Friday, May 25, 2012

මිනීවාහිනිය




මලකුණු වල රස බුදිමින් සැනසෙන්න
මහතුනි නුඹලාට හැකිවෙද විමසන්න
අනුනගෙ දුකත් සැපයක් ලෙස අරගන්න
මිනීවාහිනිය බැහැ නොවැ නරඹන්න

කඳුලත් සැපක් විදියට අදහා ගත්ත
දුක විකුණලා මඩි තව තද කරගත්ත
සිනහව නගා එය පෙන්වා නම ගත්ත
මහතුනි කිමද ඔබලාගෙන් ගත යුත්ත

පෙන්වන්නට මලකුණු විතරද ඇත්තේ
වෙන වෙන පුවත් ඇයි නරඹන්නට නැත්තේ
රඟපාලා ඒවා පෙන්වති පැත්තේ
එලියට පෙනේ මහතුනි ඔබලගෙ තත්තේ

අසරණ මිනිසුන්ගෙ දුක ඔබලට සතුටක්ද
සියදිවි නසා ගන්නා එක සැපයක්ද
අනතුරු බහුල වනවිට සිත් සැනසේද
ජීවිතයක අගය ඔබ හට වැටහේද

මවකගෙ ඇසින් වැටෙනා උණු කඳුලකට
පවුලේ අයගෙ සිත්වල තිබෙනා දුකට
සතුටින් ඉපිලෙමින් කරනා ලෙස මිලට
මිනීවාහිනිය වැජඹෙනවා යසට

(පින්තූරය ගත්තෙ ගොසිප්9 එකෙන්)

28 comments:

  1. p wahinu !!!!!!! thu nodakin

    ReplyDelete
  2. ඊයා....කක්කි....

    ReplyDelete
  3. දැන් කොයි වාහිණියත් එකයි ... ඔක බැලුවහම අපේ රුදිර වාහිනියට කෙලවෙන හින්දා.. බලන එක නවත්තලා තියෙන්නෙ... ආ කාටුන් බලනව ඈ

    ReplyDelete
    Replies
    1. කාටුන් කොහෙද බං ඔය වෙලාවට. උඹ සැටලයිට් ටීවිද බලන්නෙ.

      Delete
    2. මිණි වාහිණිය කිව්වෙ රත්තරං වාහිනියට නෙවෙයිද?... අනෙ මංද බං මම ඔය මගුල ඉස්සරහට යන්නෙම නෑ... නෙට් එකෙන් සිංහල කාටුන් එකක් බලනවා.. එච්චරයි...

      Delete
    3. ඒ වාහිනියට තමයි මචං.........
      ඒකෙ මෙලෝ රහක් නැති කාටුන් සෙට් එකකුත් යනවා.......

      Delete
  4. ඔය මොන නාලිකාවෙන් වුනත් බලන්නේ හම්බෙන පුවතින් වවන් කන්න බන්.අපිට කරන්න දෙයක් නැහැ

    ReplyDelete
  5. මල ජරාවක් බන්... අපේ ගෙදර මිනිස්සු දැන් ඔය චැනල් එක බලන්නෙවත් නෑ...

    ReplyDelete
  6. එක දැන් එච්චරටම චාටෙර් ද?

    ReplyDelete
  7. ඇත්ත ලංකාවෙ පෙන්නනවනම් ඔයිට වඩා නිවුස් තියෙනවා..

    ReplyDelete
  8. ටීවි ඒකෙ මැච් විතරයි බලන්නෙ බං අනිත් ඔක්කම චාටර්...

    ReplyDelete
  9. සහතික ඇත්ත මචං..

    ReplyDelete
  10. කාලකණ්නිවාහිනිය. අයියෝ සල්ලි.....

