Sunday, June 10, 2012

අයි.පී.එල්. ගියපු අපේ කට්ටිය




අයි. පී. එල්. ඉවර වෙලා ගොඩක් දවස්. මැච් එකක් තියෙන්නෙත් ඉඳලා හිටලා. සමහර මැච් පරදිනවා. එතකොට හිතටත් දුකයි. ආයෙත් මේ වගේ මැච් එක දිගටම තියෙනවනම් හිත හදාගෙන බලන්නවත් පුලුවන්.
අයි.පී.එල්. ගියපු අපේ කට්ටිය ගැන කලින් ලියල තිබ්බ එකක් මේ. ලිපිය පල කරන්න නම් පොඩ්ඩක් පරක්කුයි වගේ.

චෙන්නායි සුපර් කින්ග්ස්

රන්දිව් සමගින් කුලයයි ආවේ
ඉඳහිට මැච්වල සෙල්ලම් කෙරුවේ
අන්තිමේදි බං කවුරුද දිනුවේ
කවුරු නොදින්නත් දෝනිලු දිනුවේ

ඩෙකෑන් චාජර්ස්

අන්න බලන් ඩෙකෑනයට ගිය තාලේ
අන්තිමයට උඩින් යන්තම් ආ තාලේ
නායකකම ගෙන සංගා සිටි වේලේ
බෝලර්ලාගෙ හිගයෙන් පැරදුනි රාලේ

දිල්ලි ඩෙයාඩෙවිල්ස්

කවදත් කොතැනත් සටනක් දෙන්නේ
කණ්ඩායම වෙනුවෙනි කැපවන්නේ
මහේල විතරයි දිල්ලියෙ ඉන්නේ
උපරිම සහයයි සැමදා දෙන්නේ


මුම්බායි ඉන්දියන්ස්

කණ්ඩායම ජයටැඹ වෙත ගෙනියන්න
මාලිංගගෙ ශක්තිය ඕනෑ ඔන්න
ඔහුගේ සවිය තව වැඩි කරලා ගන්න
තිසරත් එකතුවීලා ඉන්නව මෙන්න

පූනේ වොරියර්ස්

අවසානය වෙනතුරු සටනක් දෙනවා
පිත්තෙන් පන්දුවෙන් දස්කම් දක්වනවා
මැතිව්ස් නාමෙ පූනෙ තුල රැව්දෙනවා
හැකි උපරිමෙන් සහයෝගය දක්වනවා

රාජස්තාන් රෝයල්ස්

එක තරගයක්වත් ගැහුවේ නැතුවාට
ඔහුගේ නම තියේ හැමදාමත් යසට
ලංකා පිලෙන් බැබලෙන තරුවක් ලෙසට
චන්දිමාල් නාමය වටිනව අපට

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්

ලංකා පිලේ කවදත් මුලතැන ගත්ත
දිල්ශාන්ට ලැබෙනව එහි හිනි පෙත්ත
දඟ පන්දුවෙන් මුලු ලෝකය ජය ගත්ත
මුරලි සිටී පන්දුව සුරතට ගත්ත

30 comments:

  1. මම නම් IPL බැලුවෙම නැති තරම්
    වෙනදාවගේම කවිටික එල කිරි පුතෝ...

    ReplyDelete
    Replies
    1. මම නම් ටිකක් බැලුවා......

      Delete
  2. මම නම් අයි.පී.එල්. බැලුවේ නෑ. ඒ නිසා පෝස්ට් එක වටිනවා !!

    ReplyDelete
  3. දිනපු අය ගැන නැහැ නේද මෙතන ?
    පට්ට කවිටික ,මාලින්ගගේ සවිය වැඩිවේවා කියනවට වඩා හොද නැද්ද පඩිය වැඩිවේවා කිව්වනම් ?

    ReplyDelete
  4. මට නම් අයිපීල් බලලා මේ දවස් වල 50-50 බලන කොට නින්දත් යනට ගානට ඇවිත් තියෙන්නේ , අපේ ගිය අයගෙන් කණ්ඩායමේ ජයග්‍රහණයට වැඩිම දායකත්වයක් දුන්නේ මහේල,මාලිංග මුරලි තුන්දෙනා තමයි . අනික් අය නම් හිටියත් නිකන් නැ වගේ තමා . චන්දියා හොඳ බැටා උනාට ස්ට්‍රයික් රේට් එක අන්තිමයි

    ReplyDelete
  5. මම අයි පී එල් වලට පෞද්ගලිකව කැමති නැහැ. ඒ නිසා ඉතින් කොහොමත් බලන්නේ නෑ. හැබැයි කවි ටික නම් එල!
    ජය!!

