Showing posts with label ක්‍රිකට්. Show all posts
Showing posts with label ක්‍රිකට්. Show all posts

Monday, July 16, 2012

තේරීම් කමිටුවේ අපූරු තේරිල්ල....




කිරිකට් මාමලා නම් හරි අපූරුය
ගැහුවත් නොගැහුවත් ඌ නම් ඇතුලේය
තෝරන උන්ට දැන් නම් අමු කැවිලාය
මේක අපට තේරෙන්නැති රහසක්ය

දන්නා කාලෙකදි දස්කම් දැක්කෙ නැතී
පැරශුට් වලින් හැමදම ඇතුලට පනිතී
අතපත ගගා බිංදුවටම දැවී යතී
ඒ මක් උනත් හැමදම ඇතුලේ රැඳෙතී

ඒ කණ්ඩායමට සිටියා එක්වීලා
බිංදුවටම යනවා මුලදිම දැවිලා
එලෙසට උනත් ලංකාවට ඇවිදිල්ලා
ජාතික කණ්ඩායමේ තැනකුත් හිමිවීලා

එස්.එල්.පී.එලුත් මොහුහට ජයවන්නේ
උතුරට එක්වෙලා තරගෙට සැරසෙන්නේ
වැඩපෙන්නුවොත් නිසිතැන යලි හිමිවන්නේ
ටීම් එකට මොහු නැතිවම බැරිවෙන්නේ

Friday, March 16, 2012

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම අනතුරුදායක අඩියක




බංගලාදේශය හමුවේ ඉන්දියාව පරාජය විය. ලංකාවට අවසාන මහා තරගයට පැමිණීමට නම් පාකිස්ථානය ඉන්දියාව පරාජය කල යුතුය. එතැනින් නොනැවතී ලංකාව බංගලාදේශයද පරාජය කල යුතුය. එය සිදුවූවා යැයි සිතමු. එය අපගේ කණ්ඩායමට අවසන් තරගයට පැමිනීමට ප්‍රමාණවත් වේද?

එවිට  ලකුණු සටහන පහත පරිදිය.
(පාකිස්තානය හා ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු ලබා නොගෙන ජයග්‍රහණය කල බවට උපකල්පනය කරමු. )



එවිට පාකිස්තානය හැර අනෙක් කණ්ඩායම් තුනෙහි ලකුණු සමවන නිසා ශුද්ධ ලකුණු වේගය සලකා බැලීමට සිදුවේ. තිබෙන තත්වය අනුව එය ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසිදායකය. එසේ නම් කලයුත්තේ බංග්ලාදේශය සමඟ තරඟය ප්‍රසාද ලකුණක් සමඟ ජය ගැනීමයි.
එවිට අපගේ කණ්ඩායම නිසැකවම අවසන් තරඟයට සුදුසුකම් ලබයි. නමුත් ප්‍රසාද ලකුණ ලබාගැනීමට නම් මුලින් පන්දුවට පහරදී ප්‍රතිවාදී කණ්ඩායම තම ලකුණු ප්‍රමාණයෙන් 80%ක් ලබාගැනීමට පෙර දවාලිය යුතුය. නැතහොත් දෙවනියට පන්දුවට පහරදී පන්දුවාර 40කට පෙර ඉලක්කය සම්පූර්ණ කල යුතුය.
ප්‍රතිවාදී බංගලාදේශ කණ්ඩායම මෙම තරඟාවලියේ දක්වා ඇති දස්කම් අනුව මෙය ඉතා අසීරු කරුණක් බව පෙනේ. නමුත් අනිද්දා තරගයෙන් ඉන්දියාව ජයගතහොත් ආසියානු කුසලානයෙන් ශ්‍රී ලංකාව ඉවතට විසිවේ. එවිට තරගය වැදගත් වන්නේ බංගලාදේශ කණ්ඩායමටය.
සිදුවන්නේ කුමක්දැයි විමසිල්ලෙන් බලා සිටිමු.




ප.ලි. : ඔය මගුල් බලන වෙලේ තියෙන දෙයක් කාල බුදියගත්තනං ඊට වඩා සැපයි.