    ReplyDelete
  11. "මලකුණු වල රස බුදිමින් සැනසෙන්න
    මහතුනි නුඹලාට හැකිවෙද විමසන්න"
    ඕකට හොඳම නම "කපිල වාහිනිය " / "කිබුල් වාහිනිය"....... කපිල යනු කිබුලාට කියන තවත් නමකි උදා:- කපිල වස්තූපුරය = කිබුල්වත් පුර.....මොකද මේ චැනල් එක කරන්නේ කිබුල් කදුලු හෙලන එකනේ

    ReplyDelete
  12. අනේ අම්මප ඕකුන්නේ අර ස්ක්‍රීන් එකේ හතර වටේ ඇඩ් දාන එකත් පටන් ගත්තේ :ප

    ReplyDelete
  13. වෙලාවට අපේ ගෙදර ඕක දාන්නේ නෑ

    ReplyDelete
  14. MEKATA NIYAMA NAMA THAMI MINEE VAHINIYA. MAMA NAM DAN EKA VAHINIYAK WATH BALANNE NEHE.

    ReplyDelete
  15. මචන්ලා වාහිනී ගැනනම් මම දන්නේ නෑ.මොකෝ මම ඕවා බලන්නේනෑ.ජය..!

    ReplyDelete
  16. මම් නම් වැඩිය ටීවි බලන්නේ නෑ. මේ සීන් එකත් දැනගත්තේ ගොසිප් අයිට් වලින්.

    ReplyDelete
  17. සහතික ඇත්ත කුක්කු පුතේ (ආදරේ වැඩි කමට), මේගොල්ල නිවුස් කියන භාෂාව අන්තිම අප්සෙට්, ඒ මදිවට නිවුස් රගපානවා , අනිත් එක තම අර දවසේ වැරැද්දෙන් කාගේ හරි මනුස්සයෙක්ගේ ආත්ම ගරුත්වය නැත්තටම නැති කරලා දානවා, අපේ රටේ සිදු වෙන මහා පරිමාණ වැරදි එකක්වත් දකින්නේ නෑ, එත් කොහේ හරි ඉන්න පොඩි මිනිහෙක්ගේ වැරද්දක් පෙන්නලා , මාර ෆන් එකක් ගන්නවා.

    ReplyDelete
  18. කපිලවාහිනිය/කොම්බු වාහිනිය බලන්න ඔනේනම් අඟල් 21"ටීවී එකක් ගත්තොත් අඟල් 14"ප්‍රමානයෙන් රූප බලන්න පුලුවන්...මොකද උඩින්,යටින්,පැත්තෙන් යන ඇඩ්වලට බලන කාටූන්/ටෙලි වගේ එවාපෙනේන ප්‍රමානය අඩුවෙනවානේ

    ReplyDelete
  19. උපසිරස ෆිල්ම් යනවා.. අනේ ඉතින් උපසිරිසේ බාගයයි ඇඩ් එකේ භාගයයි තමයි කියවන්න වෙන්නේ. බලනවට වඩා හොඳයි නොබලනවානම් මෙහෙම ටීවී

    ReplyDelete
  20. සාමාන්‍යයෙන් මමත් බලන්න ස්වර්ණවාහිනී තමා. මළ මිනී විකිණිල්ල නම් කතා කරලා වැඩක් නැහැ. කුජීතයි. මාධ්‍ය සදාචාරය අන්තිමයි. ඒත් අනික් ඒවා නම් සාමාන්‍යයයි

    ReplyDelete
  21. මේ ලගදි ආදර්ශයක් දෙන්නය කියලා බොන සීන් එකක් රහ කර කර පෙන්නුවා ලව් ඇට එයිට්‌ වල පාටි එකක කොල්ලෙක් බොන සිද්දියක් දරුවට හොරෙන් මුන් එක පෙන්නුවේ අර ලමයගෙයි තාත්තගෙයි දෙන්නගෙම මුණු රටට පෙන්නලා තව ලුණු ඇඹුල් එහෙමත් දාලා මුන්ට දාන්න දැන් නිවුස් නෑ

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.