Tuesday, February 8, 2011

ටිංටිංගේ කුලුඳුල් ප්‍රේමය - ලත් තැනම ලොප්


අපේ ටිංටිං කිරිතේ හදද්දි පොඩි පොඩි ලෙඩ දාගන්නවා තමයි. ඒ උනාට මිනිහ හෙන හැන්ඩියා. හරියට හින්දි නලුවෙක් වගේ. ගෑනු ලමයිගෙන් හෙම නිතරම මිනිහට බැල්ම වැටෙනවා. ඒ උනාට මෑන් එහෙම ලේසියකට කෙල්ලෙක්ට කැමති වෙන ජාතියේ පොරක් නෙවේ.
මේ සිද්දිය වෙනකොට අපි කැම්පස් එකේ එක වසරෙ විතර ඉන්න ඇති. ඒ වෙනකොට එක එකාට හිතේ ඇඳුණු කුමාරිකාවො හිටියා. තවත් සමහරු ඒ හීන හැබෑ කරගෙන තිබ්බා.අපේ සෙට් එකෙත් සුලුතරයක් විතරයි තමන්ගෙ ප්‍රියම්බිකාවන්ව හොයාගෙන හිටියෙ. තවත් ටික දෙනෙක් තමන්ගෙ ඉරනම්කාරි හොයාගන්න සෑහෙන උත්සාහයක් දැරුවා.
ඒත් අපේ සෙට් එකේ ඒ වර්ග දෙකටම අදාල නැති පුද්ගලයෙක් හිටියා. ඒ වෙන කවුරුවත් නෙවෙයි අපේ කතානායක ටිංටිං.
ඌ කෙල්ලෙක්ට ට්‍රයි කරන්නෙත් නෑ.අපි ඌට කෙල්ලෙක් පෙන්නුවොත් ඌ ඒ කෙල්ලගෙ මොනවහරි අඩුපාඩුවක් කියනවා.අන්තිමේදි අපි උත්සාහය අත් ඇරියා. ඌට ඕන දෙයක් කරගනිං කියලා අපි පාඩුවේ හිටියා.
අපි පුල පුලා බලාසිටි ඒ මොහොත  එක දවසක් කැන්ටින් එකකදි උදාවුනා. අපි හැමෝගෙම ආශිර්වාද මැද ටිංටිං තමන්ගෙ ප්‍රථම ප්‍රේමයට අත්තිවාරම දාන්න පටන්ගත්තා.
කෙල්ල තනියම අපි වාඩිවෙලා හිටපු ටේබල් එකට ටේබල් කිහිපයක් එහා පැත්තෙ තමයි වාඩිවෙලා හිටියෙ. ටිංටිං හැන්ඩියා හින්දා කෙල්ලගෙ බැල්ම නිරායාසයෙන්ම ටිංටිං වෙත යොමුවුනා.
දැන් සීයට පනහක් සාර්ථකයි. ඒ කියන්නෙ ටිංටිං කෙල්ලට බොක්කෙන්ම ලව්. තව සීයට පනහයිනෙ තියෙන්නෙ. ඒ සීයට පනහෙනුත් එක එක වැඩි වෙන්න පටන් ගත්තා. "කෙල්ලත් සීදේවි පාටයි, ටිංටිංට නියමෙට ගැලපෙනවා" ඒ විදිහට ටිංටිංට වචනෙකින් හරි සහයෝගෙ දක්වන්න අපි කවුරුත් අමතක කලේ නෑ.
ඒත් දෛවය කියන්නෙ හරිම වෙනස් දෙයක්. ටිංටිං තමන්ගෙ හද පත්ලෙන්ම ඇතිවුනු කුලුඳුල් ආදරේ ඒ දැරිවිට ප්‍රකාශ කරගන්න කියලා හිතාගෙන නැගිට්ටා විතරයි. අටේ හයේ නරුමයෙක් අයිස් ක්‍රීම් දෙකකුත් අරන් ඇවිත් අර කෙලි පොඩිත්ත ගාවින් වාඩිවුණා.
අහිංසක ටිංටිංගෙ දෑසට කඳුලක් නැගුණා.
"ඔයිට වඩා හොඳ කෑල්ලක් මට සෙට් වෙනවා බං. ඒකයි ඔහොම උනේ." ටිංටිං බිමට බරවූ දෑසින් යුක්තව අපිත් එක්ක එහෙම කිව්වා.
අපටත් කියන්න දෙයක් ඉතිරිවෙලා තිබුනෙ නෑ.



4 comments:

  1. E tin tinuth me tin tinuth hara thawath tin tinla idiyida?

    ReplyDelete
  2. අයියෝ කොහෙන් ආපු දුෂ්ඨයෙක්ද ඒ. වෙලාවට ටිං ටිං ටිකක් පහු උනේ. අර කොල්ල ලඟට එන්න කලින් ගියානම් අයික්‍රීම්ම හම්බවෙයි.

    ReplyDelete
  3. @lankahelp
    අපෝ තව ඇති. ටිංටිංලා ඕන තරම් ඉන්නවා.......

    ReplyDelete
  4. @පිණිබිඳු...
    එදා යන්තං ටිංටිංගෙ වෙලාව හොඳවුනා. නැත්නම් ඉතිං සොරිම තමයි............

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.