
කුඹුරෙ වැඩට මහන්සි උන නිසාම කුසුමාවතී වේලාසන නින්දට වැටුනා. ඒත් රෑ දෙගොඩහරියෙ ඇහුන මහා සද්දෙට ඈ උඩ ගිහින් ඇහැරුණා. යටි ගිරියෙන් කෑගහන සද්දෙ ඇහුනෙ කන ලඟ ඉඳන් බෙරිහන්දෙනවා වගේ. ඒ මුස්පේන්තු සද්දෙ කුසුමගෙ හිතේ රැව් පිලිරැව් දුන්නා.
ඒ වෙනකොට කුසුම ලස්සන හීනයක් දැක දැකයි හිටියෙ. එයාගෙ ආදරණීය ප්‍රේමවන්තයා සියදෝරිස් කුසුමට දෙන්න නෙලුම් මල් අහුරක්ම කඩන් එනවා. කුසුමත් සියදෝරිස්ව පිලිගන්න වැව අයිනෙ තිබුණ කුඹුක් ගහ යටට වෙලා බලන් හිටියා.
කුසුමට සියදෝරිස්ව පෙනුනෙ ගාමිණී පොන්සේකා මහත්තයා වගේ. "ෂා.... එදා සිදාදියට ගිහිං බලපු පිචර් එකේ ගාමිණි මහත්තයා හිටිය වගේමයි. හරිම හැඩයි" කුසුමට හිතුනා.
සියදෝරිස් එක අතකින් මල් පොකුරත් අරන් කුසුමගෙ දිහාවට දුවගෙන එන්න පටන් ගත්තා. ගමේ හරක් පස්සෙ දුවන සියදෝරිස් අද තමන් දිහාවට දුවගෙන එන්නෙ අමුතුම රටාවකට කියල කුසුමට හිතුනා.
කොච්චර හයියෙන් දුවගෙන ආවත් සියදෝරිස්ට පොඩ්ඩක්වත් හති තිබුනෙ නෑ. මේ වගෙ හයිය හත්තිය තියෙන ඉලන්දාරියෙක් ලැබිච්ච එක පූරුවෙ කරපු පුන්‍ය කර්මයක් කියල ආයෙමත් කුසුමට හිතුනා.
කුසුමගෙ ඉදිරිපිටට ආපු සියදෝරිස් එක පයක් ඉදිරියට තියල ඇගෙ ඉදිරියෙන් දණ ගැහුවා. සියදෝරිස් මෙහෙම දනගහයි කියල කුසුම කීයටවත් හිතුවෙ නෑ. ඒ හින්ද ඈට ටිකක් ලැජ්ජත් හිතුණා. සියදෝරිස් තමන්ගෙ අතේ තිබුණ මල් පොකුර කුසුමට දෙන්න ඒක කුසුමගෙ ලඟට දික් කරා. කුසුමත් අත දික්කරේ ඒක ගන්න කියල හිතාගෙන.
ඔන්න ඔය වෙලාවෙ තමයි අර මූසල සද්දෙට කුසුමාවතීට ඇහැරුනෙ. ඈට හරිම කේන්තියි. ආයෙ හීනෙ මුල ඉඳන් බලන්න හිතාගත්තු කුසුම ඇඳේ ඇලවුනා. ඒත් ඈට නින්ද ගියෙ නෑ. "එයැයි තාම පැල් රකිනව ඇති" කුසුමට හිතුනා.
"පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ.....
රන් කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද......
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ.....
රන්කඳ තාම පැල් රකිනවද නිදි නැතිද....... "
මේ කාලෙ නිරෝශා විරාජිනීවත් ඉපදිලා හිටියනම් එහෙම කියයි කියල කුසුමට යාන්තමට වගෙ හිතුනා.
ටික වෙලාවකින් කුසුමට ආයෙමත් නින්ද ගියා. නමුත් වැඩිවෙලා යන්න කලින් කවුදෝ මහ හයියෙන් දොරට තඩිබාන සද්දෙට ඈ අවදිවුනා. "කවුද......" ඈ ඇහුවත් ඈට කිසිම උත්තරයක් ලැබුනෙ නෑ.
"කවුද......" කුසුමගෙ ස්වරය ටිකක් බියපත් වුනා. අප්පච්චිත් හේනට ගිහිල්ලා. අම්මත් හොඳටෝම නිදි. උන්දැත් ඉන්නෙ ලෙඩ ගානෙ හින්ද අම්මව ඇහැරවන්න කුසුමට හිතුනෙ නෑ.
දොරට තඩිබාන සද්දෙ ආයෙමත් ඇහෙන්න ගත්තා.
හිතට දහිරිය ගත්තු කුසුමාවතී එක අතකට කැත්තත් අරන් ඩිංගිත්තක් දොර ඇරියා.
