රටේ දේශපාලන පක්ෂ එක එක ආකාරයෙන් මැයි දිනය සමරද්දි දුප්පත් කම්කරුවෙක් කොහොමට මැයි දිනේ සමරනවද කියලා හිතුනා. මේ ලිපිය ලියන්න ප්‍රධාන හේතුවක් උනේ ලොකු ජෝන්ගෙ මෙන්න මේ ලිපියයි. ඒ ලිපිය කියෙව්වට පස්සෙ ඇතිවුන ශෝකයට ලියවුන කවි තමයි මේ.
වෙහෙසෙන තරම දන්නේ කරගැට පමණී
සොච්චම් පඩිය දැක මාගේ සිත පිරුණී
දින සති මාස හීනෙන් වාගේ ගෙවුණී
කම්කරු අපට නැවතත් මැයි දින ලැබුණී
උදෑසනම මා නිවසෙන් පිටවෙනවා
බිරිඳට දරුවනට උදයෙම සමුදෙනවා
දෑත රිදෙන තුරු පාරේ වෙහෙසෙනවා
දහයට අසල ඇති කඩයක් වෙත යනවා
වඩයක් කකා බොන්නට මට තේ උගුරක්
හැකිනම් එයත් මගෙ කුසයට රස අහරක්
ආසයි ගිලින්නට බත් මුල වගෙ වෙහෙරක්
කහට එකත් දැන්නම් මට රස දහරක්
දහවල ගිනි අව්ව ඇයි මේ තරම් සුව
නොදනිමි මහතුනේ මා කර තිබෙන පව
රත්වන විට තාර පාරේ සැරට තව
දන්නෙමි මිරිඟුවක් ඈතින් පෙනෙන බව
කාපට් පාර ඔබලට සුවසේ යන්න
දරනෙමි වෙහෙස හොඳහැටි සකසා දෙන්න
සුපවයිසර් පොඩ්ඩක් ඉවසා ඉන්න
දැන්නම් මටත් බඩගිනි දැනෙනව ඔන්න
පාන්දරින් නැගිටින මගෙ ප්‍රිය බිරිඳ
දුන් බත් මුලෙන් තාමත් නැගෙනවා සුවඳ
එහි ඇති දිව පිනායන මනරම් රසද
විඳින කලට සිහිවේ නුඹ මට සබඳ
දරුවන් ගැන සිතා සැමවිට වෙහෙසෙන්නේ
වයසට වඩා දැන් නම් වැහැරී ඉන්නේ
නුඹෙ ආදරය කවදත් නැත අඩුවෙන්නේ
නුඹ සිහිවෙද්දි කොහොමද ගින්දර බොන්නේ
බාධක ගොඩක් ආවත් ලොව හතර අතින්
මවුපියො නුඹට සලකයි රජෙකුටත් උසින්
සුන් කර නොදා අපෙ පැතුමන් නුඹේ අතින්
මගේ පුතේ නුඹ වෙනුවෙන් ඉගෙන ගනින්
ලොකු ලොකු අය මැයි දිනවල් සමරනවා
දුප්පත් කම්කරුවො සැමදා වේලෙනවා
චන්දය දාට අප හීනෙන් රජවෙනවා
අපෙ කර මතින් එතුමන් ඉහලට යනවා
අද සිට හිනැහෙනව මැයි මල් මනමාලී
පොහොසත් වෙන්නෙ හැමදාමත් මුදලාලී
ලොකු මහතුන් යනකොට මැයි පෙලපාලී
උරුම වෙන්නෙ අපහට නම් පිටලෑලී
දුකම තුරුළු කරහත්ත කම් කරුව වෙනුවෙන් හඬක් නගන්න තිබ්බ එකම දවස අද....
ReplyDeleteඅද ඒකත් ලිප්ටන් වටරවුම ඇතුලු තැන් තැන් වල සිල්ලරට විකිණෙනවා
කම්කරුවත් දේශපාලකයන්ගෙ වෙලඳ භාණ්ඩයක් වෙලා. ඒකයි දැන් තත්වෙ.
Deleteපාරවල් ගානේ රස්තියාදු ගහපු එවුන්බත් පැකට් එකට අරක්කු කාලට මැයි දිනේ සමරන කොට කම්කරුවා අදත් ජීවිත සටනේ
ReplyDeleteදුකටම අවතාරුත් ලිව්වා http://nonimiahasa.blogspot.com/2012/05/blog-post.html
අවතාර්ගෙ කතාව ඇත්ත. මැයි පෙලපාලිවල වැඩිපුර ඉන්නෙ බත් පැකට් එකටයි අරක්කු කාලටයි ආපු එවුන්.