( මහේලගෙ පින්තූරෙ ගත්තෙ මෙතනින්  http://cdn6.wn.com/pd/de/d9/0135563aac93befa7e6513a8f757_grande.jpg )

Wednesday, March 14, 2012

ශ්‍රි ලංකා සංචිතයෙහි නොමැති එහෙත් අද තරඟයට සහභාගි වන ක්‍රීඩකයා කවුද?




අරුමෙකි අහෝ කිම මේ සිදුවී ඇත්තේ
සංචිතයෙහි එක් අයෙකුගෙ නම නැත්තේ
නම එහි නැති උනත් ඔහු ඇතුලෙහි ඇත්තේ
විස්කම් වෙන්නෙ බංගලි දේසේ පැත්තේ

සංචිතයටම දාහතරයි නොවැ ඉන්නේ
ඉන් එකොලහක් අද තරගෙට සැරසෙන්නේ
දහදෙනෙකුටයි පිටියට බැසුමට වෙන්නේ
අනෙකට හොරෙන් කවුරුද පිටියට යන්නේ

ඔහු දුටුවාම අෆ්රිඩිලා වෙව්ලාවී
එවනා පන්දු පිටියෙන් ඉවතට යාවී
උමාර් ගුල් බියපත්වී සැඟවේවී
මිස්බා උල් හක්ට සුලුදිය පිටවේවී

සිරි ලංකාවෙ සංචිතෙ අද මෙතැන ඇත
සැඟවුනු අමුත්තා මෙතැනට එන්නෙ නැත
පිටියට ඇවිත් පානා පෙලහාර මත
පාකිස්තානුවන් යාවිලු හතර අත

පන්දු යවන්නත් ඔහු ඉඩකඩක් තිබේ
යැව්වොත් පන්දු පිතිකරුවන් බිමට එබේ
සතුටෙන් කුල්මත්ව නරඹන අයද සබේ
ඔහුගේ ගුණ ගයති ගහගෙන කණෙහි ඇබේ

ප.ලි. : හුරේ............ මේ පෝස්ට් එක දැකල අද ඌව ටීම් එකෙන් අයින් කරලා :D 

Friday, March 9, 2012

චාමර කපුගෙදර වෙනුවෙන්...... (Specialist of the final matches)





අවසන් මහා තරග වලදී සුවිශේෂී සේවයක් ඉටුකරන ක්‍රීඩකයාණෙනි. ඔබෙන් විය යුතු මෙහෙය ගැන සිතා බැලීමට කාලයයි මේ.

බැට්මන් කෙනෙක් කියලයි අප දැන උන්නේ
කිසි අදහසක් නැහැ නොවැ ඌ ගැන එන්නේ
කොයිවගෙ පොරක්දෝ කියලා සිතමින්නේ
කපුගෙදරට බැනලයි අප සැනසෙන්නේ

තරඟාවලියකට දෙකකට නැති වෙන්නේ
එක පාරටම ආයෙත් ඇතුලට එන්නේ
මැච් එක ගොඩගන්න ඔහු පිටියට එන්නේ
ලකුණක් දෙකක් ගහලයි දැවිලා යන්නේ

ෆීල්ඩ් කරන විට පිටියේ ඉන්නවද
ඉස්සර වගෙ ආයෙත් දැන් රකිනවද
ෆයිනල් එකට විතරක් ගොඩ බහිනවද
ආසිය කප් එකේදිත් යලි ඉන්නවද

කපුගෙදරට දැන් බැනලා කිසිම වැඩක් නැත්තේ
තෝරන අය තෝරනවා ඒකයි බොල තත්තේ
මීට වඩා හොඳ කොල්ලන් කොයි පැත්තෙද නැත්තේ
උන්ව තොරගන්නෙ නැත්තෙ ඇයි ....... මුත්තේ

ඔබ සමග කිසිම පෞද්ගලික තරහක් නැත. මීට වඩා වගකීමෙන් පිතිකරණයේ යෙදිය හැකිනම් ඉතා අගනේය.

