Friday, March 4, 2011

තවත් එක් පෙට් කතාවක්



සල්ලි අවශ්‍යතාවය මිනිස්සුන්ට එන්නෙ කොයි වෙලාවෙද කියලා හරියටම අමාරුයිනෙ. සල්ලි අවශ්‍යතාවයත් රුපියලේ ඉඳලා කෝටි ගනන් දක්වා තියෙනවනෙ. ඔන්න ඉතින් ලඟදි දවසක මගෙ පොකට් එකත් හිස්වුනා.අතේ පිච්චියක්වත් නෑ. ඒක හින්දා ආයෙ පාරක් පෙට් යන්තරේට ගොඩවෙන්න සිද්ද උනා. ඒක ලඟට යනකොට එතන පෝලිමකුත් තියනවා. අනික පොඩි වැස්සකුත් තිබ්බා.ඒක හින්දා මම කඩයක් අස්සට රිංගගෙන පෝලිම අඩුවෙන්නෙ කොයිවෙලේද කියලා බලන් හිටියා. මට කුඩේකුත් ගේන්න බැරි උනානෙ.
කුඩේ අරන් ගමනක් ගියොත් එක්කො ඒක මග දාලා එනවා නැත්නම් බස් එකක. ඒක හින්දා මම කුඩ අරන් ගමන් යාම අඩුකරලා තියෙන්නෙ.
ඔන්න ඉතින් මගෙ අවස්ථාව උදාවුනා. මමත් ඉතින් සුපුරුදු පරිදි සල්ලි අරන් එලියට එන්න හදනකොට මෙන්න මුස්ලිම් සහෝදරයෙක් පෙට් යන්තරේ ලඟට ආවා.
මෑන්: මල්ලි, මම මේ කාඩෙක දාලා ශල්ලි ගන්න දන්නෙ නේ. මට පොඩ්ඩක් කියලා දෙනවද?
මම ඉතින් කාඩ් එක දාන හැටි පොරට කියලා දුන්නා. පොර කාඩ් එක දාපු ගමන් කාඩ් එක ආපහු එනවා. මම ඉතින් කාඩ් එක ඉල්ලගෙන පොඩ්ඩක් බැලුවා. බැලින්නම් ඒක වෙන මොකක්දෝ කාඩ් එකක්. ඉතින් මම පොරට කිව්වා ඒ කාඩ් එක දාලා සල්ලි ගන්න බෑ කියලා.
ඒ උනාට පොර පිලිගන්නෙම නෑ. පොර කියනවා "මල්ලි, ඒම වෙන්නෙ කෝමද? මේක ඔඳ අලුත් කාඩෙකනෙ. මේකෙන් ශල්ලි ගන්ඩ පුලුවං." කියලා.
මම ඒ පාර ඇහුවා ඒ කාඩ් එක දාලා සල්ලි අරන් තියෙනවද කියලා.
"නේ මල්ලි, මේක ඉශ්ෂරලා තමයි දාන්නෙ. මේකෙං ශල්ලි ගන්ඩ පුලුවං" පොර එහෙම කිව්වා.
පුලුවන් නම් ගනින්කො. ආයෙ මොන මගුලකටද මට කියකිය ඉන්නෙ.
එතකොටම වගේ තවත් පොරක් එතෙන්ට ආවා. මම වහාම ක්‍රියාත්මක වන පරිදි පොරට වැඩේ බාරදීලා එතනින් මාරුවෙලා ආවා.

8 comments:

  1. හික්.. :D අධ්‍යාපන මට්ටම ගැන හිතාගත්තෑකි :D

    ReplyDelete
  2. ඔහොම පණ්ඩිතයොත් ඉන්නවා. හොඳම වැඩේ උන්ට වැඩේ කරගන්න දීල මාරු වෙලා යන එක තමා.

    ReplyDelete
  3. @Kanishka | කණියා
    ඔව් ඔව්. ඒකෙ අරාබි වලින් මොනවද ලියලත් තිබුනා.

    ReplyDelete
  4. @පිණිබිඳු...
    අනේ ඔව්. තව හිටියනම් තවත් ඇණයක් වෙනවනෙ.

    ReplyDelete
  5. පව් හැබැයි ඒ අසරනයා.උටත් තම්බියාගෙන් විසුමක් නැතුව ඇති.

    ReplyDelete
  6. @ක්‍රිකටර්
    ඔව් බං. සමහරවිට ඌත් මාරුවෙලා යන්න ඇති.

    ReplyDelete
  7. හප්පේ මාර බුවෙක් නේ උඹට සෙට් වෙලා තියෙන්නේ. ඔයින් ගියා මදෑ

    ReplyDelete
  8. @ප්‍රබුද්ධ
    ඔව් බං. ඇති ඔයින් ගියා. ඌ නම් පුදුම වාතයක්.

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.