එතකොටම......
දෙවන කොටසට...
අය්යෝ හොඳම හරියට ගෙනැත් නවත්තලා
ReplyDeleteඑහෙම තමයි කුතුහලය දනවන්නෙ.
Deleteමචං මේකේ ඉතුරුටික ලියපංකෝ.. ආතල් භාගෙට දෙන එක හෙනගහන පවක් බං..
Deleteඔන්න ලිව්වා......
Deleteකතාව මගදි කුට්ටි කරලා.
ReplyDeleteඅපරාදේ කතාවේ ඉතුරු ටිකත් දැන්ම කියවන්ඩ පුලුවන් නම් හොදයි.
ඒ ටිකත් හෙමිහිට ලියන්නම්කො සහෝදරයා...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසිද්ධි විස්තර කෙරෙන කොට පරිසර වර්ණනා එහෙම අවශ්‍ය තරමට තියෙන්න ඕන.(චිත්ත රූප මැවෙන විදියට)
ReplyDelete//මේ කාලෙ නිරෝශා විරාජිනීවත් ඉපදිලා හිටියනම් එහෙම කියයි කියල කුසුමට යාන්තමට වගෙ හිතුනා.//
මෙතන අවුල අහුවුනේ නැද්ද....?
කතාවට අදාල උපමා අලංකාර ඒ යුගයෙන්ම හොයාගන්නවා මිසක අනාගතයෙන් හොයන්න යන්න එපා. එහෙම කළොත් ඒක රස වින්දනයට බාධාවක්...පාඨකයා අතරමං කිරීමක් වෙනවා.
අඩු පාඩු හදාගෙන දෙවෙනි කොටසෙ ඉදන් ලස්සනට ලියමු.
ජය....!!!
මෙතනදී කුසුම හිතන විදිහට නැතුව පිටින් කෙනෙක් කියන විදිහට ලිව්වා නම් මේ වගේ උපමා දාන්න පුළුවන් නේද
Deleteඔව්..! පුළුවන්...ඒත් කතාව කියවෙන කාලයට සමාන්තරව උපමා අලංකාර යෙදුනොත් තමා නිර්මාණයට වැඩිම සාධාරනයක් ඉටුවෙන්නෙ.
Deleteමේ කතාවේ චරිත වලට ගුවන්විදුලිය හමු වුවත් රූපවාහිනිය හමු විය නොහැකියි (චරිත අනාගතයට විහිදී නොයන්නේ නම්)වගේ..
සුමිත් අයියා මට මේ උපදෙස්ටික දීල තියෙනවා 'වැලහින්නකට පෙම් බැදිමි' පෝස්ටුවේ මුලදි. මම එදා දෙවෙනි පෝස්ටුවෙ ඉදල හැදුනා.
Deleteස්තුති.. අපේ එකාලව යහමගට ගන්නවට !
@Sumith Niriella
Deleteඅඩුපාඩු පෙන්නලා දුන්නට ගොඩක් ස්තූතියි. කතාව ඉස්සරහට ලියන්නම්. අඩුපාඩු පෙන්නලා දෙන්න.ඒක මට ලොකු හයියක්.
@Bindi
Deleteමාත් එකඟයි. එතන ලොකු අඩුපාඩුවක් වෙලා තියෙනවා.
@sAm (සෑම්)
Deleteස්තූතියි මචං.......
ශුවර් එකටම සියදෝරිස් වෙන්න ඇති..
ReplyDeleteබලමු බලමු....... කවුද කියල....
Deleteඅලුත් විදිහේ කතාවක් වගේ
ReplyDeleteඉදිරියට යනකොට වෙනසක් කරන්න බලමුකො.....
Deleteඔන්න ඕක තමයි ඔට්ටු නැත්තේ.... ඉතුරු ටිකත් දැම්මනම් අතින් පයින් යනවදා මං අහන්නේ?
ReplyDeleteහදිස්සි නොවී ඉන්න මහත්මයා........
Deleteතාම මේක ලියනවා......
මගේ කුතුහලය කුලප්පු උන මී හරකෙක් වගේ. ඉක්මනට ඉතුරු ටික දාන්ඩෝ කිරි පුතේ
ReplyDeleteහුටා........
Deleteටිකක් ඉවසගන ඉඳින්කො කුලප්පු නොවී.....
පෝය දවසෙ කුනුහබ්බ නොඅසා ඉතිරිය දාපිය..
ReplyDeleteජය !
අනේ සෑමො උඹයි මායි දන්න කුනුහබ්බ.......
Deleteපල !
Deleteකොහෙ යන්ටද ඉතින්.......
Deleteඋඹ ඉතින් ඔය කන්න තමයි හදන්නෙ....
ReplyDeleteමං බයවෙලා.........
Delete