි. කසියා අයත් වන්නේ ඉන් එකකට බව දනිමි. එය සැර වැඩි නිසා බැරලයට උඩින් කඩදාසි දමා පුලුස්සනු ලැබෙන බවක් දනිමි.

      බීල නෙවේ යකෝ දන්නේ කෙමෙස්ට්‍රි බොල කෙමෙස්ට්‍රි !

      Delete
    8. මද්‍යසාර අයිති වෙන්නේ එතිල් කාණ්ඩයටයි ( CH3-CH2-OH ). මෙතිල් යනු උග්‍ර විෂයකි (CH3-OH ). මද්‍යසාර පැසිමේදී නිපදවෙන අතුරු පලයකි. ආසවනයේදී මුලින් නිකුත් වෙනුයේ මෙතිල් ය. ඒ තාපාංකය අඩු නිසා ඉක්මනට වාෂ්ප වෙන හෙයිනි. ඉස්සෙල්ලම වෙන් කරන කොටසට අයිති වෙන්නේ මෙයයි. (පෙරන අය දන්නවා ඇතිනේ :P දෙයියන්ගේ කොටහ කියලත් කියන්නේ ). කඩදාසි කොළ දමා පිච්චීම මෙතිල් අයින්කිරීමේ සාර්ථක ක්‍රමයක් නොවේ. පළපුරුදු නැති පෙරන්නන් නොදැනුවත්කම නිසා නිසි ලෙස ආසවනය මගින් මෙතිල් හා එතිල් වෙන් නොකිරීම නිසා හා පරීක්ෂණාගාර තත්ත්ව යටතේ සාම්පල පරික්ෂ කිරීමක් නොකිරීම නිසා අවසන් ඵලයට මෙතිල් එකතුවීම කිසිසේත් වැළැක්විය නොහැකියි. ප්‍රතිපලය අන්ධ භාවය , වකුගඩු අක්‍රිය වීම හා වැඩි මත්‍රවන්ගෙන් ගත කල මරණයයි. නොබී ඉඳපල්ලා බන්.!

      Delete
  2. ගහලා ලේබල් යස
    යැව්වනම් දස දෙස
    සිලෝන් ටී මොනවද බොල
    සුද්ද කියාවී රස

    ReplyDelete
    Replies
    1. සුද්දොත් ආසාවෙන් බොයි.......

      Delete
  3. කවී පන්තිය පට්ටයි ඇ

    ReplyDelete
  4. හපුයි කොටු ඩාන්ඩෝ............:O

    ReplyDelete
    Replies
    1. දැන් කොටු දාන්නෙ නෑ බොලං.........

      Delete
  5. ගැරඩින් කටුස්සන්ද
    මීයන් සමග ලේනුන්ද
    සිමෙන්තිද කටු කම්බිද
    සමග මුසුවී පදමට.

    ReplyDelete
    Replies
    1. රසට තියෙයි නේද.........
      ෂා.........

      Delete
  6. අනගිරත්න ගේ පොතක තිබූ කෂියා නම් කීපයක්.

    සීනි කිරිඤ්ඤං, හිටපං මචං, ගල් බමුණා, අල හොදි, සුදිය, ඇරපං මචං

    ReplyDelete
    Replies
    1. තව තියෙනවා කටුකම්බි, යකඩ මරං, ඇති හිටියා,චකබ්ලාස්...වගේ සොඳුරු නම්...

      සීනි කරිඤ්ඤං කියන්නෙ කසිප්පු නෙවෙයි මං හිතන්නෙ, ඒ නමින් රා වර්ගයක් තියෙනවා අපේ ගම් ප්‍රදේශවල....

      Delete
    2. ඇයි අගල් ෆැන්ටා

      Delete
    3. බොකු දිරාස්

      Delete
    4. වෙල් ෆැන්ටා

      Delete
    5. කචල් ෆැන්ටා

      X-Porter

      Delete
    6. ඔය තියෙන්නෙ..........

