අද දින පැවති ක්‍රිකට් තරඟය වෙනුවෙන් ඔට්ටු ඇල්ලූ අසරණයෙකුගේ ශෝකාලාපය...........
උදේ ඉඳන් දවස පුරා ආතල්මය දුන්නේ
ශතක එකට දෙකක් ගහල එය පෙන්වා දුන්නේ
ඉන්දියාවෙ පොරවල් හට පොර ටෝකක් දුන්නේ
කොහොමද මම රෙදි ඇඳගෙන පාරෙ බැහැල යන්නේ
තුන්සිය විස්සක් ගැහුවම දිනයි කියල හිතුවා
ඒක හින්ද බයක් නැතුව ඔට්ටුවකුත් දැම්මා
ඉන්දියාව බැට් කරද්දි වෙව්ලිල්ලක් ආවා
බලන් ඉද්දි මගෙ රෙදි ටික ගැලවී බිම වැටුනා
කෝලියො ඔහොම නොකරන් අපෙ අය්යලට
හිටියේ මෙදා නම් කප් එක උස්සන්ට
අයියල නම් ඉඳී ආතල් ගෙන යසට
වෙන්නේ මට තමයි හෙලුවැල්ලෙන් යන්ට
ඔසී අයියලා කොහොමට හිටීද
අපේ උන්ට ගොඩ යන්නට ඉඩ දේද
සියලු වස්තුවම මාගේ නැති වේද
ඇඳි වත නැතිව පාරේ යන්ටත් වේද
රංගන අයිය පිතිකරුවෙක් වෙලාලූ
දිල්ෂාන්ගෙ අත හොඳටම රිදෙනවලූ
දඟ පන්දුව ලංකාවට අකැපයිලූ
වේග පන්දු දැම්මම හරි සැපයිලූ
ඊලඟ මැච් එකේදී හරි ජයගන්න
මේ මැච් එක ආදර්සෙට අරගන්න
කලබල නැතිව මැච් ටික ගොඩදාගන්න
සී බී කුසලානෙ මෙහි අරගෙන එන්න