    ReplyDelete
  6. මම කොහොමත් ඉන්දියනු විරෝධියෙක් හින්දා අයි පී එලු ත් ඈක්ක වගේ...ඒත් අපේ එවුන් ඉන්න නිසා මැච් එකක් දෙකක් බැලුවා, කිසිම ගෝ එකක් නෑ.

    ReplyDelete
  7. අයි.පී.එල් වලට දී ෆුල් බොක්කෙන් සහය
    කැටයම් දමා පෙන්නා මුදලට කැහැය
    සෙල්ලම් කරන ගොබිලයෝ දැක්කම නහය
    ඇකිලෙනවා නොදකින් මුං කුණු කපුටන්ය

    ReplyDelete
  8. මාලිංගයගේ වැඩකිඩ අල්ලපු රටට අගේ
    මව්බිම මුහුදේ ගිළුනත් උට සල්ලි අගේ
    හෙන ගැහිලා ගියතත් මේ රටට මගේ
    ඩොලර් වලින් විකුණයි මව උනත් උගේ

    ReplyDelete
    Replies
    1. @දුමී - කොයි එකත් වැඩ කරන්නේ සල්ලි වලට තමයි , මාලිංග සල්ලි වලට ක්‍රිකට් ගහන ගමන් තවමත් රට වෙනුවෙන් සෙල්ලම් කරනවා , උඹට ඔච්චරම රට ගැන අමාරුවක් තියනවා නම් අනුන්ට බණ නොකියා ලංකාවට ඇවිත් අඩු පඩියකට සේවය කරහන්කො අරාබියට වෙලා ඉන්නේ නැතුව . දැන් කියන්න එපා උඹ අරාබියේ ඉඳන් හම්බ කරන එකෙන් ලංකාවට විදේශ විනිමය එනවා කියල නම් , මොකද මාලිංගය කරන වැඩෙනුත් ඒක සිද්ධ වෙනවා . අනුන්ට බණ කියන්න කලින් තමන් හැදිලා හිටහන් !

      Delete
    2. ඕව ගැන නං දන්නෙ නෑ. හැබැයි දුමීගෙ කවිය නං එල.

      Delete
  9. දුමියා කිව්වා ටික නම ඇත්තම ඇත්ත
    සල්ලි එකට රට පස්සට තියනා හැත්ත
    අපට එපා නොකියා අත්පුඩි තලතී සත්ත
    මෙරට ඉන්න මෝඩම මෝඩ හැත්ත

    ReplyDelete
  10. මෙලො රහක් නැති ගොං පීයෙල්

    @ දුමී +++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  11. මට නම් කිරිකට් පිස්සුවක් නැත.

    ReplyDelete
    Replies
    1. එතකොට නංගි මෙගා නාට්ටි ?

      Delete
    2. ටීවී එකක් දකින්නෙත් මාසෙකට සැරයක් ගෙදර ගියාම. මොන මෙගා නාට්ටිද හලෝ.

      Delete
  12. සල්ලි මත්තේ නැහෙන උන් දන්නේ නැහැ අපේ ක්‍රිකට් වලට වුනු විපත අයි පි එල් එකෙන්.

    බන්ග්ලාදෙශේ තිබ්බ බි පි එල් එක නිසා උනෙග් ක්‍රිකට් නැගිට්ටා.හේතුව හැම රටකම ක්‍රීඩකයෙක්ගේ දස්කම් උන් දැනගෙන ඒවා ඉගෙන ගත්තා.ඉන්දියන් කාරයොත් ඒකමයි කරන්නේ.මාලිංගගේ යෝකරේ දැන් උන් දන්නවා.ඒකට ගහන හැටිත් දන්නවා.මාලිංගගේ දුර්වල කමත් උන් දන්නවා.අන්තිමට ඉන්දියා ටීම් එක නිකන්ම අංක එක වෙනවා.

    ReplyDelete
    Replies
    1. //ඉන්දියා ටීම් එක නිකන්ම අංක එක වෙනවා.//

      මොන අංක එකක්ද බන් , දැන් අයිපීල් පහක් ගහලත් ඉන්දියාව 20-20 රැන්ක් වල ඉන්නේ අපිටත් පහල . අයිපීල් නිසා උන්ට වාසිසහගත බවක් තිබුනා වුනත් ඒකේ මහා ලොකු බලපැමක් තියන බවක් පේන්න නැ . අයිපීල් පටන් ගන්න කලින් ඉඳලම දකුණු ආසියානු කලාපේ ගහන මැච් වලදි ඉන්දියාව වැඩ පෙන්වනවා වැඩියි , හැබැයි පිට කලාපෙකට ගියාම නාගන්නවා . ඒක අදටත් එහෙමම තමයි

      මාලිංග වගේ සුපිරි පන්දු යවන්නෙක්ව ඕනිම රටක් උපරිමයෙන් අධ්‍යනය කරනවා ඒ නිසා කාලයත් එක්ක කලින් තරම් දක්ෂතා දකින්න නොලැබෙන්න පුලුවන් , අනිත් පැත්තට ඉතින් අයිපීඑල් නිසා ඉන්දියන් ටීම් එකට අලුතෙන් එන්න ඉඩ තියන ක්‍රිඩකයන් ගැන හඳුනාගන්න ජාත්‍යන්තර ක්‍රිඩකයින්ටත් ඉඩ ලැබෙනවා .

