Sunday, April 29, 2012

විජේ මාමා අයි.ටී.එන්. බලපු හැටි



අවුරුදු කාලෙ කාගෙ කාගෙත් කරල පැහෙද්දි ජාතික කොඩිය වෙනුවට සරම එල්ලන්න හදපු විජේ මාමට ලබල තිබුනෙ නරක කාලයක්. මාමගෙ කාලෙ නරක උනාට නැන්දගෙ නම් ඉහේ මලක් පිපිලා තිබුනෙ.
විජේ මාමලාගෙ ඇන්ටනාව කැඩිලා. දැන් අහුවෙන්නෙ අයි.ටී. එන් විතරයි. කඩේට එන පක්ශ විපක්ශ හැමෝටම විජේ මාමා මේ අඳෝනාව කියෝනවා. ඉතින් අවුරුදු නිවාඩුවට ගමේ ගිය මටත් විජේ මාමගෙ අඬුවැඩියාව අහන්න ලැබුනා. ඒ අඳෝනාව ඇහුවට පස්සෙ ඒක කවියෙන් ලියන්න මට හිතුනා. ලියවිච්ච කවි ටික තමයි මේ.

හොඳටම පැහැදිලියි තිතටම අහුවෙනවා
ඇන්ටනාව නැතුවත් අපි නරඹනවා
නිවුස් දකින කොට පොඩ්ඩක් තද වෙනවා
කතා ටික බලල ආයෙම සැනසෙනවා

නිවුස් වලට හැමදම එකමයි යන්නේ
ඊට පසුව විමසුම අප නරඹන්නේ
අනේ අපොයි කියමින් බැන බැන ඉන්නේ
අමා දැකල ආයෙම අප සැනසෙන්නේ

රන් සමනලයො පියඹති රෑ අටේ සිට
සිහින පියාපත් ලැබෙනව ඊලඟට
සපුමලි අඬන්නේ මීලඟ කනිසමට
ආයෙම නිවුස් යන්නේ ලේ පුච්චන්ට

සති අන්තයට වෙන වෙන ඒවා යනවා
අටපට්ටම එක එක දේ පෙන්නනවා
වෙනස නැවුම් වෙනසක් අරගෙන එනවා
කෝපි කඩේ දැන් එකතැන පල් වෙනවා

සැටඩේ මූවි කියලා එකකුත් යනවා
චැට් ඇන් මියුසිකුත් ගත සිත පුබුදනවා
ලට්ට ලොට්ට ගොඩකුත් තව එක්වෙනවා
අයි.ටී.එන් බල බල අපි හිනැහෙනවා