Thursday, March 8, 2012

මැච් එක පැරදුනාට දුකද?




මැච් එක ගැන ඉස්සර වගෙ දුක නැත්තේ
හඬා පලක් නොම වන බව දැන ගත්තේ
ඩිලී ගැන සතුට හිත තුල බැස ගත්තේ
කවියෙන් කියන්නට හිතුනා මගෙ තත්තේ

ආසිය කුසලානෙ අද හෙට එනවාය
මීට වඩා ඒකෙදි බැට දෙනවාය
අපේ තරම උන්හට පෙන්වනවාය
ආසිය කුසලානෙ මෙහි ගෙන එනවාය

ගොසිප් සයිට් වල එක එක දාලාය
අපේ එවුන් හොඳ උත්තර දීලාය
දුක හා සතුට එක ගානට වැටිලාය
ඒක සමරන්නෙ එක ලඟ නමලාය

දෝනිට කෝලි මල්ලිට සන්තෝස ඇතී
හුරේ දම දමා දැන් නටනවා ඇතී
ඉන්දියාවෙ බමුනෝ මතුරන්න ඇතී
අපි පරදින්න හේතුව ඒක වෙන්නැතී

දහසය ලකුණු වලිනුයි පැරදී ඇත්තේ
ගේමක් දුන්න එක ගැන සතුටය ඇත්තේ
හුටු හුටු උනත් මේකයි මගෙ නම් තත්තේ
ඔබා මාමෙ කොහොමද ඔහෙලගෙ පැත්තේ

Gossip9 හා Gossip Lanka News වෙබ් අඩවි වල හොඳ හොඳ ප්‍රතිචාර තියෙනවා. මේ ඒවගෙන් ටිකක්.

හැමදාම හොඳට series එක play කරනවා. final ආවම ලොක්ක යනවා, match එක පරාදයි. මෙදා පාර ඇමතියා යවල. උගෙ නමෙත් මහින්ද කෑල්ලක් ගෑවිල තියනවනෙ. අය්යො එකත් පරාදයි...


ඔයින් ගියා ඇති. 57 ට 4 ක් ගියාම ඉස්සරනම් 100 all out වෙනවා. දැන් කොල්ලෝ එහෙම නැහැ. 
අපිට අර චාමර කියන නම නැති බැට්ස්මන් ල හොයා ගන්නම බැරිද? මහා කරුමයක්.


හු*ත වේලෙන්නත් ඉස්සර පත්තරේ දාලනෙ. 

මුල හරියේ එක විකට් එකක් මෝඩ පාරකින් ගියා. ඊළඟට තව එක්කෙනෙක් තනි ලකුණ ගන්න හැටි අමතක වෙන තරමට බය වෙලා අවුට් උනා. අනිත් අයගේ විකට් නම් ගියේ හේතු ඇතුව. 
අපි දැන් අන්තිම තරඟ ගොඩක් පැරදිලා තියනවා, හිතේ හයිය මදිකම හින්ද. බය නැති කොල්ලෝ ඕන මේ වෙලාවට.


අනේ යකෝ මුළු දවසක්ම කිසිම වැඩක නොකර මෙතනට වෙලා උලමට ඇනගෙන මේක දිහා බලන් හිටිය දිනයි කියල...මුන්ට අන්තිම ලකුණු 17 ගහගන්න බැරි උනානේ..අර කපුගෙදර කියන එකා මොකට දැම්මද මන්ද.අතේ තිබුණු කප් එක අන්තිම මොහොතේදී පුජා කරා වගේ වැඩක් කරේ...වර්ල්ඩ් කප් එකේ පරාජේ දරගත්තු අපිට මේක දරාගන්නත් අමාරු නෑ කොල්ලනේ...කමක් නෑ...අනුශුරයෝ උනානේ කියල හිත හදාගමු..දැන් දොනියාගෙයි කොලිගෙයි ඉහේ මල් වතු පිපිලා ඇති අපි පැරදුනාට..හැමදාම වගේ ඉතින් මේ පාරත් කියන්නම්.. 

