Tuesday, March 1, 2011

මහා ATM යන්ත්‍ර රාජයා



මීට අවුරුදු ගාණකට කලින් මිනිහෙක්ට බැංකුවකින් සල්ලි ගන්න ඕනැ උනාම බැංකුවට ගිහින් slip එකක් පුරවලා දීලා සල්ලි ගන්න විදිහක්නෙ තිබ්බෙ.
ඊට පස්සෙ ATM යන්ත්‍ර ආවනෙ. ඊට පස්සෙ වැඩේ ලේසි උනා. මිනිස්සුන්ට පැය විසිහතර පුරාම ඕනැම දවසක සල්ලි ගන්න පුලුවන්. ඒක හින්දා කිසි ප්‍රශ්නයක් නෑ පොතේ සල්ලි තියෙනවනම් අතේ ATM කාඩ් එක තියෙනවනම් එච්චරයි. කොහොමහරි සල්ලි ගන්න පුලුවන්.
ඔන්න ඉතින් මාත් එහෙම තමයි හිතාගෙන හිටියෙ. මාත් සාමාන්‍යයෙන් සල්ලි ගන්නෙ අපේ බෝඩිම ගාව ඉඳන් මීටර් සීයක් විතර දුර තියෙන පෙට් එකෙන්. ඔන්න ඉතින් මේ ලඟදි දවසකත් මට හදිස්සියෙම සල්ලි ගන්න ඕනවුනා.
සුපුරුදු පරිදි මම සල්ලි ගන්න කියලා පෙට් යන්ත්‍ර රාජයා ලඟට ගියා. මෙන්න බොලේ ඒක ලොක් කරලා. ඒ මදිවට "අලුත්වැඩියාවක් සඳහා වසා ඇත" කියලත් ලියපු කොලේකුත් අලවලා තියෙනවා.
දැන් ඉතින් මොනවා කරන්නද? ඊලඟ පෙට් එක තියෙන තැනට යන්න රුපියල් 12ක දුර යන්න ඕන වගේ තමයි මතක තිබ්බෙ.
ඉතින් මම බස් එහෙකට නැගලා පෙට් එකක් හොයාගෙන යන ගමන ඇරඹුවා. පොඩ්ඩ දුරක් යනකොට තමයි මතක්වුනේ ඉස්සරහා තව පෙට් එකක් තියෙනවනෙ කියලා. ඉතින් ඒ හෝල්ට් එක එනකන් ඉඳලා දනිපනි ගාලා බැහැගත්තා.
එතෙන්ටත් ටිකක් දුර පයින් යන්නත් ඕනෙ. මාත් ඉතින් වෙහෙස නොබලා එතෙන්ට ගියා. යනකොට පොරක් සල්ලි ගන්න බෑ කියලා ආපහු එනවා. මගෙ තියෙන පන්ඩිතකමට මාත් පෙට් එකට කාඩ් එක දාලා බැලුවා. කතාව ඇත්ත. ඒකෙ බැලන්ස් එක විතරයි බලන්න පුලුවන්. සල්ලි ගන්න බෑ. බැලන්ස් එක බලලා අහවල් දෙයක් කොරන්නයැ. මම ඉතින් එතනින් ඇවිත් ආයෙ බස් එකකින් ගිහින් තුන්වෙනි පෙට් එකෙන් සල්ලි අරන් තමයි බෝඩිමට ආවෙ. ඒ එනකොට පැය දෙකක් විතර ගිහින්.

11 comments:

  1. ඇයි BOC ATM වල කියන්නෙ මෙම යන්ත්‍රය වෙනත් කාර්යයක කියලා. සල්ලි දෙනවට අමතරව රෙදි හෝදන්න ඇඳුම් මදින්න කෑම උයන්නත් ගන්නවද කොහෙද.

    ReplyDelete
  2. @පිණිබිඳු...
    ඒක නම් ඇත්ත. මෙහෙම යනකොට මේවා තව මොනවා කරන්න ගනියිද දන්නෙ නෑ.

    ReplyDelete
  3. මම දන්න විදිහට පෞද්ගලික බැංකු වල ATM යන්ත්‍ර වල නම් ඔහොම අවුල් නෑ...

    ReplyDelete
  4. you should have developed this idea further before posting

    ReplyDelete
  5. @Dakshina
    මේවා පෙට් නෙ.

    ReplyDelete
  6. @Kathandara
    thank you for the advice.It is very useful me to develop my blogging skills.

    ReplyDelete
  7. හොද පැත්තකුයි නරක පැත්තකුත් තියෙනවා.. :)

    ReplyDelete
  8. රාජ්‍ය බැංකුවල ගනුදෙනුකරුවන් ප්‍රමාණයට ATM යන්ත්‍ර ප්‍රමාණවත් නෑ. ඒ නිසයි බොහෝවිට මුදල් ගන්න බැරි වෙන්නෙ. ඒ වුනත් රජයේ ටෙන්ඩර් පටිපාටි ආදිය නිසා හැම ශාඛාවකටම ATM යන්ත්‍ර සවි කිරීමත් අපහසුයි. පෞද්ගලික බැංකු වලට ඒ වගේ බාධක නැති නිසා ඒ අය හැම ශාඛාවකටම ATM සවි කරනවා. ඒවායේ ගනුදෙනු කරුවන් ප්‍රමාණයට ඒවා වැඩිත් එක්ක.
    රාජ්‍ය බැංකුවල සමහර ATM යන්ත්‍රවලට දිනකට කීපවතාවක් මුදල් load කරනවා. ඒ වුනාට පෞද්ගලික බැංකු වල එහෙම වෙන්නෙ බොහොම කලාතුරකින්.
    නමුත් දැන් හැම බැංකුවකින්ම වගේ වෙනත් බැංකුවල ගිණුම්වල මුදල් ATM හරහා ගන්න පුලුවනි.

    ReplyDelete
  9. @RoshanHerath
    ඔබතුමා බැංකුවකද වැඩකරන්නෙ?
    විස්තර වලට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  10. ඒකනෙමෙයි ඉ නිව්ස් කාර්යාලයට පහරදීම ගැන සත්‍ය කතාවක් මේකේ තියනවා ඇත්තටම ඇත්තද..........?
    http://itpariganaka.blogspot.com

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.