මේ සිද්දිය වෙලා තියෙන්නෙ මගෙ වෙන්ඩ හාමිනේ ඒ කියන්නෙ කිරිදුවට. ඔන්න දවසක් කිරිදුවයි එයාගේ අක්කගෙ බබයි තව අක්කා කෙනෙකුයි. ගමනක් ගිහිල්ලා. අක්කගේ බබා මේ අවුරුද්දෙ මොන්ටිසෝරියට බාරදුන්නෙ.
මේ කට්ටිය එන ගමනෙදි කිරිදුව බබාට බිස්කට් පැකට් එකක් අරන් දුන්නලු. දැන් කිරිදුව බබාවත් වඩාගෙන එනකොට පාර අයිනෙ ගහක වඳුරෙක් ඉන්නවා දැක්කලු.
"පුංචි, වඳුරා මගෙ බිස්කට් එක කයිද?" කියලා බබා කිරිදුවගෙන් ඇහුවලු.
ඒ වෙනකොට බබා බිස්කට් දෙකක් එක අතක තියාගෙන තව බිස්කට් එකක් කකා තමයි ඇවිත් තියෙන්නෙ.
අර වඳුරා හෙමින් හෙමින් බිස්කට් එක ගන්න කිට්ටු වෙනවලු. ඒ හින්දා කිරිදුව ඒ වඳුරව එලවන්න හැදුවලු.
මෙන්න බොලේ එතකොට බබා හයියෙන් කෑගගහ අඬන්න ගත්තලු. බැලින්නම් වෙන වඳුරෙක් ඇවිත් බබාගෙ එක අතකින් අල්ලගෙන අනිත් අතින් අර බිස්කට් දෙක උදුරනවලු.
කිරිදුවත් බයවෙලා කෑගැහුවලු. ටික වෙලාවක් යනකොට දෙන්නගෙම වටේ වඳුරු රංචුවක් ඇවිත් පිරුනලු.
දැන් අර අක්කත් බය වෙලාලු.
අන්තිමේදි අර බබාගෙ අතේ තිබිච්ච බිස්කට් දෙක වඳුරන්ට දාලා ඒ දෙන්නා දුවගෙන ආවලු.
බබා ඉන්න තැන ඔය සිද්දිය වෙන කාට හරි කිව්වත් ඇති බබා අඬන්න ගන්නවා.
අක්කලාගෙ ත්‍රීවිල් එක ගෙනිහිල්ලා වඳුරව යට කරලා දාන්න කිය කියා බබා අඬන්නෙ.
මට පොඩි ප්‍රොබ්ලම් එක ඇත...මේ කිරි පුතා පුතා වන්නේ අපේ මී මුත්තාටය..එසේ නම් කිරි පුතා මට පුතා නොවේය,...කිරි සීයාය....
ReplyDeleteනෝනා කිරි ආච්චීය.
මේ සිද්දිය බබාට ඌ දෙයක් දැයි සැකය....
@රත්ගමයා
ReplyDeleteමේ සිද්දියට සම්බන්ධ වඳුරා රත්ගමයාදැයි මට සිතේ.
මරු කතාවක්.. :D :D
ReplyDelete@තරිදු පමල්
ReplyDeleteතැන්කූ මචං
වඳුරට බිස්කට් අහු උනා වගේ
ReplyDelete@පිණිබිඳු...
ReplyDeleteඒක තමයි හොඳම කියමන...