"කමක් නෑ කොල්ලෝ ඊලග තරගාවලිය දිනමු " 

කියල..........



Tuesday, March 6, 2012

නුවන් කුලසේකරට උපහාර පිණිස......


Nuwan Kulasekara hits out during his blistering 73

පසුගිය තරගයේදී හිමිවීමට තිබූ නිසැක පරාජය ගෞරවාන්විත පරාජයක් කරා ගෙන ඒමට උරදුන් නිහතමානී ක්‍රිකට් විරුවානෙනි ඔබට මාගේ උත්තමාචාරය........

වැටුනත් කඩුලු සත පහකට බිය නැත්තේ
දිනුම වෙත යන්න අරමුණ සිත ගත්තේ
ලැබෙනා සහය උපරිම ලෙස අරගත්තේ
කුලේ ගැසූ හය පිටියෙන් පිට පැත්තේ

යෝකර් පන්දු වැටුනත් නොම වීලා බිය
ගැසුවේ පහර රට වෙනුවෙනි ගන්න ජය
කලහැකි උපරිමය පෙන්නා යන්න ගිය
සිටියා නම් කුලේ තිබුනනෙ ගන්න ජය

මුල්පෙල වැටිල අසරණවී සිටියාට
පසුපෙල දුන්නෙ නෑ ජය ඉක්මන් වෙන්ට
තරංග සමග එක්වීලා ගොඩ ගන්ට
සහය අගෙයි අන් හැමටම පෙනෙන්නට

හසීගෙ ඕවරය වනතුරු අත් නොහැර
යුතුකම තමන් ඉටුකල යුතු නොම පැහැර
දුන්න සටන අගයන්නටමය සොයුර
ලිව්වේ මෙමා මේ කවිපද මල් පොකුර


_________________________________________________________

මේක සයිබර් සිහින උළෙලෙ ප්‍රථම තරගය සඳහා ඉදිරිපත්කලා. මෙතනින් විස්තර බලා ගන්න පුලුවන්. මේකට කැමතිනම් මෙතෙන්ට ගිහිල්ල ලයික් එකක් දාල උදව්වක් කරන්න.

Tuesday, February 28, 2012

අහෝ මෙවන් මැච් එකක්....




අද දින පැවති ක්‍රිකට් තරඟය වෙනුවෙන් ඔට්ටු ඇල්ලූ අසරණයෙකුගේ ශෝකාලාපය...........


උදේ ඉඳන් දවස පුරා ආතල්මය දුන්නේ
ශතක එකට දෙකක් ගහල එය පෙන්වා දුන්නේ
ඉන්දියාවෙ පොරවල් හට පොර ටෝකක් දුන්නේ
කොහොමද මම රෙදි ඇඳගෙන පාරෙ බැහැල යන්නේ

තුන්සිය විස්සක් ගැහුවම දිනයි කියල හිතුවා
ඒක හින්ද බයක් නැතුව ඔට්ටුවකුත් දැම්මා
ඉන්දියාව බැට් කරද්දි වෙව්ලිල්ලක් ආවා
බලන් ඉද්දි මගෙ රෙදි ටික ගැලවී බිම වැටුනා

කෝලියො ඔහොම නොකරන් අපෙ අය්යලට
හිටියේ මෙදා නම් කප් එක උස්සන්ට
අයියල නම් ඉඳී ආතල් ගෙන යසට
වෙන්නේ මට තමයි හෙලුවැල්ලෙන් යන්ට

ඔසී අයියලා කොහොමට හිටීද
අපේ උන්ට ගොඩ යන්නට ඉඩ දේද
සියලු වස්තුවම මාගේ නැති වේද
ඇඳි වත නැතිව පාරේ යන්ටත් වේද

රංගන අයිය පිතිකරුවෙක් වෙලාලූ
දිල්ෂාන්ගෙ අත හොඳටම රිදෙනවලූ
දඟ පන්දුව ලංකාවට අකැපයිලූ
වේග පන්දු දැම්මම හරි සැපයිලූ