      Delete
    7. වදකහ සුදිය සහ කශු කියන ඔය 'සුදිය' එකමද ?

      Delete
    8. @සෑමා
      වදකහ සුදිය බොන්නෙ ලස්සන වෙන්නලුනෙ.

      Delete
  7. අහක බඩගා ගිය ගැරඬියෙන්
    ගහකින් වැටුන කටුස්සෙක්
    සුදුම සුදු පානයකය ඉතින්
    ගේනවලු දිව්‍ය රස ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඔච්චර දේවල් වැටෙද්දි රස නොවී තියෙයියැ....

      Delete
  8. වොඩ්කා කියන්නේ රුසියන් කසිප්පුය
    ටිකිලා කියන්නේ මෙක්සිකෝ කසිප්පුය
    කොයි ලෝකෙන් ගෙනත් බීවත් වෙන්නේ ඩෝප්ය
    හොඳම බඩුව ලංකාවේ ගල් අරක්කුය

    ReplyDelete
    Replies
    1. දන්න කියන මිනිස්සු කියනවනම් ඉතිං පිලිගන්න වෙනවනෙ....

      Delete
  9. මේක නම් පිරිමි කට්ටියට දාපු පෝස්ට් එකක්..අපි ඕව ගැන දන්නෙ නැතෝ...:)

    ReplyDelete
  10. අයියෙ උබ බීල අැත්ද
    බිව්වම වකුගඩු තියෙද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං..........
      කසිප්පු බීලා මොකටද ඉක්මනට නහින්නෙ.

      Delete
  11. නියමය් කිරි පුතෝ පොඩ්ඩක් රස බලන්න හිතෙනවා බන් :ඩ

    ReplyDelete
    Replies
    1. බීලා රසද කියලා කියපංකො.....

      Delete
  12. අපෝ මට ඕවා බොනවා තියා ගද එද්දිත් ඉන්න බැහැ බන්.උබ දැන් ඕවා බීලා තියෙනවද?

    නුවර පැත්තේ යාලුවෙක් කිව්වා කසිප්පු වලට
    හිටියා ඇති,වැටේ සුදා කියන නමුත් කියනවා කියලා.

    ReplyDelete
    Replies
    1. පැත්ත පලාතෙ ඉන්න බෑ ගඳයිනෙ බං......
      හිටියා ඇති නෙවෙයි "ඇති හිටියා"

      Delete
  13. කිරි පුතේ කසිප්පු බොන්ඩ එපා බං. කිරි වීදුරුවක් බීලා හිටපන්.

    ReplyDelete
    Replies
    1. දැන් කොහොමද කිරි බොන්නෙ. පට්ට ගනන්නෙ.

      Delete
  14. යකෝ... බොලාවගේ බොරු කාරයෝ. එතකොට අර ලාලාමිලා පැන පැන අල්ලන්නේ මක්කටැයි ඔච්චරටම ගුන පන එන පානය. අර නම නම් පස්ට මචන්ලා "ඇතිහිටියා" ඈ...? හෙහ් හෙහ්.,.. ජය!

    ReplyDelete
    Replies
    1. ඒ උන්ට බොන්න ඕනැ උනාමනෙ. පෙරන එකාව අල්ලගෙන බඩු ටික අරන් ගිහින් බොන එක තමයි කරන්නෙ. වියදමක් නෑනෙ.

      Delete
  15. ඔය තියෙන ගුනේ අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති හැටි.හරියට පස් පංගුව වගේ. තරුණ ගැටවු පස් පංගුව බොන්නේ නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ. අපේ මිනිස්සුන්ට ඔවයෙ අගයක් තියෙනවයැ.

      Delete
  16. කචල් ෆැන්ටා තරම් වෙන සෙට් වෙන ඒවා තිබේද ඈ...? :-) :-)

    එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. යකෝ රජා ගහන්නෙත් කචල් ෆැන්ටද....

      Delete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.