      Delete
    2. බුවා
      එකඟයි. අයි පී එල් ගැහුව කියල මහාලොකු සෙතක් නං වෙලා නෑ ඉන්දියාවට.(මුදල් ගැන නෙවේ). කෝටි ගනනක් ඉන්න රටක ඔයවගේ දක්ෂයො කොහොමත් ඉන්න එපැයි නේද!

      Delete
    3. අනිවා මචන් , ජනඝහනය වැඩියි කියන්නේ ඉන්න දක්ෂයො ගානත් වැඩියි . ඒ අතින් උන්ට ගේමක් සෙට් වෙන්න නම් චීනේ ක්‍රිකට් ගහන්න පටන් ගන්න ඕනි !

      හැබැයි ඉතින් ඉන්න උන් ටික හරියට හදාගන්නවා නම් , චුට්ටන් අපේ රටට ඕනි එකෙකුට ගේම දෙන්න පුලුවන් .

      ප.ලි - ක්‍රිකට් ගහන (ටෙස්ට් වරම් තියන ) රටවලින් අඩුම ජනඝහනයක් ඉන්න රට ලංකාවද ?

      Delete
    4. අපේ රටේ දක්ෂයෝ නැහැයි කියලද කියන්නේ?අපේ රටේ ඕන තරම් උන් ඉන්නවා

      දම්මික ප්‍රසාද්ලට වඩා හයියෙන් බෝල දාන උන් අපේ ගම් වලත් ඉන්නවා.තිසරලා වගේ ඇස් වහගෙන හයේ පාරවල් නෙලන උනුත් ඉන්නවා.අපේ ගම්වල ඉන්න උන්ව පැත්තකට දාමුකෝ ඒත් දැනට ක්ලබ් වල දක්ෂතා පෙන්වන උන්ටවත් ඇතුලට එන්න අවස්තාවක් ලේසියෙන් තියෙනවද?

      Delete
    5. මෙහෙම දෙයක් තියනව. ඕනෑම ක්‍රීඩාවක ජනගහනයට සාපේක්ෂව දක්ෂයන් නැත්තෙ ඒ ඒ රටවල ක්‍රීඩාවට තියන සැලකිල්ල අනුව. උදාහරණයක් විදියට ලංකාවට වඩා ඔලිම්පික් පදක්කම් සිංගප්පූරුව දිනල තියනව. ඉන්දියාව චීනය වගේ රටවල ඉන්න දක්ෂයන් කවද හරි මතුවෙච්ච දවසට ඇප නෑ. හැබැයි ඒක සංවර්ධනයත් එක්ක වෙන දෙයක්.

      Delete
  13. //අපේ රටේ දක්ෂයෝ නැහැයි කියලද කියන්නේ?//

    මෙහෙම අහන්නේ සිංහල හරියට තේරෙන්නේ නැති කමක් වෙන්න ඕනි . එහෙම නැත්නම් ජනඝහනය සහ දක්ෂතා ඇති පුද්ගලයන් සංඛ්‍යාව අනුලෝමව සමානුපාතිකයි කියන එක තේරෙන්නේ නැති වෙන්න ඕනි . ඉන්න උන් හරියට හදලා ගත්තා නම් කියන්නේ දක්ෂයාට අවස්ථාව දෙන්න ඕනිය කියන එක තමයි

    ReplyDelete
    Replies
    1. ඔබ එක්ක වාද කරන්න මට වුවමනාවක් නැහැ මම කිව්වේ ජනගහණය හා සාපේක්ෂව දක්ෂතා ඇති පුද්ගලයන් සංක්‍යාව ගැන නෙවේ

      Delete
  14. මම නම් අයි.පී.එල්. බැලුවේම නැහැ. මොකට අපේ කාලේ නාස්ති කරනවද ???

    ReplyDelete
  15. ඔතනින් ඉතින් වැඩියම ෆේමස් උනේ මාලිංග, දිල්ශාන් තමයි මම හිතන්නේ.. සංගට හොද ටිම් එකක් සෙට් උනේ නෑ..

    ReplyDelete
  16. මට රාජ්ගේ පෝස්ට් එක මතක් වුනා.

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.