ඊලඟ මැච් එකේදී හරි ජයගන්න
මේ මැච් එක ආදර්සෙට අරගන්න
කලබල නැතිව මැච් ටික ගොඩදාගන්න
සී බී කුසලානෙ මෙහි අරගෙන එන්න

Monday, February 21, 2011

මාලුකාරයෙක් මැච් එකේ



ඊයෙ ලංකාවයි කැනඩාවයි අතරෙ මැච් එක තිබ්බනෙ. අපි මැච් එකේ මුල් ටික බලන්න සෙට් උනේ ටිංටිංලගෙ බෝඩිමට. ඊයෙ නිවාඩු දවස හින්දා කට්ටියම බෝඩිමේ හිටියා. මායි අවිශ්කයයි බෝඩිමට යනකොට බෝඩිමේ පොඩි විවාදයක්.
බැලින්නම් අපේ ටිංටිං හා මදුරුවා.
ටිංටිං කියනවා ටොස් එක ලංකාවට ආවොත් ලංකාව ඉස්සරලා බැට් කරන්න ඕනෙලු. හේතුව එතකොට බැට්මන්ලට වැඩිපුර ලකුණු ගහලා එක්කෙනෙකුට තරඟාවලියෙ වීරයා වෙන්න පුලුවන්ලු.
මදුරුවා කියනවා ටොස් එක දින්නොත් ලංකාව ඉස්සරලා බෝල් කරන්න ඕනෙලු. එතකොට බෝලෙර් කෙනෙක්ට වැඩිපුර විකට් අරන් තරඟාවලියෙ වීරයා වෙන්න පුලුවන්ලු.
මදුරුවා උදාහරණයක් විදිහට ගත්තෙ කෙන්යාවයි නවසිලන්තෙයි අතර තිබ්බ මැච් එක. ඒකෙදි කෙන්යාව ලකුණු 69කට ඕල් අවුට් කරලා නවසිලන්තෙ ඕවර් 7.5 කින්ද කොහෙද ගහලා දින්නනෙ.
ඒ හින්දා නවසිලන්තෙ ශුද්ධ ලකුණු වේගෙ 7.6ක් විතර. ඒක සුපර් එයිට් වටයට යන්න සමහර විට බලපාන්න පුලුවන්නෙ. ලංකාව මේ වටේදි තියෙන ඔක්කොම මැච් ටික දිනුවොත් ප්‍රශ්නයක් නෑ. බැරිවෙලාවත් එකක් හරි පැරදිලා තිබුනොත් කාණ්ඩෙ එකට එන්න ශුද්ධ ලකුණු වේගෙ බලපායි.
ඕක තමයි මදුරුවාගෙ තර්කෙ.
අන්තිමේදි ටොස් එක දිනලා ස්න්ගා බැට් කරන්න තීරණය කලානෙ. ඊට පස්සෙ ටිංටිංගෙන් මදුරුවාට නෝන්ඩි ගොඩයි.
ටිංටිං පුලුවන් තරම් පොර ටෝක් දෙනවා. මදුරුවා සද්ද නෑ.
ටික වෙලාවක් මැච් එක බලබල හිටපු මදුරුවා එක පාරටම හිනාවෙන්න පටන්ගත්තා. දැන් අපටත් හරි පුදුමයි මොකද මේ කියලා. අපි ඇහුවා "මොකද බං තනියෙන් හිනාවෙන්නෙ? "කියලා.
එතකොට මදුරුවා කියනවා "බලපංකො බං, ඉන්දියාවෙ මාලුකාරයෙක්ව අම්පයර් කමට දාලා" කියලා.
 බැලින්නම් කතාව ඇත්ත. මෑන්ට දැල් දැල් බැනියමක් අන්දලා ගත්තනම් නියම මාලුකාරයා.
ඒ ගමන ටිංටිං කියනවා " වැදගත් මිනිස්සුන්ට අපහාස කරන්න එපා බං හරි නෑ" කියලා.
ඒ කතාවත් ඇත්ත. මනුස්සයෙක්ගෙ හැඩරුවට එක එක නම් හදන එක හරි නෑ තමා.