Deleteහම්බෙන සොච්චම වුනත් අරක්කු මුදලාලිට පුදන අය ගැන නම් පව් කියන්න බැහැ.මැයි දිනේ නිසා එක දවසක පඩි නැති වීම ගැන හරි නම් දුක්වෙන්න ඕන.
ReplyDeleteහම්බ කරන සොච්චම කසිප්පු මුදලාලිට පුදන ඈයො ඕනෙ තරම් ඉන්නවා. බහුතරය කය වෙහෙසලා රැකියා කරන අය.ඒ මිනිස්සු ගොඩක් අය දවසෙ පඩියට වැඩකරන්නෙ. ඒ නිසා නිශාන් කියන කතාවට එකඟයි.
Deleteඇත්ත.. කවුරු කොහොම සැමරුවත් සැබෑ කම්කරුවා මේ දවස සමරනවද කියලා හිතෙනවා...
ReplyDeleteසැබෑ කම්කරුවගෙ දවසක පඩිය නම් නැති වෙනවා.....
Deleteමේ කවි ටික කියෙව්වම මට අපේ අප්පච්චිව මතක් උනා. උන්දත් කම්කරුවෙක්. අපි වෙනුවෙන් දිවා රෑ මහන්සි වෙච්ච කම්කරුවෙක්.
ReplyDeleteකම්කරුවන්ට දිරිය ශක්තිය ලැබේවා කියලා පතනවා.
"පොළොව කොටන තැන පාර තලන තැන දෙවියෝ වැඩ ඉන්නේ."
තමන්ගෙ දූ දරුවන්ව ඉහලට යවන්න දෑතෙ මහන්සියෙන් වෙර දරන කම්කරුවන්ට දිරිය ශක්තිය ලැබේවා.......
Deleteමටත් කියන්න තියෙන්නේ මධුරංග සහෝගේ වාක්‍යයක් තමා...
ReplyDelete//"පොළොව කොටන තැන පාර තලන තැන දෙවියෝ වැඩ ඉන්නේ."//
ලෝක කම්කරු දිනය කියලා කෑගැහුවට මොකද, වැඩ කරන ජනතාව මැයි පළමුවෙනිදාටත් වැඩ කරන්න ඕනේ... මේව්වා කාට කියන්නද මන්දා !!!
කවි ටික අගෙය කිරිපුතා..! ජය !!!
මේව ඉතින් කාට කියන්නද.....
Deleteලොකු අය කවුරුවත් අහන එකක් නෑ....
සෑමාගේ අවවාදය -
ReplyDeleteපුවත්පතකට යැවුවොත් පලකරනු සිකුරුය.
ජය !
අනේ නිකං විහිලු නොකර ඉඳින් සෑමො......
Deleteහැකියාව එක්ක විහිලු කරන්න බැහැ බොල..
Deleteජය !
අනේ මන්ද බං.........
Deleteජය....!
අපෙ කම්කරුවො පිරිහෙන තව හෙතුවක් තමයි බීමත්කම...කම්කරුවන් ලබන වැටුප නැවත හූරා කන්න සුද්දො අටවපු උගුල ඒකයි..
ReplyDeleteබීම හින්දා කම්කරුවො අකාලයෙ මැරිලා, පවුලෙ අනිත් අයත් තවත් අසරණ වෙනවා...
Deleteලස්සන කවි. වික්ටර් රත්නායක මහත්තයගේ සිංදුවක් මතක් උනා.
ReplyDeleteමොකක්ද අප්පේ සින්දුව........?
Deleteගොඩක් කම්කරුවන්ට නිකම් කන්නයි බොන්නයිවත් හම්බෙන එකම දවස ඕක බං.. මම කියන්නේ පෙලපාලි වලට ගියහම....
ReplyDeleteබත් පැකට් එකයි අරක්කු කාලකුයි නං හම්බවෙනවා....
Deleteනියමයි කිරිපුතේ. මසුරං කවිටික.
ReplyDeleteගොඩක් ස්තූතියි සහෝ.........
Deleteකම්කරුවගෙ ඇසකින් ලියවෙච්ච ලස්සන කවි ටිකක්.......
ReplyDeleteකම්කරුවෙක්ට හිතෙන විදියට ඔන්න ඔහෙ ලියල දැම්මා.....
Delete