Thursday, February 9, 2012

අයියා අපි එහෙම ගිලෙන්නෙ නෑ



අපේ චූටි මාමගෙ කොල්ලා එහෙමත් නැත්නම් දර්ශන මේ දවස් වල ටිකක් චව් වෙලා ඉන්නෙ. මෑන් ගැන ලඟදි අලුත් සීන් මොකුත් දාන්න බැරිවුන හින්දා ඒකට තමයි මේ සූදානම.
මෑන් ගිය සතියෙ මාමයි මෑන්ගෙ නංගියි තව අපේ ලොකු මාමගෙ පුතාල දෙන්නයි තව සුසන්ත කියලා පොඩි එකෙකුයි එක්ක ගඟට ගිහින්. ඒ දවස්වල පෑවිල්ල හින්දා ලිංවල වතුර සෑහෙන්න අඩුවෙලා තිබුනෙ. ඒක හින්ද ගමේ සෑහෙන දෙනෙක් ගඟට තමයි නාන්න යන්නෙ.
මෑන්ගෙ නංගිගෙ නම සංජු ඉන්නෙ හතර වසරෙ.මෑන් වගේ නෙමෙයි සංජු හරි දඟයි. දර්ශන නංගිගෙන් ගුටි කනවත් එක්ක.

මාමා නාලා ඉවර වෙලා අනිත් අයට එන්න කියලා පොඩ්ඩක් මාමගෙ ඩිමෝ බට්ටා නවත්තලා තිබ්බ තැනට ගියාලු. එතනට ගඟ ගාව ඉඳන් පොඩ්ඩක් විතර යන්න තියෙනවා. එතන හිටපු අනිත් අයගෙන් ලොකු මාමගෙ ලොකු එකා වෙච්ච ලොකු මහේෂ්ටයි සුසන්තටයි විතරයි පීනන්න පුලුවන්.
දැන් අනිත් කට්ටිය නාලා ඉවර වෙලා ගොඩට ආවලු. මෑන් ගඟේ ඇවිදගෙන එනවලු. ලොකු මහේෂ් කිව්ව්ලු ඔය හරිය යටයි එහා පැත්තෙන් එන්න කියලා. අපේ මෑන් නෙවෙයිලු ඒක කනකට වත් ගනන් ගන්නෙ. "අයියා අපි එහෙම ගිලෙන්නෙ නෑ" කියලා පොර ටෝකකුත් දුන්නලු. ඊලඟ තප්පරේදි ගොඩ හිටපු සුසන්තයා කෑගහනවලු "අන්න අරූ ගිලුනා" කියලා.

ටක් ගාලා සුසන්තයයි ලොකු මහේෂුයි දෙන්නා ගඟට පැන්නලු අරූව බේරගන්න. ලොකු මහේෂ් හෙන ට්‍රයි එකක් දෙනවලු දර්ශනයව ගලක් තියෙන හරියකට තල්ලු කරන්න.දර්ශනය හදන්නෙ ලොකු මහේෂ්ගෙ ඇඟ උඩට නැගලා හුස්ම ගන්නලු. ඒ අස්සෙ සුසන්තයා මෑන්ව ආයෙ වලට අදිනවලු. ඒ අතරෙ සංජු බයවෙලා කෑගහනවලු. පොඩි මහේෂුයි සන්ජුයි හිටියෙ ගොඩනෙ. පොඩි මහේෂ් සංජුට කෑගහන්න එපා කියලා කිව්වලු. මාමා ආවොත් ආයෙ කට්ටිය කවදාවත් ගඟට එක්ක එන්නෙ නෑනෙ.
කොහොම හරි විනාඩි 5ක් විතර දඟලලා මෑන්ව ගොඩට ගත්තලු. දර්ශන ගොඩ ආපු ගමන් කිව්වලු වතුර ලීටර් එක හමාරක් විතර පෙවුනා කියලා.
ලොකු මහේෂ් දර්ශනටයි සුසන්තටයි දෙන්නටම බැනලා කිව්වලු ආයෙ නම් ගඟට නාන්න එන්න එපා කියලා.
එතකොට දර්ශන කිව්වලු " පිස්සුද මම හෙටත් එනවා" කියලා.


4 comments:

  1. හික් හික් මූ ඇම්ඩා වගේ එකෙක් නේ....

    ReplyDelete
  2. හොද වෙලාවට මූ බේරුනේ !!
    කිරිපුතා මොකෑ පේන්න නැත්තේ ? මේ ටිකේ කැම්පස් එකේ වැඩ ද ?

    ReplyDelete
  3. @ඔබ නොදු‍ටු ලොවක්
    මූ කරන වැඩ නම් කියලා නිමක් නෑ.

    ReplyDelete
  4. @මධුරංග
    ඔව් ඔව්. අනිත් කොල්ලො ටික නෝන්ඩි කරන්නෙ තව පොඩ්ඩෙන් මුගෙ මලගෙදර ගන්න වෙනවා කියලා තමයි. මේ දවස්වල පොඩ්ඩක් වැඩ.

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.