මලකුණු වල රස බුදිමින් සැනසෙන්න
මහතුනි නුඹලාට හැකිවෙද විමසන්න
අනුනගෙ දුකත් සැපයක් ලෙස අරගන්න
මිනීවාහිනිය බැහැ නොවැ නරඹන්න
කඳුලත් සැපක් විදියට අදහා ගත්ත
දුක විකුණලා මඩි තව තද කරගත්ත
සිනහව නගා එය පෙන්වා නම ගත්ත
මහතුනි කිමද ඔබලාගෙන් ගත යුත්ත
පෙන්වන්නට මලකුණු විතරද ඇත්තේ
වෙන වෙන පුවත් ඇයි නරඹන්නට නැත්තේ
රඟපාලා ඒවා පෙන්වති පැත්තේ
එලියට පෙනේ මහතුනි ඔබලගෙ තත්තේ
අසරණ මිනිසුන්ගෙ දුක ඔබලට සතුටක්ද
සියදිවි නසා ගන්නා එක සැපයක්ද
අනතුරු බහුල වනවිට සිත් සැනසේද
ජීවිතයක අගය ඔබ හට වැටහේද
මවකගෙ ඇසින් වැටෙනා උණු කඳුලකට
පවුලේ අයගෙ සිත්වල තිබෙනා දුකට
සතුටින් ඉපිලෙමින් කරනා ලෙස මිලට
මිනීවාහිනිය වැජඹෙනවා යසට
(පින්තූරය ගත්තෙ ගොසිප්9 එකෙන්)
p wahinu !!!!!!! thu nodakin
ReplyDeleteඊයා....කක්කි....
ReplyDeleteඅප්පිරියයි බං.........
Deleteදැන් කොයි වාහිණියත් එකයි ... ඔක බැලුවහම අපේ රුදිර වාහිනියට කෙලවෙන හින්දා.. බලන එක නවත්තලා තියෙන්නෙ... ආ කාටුන් බලනව ඈ
ReplyDeleteකාටුන් කොහෙද බං ඔය වෙලාවට. උඹ සැටලයිට් ටීවිද බලන්නෙ.
Deleteමිණි වාහිණිය කිව්වෙ රත්තරං වාහිනියට නෙවෙයිද?... අනෙ මංද බං මම ඔය මගුල ඉස්සරහට යන්නෙම නෑ... නෙට් එකෙන් සිංහල කාටුන් එකක් බලනවා.. එච්චරයි...
Deleteඒ වාහිනියට තමයි මචං.........
Deleteඒකෙ මෙලෝ රහක් නැති කාටුන් සෙට් එකකුත් යනවා.......
ඔය මොන නාලිකාවෙන් වුනත් බලන්නේ හම්බෙන පුවතින් වවන් කන්න බන්.අපිට කරන්න දෙයක් නැහැ
ReplyDeleteදහ ජරාව බොල !
ReplyDeleteමල ජරාවක් බන්... අපේ ගෙදර මිනිස්සු දැන් ඔය චැනල් එක බලන්නෙවත් නෑ...
ReplyDeleteඑක දැන් එච්චරටම චාටෙර් ද?
ReplyDeleteහ්ම් ! රාත්‍රී 8 මිනී පුවත් !!!
Deleteඇත්ත ලංකාවෙ පෙන්නනවනම් ඔයිට වඩා නිවුස් තියෙනවා..
ReplyDeleteටීවි ඒකෙ මැච් විතරයි බලන්නෙ බං අනිත් ඔක්කම චාටර්...
ReplyDeleteසහතික ඇත්ත මචං..
ReplyDeleteAtta
ReplyDeleteකාලකණ්නිවාහිනිය. අයියෝ සල්ලි.....
ReplyDelete"මලකුණු වල රස බුදිමින් සැනසෙන්න
ReplyDeleteමහතුනි නුඹලාට හැකිවෙද විමසන්න"
ඕකට හොඳම නම "කපිල වාහිනිය " / "කිබුල් වාහිනිය"....... කපිල යනු කිබුලාට කියන තවත් නමකි උදා:- කපිල වස්තූපුරය = කිබුල්වත් පුර.....මොකද මේ චැනල් එක කරන්නේ කිබුල් කදුලු හෙලන එකනේ
අනේ අම්මප ඕකුන්නේ අර ස්ක්‍රීන් එකේ හතර වටේ ඇඩ් දාන එකත් පටන් ගත්තේ :ප
ReplyDeleteවෙලාවට අපේ ගෙදර ඕක දාන්නේ නෑ
ReplyDeleteMEKATA NIYAMA NAMA THAMI MINEE VAHINIYA. MAMA NAM DAN EKA VAHINIYAK WATH BALANNE NEHE.
ReplyDeleteමචන්ලා වාහිනී ගැනනම් මම දන්නේ නෑ.මොකෝ මම ඕවා බලන්නේනෑ.ජය..!
ReplyDeleteමම් නම් වැඩිය ටීවි බලන්නේ නෑ. මේ සීන් එකත් දැනගත්තේ ගොසිප් අයිට් වලින්.
ReplyDeleteසහතික ඇත්ත කුක්කු පුතේ (ආදරේ වැඩි කමට), මේගොල්ල නිවුස් කියන භාෂාව අන්තිම අප්සෙට්, ඒ මදිවට නිවුස් රගපානවා , අනිත් එක තම අර දවසේ වැරැද්දෙන් කාගේ හරි මනුස්සයෙක්ගේ ආත්ම ගරුත්වය නැත්තටම නැති කරලා දානවා, අපේ රටේ සිදු වෙන මහා පරිමාණ වැරදි එකක්වත් දකින්නේ නෑ, එත් කොහේ හරි ඉන්න පොඩි මිනිහෙක්ගේ වැරද්දක් පෙන්නලා , මාර ෆන් එකක් ගන්නවා.
ReplyDeleteකපිලවාහිනිය/කොම්බු වාහිනිය බලන්න ඔනේනම් අඟල් 21"ටීවී එකක් ගත්තොත් අඟල් 14"ප්‍රමානයෙන් රූප බලන්න පුලුවන්...මොකද උඩින්,යටින්,පැත්තෙන් යන ඇඩ්වලට බලන කාටූන්/ටෙලි වගේ එවාපෙනේන ප්‍රමානය අඩුවෙනවානේ
ReplyDeleteඋපසිරස ෆිල්ම් යනවා.. අනේ ඉතින් උපසිරිසේ බාගයයි ඇඩ් එකේ භාගයයි තමයි කියවන්න වෙන්නේ. බලනවට වඩා හොඳයි නොබලනවානම් මෙහෙම ටීවී
ReplyDeleteසාමාන්‍යයෙන් මමත් බලන්න ස්වර්ණවාහිනී තමා. මළ මිනී විකිණිල්ල නම් කතා කරලා වැඩක් නැහැ. කුජීතයි. මාධ්‍ය සදාචාරය අන්තිමයි. ඒත් අනික් ඒවා නම් සාමාන්‍යයයි
ReplyDeleteමේ ලගදි ආදර්ශයක් දෙන්නය කියලා බොන සීන් එකක් රහ කර කර පෙන්නුවා ලව් ඇට එයිට් වල පාටි එකක කොල්ලෙක් බොන සිද්දියක් දරුවට හොරෙන් මුන් එක පෙන්නුවේ අර ලමයගෙයි තාත්තගෙයි දෙන්නගෙම මුණු රටට පෙන්නලා තව ලුණු ඇඹුල් එහෙමත් දාලා මුන්ට දාන්න දැන් නිවුස් නෑ
ReplyDelete